හැම විටම ජංගම දුරකථන තාක්ෂනය අලුත් වෙනව වගේ රජය විටින් විට ජංගම දුරකථන වලට විවිධ නීති ගෙනඑනව. දැන් අලුතින් ගෙනාපු එක තමා අයිතිකාරත්වය ගැන නීතිය. මේකෙ කියන හැටියට අයිතිකාරයට හැරෙන්න එම සිම් පත වෙන කාටවත් තියාගන්න බෑ. ඒ වගේමයි වෙන කාගෙ හරි එකක් පාවිච්චි කරනවනම් ඒක තමුන්ගෙ නමට හරව ගන්න ඕනෙ. දෙමාපියන්ගෙ ඒවනම් ලියුමක් තියාගන්න ඕනෙ. ඒවගේම තමා CDMA දුරකථනත් තැනින් තැන ගෙනියන්න බෑ.
මේකෙ ප්‍රායෝගික ගැටලු රැසක් තියනව. මොකද ඔතන තියන ප්‍රධානම ගැටලුව තමා අයිතිකාරත්වය තහවුරැකර ගැනීම. මොකද අපේ රටේ පොලිසියට හැම පරික්ෂාවකදීම අයිතිකාරත්වය පරික්ෂාවට පරිගණකයක් නෑ. ඉතින් ඇමතුමකින් තමා පරික්ෂාකරගන්න වෙන්නෙ. මේ දෙකේදීම සේවා සපය ආයතන මෙතෙක් කල් ආරක්ෂාකාරීව තියන් හිටිය පාරිභෝගික දත්තයන් එලියට දැමීමක් සිදුවෙනව. මොකද මෙච්චර කාලෙකට කාගෙ හරි නම්බරයක විස්තර ඉල්ලුවට දෙන්නෙ නෑ. නීතීඥයෙක් ඉල්ලුවත් උසාවි නියෝගයක් උඩ උසාවියෙදි විතරයි ඕව දෙන්නෙ. නමුත් මේ නීතිය ආවහම ඕනෙ කෙනෙක්ට ඇමතුමකින් අයිතිකාරත්වය නැත්නම් නම්බරේ ලිපිනය ගන්න පුලුවන්. එතකොට පෞද්ගලිකත්වයක් නෑ. ව්‍යාපාරිකයන්‍ට, විතරක් නෙවේ. පවුල් වලටත් අවුල. නම්බරේ හොයාගත්තහම ඕනෙ කෙනෙක්ගෙ විස්තර ගන්න පුලුවන්. ඇමතුමක් නැතිව ඕකට පද්ධතියක් හැදුවත් ඒක පොලිසියෙ හැමෝටම නැතත් නිළධාරීන්‍ට දෙන්න වෙනව. ඒ කියන්නෙ අන්තර්ජාලෙ දැම්ම වගේ තමා.
මේකෙ තියන තව අවුලක් තමා රජයෙන් කියනව මේවගේ අයිතිය තම නමට හරවගන්න කියල. ඉතින් මේ වෙනකම් ඔය ආර්මි එකට දුන්න, පොලිසි වලට දුන්න පැකේජ් එහෙම වෙන කාටවත් හරව ගන්න බෑ. නමුත් මේ නීතියට අනුව ඒක ඕනෙ කෙනෙක්‍ට හරව ගන්න පුලුවන්.
මේ හේතු නිසා මේකෙ ප්‍රයෝගික ගැටලු ගොඩයි. හරියට ක්‍රමයක් හදනකම් වෙන නම්බරයක්, නැත්තම් තමුන්ගෙ නමට ලියාපදින්චි කලේ කියල ශේප් වෙන්න පුලුවන්. අනික අපේ නිලධාරී ගොඩකට පරිගණක දැනුම තියා ජංගම දුරකථනයක කෙටි පණිවිඩයක් කියවගන්න බෑ. ඉතින් කොහොමද මෙහෙම වැඩක් කරන්නෙ. මේක නිකන් පාසල් වලට GIT දැම්ම වගේ වැඩක්. හරියන්න ගොඩක් කල් යයි. මේකෙන් හැබැයි පෞද්ගකත්වයට හා පෞද්ගල්ක ආරක්ෂාවට ගැටලුවක් එනව.











Comments
Leave a comment Trackback