මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිවට හැම වෙලාවෙම කොම්පුයුටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි ඩිස්කනෙක්ටද කරල කනෙක්ට්ක කරනකන් කනෙක්ෂන් එකෙන් දත්ත යැවෙන්නෙවත් එන්නෙවත් නෑ. මේක මටනම් හිතෙන්නෙ ලංකාබෙල්ලගෙ හොර වැඩක්. මොකද රෑට ශත 10 යි කීවට මේ ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට්හවෙන හැම පාරටම රැ 2.95 (3.50) ට ආසන්න ගානක් කැපෙනව. ඉතින් ශත දහයක් යද්දි 3.50 ඒව හෙන ගොඩක් කැපිල. මේව බිලට එන්නෙත් නෑ. අනික මෙයාල ඇමතුම් ශත 10 හෝ 20 කීවට ඊට අමතරව හැම ඇමතුමටම රැ 3.50 කවට ආසන්න ගානක් ගන්නව. දවල්ටල සාමාන්ය0ය ඇමතුම් විනාඩියකට රැ7.00 කටත් වඩා යනව. වැට් නැතිව. ඉතින් මීට වඩා ලාබයි මොබයිල් එකෙන් ගන්න එක. අයකිරීම තප්පරේට උනාට මුලින් හෙන ගානක් කපනව. කෙටි ඇමතුම් එහෙම ගන්නම හොදනෑ. ඒ මදිවට ඉනතරනෙට් මාර ස්ලෝ. ඉක්මනටම ලෝඩ් වෙන ගූගල් ගද්දි හිතෙනව ඇමරිකාවට බස්එකේ යන්න. මෙයාලගෙ කස්ටමර් කෙයා එකත් චාටර්. මම අවුරැදු 3 කට වඩ ලංකාබෙල් එක්ක ඉදලත් කිසිම හොදක් නෑ. අනික මම එක පාරක් බෙල් ටියුන් දාගන් ඒ කට්ටියට දිනකට තුන්පාර ගානෙ සති දෙක තුනක්ම කෝල් කරල තමා ඇක්ටි්වු කරගත්තෙ.
මම නම් කියන්නෙ ලංකාබෙල් ගන්න කවුරැහරි ඉන්නවනම් අපරාදෙ තමා කියන්න තියෙන්නෙ. මම මුලින් මේ බ්ලොග් එකෙන්ම ලංකාබෙල් ගැන ලීවට දැන් මටම එපා උනා.











Comments
Leave a comment Trackback