දැන් ලාංකික අපට අවම මාසික ගාස්තුවක් යටතේ අන්තර්ජාලයේ පිවිස‍ීමට හැකියාව ලැබී ඇත. ලංකාබෙල් සමාගම ලබාදෙන මෙම පහසුකම WiMax වයිමැක්ස් තාක්ෂ‍ණයෙන් යුතුව ලබාදේ. කොළඹ, කුරැණෑගල ආදී බොහෝ ප්‍රදේශ වල‍ට මෙම පහසුකම ව්‍යාප්තව පවතී. මෙම පහසුකම‍ට මූලිකව රැ 10,000/= ක් ‍ලියාපදින්චි ගාස්තු වශයෙන් ගෙවිය යුතු අතර ඉන් පසු දින 3ක් ඇතුලත ඔවුන් මෙම පහසුකම සක්‍රීය කරනු ලැබේ.
පි‍ටත ග්‍රාහකයක් (ඇන්‍ටනා‍වක්) හා නිවස තුල සම්බන්ධකයක් සහිත‍ව ලබාදෙන මෙම සබදතාවය ජාලගත කවුලුව (RJ45 LAN Port) හරහා පරිගණකය‍ට හෝ රවුටරය‍ට සම්බන්ධකල හැක. මේ සදහා ලංකාබෙල් සමාගම පෙන්‍ටියම් 3 හෝ ඉන් ඉහල ‍වින්ඩෝස් 98 SE හෝ ඉන් පසු සංස්කරණයකින් යුතු පරිගණකයක් අපේක්ෂාකෙරේ. ‍ඊට අමතරව මැක් හෝ ලිනක් පරිගණක වලටද සහය දක්වයි. මෙම සබදතාවය සමග ස්තීර අන්තර්ජාල ලිපිනයක් (Static IP) ලබාදෙන අතර මෙය ‍මෙවැනි සබදාතාවයන් ලබ‍ාදෙන අනෙක් සම‍ාගම් වල නැති පහසුකමකි. මෙමගින් සර්වරයක් උවද ක්‍රීයාත්මක කල හැක. එමෙන්ම සීමාවකින් තොරව අන්තර්ජාලයේ සැරිසැරීමට ඒකාකාරීව උඩුගත කිරීමේ හා බාගත කිරීමේ ‍සමාන වේගයක් ලබ‍ාදේ.

වේගය – 512kbps මාසික ගාස්තුව – රැ 2000/= +vat
වේගය – 1mbps මාසික ගාස්තුව – රැ 3000/= +vat
වේගය – 2mbps මාසික ගාස්තුව – රැ 5500/= +vat

අඩුම මුදලට ඇති සීමාවකින් තොර එකම අන්තර්ජාල පහසුකම මෙම සබදතාවේ.
මෙහි අවම සබදතා කාලස‍ීමාව අවුරැදු 1කි. මෙය ලබාගැනීම‍ට ජාතික හැදුලුම්පත හා ලිපිනය සහතික කිරීම‍ට ලියවිල්ලක් රැගෙන ලංකාබෙල් කාර්යාලයකට පිවිසීමෙන් මෙම සබදතාවය ලබාගතහැක.‍

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl