රජය මගින් හදුන්වා දුන් හිමිකාරත්වය පිළිබද නීතියට අනුව ජංගම දුරකථන සමාගම් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. මුල්න්ම ප්‍රතිචාර දැක්වු ටිගෝ ආයතනය, තම පාරිභෝගිකයන්ට තමාගේ නමට දුරකථනයේ හිමිකාරත්වය නැතිනම් එය අනන්‍යය තාවය තහවුරැ කර තම නමට හරවාගැනීමෙන් පසු ඔවුන් ප්ලාස්ටික් කාඩ්පතක් නිකුත් කරන ලදී. මෙය ආයතන මගින් ලබාදෙන හැදුනුම් පතට සමාන අතර දුරකථන අංකය, නම හා ජාතික හැදුනුම් පත් අංකය එහි මුද්‍රණය ඇත. මෙය පිළිබදව පසුගෙවුම් හිමියන්ට නිවසට ලිපි යොමුකර දැනුවත් කරන අතර පෙරගෙවුම් හිමියන් ඔවුන්ගේ නියෝජිතයෙක් මාර්ගයෙන් ලබාගත ‍යුතුය.

ඉන්පසු ඩයලොග් සමාගම ඔවුන්ගේ පාරිභෝගිකයන්ට හිමිකාරත්වය තහවුරැ කිරීමට වෙනම ක්‍රමයක් හදුන්වාදුන් අතර එය කේතයක් මගින් හෝ කෙටිපණිවිඩයක් මගින් තොරතුර ලබාගැනීමයි. මෙහිදී කේතය මගින් තොරතුරැ ලබාගැනීමටනම් #132# ‍ට ඇමතුමක් ගැනී‍මෙන් හෝ 132‍ට NAME යනුවෙන් ස‍ටහන්කර කෙටිපණිවිඩයක් යැවීමෙන් තම සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ නම, ජාතිකහැදුනුම්පත් අංකය, හා දුරකථනයේ අංකය තහවුරැකරගත හැක. එය තම නම නෙවේනම් තම නමට හිමිකාරත්වය නොමිලේ මාරැකරගත හැක. මෙහිදී පෙරගෙවුම් හිමියන් පැරණි හිමිකරැගේ අත්සන සහිත ලිපියක් හා ජාතික හැදුනුම් පතේ ‍පි‍ටපතක් රැගෙන යාමෙන් හෝ තමා ලගදී ලබාගත් ඇමතුම් 5 ක අංක හෝ රීචාජ් ‍කාඩ්පත් 5ක් ඉදිරිපත් කර තම නමට හරවා ගත හැක. එහෙත් පසුගෙවුම් හිමියන්‍ට අනිවාර්යෙන් පැරණි හිමිකරැගේ අත්සන සහිත ලිපියක් හා ජාතික හැදුනුම් පතේ ‍පි‍ටපතක් රැගෙන යා යුතු අතර මෙහිදී තම ලිපිනය සනාත කිරීමට ලියවිල්ලක් (විදුලි, දුරකථන, ජල, රෑපවාහිනී හෝ ක්‍රෙඩිට්කාඩ් බිලක්) රැගෙන යායුතුය. මෙහිදී තම තිබූ පහසුකම් සහිතවම සබදතාවය පරිහරණය කල හැකිය. නමුත් කණ්ඩායම් හා ආරක්ෂක අංශ වල‍ට ලබාදුන් සබදතාවල ඇති නොමිලේ ඇමතුම් ගැනීමේ පහසුකම අහිමිවේ.

මේ සියලු දීමනා, අදාල අංක වලට ගන්නා ඇමතුම් නොමිලේ වන අතර මෙහි ඩයලොග් වල 132ට කෙටිපණිවිඩ යැවීමේ ක්‍රමය තවම සාර්ථක නැත.

තම හිමිකාරත්වය ලබාගැනීමේදී තම හැදුනුම් පත අනිවාර්ය අතර වයස අවුරැදු 18 ඉක්මවා තිබිය යුතුය. හැදුනුම් පතේ ඡායාරෑපය තමාට වඩා වෙනස්නම් කුඩා ඡායාරෑපයක් සහතික කර රැගෙන ආ යුතුය. නමුත් ඩයලොග් සමාගම බාලවයස්කරැවනුත් ලියාපදින්චිකරන බව අද දින ලංකාදීප‍ පුවත්පතේ පලවු දැන්වීමේ සදහන් විය.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl