මේක සිංහල ‍යුනිකොඩ්ගැන අදහසක්. මුලින්ම පරිගණකයට සිංහල යුනිකොඩ් නොතිබ්බ කාලෙ සිංහල වැඩවලට ගොඩක් අමාරැ වුනා. එක සියි‍ට් එකෙන් එකට ෆොන්ට් දාන්න ඕනෙ. ඒත් දැන් යුනිකොඩ් ‍එකට පින්සිද්ද වෙන්න දැන් එහෙම නෑනෙ. එක ප්‍රමිතියක් තියනව. ඒත් මම වින්ඩෝස් එකේ යුනිකොඩ් එක ගැනවත් ලිනක්ස් එකේ යුනිකොඩ් ගැනවත් කියන්න නෙමේ මේක ලීවෙ.
පරිගණකය‍ටනම් ෆොන්‍ට් එක දාගන්න පුළුවන්. ඒත් ජංගම දුරකථන ගැන පොඩ්ඩක් හිතුවද. මම හොන්ද උදාහරණයක් කියන්නම්. මගෙ පරිගණකය ‍ටික කලක් අස්තීර වුනා. ඉතින් මම මේල් චෙක් කලේ, බ්ලොග් ලීවෙ ‍ජංගම දුරකථනයෙන්. ඒත් එතන තිබ්බ ලොකුම අවුල තමා ඒකෙ සිංහල නැති එක. නොකිය එකේ සමහර ෆෝන් වල සිංහල තියනව. ඒත් හොන්ද ෆෝන් සිංහලට හරවල නෑ. මම කියන්නෙ සිංහලට හැරවීමක් නෙවේ.සිංහල ෆොන්‍ට් (යුනිකොඩ් එක) ගැන. මොකද ෆොන් වලට ‍ෆොන්ට් දාන්න ‍බෑ. හැබැයි පද්ධතිය යාවත්කාලීන කරන්න පුලුවනි. ඉතින් මම කියන්නෙ මොබයිල් වල‍ට හැරෙන මේ කාලෙ ෆොන් එකෙන් සිංහලෙන් බ්ලොග් ලියන්න, අන්තර්ජාලයේ සැරිසරන්න ක්‍රමයක් තියනවනම්‍ හොන්දා කියලයි. ඒත් ඒව හදන්න මමනම් දන්නෙ ‍නෑ. දන්න එක්කෙනෙක් හරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් දැන් කරොත් හොන්දා නේද. අපේ ෆෝන් එක අරන් වෙන ර‍ටකට ගියහම ඒ ර‍ට වල ඔක්කොම (හුගක්) පණිවිඩ එන්නෙ ඒ රටේ භාෂාවෙන්.ඒ ඔක්කොම කියවන්න පුලුවන්. ඒත් ලංකාවෙ සිංහලෙන් පණි‍විඩයක් ආවොත් ඒක කොටු ‍කොටු. ඉස්සර සිංහල පිටුවක් හරි ගොනුවක් හරි ඕපන් කළාම ඉංග්‍රීසි අකුරැ ගොඩක්‍ ඒත් දැන් එහෙම නෑ.. ඉතින් මොබයිල් වලටත් සිංහල හදමු නේද…

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl