‍ඩයලොග් හා මොබිටෙල් ලබාදෙන මෙම පහසුකම ය‍ට‍තේ එකම සිම් එකට නම්බර දෙකක් ලබාගත හැක. මෙහි ඇති විශේෂත්වයනම් සිම් දෙක‍ටම ලැබෙන ඇමතුම් හා අනෙකුත් පණිවිඩ එකම දුරකථනය‍ට ලැබීමයි. ඇමතුම් ලබාගැනීමේදී සිම් මෙනු එකෙන් තෝරා ඇති නම්බරයෙන් ඇමතුම් ලබාගැනීම හා පණිවිඩ යැවීම සිදුකල හැක.

මෙම පහසුකම‍ට ඩයලොග් ‍වල ‍‍‍පෙරගෙවුම් හෝ පසුගෙවුම් සබදතා යන ඕනෑම දෙකක් දමාගත හැක.
එහෙත් නම්බර වල සීරීස් (ශ්‍රේණි) එක විය යුතුය. මන්ද අදාල නම්බර දෙකම එකම ස්විච් එකෙන් ක්‍රියාත්මක විය යුතුය.
මෙම පහසුකම ලබාගැනීමට උපරිම රැ 1500ක් වැය වන අතර එය ලබාගැනීම‍ට අදාල සමාගමේ කාර්යාලයක‍ට ගොඩවැදිය යුතුය.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl