ලංකාවේ විදුලි සැපයුම ගැන මොකද හිතෙන්නෙ. හැම වෙලාවෙම විචල්‍යය වන, නිතර නිතර ඇන හිටින විදුලි සැපයුමක් තමා අපට තියෙන්නෙ. සාමාන්‍යයෙන් ලෝකයේ දියුන් රටවල විදුලි ඇනහිටීම කියන්නෙ අලුත් අත්දැකීමක්. ඒත් ලංකාවෙ සතියකට අනිවාර්යෙන්ම කීප සැරයක් විදුලිය අනහිටිනව. එම තත්වයම අපේ අන්තර්ජාල සබදතාවලටත් සිදුවේගෙන එනව. මොකද දැන් දැන් අන්තර්ජාල සබදතාත් නිතර නිතර බිදවැටීමකට ලක්වෙනව.විදුලිය මෙන් නිතර වේගය වෙනස් (අඩු)
වන අන්තර්ජාල සබදතාවයන්ගේ සමහර විට මුලු පලාතටම පුලුල්පරාස සම්බන්ධතාවයන් ඇනහිටිනව. නැතින්ම් කීප ස්ථානයකට පමණක්. මේ ලගදි සිදුවුනු ආසන්නම සිදුවීම් අතරින් එකක් තමා කුරැණෑගල සර්වර් බිදවැටීම. ඒ මොහොතේ පැය 3-4 කට ආසන්න වේලාවක් අන්තර්ජාලය නෑ. සබදතාවය සම්බන්ධ කරගැනීමට නොහැකිවුනා. එමෙන්ම නිතර ඇතිවන තත්වයක් තමා විනාඩි කීපයකට සම්බන්ධතාවය විසන්ධිවීම. සමහර විට මේ තත්වය පැයක් පමණ පවතිනව. මෙහිදී එකම නගරයේ තැන් කීපකට සබදතාවය ඇති අතර සමහර තැන් වලට සබදතාවය නැතිවෙනව. ඉතින් කර කර හිටිය වැඩ පැත්තකට දාල ආයෙ ටෙලිකොම් එකට කෝල් කරනව. මේ තත්වය අනික් සබදතාවලනම් කොහොමද දන්නෙ නෑ. ඒත මේ අත්දැකීම ටෙලිකොම් පුලුල් පරාස සබදතාවයක. අනෙක් පැති වලට කොහොම උනත් කුරැණෑගලට මෙහෙමයි අන්තර්ජාලෙ. හරියට විදුලිය වගේ (වේගව නොවේ)
හැමදාම වෙන රටක හදපු අඩවියකින් වැඩ ගන්නව, වරණා කිරීම වෙනුවට දැන් අපේ අඩවි ගැන කථාකිරීමට කාලය පැමිණ ඇත. මේ විස්ථරයත් එවන් අපටම ආවේනික අඩවියක් ගැනයි. මේක 99% ක්ම සිංහල යුනිකේත භාවිතාකර සකසන ලැබු අඩවියක් වන අතර මෙමගින් නොමිලේ සේවා හා පහසුකම් රැසක් සපයනව.
මේ අඩවියට විශේෂයෙන් සිංහල යුනිකේත භාවිතාකල හැකි ඕනෑම කෙනෙක්ට නොමිලේ ඇතුලුවෙන්න පුලුවන්.
ඉන්පසු මෙහි තමන්ගේ ලිපි පලකරගැනීමට, තමන්ගේ නමින් ජීමේල් පහසුකම් වලින් යුත් ඊමේල් ලිපිනයක්, තමන්ටම බ්ලොග් අඩවියක් ලැබෙන අතර මෙහි ෆෝරමයේ හා සමූහයට ඇතුලත් වීමෙන් තමන්ගේ තාක්ෂණික ගැටලු විසදීමට මෙන්ම විනෝදයක් ලැබීමටද හැකියාව ඇත. නිකුත් කර සතියක්වත්නැති මේ අඩවිය සිංහල අප වෙනුවෙන්ම සෑදූ අඩවියකි.
www.yuthmax.com
මේක යූත්මැක්ස් (yuthmax.com) අඩවියට ලියපු ලිපියක්
====================================================================
තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කලාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒකට විසිටර්ස් ගණකයක් දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව.
ඒත එතනින් නොනැවතී තව ගොඩක්දුර යාමට ගූගල් සමාගම නොමිලේම අවස්ථාව ලබාදී තිබෙනව. තමන්ගෙ අඩවියට යනේනෙ කොයි රට වලින්ද, වැඩිපුර බලන්නෙ මොන පිටුද, වැඩිපුර යොමු උනේ මොන ක්‍රමයෙන්ද, ඔවුන් භාවිතා කල සබදතාවයන්, පාලන පද්ධතිය, බ්‍රවුසරය, අවියට සේවීමට යොදාගත් සෙවුම් වචන වගේ ගොඩක් විස්තර බලාගන්න මේකෙන් පුලුවන්.
තමන්ගේම ගූගල් ගිණුම ආධාරයෙන් ගූගල් ඇනලයිටික්ස් වෙත පිවිස එයට තම අඩවිය ඇතුලත්කල පසු එමගින් ජාව කේතයක් ලබාදෙනව. එය තම වෙබ් පිටුවට නැතිනම් බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකට පිටපත් කරගත්තහම හරි. මෙසේ පිටපත් කිරීම හරියාකාරව සිදුවූවාද යන වග ගූගල් ඇනලයිටික්ස් මගින්ම පරික්ෂාකරගත හැකිය.
මෙහි විශේෂත්වය වන්නේ අඩවි හා පිටු වෙන වෙනම විශාල ප්‍රමාණයක් එක්කල හැකි වීමයි. මෙසේ කේතයන් ස්ථාපණය කලත් එය යාවත්කාලීන වන්නෙ දිනක් පසුවීය.
ඒවගේම තමන්‍ට අවශ්‍යයනම් මේකෙන් වාර්ථාවක් එලිවට ගන්නත් පුලුවන්. හිට් කවුන්ටර්, නැතිනම් විසිටර්ස් කවුන්‍ටර් වෙනුවට මේක හොන්ද විසදුමක්.
ඒ වගේම මේකෙන් තමන්ගේ අඩවියේ සාර්ථකත්වයට මෙන්ම ප්‍රවර්ධනයටද හොන්ද රැකුලක් කරගන්න පුලුවන්. මොකද මේකෙන් තමන්ගේ අඩවිය ගැන අපට දැනගත නොහැකි විස්තර රාශියක් සොයාදෙනු ලබනවා.
ගුරැවරයා යමරජුට සම කල මේ කවිය බදුල්ල අධ‍්‍යාපන කොට්ඨාෂයෙන් එම ප්‍රදේශයේ සාමාන්‍යය පෙල අපේක්ෂක සිසුන්ට සැකසූ පෙරහුරැ ප්‍රශ්ණ පත්‍තරේ තිබු කවියකි. අධ්‍යාපන කලාප කර්ය්‍යාලයෙන් ප්‍රකාශ කරන මෙම ප්‍රශ්ණ පත්තරය සිංහල සාහිත්‍යය 2 සදහා ලබාදී එමගින් ප්‍රශණ අසා තිබිනි.
අපායේ ඉදන් එන්නට ඇතැයි සිතේ
යම රජුන් ගේ මිතුරකුදැයි නිතර සිතේ
ගවයන් නොවෙයි ළමයින් පන්තියෙහි ඇතේ
වැරදීමකින් ගුරැපදවිය හිමිව තැබේ
බිරිදගේ අවලාද දෙසවන පුරෝගෙන
ගෙදරින් එනවාද නිතරම ඔරෝගෙන
උගුරැදන්ඩ කැඩෙනාලෙස කෑගසන
මාලුකඩේ මුදලාලිත් සම නොවෙන
වචන වලින් අපගේ සිත් නිති තලන
වැරදීම සොයන විලසින් සිත යොමු කරන
අපේ කරැමයක්ද ඔබ ගුරැ පදවිය ලැබුම
ගුරැ පදවියේ කරැමයදැයි කියනු මැන
එම කවිපන්තියෙන් අසා ඇති ප්‍රශ්ණ මෙසේය
1. මෙහි සදහන් ගුරැවරයාගෙන් පන්තියේ සිටින ළමුන්ගේ පවුරැෂයට ඇතිකරන හානි දෙකක් හටහන් කරන්න.
2. මෙම ගුරැවරයාගේ ගුරැ භූමිකාවේ සිදුවිය යුතු වෙනසක් සදහන් කරන්න.
3. කවි පන්තියේ සදහන්වන පරිදි මෙහි සදහන්වන පරිදි මෙහි සදහන් ගුරැවරයාට මෙවන් ඉරනමකට පත්ව ඇති සාධක මොනවාද?
4. මෙහි සදහන් වන පරිදි දරැවන් මෙම ගුරැවරයා දකින්නේ කවුරැන් ලෙසද?
5. මෙම ගුරැවරයාගේ පීඩනයට පත්වූ දරැවන් මේ ප්‍රශ්නය දැක හිත හදාගන්නේ කෙසේද?
-උපුටාගැන්ම – 2008 ජූලි 24 බ්‍රහස්පතින්දා ලංකාදීප
මේ අලුතෙන් ආව නීතිත් එක්ක මුල් අවදියේ සිටින හච් සමාගම අන්දමන්ද වෙලා. එයාල පරැරණි පාරිභෝගිකයොත් නැවත ලියාපදින්‍චි කරනව. ඒකට වෙලාවක් එයාලම කියන්වලු. මම හිතන්නෙ මීට කලින් එයාල ලියාපදින්චිය හරියට කරල නෑ.
මම එකපාරක් නැතිවෙච්ච සිම් එක ගන්න යද්දි එයාලට මගෙ ජ.හැදුනුම්පත දුන්නහම ඒකට බැයිලු. ගත්ත ඇමතුම් ඕනෙලු. මම ඒක පාවිච්චි කරන්නෙ නැති නිසා ඒව මතක නෑ. අමාරැවෙන් මතක් කරල දුන්නෙ. ඒ කියන්නෙ මෙයාල ලියාපදින්චියක් කියල දෙයක් මෙච්චඑකල් කරල නෑ. මතකනෙ. ඉස්සර ඒ සිම් ගන්න මුකුත් ඕනෙ නෑ. කඩෙන් බඩුවක් ගන්ව වගේ. ගත්ත, වැඩකලා. ඒත් අනිත් එක සමාගමක්වත් ලියාපදින්චි වූ පාරිභෝගිකයට දෙවෙනි තැන නොදී ඉන්නෙ නෑ. ඇමතුම් හෝ පෙරගෙවුම් කාඩ් මගින් අයිතිකාරත්වය වෙනස් කලත් ඒ තෙවන පාර්ශවයක් විදිහට. මුල් අයිතිය මිලදී ගත් ලියාපදින්චි හිමිකරැට. ඒත් හච් මෙච්චරකල් මුල්තැන දුන්නේ ලියාපදින්චි කල කෙනාට නොව පරිහරණය කරන්නාටයි.
දැන් මෙයාලගෙ සමහර සිම් වැඩ නෑ. ඒව ලියාපදින්චිය අනිවාර්යයි. #132# ත් හරියට නෑ. මෙයාලගෙ ලියාපදින්චි උනහම මෙයාලත් කාඩ්පතක් නිකුත් කරනවලු. හරියට ටිගෝ වගේ.
මුලින්ම ඩයලොග් පාරිභෝගිකයන්‍ට හදුන්වාදුන් තම ජංගම දුරකථනයෙන්ම එහි හිමිකාරත්වය පරිකෂා කරගැනීමේ පහසුකම දැන් සියලු සේවා සපයන්නන් විසින් ලබාදී ඇත. මේ අනුව තම දුරකථනයෙන් #132# ට ඇමතුමක් ගැනීමෙන් එම සේවාව ලබාගත හැකි අතර. එම කේතයෙන් තම අංකය, සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ නම හා ජාතික හැදුනුම්පත් අංකය එවෙලේම බලාගත හැකිය.
මෙහිදී ඩයලොග් හා මොබිටෙල් එම පහසුකම සාමාන්‍යය පරිදි ලබාදුන්නත්. ටිගෝ හිමියන්‍ට මෙම පහසුකමින් තම අංකය පමණක් බලාගතහැකිය. ඒ අනුව එම සමාගම මගින් නිකුත් කරන ප්ලාස්ටික් හැදුනුම්පතින් ඉතිරි තොරතුරැ සහතික කරගත හැකිය.
හච් පාරිභෝගිකයන්ට මෙම පහසුක ලබාදුන්නත් මට එය ප්‍රායෝගිකව අත්හදාබැලීමට නොහැකි විය. මන්ද මාගේ හච් සිම් පත අවුරැද්දකින් පසු අද දින ඇතුලත් කල පසු එහි මුදල් ඇතත් එය සක්‍රීය කර නැත යැයි පවසයි. එම නිසා සමහරවිට ඔවුන්ගේ කල්ඉකුත්වන දිනයක් නැතැයි කීවත් මේසදහා යම් වෙනත් ක්‍රියාමාරගයක් ඔවුන් සතුව ඇති.
තවද මේ පහසුකම මොබිටෙල් වල ක්‍රියාකරවීමේදී මා මොබිටෙල් ආයතනයෙන්ම ගත් සිම් පතකත් ජාතික හැදුනුම්පත් අංකය නිවැරදිවුවත් නම වැරදිය. මේ නිසා සමහර විට ඔබගේ සිම්පතත් ඔබම මිලදීගත්තත් එය වෙන නමිකින් ලියාපදිනිචි වී තිබිය හැකි. ඒබව පරික්ෂාකර නිවැරදි කරගැනීම පහසුවක් වේවි. නමුත් මේ ගැටලු කිසිවක් ඩයලොග්වල නැ.
මේ ආකාරයෙන් සියලු සමාගම් එකම කේතයක් ලබාදීම කාටත් පහසුය
ඩයලොග් සමාගම හදුන්වාදීතිබෙන කිට් ඩබල් පහසුකම යටතේ ලියාපදින්චි වීමට එකම පුද්ගලයාගේ නමින් සිම් දෙකම තිබිය යුතුය. නමුත් දැන් අලුතෙන් හදුන්වාදුන් නීතිය යටතේ තමා පිවිච්චි කරන සිම් පත තමාගේම නමට තිබිය යුතු වේ. නමුත් කිට් ඩබල් භාවිතාකරන්නන් බොහෝ දෙනා තමාටම පණිවිඩ යවාගැනීමක් සිදුනොකරන අතර තම හිතවතෙකුගේ නම්බරයක් මේ සදහා යොදාගනී. පෙර තිබූ තත්වය උඩ තමාට තම මුතුරෙකුට සිම් පතක් ඇන්දිය හැක. එහෙත් දැන් එය නීතියෙන් තහනම්ය. මේ නිසා කිට් ඩබල් භාවිතා කරන්නන්ට ප්‍රායෝගික ගැටලුවක් මතුවේ. මෙයි සිදුවනුයේ එම පහසුකම නමට විතරක් සීමා වීමය. නමුත් මොබිටෙල් මෙන් ඕනෑම අංකයක් හදුන්වාදීමට පහසුකම් සැලසුවානම් මේ කරදරයක් නැත.