ගුරැවරයා යමරජුට සම කල මේ කවිය බදුල්ල අධ‍්‍යාපන කොට්ඨාෂයෙන් එම ප්‍රදේශයේ සාමාන්‍යය පෙල අපේක්ෂක සිසුන්ට සැකසූ පෙරහුරැ ප්‍රශ්ණ පත්‍තරේ තිබු කවියකි. අධ්‍යාපන කලාප කර්ය්‍යාලයෙන් ප්‍රකාශ කරන මෙම ප්‍රශ්ණ පත්තරය සිංහල සාහිත්‍ය‍‍‍ය 2 සදහා ලබාදී එමගින් ප්‍රශණ අසා තිබිනි.

අපායේ ඉදන් එන්න‍ට ඇතැයි                               සිතේ

යම රජුන්‍ ගේ මිතුරකුදැයි නිතර                            සිතේ

ගවයන් නොවෙයි ළමයින් පන්තියෙහි                    ඇතේ

වැරදීමකින් ගුරැපදවිය හිමිව                                තැබේ

 

බිරිදගේ අවලාද දෙසවන ‍                            පුරෝගෙන

ගෙදරින් එනවාද නිතරම                              ඔරෝගෙන

උගුරැදන්ඩ කැඩෙනාලෙස                               කෑගසන

මාලුකඩේ මුදලාලිත් සම                               නොවෙන

 

ව‍චන වලින් අපගේ සිත් නිති                               තලන

වැරදීම සොයන විලසින් සිත යොමු                        කරන

අපේ කරැමයක්ද ඔබ ගුරැ පදවිය                             ලැබුම

ගුරැ පදවියේ කරැමයදැයි කියනු                               මැන

එම කවිපන්තියෙන් අසා ඇති ප්‍රශ්ණ මෙසේය

1. මෙහි සදහන් ගුරැවරයාගෙන් පන්තියේ සිටින ළමුන්ගේ පවුරැෂයට ඇතිකරන හානි දෙකක් හ‍ටහන් කරන්න.

2. මෙම ගුරැවරයාගේ ගුරැ භූමිකාවේ සිදුවිය යුතු වෙනසක් සදහන් කරන්න.

3. කවි පන්තියේ සදහන්වන පරිදි මෙහි සදහන්වන පරිදි ‍මෙහි සදහන් ගුරැවරයා‍ට ‍මෙවන් ඉරනමකට පත්ව ඇති සාධක මොනවාද?

4. මෙහි සදහන් වන පරිදි දරැවන් මෙම ගුරැවරයා දකින්නේ කවුරැන් ලෙසද?

5. මෙම ගුරැවරයාගේ පීඩනයට පත්වූ දරැවන් මේ ප්‍රශ්නය දැක හිත හදාගන්නේ කෙසේද?

 

-උපුටාගැන්ම – 2008 ජූලි 24 බ්‍රහස්පතින්දා ලංකාදීප

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl