මම උබුන්ටු දැම්ම. හැබැයි ලස්සනයි, සිකියුරිටි එකත් හොන්දා. ඒත් තාම වින්ඩෝස් පාවිච්චි කරන අපට ඒක භාවිතය හුගක් අමාරැයි. විශේෂයෙන් සිංදුවක්, වීඩියෝ එකක් ප්ලේ කරන්න බෑ. ඒකට වෙනමම සොෆට්වෙයා දාන්ට ඔනෙ. කොඩෙක් එහෙම එකක්වත් නැද්ද කොහෙද. මම සමහර සොෆ්ට්වෙයානම් දැම්ම. ඒත් ඔන්ලයින් නැතුව බාගත්තු සොෆ්ට්වෙයාදාන්‍ට අමාරැයි. හෙන විකාරයක් කරන්ට ඔනෙ. ඉතින් මමත් සමහර ඒව උබුන්ටු එකේ, ලිනක්ස් වල හෙල්ප් කියව කියව තමා දැම්මෙ. මම අදුරණ අයගෙන් ඇහුව. එයාලත් වැඩිය දන්නෙ නෑ. පස්සෙ සිංහල යුනිකොඩ් ගෲප් එකේ අයගෙන් සමහර ඒව ඇහුවෙ. ඉතින සාමාන්‍යය අය උබුන්ටු දාන්නෙ. මට ලගදි නෙට්කැෆේ එකක් තියන මිතුරෙක් හම්බුනා. එයාලට මයිකෝසොෆ්ට් එකෙන් ඇවිත් ඔරිජිනල් නැත්තම් දඩ ගහනව කියල. ඉතින් එයා උබුන්ටු, ෆෙඩෝරා දාල. නමුත් එකකවත් නෙට්වර්ක් සෙටින්ග්ස් හදාගන්ට දන්නෙ නෑ. ඉත්න් නෙට්කැෆේ එකේ ඉන්‍ටර්නෙට් යන්ට බෑ. මේ නිසා ලිනක්ස් ඒවට හුරැ වෙන්‍ට ටිකක් කල් යයි.











Comments
Leave a comment Trackback