Browsing Posts published in June, 2008


මොබිටෙල් සමාගම මීට ‍ටික දිනකට පෙර හදුන්වාදුන්න මොබිටෙල් නිදහස ගැන අහල ඇති. ඇත්තෙන්ම මේකෙන් අපි නිදහස්ද?. ඒ කට්ටිය කියන ‍විදිහ‍ට මේකෙ කරන්න තියෙන්නෙ තමුන්ට අවශ්ය ය දින තම සමාට් නිදහසට රීලෝඩ් එකක් දමා ගැනීමයි. එය රැ 50 කි. ඉන්පසු තමාගේ දුරකථනයට ලැබෙන ඇමතුම් නොමිලේ වේ. එමෙන්ම මොබිටෙල් වෙත ගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් හා කෙටිපණිවිඩ නොමිලේ වේ. එමෙන්ම දිනකට නැතිව සතියකට රැ 270 ක් දමාගෙන එම පහසුකම සතියක් පුරා අත්විදිය හැක. මෙය මේ ආකාරයට අවශ්ය ය හැම දිනයේම හෝ සතියේම රීලෝඩ් කිරීමෙන් සක්රිකය කරගත යුතුය. ඇත්තෙන්ම රැ 50 දිනකට දමනවාට වඩා රැ 270 සතියක‍ට දැමීම ලාබය. එහෙත් මෙහි තවත් පැත්තක් තිබේ.
ඒ පිටත‍ට ලබාගන්නා ඇමතුම් හා සියලු සේවා වල සීමාවක් තිබීමය. එනම් මෙමගින් දිනකට නොමිලේ වන්නේ මොබිටෙල් වෙත ගන්නා හඩ ඇමතුම් මිනිත්තු 120ක් එනම් පැය දෙකක් පමණි. එමෙන්ම වීඩියෝ ඇමතුම් මිනිත්තු 80 කි. කෙටි පණිවිඩ 100කි. ඇත්තම මේවා උපරිමය භාවිතා කරනවානම් ලාභය.
මන්ද සාමාන්ය්යෙන් මොබිටෙල් වෙත ගන්නා අඩුම ඇමතුම් ගාසුතු රැ 1කි. ඒ අනුව පැය දෙකකට රැ 120 සහ අදාල බදු මුදලු අයවේ. එනම් රැ 150ක‍ට ආසන්න මුදලක් වැයවේ. නමුත් ස්මාට් නිදහසින් වැය‍වන්නේ උපරිම රැ 50 ම පමණී. සතියකට රීලෝඩ් දැමීමෙන් වාසිය තවත් වැඩිය. මන්ද එම දමන රීලෝඩ් එක‍ට බදුමුදල්ද ඇතුලත් බැවිනි. එම නිසා රැ100 ක ලාබයකි. එමෙන්ම මෙහි අංක සීමාවක් නැත‍. ඕනෑම මොබිටෙල් අංකයකට ඇමතුම් ගත හැක. එමෙන්ම කෙ‍ටි පණිවිඩ 100ක් සදහා රැ 64ක‍ට ආසන්න මුදලක් වැය උවද මෙමගින් රැ 50 ම පමණි. තවද මේ සියල්ල එක‍ට ලැබෙන නිසා වාසිය තවත් වැඩිය.
නමුත් දින 7 සක්රී ය කලහොත් දින 7ටම නොමිලේ හඩ මිනිත්තු650 ක් හා වීඩියෝ 450 කි හා කෙටිපණිවිඩ 550 ක් ලැබේ.
මෙය සක්රී්ය කිරීම‍ට
පලමු දින සේවාව
එම දින සි‍ ට – *071*01*1#
ඊලග දින සි‍ට – *071*01*2#
දින 7 සේවාව
එම දින සි‍ාට – *071*07*1#
ඊලග දින සි‍ට – *071*07*2#

‍ඔබ නිතර එහෙ මෙහෙ යනවානම්, නිතර තමාගේ පරිගණකයට වඩා අනුන්ගේ ඒවා පරිහණය කරනවානම් මෙන්න නියම මෘදුකාංගය. Portableapps.com ය. එය බාගැනීමෙන් එය පෙන් එක‍ට හෝ usb හාඩ් එකට හෝ එහි ‍‍ෆෝල්ඩරයක‍ට දැමීමෙන් ස්ථාපනය කරගත හැකි අතර අවශ්‍යය මෘදුකාංග Portableapps.com වෙතින් බාගත හැක. ඉන්පසු රෑපයේ ආකාරයට option > Install a new app මගින් අදාල මෘදුකාංගය සොයා දීමෙන් ස්ථාපනය කරගත හැක. පසුව අවශ්‍ය‍ය පරිගණකයේ ස්ථාපනය කල තැනින් StartPortableApps.exe ධාවනය හරහා මෘදුකාංග ධායවනය කල හැක. මෙය autorun.inf ‍ට දමාගත හැකි අතර එහෙත් එය සාර්තක නැත.‍
මෙම මෘදුකාංගය මුල් කාලයේ හරිය‍ට ලෙඩ ‍තිබුනත් දැන් බොහෝ ලෙඩ අඩුය.
මෙම මෘදුකාංගය‍ට ෆයර්‍ ෆොක්ස්, තන්ඩර්‍ බර්ඩ් වැනි ඒ‍වා දමාගැනීමෙන් ඉතා පහසු වන අතර plugging, add-ons, Book mark ව‍‍ගේ දේවල් ද ඊමේල් ද නිතර සැකසීමට අවශ්‍යය නැත. කරල බලන්න.

දැන් අපි මේල් හදාගන්නව, ඩොමේන් ගන්නව. ඒත් අපි‍ට දැන් උනත් සමහර ඒව ඕනෙ නමින්ම හදාගන්න බෑ. ඉතින් තව ටික කාලයක් යද්දි ඉස්සරහට එන ක‍ට්ටියට මොකද වෙන්නෙ. එයාලට මතක හිටින ඩොමේන් එකක්‍, මේල් එකක් ගන්න පුලුවන් වෙයිද? හැබැයි ගූගල් ඒපීපී නිසා මේල් වලට අවුලක් නෑ. ගූගල්ලගේ පහසුකම් එක්ක තව ඩොමේන් ගොඩක් එයි. ඒත් ඩොමේන් තමා අවුල. මේව‍ට ලගදිම විසදුම් එයිද? ‍ඒ අය‍ට බ්ලොග් ලියන්න සබ් ‍ඩොමේන් ඒව ඉතුරැ වෙ‍යිද? මෙවට විසදුම් සමහර වි‍ට ‍හොයන් ඇතිද? හැබැයි මමන්ම් දන්නෙ නෑ.

Multi Sim, Max Sim

ඔබ දුරට ජංගම දුරකථන සබදතා කීපයක් භ‍ාවිතාකරනවානම් බොහෝ විට ජංගම දුරකථන කීපයක් භාව්තාකිර‍ීම‍ට සිදුවනවා ඇති. නැතිනම් තමාගේ ජංගම දුරකථනයේ නිතර සිම් මාරැ කිරීමක් සිදුවනවා ඇති. නමුත් දැන් එසේ කිරීමට අවශ්‍යය නැත. සුපර් සිම්, මැක්ස් සිම්, මල්ටි සිම් යන විවිධ නම් වලින් හදුන්වන නව සිම් කාඩ්පත නිසා ඔබගේ ජංගම දුරකථන අංක ක‍ීපයක‍් එකම සිම් කාඩ් පතට පි‍ටපත් කර භාවිතය‍ට ගැනීමේ පහසුව ඇත.

මෙයට දැනට හැකියාව ඇත්තේ මොබිටෙල් හා ඩයලොග් සිම් පමණි. ටිගෝ හා හච් සිම් මෙසේ කොපි කිර‍ිමට පහසුකම් නැත. ඒවා කොපි ප්‍රොටෙක්ට් සිම්ය.

මොබිටෙල් හා ඩයලොග් සිම් 6 ක් හෝ 16 ක් රදවාගත හැකි සිම් ඇත. මේවාට කලවමේ උවද සිම් කොපි කරගත හැක. මෙම සිම් පතක් රැ 1300 සිට ඇති අතර ඒ සමග සිම් ර‍ීඩරයක්ද ලැබේ. සිම් පත පමණක්නම් රැ 500 සිට ඇත. මෙම සිම් රී‍ඩරය සමග ලැබෙන මෘදුකාංගය මගින් විනාඩි 20 සිට පැයක් දක්ව‍ා කාළයක් තුල නියම සිම් පත කියවන අතර ඉන් පසු කේතයක් ලබාගනී. එය තැන්පත් කර හිස් මැක්ස් සිම් එක මත තප්පර කීප‍යකින් තැන්පත් කල හැක.

මේ අනුව සීම් කීපයක් කොපිකරගත හැකි අතර අවශ්‍යයනම් මිතුරකුගේ වුවද කොපිකරගත හැක. එමගින් මිතුරාගේ නම්බ‍රයෙන් හා ඔහුගේ මුදල් ‍වලින් ඇමතුම් ලබාගත හැක.

මෙහි ඇති දුර්වලතාවයක්නම් මෙහි සිම් කීපයක් කොපිකරගත්තද වරකට එක නම්බරයක් පමණක් භාවිතා කල හැකිමුත් Dialog ලබාදෙන Multisim (Multisim ගැන කිය‍වන්ට) මෙන් එකම නම්බරය දුරකථන කීපයක භාවිතා කල හැකි අතර සිග්නල් වල ප්‍රමුකථාව මත ඇමතුම් හා පණි‍විඩලැබේ. නමුත් ඩය‍ලොග් හා මොබිටෙල් ලබාදෙන dual Subscription එසේ නැත. (dual Subscription ගැන කිය‍වන්ට).

අපි වයිරස් ගාඩ් එකක් දාන්නෙ හොන්ද සිකියුරි‍ටි එකක‍ට, ඒකෙ ප්ර යෝජනය උපරිමය ගන්න ඒක යාවත්කාලීන කරන්න ඕනෙ. හැම මෘදුකාංගයම නිශ්පාදකයා කියන්නෙ එයාගෙ සොෆ්ට්්වෙයා එක හැම වෙලාවෙම අප්ඩේ‍ට් කරගන්න කියලයි. අනික අලුත් වෙන්න වෙන්න වැඩත් වැඩී. ඒක‍ට හොදම උදාහරනය තමා ෆයර්‍‍ෆොක්ස්‍, ඒකෙ අලුත් එක සුපුරැදු පර්දිම සම්පූර්ණ වැඩ සහිතව නොමිලේ ලබාදුන්නහම මිලියන ගානක් වේගෙන් බාගත්ත. ඒත් හැම එකටම මේක බලපාන්නෙ නෑත මොකද හැම එකම හැමදේම නිකන් ලබා දෙන්නෙ නෑ. ඉස්සෙල්ලාම වයිරස් ගාඩ් ගම්මුකෙත මේවගේ දිනපතා වගේ අප්ඩේ‍ට් නිකුත් වෙනව. ඒත් හැම එකම අප්ඩේට් කරගන්න බෑ. සමහර වි‍ට හුගක් අය‍ට මෙම අත් දැකීම ඇති. මෙකද සයිමන්ටෙක් හා ඒවීජී ඇරෙන්න ‍නිකන් දෙන හොන්ද වයිරස් ගාඩ් නෑ. ඒත් මේවත් කැස්පර්ස්කයි තරම් හොන්දම නෑ. මේවනම් නිකම් අප්ඩේ‍ට් කරගන්න පුලුවන්. ඒත් හොන්ද වයිරස් ගාඩ් එකක්… කැස්පර්ස්කයි වගේ ඒව දාන්නෙ ක්රැක් කරල. ඉතින් අප්ඩේ‍ට් කලාම හොර එකක් කියල අල්ලල අයින් කරනව. 

තව උදාහරණයක් ලෙස වින්ඩෝස් ගම්මු. ඒක අප්ඩේ‍ට් කළාම ‍හොර ඒව අල්ලනව. එක්ස්පීත් එකයි විස්ටත් එකයි. ඉතින් ප්රඋධාන එව ‍ඔහෙමන්ම් අප්‍‍ඩේට් කරන එක කොච්චර ප්රාසයෝගිකද?

මම දින කීපයක‍ට  කලින් , “අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්” කියල කථාබහක් ඇරබුව, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද‍ය තුල. එකෙන් හොන්ද සාකච්චාවක ගියා වගේ. මෙතනින් කියවල බලන්න

http://groups.google.lk/group/sinhala-bloggers/browse_thread/thread/aa034f01bcea8ed6/714cdea6262d19c5?tvc=2&q=%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8A#714cdea6262d19c5


ඇත්තමයි කාලිංගගෙ (Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service. බ්ලොග් එක කියවපුවහම ලංකාවෙ පාරිහෝගික සේවය ගැන හුගක් තේරැණා. මටත් ඔය ව‍ගේ අත්දැකීම් ගොඩයි. එයාලට කියන දේ‍ට නෙවෙ උත්තර දෙන්නෙ. ඩයලොග් එකේ මේක ‍ටිකක් අඩුයි. මොකද එයාලගෙ සිස්ට ම් එකේ පොතක් වගේ ඔක්කොම තියනව. ඒක බලන් උත්තර දෙනව. ඒත් අලුත් දෙයක් ඇහුවොත් වෙන ඒව කියවන්නෙ. මම HSDPA ආපුම දවස් වල කුරැණෑගල edge තිබ්බ. Gprs වෙනුවට edge වැටෙන්නෙ. ඉතින් ඩයලොග් එකෙන් ඇහුවහම කියන්ව edge තියෙන්නෙ කොළඔ ෆියුචර් වර්ල්ඩ් එකේ විතරයිලු. ඇත්තමයි කස්ටමර් ‍සර්විස් අය අලුත් වෙන මුකුත් දන්නෙ නෑ. HSDPA ගැන ඇහුවහම එහෙම එකක් නෑ කියනව. එක කාලයක් මට මෙව නිසා දිගටම කථා කරන්න වුනා. එවුන් අහන දේට නෙවේ උත්තර දෙන්නෙ. එක කාලයක් diamail ‍ගැන ඇහුවහම කියනව කිට් සබදතා වලට දෙන්නෙ නෑලු. ඒත් මගේ එකේ ඇක්‍‍ටිවු.. සතයක්වත් කැපුනෙ නෑ. ඒත් ලගදි ඉදන් ඒව‍ට රැපියල්ක් යනව. මේ ඔක්කොම පාරිභෝගික සේවෙ තමා. හුගක් අය‍ට කඩ්ඩ තිබ්බට තාක්ෂණික පැත්ත නෑ.. එක කාලයක් තිබ්බ මම ඩයලොග් එකේ ‍‍පෙරගෙවුම් සම්බන්දයක් භාවිතා කරන දවස් වල කස්ටමර් සර්විස් ගද්දි ‍‍පෙරගෙවුම් පාරිභෝගික සේවෙ‍ ගන්නෙ නෑ. වුන්ටෙ හුගක් ඒව බෑ. අනික ඒ මදිවට උස්සන්. ‍.. කෑම එකත් ලග තියාගන්න ඔනෙ. ඒ මදිවට කිසිම සුහදත්වයක් නෑ. මාර සැරක්. ඒත් ප්රොධාන පාරිභෝගික සේවය ඊට වඩා ටිකක් හොන්දා. ඒත් ලගදි ‍‍පෙරගෙවුම් සබදතා වලින් ඒකට ගන්න බෑ. දැන් පසුගෙවුම් නිසා අවුලක් නෑ‍‍. මේ ඊයෙ පෙරේදා ඉදන් 678678 ගත්තහම හෙන ගැහුව වගේ කවුරැ හරි හලෝ කියනව. රෙකෝඩින්ග් නෑ. හැබැයි දැන්නම් ඒව නෑ. ඒත් ඉස්සර ඕක‍ට ගත්තහම වෙන කාගෙ හරි පැකේජ් එකක රේ‍ට් බලන්න. සර්විස් ඇක්ටිවු, ඩී ඇක්ටිිවු කරගන්න පුලුවන්. ඒත් දැන් බෑ. ඔය අවුල් වලට පොඩ්ඩක් විසදුමක් හොයන් තියනව ටෙලිකොම්ල. එයාලගෙ හැබැයි කෝල් කලාම දවස් තුනක් විකර ලයින් එකේ ඉන්නත් ‍‍් ඕනෙ. ඊට පස්සෙ ආන්සර් කලාම අවුල කිවුවහම අපරාදෙ කියන්න බැ. ඒ ‍සෙක්ෂන් එකට දානව. මම කියන්නෙ මේක තමා හරිම බැඩේ. ඒත් වැඩේ වෙන්න ලයින් එක අරහෙට දානව, මෙහට්ට දානව. එපාවෙනව‍. සමහර වෙලාවට ටෙලිකොම් එකෙන් කියනව ‍මොබිටෙල් එක‍ට ගන්න, මොබිටෙල් එකෙන් කියනව අපේ අවුලක් නෙවේ, ටෙලිකොම් එකෙන් තමා ඒක කරන්නෙ, ඒකට ගන්න කියනව, මේක හුගක් වෙන්නෙ මොබිටෙල්ල දුන් ටෙලිකොම් නෙට් ගැන කථා කරදිදි. මේවනම් අද මෙට හැදෙන ඒව නොව් වගේ. ඒවගෙ ඉන්න එවුන්ව වෙනමම තම්බන්න ඕනෙ. එක එක අයගේ එක එක නීති. සමහරැ හැමදේම බෑ කියනව. අරන් ආකේඩ් යන්නලු. ඒක නිසා දැන් කස්ටමර් කෙයා ගන්න කලින් හොන්ද වෙලාවක් බලන්න වෙයි.

‍ඩයලොග් හා මොබිටෙල් ලබාදෙන මෙම පහසුකම ය‍ට‍තේ එකම සිම් එකට නම්බර දෙකක් ලබාගත හැක. මෙහි ඇති විශේෂත්වයනම් සිම් දෙක‍ටම ලැබෙන ඇමතුම් හා අනෙකුත් පණිවිඩ එකම දුරකථනය‍ට ලැබීමයි. ඇමතුම් ලබාගැනීමේදී සිම් මෙනු එකෙන් තෝරා ඇති නම්බරයෙන් ඇමතුම් ලබාගැනීම හා පණිවිඩ යැවීම සිදුකල හැක.

මෙම පහසුකම‍ට ඩයලොග් ‍වල ‍‍‍පෙරගෙවුම් හෝ පසුගෙවුම් සබදතා යන ඕනෑම දෙකක් දමාගත හැක.
එහෙත් නම්බර වල සීරීස් (ශ්‍රේණි) එක විය යුතුය. මන්ද අදාල නම්බර දෙකම එකම ස්විච් එකෙන් ක්‍රියාත්මක විය යුතුය.
මෙම පහසුකම ලබාගැනීමට උපරිම රැ 1500ක් වැය වන අතර එය ලබාගැනීම‍ට අදාල සමාගමේ කාර්යාලයක‍ට ගොඩවැදිය යුතුය.

