ලංකාවේ විදුලි සැපයුම ගැන මොකද හිතෙන්නෙ. හැම වෙලාවෙම විචල්‍ය‍ය වන, නිතර නිතර ඇන හි‍ටින විදුලි සැපයුමක් තමා අප‍ට තියෙන්නෙ. සාමාන්‍යයෙන් ලෝකයේ දියුන් රටවල විදුලි ඇනහිටීම කියන්නෙ අලුත් අත්දැකීමක්. ඒත් ලංකාවෙ සතියකට අනිවාර්යෙන්ම කීප සැරයක් විදුලිය අනහිටිනව. එම තත්වයම අපේ අන්තර්ජාල සබදතාවලටත් සිදුවේගෙන එනව. මොකද දැන් දැන් අන්තර්ජාල සබදතාත් නිතර නිතර බිදවැටීමකට ලක්වෙනව.විදුලිය මෙන් නිතර වේගය වෙනස් (අඩු)

වන අන්තර්ජාල සබදතාවයන්ගේ සමහර වි‍ට මුලු පලාතටම පුලුල්පරාස සම්බන්ධතාවයන් ඇනහිටිනව. නැතින්ම් කීප ස්ථානයක‍ට පමණක්. මේ ලගදි සිදුවුනු ආසන්නම සිදුවීම් අතරින් එකක් තමා කුරැණෑගල සර්වර් බිදවැටීම. ඒ මොහොතේ පැය 3-4 ක‍ට ආසන්න වේලාවක් අන්තර්ජාලය නෑ. සබදතාවය සම්බන්ධ කරගැනීමට නොහැකිවුනා. එමෙන්ම නිතර ඇතිවන තත්වයක් තමා විනාඩි කීපයක‍ට සම්බන්ධතාවය විසන්ධිවීම. සමහර වි‍ට මේ තත්වය පැයක් පමණ පවතිනව. මෙහිදී එකම නගරයේ තැන් කීපකට සබදතාවය ඇති අතර සමහර තැන් වලට සබදතාවය නැතිවෙනව. ඉතින් කර කර හිටිය වැඩ පැත්තක‍ට දාල ආයෙ ටෙලිකොම් එකට කෝල් කරනව. මේ තත්වය අනික් සබදතාවලනම් කොහොමද දන්නෙ නෑ. ඒත මේ අත්දැකීම ‍ටෙලිකොම් පුලුල් පරාස සබදතාවයක. අනෙක් පැති වල‍ට කොහොම උනත් කුරැණෑගලට මෙහෙමයි අන්තර්ජාලෙ. හරියට විදුලිය ව‍‍‍ගේ (වේගව නොවේ)

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl