මේ අලුතෙන් ආව නීතිත් එක්ක මුල් අවදියේ සිටින හච් සමාගම අන්දමන්ද වෙලා. එයාල පරැරණි පාරිභෝගිකයොත් නැවත ලියාපදින්‍චි කරනව. ඒකට වෙලාවක් එයාලම කියන්වලු. මම හිතන්නෙ මී‍ට කලින් එයාල ලියාපදින්චිය හරියට කරල ‍නෑ.

මම එකපාරක් නැතිවෙච්ච සිම් එක ගන්න යද්දි එයාල‍ට මගෙ ජ.හැදුනුම්පත දුන්නහම ඒකට බැයිලු. ගත්ත ඇමතුම් ඕනෙලු. මම ඒක පාවිච්චි කරන්නෙ නැති නිසා ඒව මතක නෑ. අමාරැවෙන් මතක් කරල දුන්නෙ. ඒ කියන්නෙ මෙයාල ලියාපදින්චියක් කියල දෙයක් මෙච්චඑකල් කරල නෑ. මතකනෙ. ඉස්සර ඒ සිම් ගන්න මුකුත් ඕනෙ නෑ. ක‍ඩෙන් බඩුවක් ගන්ව වගේ. ගත්ත, වැඩකලා. ඒත් අනිත් එක සමාගමක්වත් ලියාපදින්චි වූ පාරිභෝගිකයට දෙවෙනි තැන නොදී ඉන්නෙ නෑ. ඇමතුම් හෝ පෙරගෙවුම් කාඩ් මගින් අයිතිකාරත්වය වෙනස් කලත් ඒ තෙවන පාර්ශවයක් විදිහ‍ට. මුල් අයිතිය මිලදී ගත් ලියාපදින්චි හිමිකරැට. ඒත් හච් මෙච්චරකල් මුල්තැන දුන්නේ ලියාපදින්චි කල කෙනාට නොව පරිහරණය කරන්නාටයි.

දැන් මෙයාලගෙ සමහර සිම් වැඩ නෑ. ඒව ලියාපදින්චිය අනිවාර්යයි. #132# ත් හරියට නෑ. මෙයාලගෙ ලියාපදින්චි උනහම මෙයාලත් කාඩ්පතක් නිකුත් කරනවලු. හරියට ටිගෝ වගේ.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl