මාගේ පෙර සටහන පරිදි ඩයලොග් සමාගම තම පාරිභෝගිකයන්ට තම දුරකථනයේ හිමිකාරත්වය අවශ්‍යය විට බලාගැනීමට අවසර දෙන ලදී. මෙහිදී හිමිකරැගේ සම්පූර්ණ නම හා ජාතික හැදුනුම්පත් අංකය බලාගත හැක. එහෙත් මෙමගින් ඔවුගේ පුද්ගලිකත්වයට බලපෑමකි. මන්ද මෙම තොරතුරැ එම දුරකථනය අතැති ඕනෑම කෙනෙක්‍ට බලාගත හැකි.
දැනට පාරිභෝගික සේවාව මගින් සිදුකරන සෑම කට යුත්තක්ම දුරකථන අංකය හා ජාතික හැදුනුම්පත් අංකය, උපන්දිනය හා නම යන සහතික කිරීම් මත සිදුකරයි. එහෙත් ඉහිත පරිදි තොරතුරැ ලබාගැනීමේදී ඕනෑම කෙනෙක්ට දුරකථනයේ වෙනස්නම් සිදුකරහැකිය. මොකද සාමාන්‍යයෙන් අපි කාගෙන් හෝ දුරකථනය ඉල්ලුවොත් එය ටික වෙලාවකට ලබාදෙන නිසා. මේ අනුව නිකමටවත් දුරකථන ඉල්ලා ගැනීමට නොහැකිවේවි. නැත්තම් දුන්න කෙනාට දුන්නේ ඇයිදැයි සිතේවි. මේක ජාතික ආරක්ෂාවට කරපු දෙයක්නෙ. නමුත් ටිගෝ එකේ වැඩේනම් ටිකක් හරි සාර්ථකයි. නමුත් ඒදෙන කාඩ් එකේ නම්බරේමද තම දුරකථනයේ තියෙන්නෙ කියල පරික්ෂාකරගන් ක්‍රමයක් දැම්මනම් ගොඩක් සාර්ථකයි. මොකද ඒකාඩ් එක ගත්ත කියන්නෙ එයාට ජාතික හැදුනුම්පතේ විස්තර ගන්න එක පහසුයි. නමුත් ඩයලොග් ක්‍රමයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් තියෙන්නෙ. හැමදේම හිතන්න බෑ තමා. ඒත් මේකට විකල්පයක් තියෙන්නම ඕනෙ.
No one has commented yet.
Like









Comments
Leave a comment Trackback