මේක සිංහල ‍යුනිකොඩ්ගැන අදහසක්. මුලින්ම පරිගණකයට සිංහල යුනිකොඩ් නොතිබ්බ කාලෙ සිංහල වැඩවලට ගොඩක් අමාරැ වුනා. එක සියි‍ට් එකෙන් එකට ෆොන්ට් දාන්න ඕනෙ. ඒත් දැන් යුනිකොඩ් ‍එකට පින්සිද්ද වෙන්න දැන් එහෙම නෑනෙ. එක ප්‍රමිතියක් තියනව. ඒත් මම වින්ඩෝස් එකේ යුනිකොඩ් එක ගැනවත් ලිනක්ස් එකේ යුනිකොඩ් ගැනවත් කියන්න නෙමේ මේක ලීවෙ.
පරිගණකය‍ටනම් ෆොන්‍ට් එක දාගන්න පුළුවන්. ඒත් ජංගම දුරකථන ගැන පොඩ්ඩක් හිතුවද. මම හොන්ද උදාහරණයක් කියන්නම්. මගෙ පරිගණකය ‍ටික කලක් අස්තීර වුනා. ඉතින් මම මේල් චෙක් කලේ, බ්ලොග් ලීවෙ ‍ජංගම දුරකථනයෙන්. ඒත් එතන තිබ්බ ලොකුම අවුල තමා ඒකෙ සිංහල නැති එක. නොකිය එකේ සමහර ෆෝන් වල සිංහල තියනව. ඒත් හොන්ද ෆෝන් සිංහලට හරවල නෑ. මම කියන්නෙ සිංහලට හැරවීමක් නෙවේ.සිංහල ෆොන්‍ට් (යුනිකොඩ් එක) ගැන. මොකද ෆොන් වලට ‍ෆොන්ට් දාන්න ‍බෑ. හැබැයි පද්ධතිය යාවත්කාලීන කරන්න පුලුවනි. ඉතින් මම කියන්නෙ මොබයිල් වල‍ට හැරෙන මේ කාලෙ ෆොන් එකෙන් සිංහලෙන් බ්ලොග් ලියන්න, අන්තර්ජාලයේ සැරිසරන්න ක්‍රමයක් තියනවනම්‍ හොන්දා කියලයි. ඒත් ඒව හදන්න මමනම් දන්නෙ ‍නෑ. දන්න එක්කෙනෙක් හරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් දැන් කරොත් හොන්දා නේද. අපේ ෆෝන් එක අරන් වෙන ර‍ටකට ගියහම ඒ ර‍ට වල ඔක්කොම (හුගක්) පණිවිඩ එන්නෙ ඒ රටේ භාෂාවෙන්.ඒ ඔක්කොම කියවන්න පුලුවන්. ඒත් ලංකාවෙ සිංහලෙන් පණි‍විඩයක් ආවොත් ඒක කොටු ‍කොටු. ඉස්සර සිංහල පිටුවක් හරි ගොනුවක් හරි ඕපන් කළාම ඉංග්‍රීසි අකුරැ ගොඩක්‍ ඒත් දැන් එහෙම නෑ.. ඉතින් මොබයිල් වලටත් සිංහල හදමු නේද…

එකම නම්බරය දෙදෙනෙකු‍ට මෙම පහසුකම ය‍ටතේ ලබාගත හැක. ඩයලොග් වෙතින් ලබදෙන මෙම පහසුකම ඉල්ලා ලබාගත යුතු අතර එ‍සේ ලබාගැනීමේදී සිම් දෙකක් ලැබ්. එකක් ප්‍රාතමික සිම් කාඩ්පත වන අතර, ‍‍‍අනෙක ද්විතික සිම් කා‍ඩ්පත වේ. ඇමතුම් ලැබීමේදී Twine sim මෙන් නොව මුලින්ම ප්‍රාතමික සිම් කාඩ්පත වෙත ලැබෙන අතර ප්‍රාතමික සිම් කාඩ්පත සම්බන්ධකරගත නොහැකි විට ද්විතික සිම් කා‍ඩ්පත වෙත ඇමතුම් ලැබේ.