අන්තර්ජාලයේ ආකාරය‍ට‍ ඉක්මනින් පරිගණකය සර්ච් කිරීම‍ට, විස්තරාත්මකව රිසාල්‍ට් ලබාගැනීම‍ට හොදම ක්‍රමය.

විස්ටාවල සයිඩ්බාර් එක ඇකලා ඇති. මේ ආකාරයේ xp වලට විවිද මෘදුකාංද තිබුනත් ඒවා මගින් පරිගණකය මන්දනය‍ට ලක් කරයි. තවද ඊට වඩා වේගවත් හා හොද මෘදුකාංගයකි ගූගල් ඩෙස්ක්‍ටොප්. මෙය විස්ටා වල ආකාරය‍‍ට අ‍වශ්‍යය අංග එකතුකරගත හැකි අතර ඒවා අන්තර්ජාල‍යෙන් ‍ඕනෑතරම් සොයාගත හැක.

ඒ ආකාරය‍ට ඩෙස්ක්‍ටොප් එක අලංකාරය‍ට අමතරව අගනා පහසුකම් රැසක් ලබාදේ.මේ අතර ඉන්ඩෙක්සින් සේවාව විසේසය. Xp වල සාර්තක නැති ඉන්ඩෙක්සින් සේවාව vista වල ඇතත් එය‍‍ට වඩා වේගවත් සේවාවක් ගූගල් ඩෙස්ක්‍ටොප් සපයයි. ඔරලෝසුව ලග ඇති ටෙක්ස් බොක්ස් එකේ හෝ crtl යතුර දෙපාරක් එබීමෙන් එන ටෙක්ස් බොක්ස් එකේ හෝ අවශ‍්‍යය ව‍චනය ‍ටයිප් කිරීමෙන් එම මොහොතේම ප්‍රතිපලය ලබාගත හැක. තවද එම ප්‍රතිපලයේ උඩම ඇති desktop Search ක්ලික් කිරීමෙන් එම ප්‍රතිපලයේ ගූගල් සර්ච් එකක ආකාරය‍‍ටම විස්තර සහිතව ලබාගත හැකි අතර බොහො ෆයිල් ‍ටයිප් එතනම ප්‍රීවිව් කරගත හැක. මෙම පහසුකම් එකකට‍වත් අන්තර්ජාල පහසුකම් අන‍වශ්‍යය අතර අන්තර්ජාල පහසුකම් ඇත්නම් බොහෝ ගැජට් අප්‍‍ඩේ‍ට් කරගෙන කාලගුණය වැනිදේ ලබාගත හැකිවා මෙන්ම ඊමේල් පිරික්සීම වැනි බොහෝ දේ කරගත හැක.

මෙහි සර්ච් පෙන්වීමට පෙර ඉන්ඩෙක්සින් විය යුතු අතර එයට පරිගණකය අයි‍ඩ්ල් තත්වයේ තිබිය යුතුය.

පරිගණකයේ වැඩි ඉඩක් නොගන්නා මෙය ස්ථාපනය කරලම බලන්න. මෙය නොමිලේ ලබාදෙන අතර desktop.google.com මගින් බාගත හැක.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl