ඩයලොග් සමාගම හදුන්වාදීතිබෙන කි‍ට් ඩබල් පහසුකම යටතේ ලියාපදින්චි වීමට එකම පුද්ගලයාගේ නමින් සිම් දෙකම තිබිය යුතුය. නමුත් දැන් අලුතෙන් හදුන්වාදුන් නීතිය ය‍ටතේ තමා පිවිච්චි කරන සිම් පත තමාගේම නමට තිබිය යුතු වේ. නමුත් කිට් ඩබල් භාවිතාකරන්නන් බොහෝ දෙනා තමා‍ටම පණිවිඩ යවාගැනීමක් සිදු‍නොකරන අතර තම හිතවතෙකුගේ නම්බරයක් මේ සදහා ‍යොදාගනී. පෙර තිබූ තත්වය උඩ තමාට තම මුතුරෙකුට සිම් පතක් ඇන්දිය හැක. එහෙත් දැන් එය නීතියෙන් තහනම්ය. මේ නිසා කි‍ට් ඩබල් භාවිතා කරන්නන්ට ප්‍රායෝගික ගැ‍ටලුවක් මතුවේ. මෙයි සිදුවනුයේ එම පහසුකම නම‍ට විතරක් සීමා වීමය. නමුත් මොබිටෙල් මෙන් ඕනෑම අංකයක් හදුන්වාදීමට පහසුකම් සැලසුවානම් මේ කරදරයක් නැත.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl