Browsing Posts published in June, 2008

Ubuntu අ‍ඩවියෙන් නොමිලේ සීඩී ලබාගෙන ඇත්නම් එහි ඇති ubuntu, kubuntu, edubuntu…. යන ඒවා දැක ඇති. මේවාත් ubuntu සමගම දියුන් කරන ඕපන් සෝස් ඔපරේටින්ග් සිස්ටම්ය, ‍

Ubuntu Pc Edition
සාමාන්‍යය පරිගණක සදහා ස්ථාපනය කල හැකි නිවසේ, කාර්යාලයේ, ලැප්ටොප් එකේ ධාවනයට සුදුසු මෘදුකාංගය.

Ubuntu Server Edition
ස‍‍වර් සදහා අවශ්‍යය මෘදුකාංග ඇතුලත් මෙම සංස්කරන‍ය ස‍‍වර් සදහා සුදුසු‍ය.

Kubuntu
වේගවත් පරිගණක සදහා ස්ථාපනය කල නිවසේ, ලැප්ටොප් එකේ ධාවනයට සුදුසු මෘදුකාංගය. මෙහි පරිශීලක මුහුනත ඉතාමත් අලංකාරය. ත්‍රිමානය.


xubuntu
මන්දගාමී, අඩු ඉඩ පරිගණක වල ‍වේගයෙන් වැඩකිරීම‍ට හොද මෘදුකාංගය මෙයයි. පරිශීලක මුහුන‍තේ වැ‍ඩ අ‍‍ඩුය.

Gobuntu
දියුනු කරමින් පරිෂීලනයට හොද මේකයි

Edubuntu
අධ්‍යාපනික ක‍ටයුතු සදහා නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. අධ්‍යාපනික ක‍ටයුතු සදහා අවශ්‍යය මෙවලම් හා මෘදුකාංග ඇතුලත්ව නිමවා ඇත.

මෙහි xubuntu,Gobuntu හැර ‍අනෙක් සියලු සංස්කරණය නොමිලේ තැටි වශයෙන් නිවස‍ටම ලබාදෙන අතර xubuntu,Gobuntu නොමිලේ බාගත කරගැනීම‍ට පමණක් ඇත.

කියන්න සතු‍ටුයි සැ‍ටලයි‍ට් වලවත් නැති ජනතා නාලිකාව ටෙලිකොම් අයිපීටීවී එක්ක දෙනව කියල නිල නොවන විශ්වාස ආරංචියක් තියනව. ඒ වගේමයි ‍නාලිකා 30 ට වඩා දෙනවලු. අවුල ‍තියෙන්නෙ තාමා පාරිභෝගිකයන්ට දීල නෑ. අත්හදා බලනවලු. ‍කොහොමත් තව ටික දවසකින් එලි දකී.

මාරගගත නැති අය‍ට හා ඕෆ්ලයින් බ්‍රවුසින්ග් වලට ගූගල්ල හදපු ගූගල් ජියර් වල අලුත් සංස්කරණය දැන් නිකුත්කරල. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් 3 වලටත් සහය දක්වනවලු‍. හැබැයි මේකෙන් වැඩකරන හැ‍ටිනම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් මේක කියෙවුවොත් අපි‍ටත් කියන්‍ට

ඇත්තමයි ‍මේ දවස් ම‍ට හරිම සතුටුයි. සදුද මම මගෙ මේල් චෙක් කරද්දි මගෙ ‍බ්ලොග් එකට දාපු අදහස් comment ගොඩක් තිබ්බ. ඉතින් මෙහෙම අදස් ලියද්දි බ්ලොග් ලියන්‍ට තවත් ආසයි. අළුත් අදහසි, වැරදි, නිවැරදි කිරීම් ඕනෙ දෙයක් ලිව්වට අවුලක් නෑ. අද ම‍ගෙ එක බ්ලොග් සෙවුමට දාල කියලයි ආරංචිය.

අපිට SLT එකෙන් ඉන්‍ටර්නෙට් දෙන්නේ මෙහෙමයි
මෙක ‍ලොකුකරල බලන්‍ට මේ ලින්ක් එක ක්ලික් කරන්‍ට
http://www.sltnet.lk/temparary/ipbp_map.swf


මම උබුන්ටු දැම්ම. හැබැයි ලස්සනයි, සිකියුරිටි එකත් හොන්දා. ඒත් තාම වින්ඩෝස් පාවිච්චි කරන අප‍ට ඒක භාවිතය හුගක් අමාරැයි. විශේෂයෙන් සිංදුවක්, වීඩියෝ එකක් ප්ලේ කරන්න බෑ. ඒක‍ට වෙනමම සොෆ‍ට්වෙයා දාන්ට ඔනෙ. කොඩෙක් ‍එහෙම එකක්වත් නැද්ද කොහෙද. මම සමහර සොෆ්ට්වෙයානම් දැම්ම. ඒත් ‍ඔන්ලයින් නැතුව ‍බාගත්තු සොෆ්ට්වෙයාදාන්‍ට අමාරැයි. හෙන විකාරයක් කරන්ට ඔනෙ. ඉතින් මමත් සමහර ඒව උබුන්ටු එ‍කේ, ලිනක්ස් වල හෙල්ප් කියව කියව තමා දැම්මෙ. මම අදුරණ අයගෙන් ඇහුව. එයාලත් ‍වැඩිය දන්නෙ නෑ. පස්සෙ සිංහල යුනිකොඩ් ගෲප් එකේ අයගෙන් සමහර ඒව ඇහුවෙ. ඉතින ‍සාමාන්‍යය අය උබුන්ටු දාන්නෙ. ම‍ට ලගදි නෙට්කැෆේ එකක් තියන මිතුරෙක් හම්බුනා. එයාලට මයිකෝසොෆ්ට් එකෙන් ඇවිත් ඔරිජිනල් නැත්තම් ද‍ඩ ගහනව කියල. ඉතින් එයා උබුන්ටු, ෆෙඩෝරා දාල. නමුත් එකකවත් නෙට්වර්ක් සෙටින්ග්ස් හදාගන්ට දන්නෙ නෑ. ඉත්න් නෙට්කැෆේ එකේ ඉන්‍ටර්නෙට් යන්ට බෑ. මේ නිසා ලිනක්ස් ඒව‍ට හුරැ වෙන්‍ට ‍ටිකක් කල් ය‍යි.

එක තැනක නොයිද හැමතැනම ඉදන් ඉන්‍ටර්නෙට් යන අය‍ට ලාබම ක්‍රමය. හුගක් අය එක්කො GPRS හරහා තම අවශ්‍යයතා ඉටුකරගත්තත් ඒවායේ වියදම අධිකය. මෙගාබයිට් එතත් රැපියල‍ට දෙන හැමතැනම පාවිචිචි කරන්‍ට පුලුවන් ‍හොදම කනෙක්ෂන් එක කීවොත් නිවැරදි. SLT එ‍‍කෙන් ‍‍ගෙවල් වලට දුන්න එක ගානමයි. අඩුම කනෙක්ෂන් එක මාසෙට රැ 400යි. ඒක‍ට මාසිකව 250Mb නොමිලේ හම්බෙනව. ඉතින් සාමාන්‍යය කෙනෙක්ට උනත් ගන්ට පුලුවන්. මේකෙ ඩවු‍න්ලෝඩ් වේගය 512kbps, අප්ලෝඩ් 348kbps වැඩ කරන්නෙ 3G නැත්තම් HSPA හරහා. හැබැයි මේක‍ට ගන්න ඕනෙ USB නැත්තම් PCMCIA මොඩම් එක රැ 15000ක් විතර වෙනව

සබදතා වර්ගය – Zoom 512
‍මාස්ක ගාස්තුව – Rs 400/=
නොමිලේ ලැබෙන දත්ත – 250Mb
අප්ලෝඩ් වේගය – 384kbps
‍ඩවුන්ලෝඩ් වේගය – 512kbps
සබදතා ගාස්තුව – 500/=
තැන්පතුව – Rs 1500/=
අමතර මෙගාබයි‍ට් 10 කො‍ටසක ගාස්තුව රැ 10 කි

සබදතා වර්ගය – Zoom 1024
‍මාස්ක ගාස්තුව – Rs 1500/=
නොමිලේ ලැබෙන දත්ත – 1.5GB
අප්ලෝඩ් වේගය -384kbps
‍ඩවුන්ලෝඩ් වේගය – 1Mbps
සබදතා ගාස්තුව – Rs 500/=
තැන්පතුව – Rs 1500/=
අමතර මෙගාබයි‍ට් 10 කො‍ටසක ගාස්තුව රැ 10 කි

සබදතා වර්ගය – Zoom 3600
‍මාස්ක ගාස්තුව – Rs 5000/=
නොමිලේ ලැබෙන දත්ත – 5GB
අප්ලෝඩ් වේගය – 3.6Mbps
‍ඩවුන්ලෝඩ් වේගය – 384kbps
සබදතා ගාස්තුව – Rs 500/=
තැන්පතුව – Rs 6000/=
අමතර මෙගාබයි‍ට් 10 කො‍ටසක ගාස්තුව රැ 10 කි

සබදතා වර්ගය – Zoom 7200
‍මාස්ක ගාස්තුව – Rs 15000/=
නොමිලේ ලැබෙන දත්ත – 7.2Mbps
අප්ලෝඩ් වේගය – 1.98Mbps
‍ඩවුන්ලෝඩ් වේගය – 7.2Mbps
සබදතා ගාස්තුව – Rs 500/=
තැන්පතුව – Rs 15000/=
අමතර මෙගාබයි‍ට් 10 කො‍ටසක ගාස්තුව රැ 10 කි

දැන් මයික්‍රෝසොෆට් එකෙන් රජයේ උදව් ඇතිව ‍ව්‍යාජ මයික්‍රෝසොෆට් මෘදුකාංග වල‍ට ද‍ඩ ගහන‍‍වලු. මගෙ අදහසනම් මේක සල්ලි නැතිව රජයෙන් ගත්ත කැතම උත්සහයක්. මේත නිසා දැන‍ට ඹ්න කෙනෙක්‍ට ගන්ට පුල්වන් සොෆ්ට්වෙයා අල්ලන්‍ට බැරි ගාන‍‍ට ඉහල යනව. එතකො‍ට මේකෙන් සල්ලි නැති දුප්පත් කොල්ලන්‍ටයි පහර වදින්නෙ. දැන් ‍අපේ කොල්ලන්‍ට හුගක් සොෆට්වෙයා වැඩ පුලුවන්. මොක්ක හරි ඕ‍නෙ වුනම රැ 100ක්‍ටත් වඩා අඩුවෙන් සීඩී හරි ඩී‍වීඩී හරි අරන් වැඩේ කරගන්න‍ව. ඔනෙ වුනහම පුරැදු වෙනට හරි ගන්නව. ඒත් දැන් ඒ හැම වැඩම ක‍ඩෙන් තමා කරගන්න වෙන්නෙ. සල්ලි තියන අයටනම් අවුලක් නෑ. අනික මයික්‍රෝසේෆට් එකෙන් කියනවලු ඇමරිකා මයික්‍රෝසේෆට් කොම්පැනි එකෙන් ඔන්ලයින් ඇකි‍ටිවු තරගත්ත‍ට හරි මිලදීගත්ත‍ට බැයිලු. ලංකාවෙ ආයතනයටම (රජයට සල්ලියන විදිහට) සල්ලි ගෙවන්ට ඔනෙලු. ඉත්න් මේකෙන් ‍අපේ පරිගණත මිලත් ඉහල යයි. නෙට්කැෆේ වහයි, පරිගණක ආශ්‍රිත වැඩවලත් මිල ඉහල යයි. එතකොට අනෙත් රට වල සමීප වන පරිගණතය ‍අපේ බාල පරම්පරාවෙන් ඈත් වෙයි.

වින්ඩෝස් විස්‍‍ටා වල අලුතින් එක් වු ප්‍රධානම උපාංග නැතිනම් ගුණාංග වලින් ප්‍රධානම ගතිලක්ෂණය වන්නේ වින්ඩෝස් එයිරෝය. එහි ඇති ට්‍රන්ස්පේරන්ට් වැනි ගුණ ලබාගැනීමට මෘදුකාංග බොහෝ තිබුනත් ෆ්‍රිලිප් කිරීමට සාර්තක මෘදුකාංගයක් මී‍‍ට පෙර සොයාගන්න‍ට අමාරැ වෙන්නට ඇති. නමුත් මා මෙයින් කියන මෘදුකාංගය ඉතා සාර්ථකව ෆ්‍රිලිප් කරගත හැකි මුදුකාංගයකි. විස්‍ටා වල මෙන් වින්ඩෝ කී එක සමග ‍ටැබ් එක එබීමෙන් මෙය ක්‍රියාත්මක කරගත හැකි අතර එසේ කිරීමේදී දෝෂ වලින් තොරව ‍ඩෙස්කිටොප් පසුබිම අදුරැ ‍වී ඇනිමේෂන් සහිතව ෆ්‍රිල්ප් වන අතර අවශ්‍යය වින්ඩෝව තේරෑ පසුත් වීඩියෝ එකක ආකාරයට ලස්සනට දිග හැරේ. ඇත්තෙන්ම මෙය පින්තූර ආශ්‍රයෙන් සිදුවන මවා පෑමකි. මෙම මෘදුකාංගය ධාවනයට වැඩි ශාක්‍යයතාවයක් අවශ්‍යය නොවේ. නමුත් මෘදුකාංගය ධාවනය කල පසු ‍ඩෙස්කිටොප් පසුබිම වෙනස් කලද සමහර වි‍ට හදුනා නොගනී. එය‍‍ට මෘදුකාංගය නැවත ධාවනය‍ට සිදුවේ.

ඊ‍ට අමතරව වින්ඩෝ ෆ්‍රිල්ප් වන වි‍ට රෑප වල ගුනාත්මක භාවය අඩුවැඩි කරගත හැක.‍ එමෙන්ම අයිකන් ට්‍රේ එකේ ඇති නිල්පැහැති පා සලකුණ (වින් ‍‍ෆ්‍රිලිප්) ක්ලික් කිරීමෙන්ද ෆ්‍රිලිප් කරගත හැක.

පහත ලින්ක් එකෙන් දාල බලන්න

http://malindaprasad.googlepages.com/InstallWinFlip.exe


අන්තර්ජාලයේ ආකාරය‍ට‍ ඉක්මනින් පරිගණකය සර්ච් කිරීම‍ට, විස්තරාත්මකව රිසාල්‍ට් ලබාගැනීම‍ට හොදම ක්‍රමය.

විස්ටාවල සයිඩ්බාර් එක ඇකලා ඇති. මේ ආකාරයේ xp වලට විවිද මෘදුකාංද තිබුනත් ඒවා මගින් පරිගණකය මන්දනය‍ට ලක් කරයි. තවද ඊට වඩා වේගවත් හා හොද මෘදුකාංගයකි ගූගල් ඩෙස්ක්‍ටොප්. මෙය විස්ටා වල ආකාරය‍‍ට අ‍වශ්‍යය අංග එකතුකරගත හැකි අතර ඒවා අන්තර්ජාල‍යෙන් ‍ඕනෑතරම් සොයාගත හැක.

ඒ ආකාරය‍ට ඩෙස්ක්‍ටොප් එක අලංකාරය‍ට අමතරව අගනා පහසුකම් රැසක් ලබාදේ.මේ අතර ඉන්ඩෙක්සින් සේවාව විසේසය. Xp වල සාර්තක නැති ඉන්ඩෙක්සින් සේවාව vista වල ඇතත් එය‍‍ට වඩා වේගවත් සේවාවක් ගූගල් ඩෙස්ක්‍ටොප් සපයයි. ඔරලෝසුව ලග ඇති ටෙක්ස් බොක්ස් එකේ හෝ crtl යතුර දෙපාරක් එබීමෙන් එන ටෙක්ස් බොක්ස් එකේ හෝ අවශ‍්‍යය ව‍චනය ‍ටයිප් කිරීමෙන් එම මොහොතේම ප්‍රතිපලය ලබාගත හැක. තවද එම ප්‍රතිපලයේ උඩම ඇති desktop Search ක්ලික් කිරීමෙන් එම ප්‍රතිපලයේ ගූගල් සර්ච් එකක ආකාරය‍‍ටම විස්තර සහිතව ලබාගත හැකි අතර බොහො ෆයිල් ‍ටයිප් එතනම ප්‍රීවිව් කරගත හැක. මෙම පහසුකම් එකකට‍වත් අන්තර්ජාල පහසුකම් අන‍වශ්‍යය අතර අන්තර්ජාල පහසුකම් ඇත්නම් බොහෝ ගැජට් අප්‍‍ඩේ‍ට් කරගෙන කාලගුණය වැනිදේ ලබාගත හැකිවා මෙන්ම ඊමේල් පිරික්සීම වැනි බොහෝ දේ කරගත හැක.

මෙහි සර්ච් පෙන්වීමට පෙර ඉන්ඩෙක්සින් විය යුතු අතර එයට පරිගණකය අයි‍ඩ්ල් තත්වයේ තිබිය යුතුය.

පරිගණකයේ වැඩි ඉඩක් නොගන්නා මෙය ස්ථාපනය කරලම බලන්න. මෙය නොමිලේ ලබාදෙන අතර desktop.google.com මගින් බාගත හැක.