Browsing Posts published in July, 2008

මුල් පිටුවට හා සිංහල යුනිකේත පරිවර්තකයට අලුත් මුහුන්වරක් ලබා දුන්න. ‍‍මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න.

rss4වස්‍‍ටා සමග නොමිලේ දෙන සයිඩ්බාර් එකේ එක ගැජට් එකක් තියනව rss RSS කියවන්න පුලුවන්. ඒකට බ්ලොග් එකක් හරි වෙනත් අඩවියක හරි RSS ලින්ක් එක දීමෙන් ස්වයංක්‍රියව යාවත්කාලීනයන් දර්ශනය කරගත හැකි අතර අපි ලින්ක් කීපයක් එකතු කලොත් සිංහල ‍බ්ලොගර් සින්ඩිකේටරයේ වගේ අලුත් පිලිවෙල‍ට කියවා ගත හැකි.

මේක‍ට ලින්ක් එකක් කෙලින්ම ඇඩ් කරන්න අමාරැයි. ඒකට කරන්න ඕනෙ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වල්න් අදිල ලින්ක් එක ඕපන් කරන්න. උදාහරනයක් විදිහට මාගෙ බ්ලොග් එකේ තියන අයිකනයෙන් ගන්න පුලුවන්.   ඒත් ‍මේක XML rss4‍ෆෝමැ‍ට් එනෙන් තියෙන්න ඕනෙ. නමුත් ‍ෆිඩ් සමහර ඒවගේ බ්‍රවුසරය‍ට අනුව එම ෆීඩ් එක සෑදීමක් කරනව. එතකොට ෆීඩ් එකේ අයිකන් එහෙම ගොඩයි. එතනින් rssATOM කියන එක ගන්න, එතකොට බ්‍රවුස‍රේ එයාගෙම ෆෝමැට් එකක‍ට ‍ෆිඩ් හදාගන්නව. ඊ‍ට පස්සෙ  උඩ තියනව 1  subscribe කියල, 2ඒකට හරියක් දාන්න. නැත්නම් ක්ලික් කරන්න. එතකො‍ට හරි. හරිගියහම You’ve Successfully Subscribed to this feed වැටෙයි 3 . වෙනසක් කරගන්න ඕනෙනම් ඇඩ්රස් බාර් එක‍ට යටින් තියන තරැව (Bookmark) ගත්තහම එතන තියනව feed කියල. ඒකෙ ඇති subscribe කරපු ‍ෆීඩ්. මේව වෙනස් කරගන්න පුලුවන්4 .

මේකෙ සිංහලත් කිසි අවුලක් නැතුව වැඩ. මරැ. කරල බලන්න

මාගේ පෙර සටහන පරිදි ඩයලොග් සමාගම තම පාරිභෝගිකයන්ට තම දුරකථනයේ හිමිකාරත්වය අවශ්‍යය වි‍ට බලාගැනීමට අවසර ‍දෙන ලදී. මෙහිදී හිමිකරැ‍ගේ සම්පූර්ණ නම හා ජාතික හැදුනුම්පත් අංකය බලාගත හැක. එහෙත් මෙමගින් ඔවුගේ පුද්ගලිකත්වයට බලපෑමකි. මන්ද මෙම තොරතුරැ එම දුරකථනය අතැති ඕනෑම කෙනෙක්‍ට බලාගත  හැකි.

දැනට පාරිභෝගික සේවාව මගින් සිදුකරන සෑම කට යුත්තක්ම දුරකථන අංකය හා ජාතික හැදුනුම්පත් අංකය, උපන්දිනය හා නම යන සහතික කිරීම් මත සිදුකරයි. එහෙත් ඉහිත පරිදි තොරතුරැ ලබාගැනීමේදී ඕනෑම කෙනෙක්ට දුරකථනයේ වෙනස්නම් සිදුකරහැකිය. මොකද සාමාන්‍යයෙන් අපි කාගෙන්‍ හෝ දුරකථනය ඉල්ලුවොත් එය ටි‍ක වෙලාවකට ලබාදෙන නිසා. මේ අනුව නිකමටවත් දුරකථන ඉල්ලා ගැනීමට නොහැකිවේවි. නැත්තම් දුන්න කෙනාට දුන්නේ ඇයිදැයි සිතේවි.  මේක ජාතික ආරක්ෂාවට කරපු දෙයක්නෙ. නමුත් ටිගෝ එකේ වැඩේනම් ටිකක් හරි සාර්ථකයි. නමුත් ඒදෙන කාඩ් එකේ නම්බරේමද තම දුරකථනයේ තියෙන්නෙ කියල පරික්ෂාකරගන් ක්‍රමයක් දැම්මනම් ගොඩක් සාර්ථකයි. මොකද ඒකාඩ් එක ගත්ත කියන්නෙ එයා‍ට ජාතික හැදුනුම්පතේ විස්තර ගන්න එක පහසුයි. නමුත් ඩය‍ලොග් ක්‍රමයේ ඊ‍ට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයක් තියෙන්නෙ. හැමදේම හිතන්න ‍බෑ තමා. ඒ‍ත් මේකට විකල්පයක් තියෙන්නම ඕනෙ.

ඩයලොග් එකෙන් දෙන මේ හොම් ශූන් කියන සිම් එකෙ අනික් ඩයලොග් ඒව‍ට වඩා වාස් ගොඩයි. මේක කිට් සබදතාවයකට සමාන පෙරගෙවුම් සබදතාවයක්.  මේක ගන්න ඕනෙ හැමවෙලාවෙම එහෙ මෙහෙ යන අය නෙවෙ. හුගක් එකම් ඒරියා එකක ඉන්න කෙනෙක්. නැත්තම් ගෙදර තියන්න. මොකද මේක ගත්ත ඒරියා එකේ කුලුනෙන් සිග්නල් වලින් විතරයි මේ පහසුකම හම්බෙන්නෙ. උදාහරණයකට අපි කුරැණෑගල ඒරියා එකෙ සිම් එකක් ගත්තොත් අපිට කුරැණැගල ටවර් එකෙන් සිග්නල් එනකන් මේ ලබාදෙන පහසුකම් ලැබෙනව. වෙන ටවර් එකක‍ට මාරැ වුනහම සාමාන්‍ය‍ය kit සබදතාවයට මාරැවීමක් වෙනව. මේක වෙන්නෙ ඩුවල් සබ්ස්ක්‍රිප්සන් සේවාව මගින්.  ඒ කියන්නෙ සිම් සාමාන්‍යය සබදතාවයකුයි, ‍හොම් ශූන් සබදතාවයයි දෙකම තියනව. තියන සිග්නල් එන ටවර් එක අනුව ඒක ස්වයංක්‍රීයව මාරැවෙනව. හරියට ඉස්සර දුන්න 3G සිම් එක වගේ. 3G ඒරියා එකෙ ඉද්දි  3G අනිත් වෙලාවට GSM’.

මේකෙ විශේෂ දීමනා අතර වැදගත් දීමනාවක් තමා ලැබෙන ඇමතුම් නොමිලේ වීම. සාමාන්‍යය කි‍ට් සබදතාවයක ඉන්කමින් උපරිම විනාඩි 3යි.  නැත්තම් රැ 6 ගෙවන්න ඕනෙ. මේකෙ දෛනික ගාස්තු මුකුත් නෑ. ඒ වගේම MY10 පහසුකමත් නොමිලේ. ඒ කියන්නෙ රැ 6/= දීමනාව නොමිලේ දෙනව වගෙ වැඩක්. ඊට අමතරව කාර්යබහුල හා ‍කර්යබහුල නොවන වේලාවට ඩයලොග් නොවන දුරකථන වෙත ගන්නා ඇමතුම් සදහා රැ5/= ක් ද ඩයලොග් වෙත ගන්නා ඇමතුමක් රැ 4/= ක්ද වේ. නමුත් සාමාන්‍යය සබදතාවයක කාර්ය බහුල වේලාවට ඩයලොග් නොවන අංකයකට ගන්නා ඇමතුමක් රැ 6/= ක් වන අතර කාර්යබහුල නොවන වේලාවට ගන්නා සියලු ඇමතුම් රැ 7/= ක් වේ. (සතිඅන්තයේ දින හැර). නම්ත් මේ සබදතාවයෙ සදහන් කල පරිදි දීමනා ලැබෙන්න ඒ ටවර් එකේම ඉන්න ඕනෙ.

රජය මගින් හදුන්වා දුන් හිමිකාරත්වය පිළිබද නීතියට අනුව ජංගම දුරකථන සමාගම් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. මුල්න්ම ප්‍රතිචාර දැක්වු ටිගෝ ආයතනය, තම පාරිභෝගිකයන්ට තමාගේ නමට දුරකථනයේ හිමිකාරත්වය නැතිනම් එය අනන්‍යය තාවය තහවුරැ කර තම නමට හරවාගැනීමෙන් පසු ඔවුන් ප්ලාස්ටික් කාඩ්පතක් නිකුත් කරන ලදී. මෙය ආයතන මගින් ලබාදෙන හැදුනුම් පතට සමාන අතර දුරකථන අංකය, නම හා ජාතික හැදුනුම් පත් අංකය එහි මුද්‍රණය ඇත. මෙය පිළිබදව පසුගෙවුම් හිමියන්ට නිවසට ලිපි යොමුකර දැනුවත් කරන අතර පෙරගෙවුම් හිමියන් ඔවුන්ගේ නියෝජිතයෙක් මාර්ගයෙන් ලබාගත ‍යුතුය.

ඉන්පසු ඩයලොග් සමාගම ඔවුන්ගේ පාරිභෝගිකයන්ට හිමිකාරත්වය තහවුරැ කිරීමට වෙනම ක්‍රමයක් හදුන්වාදුන් අතර එය කේතයක් මගින් හෝ කෙටිපණිවිඩයක් මගින් තොරතුර ලබාගැනීමයි. මෙහිදී කේතය මගින් තොරතුරැ ලබාගැනීමටනම් #132# ‍ට ඇමතුමක් ගැනී‍මෙන් හෝ 132‍ට NAME යනුවෙන් ස‍ටහන්කර කෙටිපණිවිඩයක් යැවීමෙන් තම සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ නම, ජාතිකහැදුනුම්පත් අංකය, හා දුරකථනයේ අංකය තහවුරැකරගත හැක. එය තම නම නෙවේනම් තම නමට හිමිකාරත්වය නොමිලේ මාරැකරගත හැක. මෙහිදී පෙරගෙවුම් හිමියන් පැරණි හිමිකරැගේ අත්සන සහිත ලිපියක් හා ජාතික හැදුනුම් පතේ ‍පි‍ටපතක් රැගෙන යාමෙන් හෝ තමා ලගදී ලබාගත් ඇමතුම් 5 ක අංක හෝ රීචාජ් ‍කාඩ්පත් 5ක් ඉදිරිපත් කර තම නමට හරවා ගත හැක. එහෙත් පසුගෙවුම් හිමියන්‍ට අනිවාර්යෙන් පැරණි හිමිකරැගේ අත්සන සහිත ලිපියක් හා ජාතික හැදුනුම් පතේ ‍පි‍ටපතක් රැගෙන යා යුතු අතර මෙහිදී තම ලිපිනය සනාත කිරීමට ලියවිල්ලක් (විදුලි, දුරකථන, ජල, රෑපවාහිනී හෝ ක්‍රෙඩිට්කාඩ් බිලක්) රැගෙන යායුතුය. මෙහිදී තම තිබූ පහසුකම් සහිතවම සබදතාවය පරිහරණය කල හැකිය. නමුත් කණ්ඩායම් හා ආරක්ෂක අංශ වල‍ට ලබාදුන් සබදතාවල ඇති නොමිලේ ඇමතුම් ගැනීමේ පහසුකම අහිමිවේ.

මේ සියලු දීමනා, අදාල අංක වලට ගන්නා ඇමතුම් නොමිලේ වන අතර මෙහි ඩයලොග් වල 132ට කෙටිපණිවිඩ යැවීමේ ක්‍රමය තවම සාර්ථක නැත.

තම හිමිකාරත්වය ලබාගැනීමේදී තම හැදුනුම් පත අනිවාර්ය අතර වයස අවුරැදු 18 ඉක්මවා තිබිය යුතුය. හැදුනුම් පතේ ඡායාරෑපය තමාට වඩා වෙනස්නම් කුඩා ඡායාරෑපයක් සහතික කර රැගෙන ආ යුතුය. නමුත් ඩයලොග් සමාගම බාලවයස්කරැවනුත් ලියාපදින්චිකරන බව අද දින ලංකාදීප‍ පුවත්පතේ පලවු දැන්වීමේ සදහන් විය.

ෆයර්ෆොක්ස් ගැන මෙච්චඑ ඒව ගැන කියද්දි මට මාධ්‍යය වේදීන් ගැනත් හොදහැ‍ටි හිතාගන්න පුලුවන්. මොකද මේ අය ප්‍රවෘත්ති හොයල බලල දානවනම් අවුලක් නෑනෙ. දේශපාලනය වගේ කිව්ව ගමන් දාන්නෙ. මේ අය නිකමට හරි ෆයර්ෆොක්ස් අඩවියට නැත්තම් ෆයර්ෆොක්ස් වල ඇත් ‍ෆයර්ෆොක්ස් පිලිබදව (About ) බැලුවනම්  මෙවැනි තත්වයක් ඇති වෙන්නෙ නෑ. අඩුගානෙ ෆයර්ෆොක්ස් ලංකාවෙ නිශ්පාදනයක් කියලවත් කියන්න වෙන්නෙ නෑ. ‍මෙයාල තාම පෑනෙන්මයි වගේ වැඩ. නිකමට එලිය ලෝකය ගැනත් පොඩ්ඩක් හෙවුවනම් කාටත් හොන්දා… මොකද කියන් අය‍ට ඕනෙ දෙයක් කියන්න පුලුවන්. ඒක අයිතියක්. අපිට ඒක නවත්වන්න බෑනෙ.

මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. ‍මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලය‍ට එක්කරල. ‍මේකෙ ‍නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් ‍ වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක වශයෙන්, නම් වශයෙන් හා කථා‍වෙන් පෙන්නුම් කරන බොධිසත්ව ගුන වශයෙන් වෙන වෙනම ලැයිස්තු ගත කර ඇත

http://jathakakatha.org/

මේක මම හදපු ‍මෘදුකාංගක් ගැන. දැනට දියුනු කරමින් පවතින මෙය ෆෝන් බුක් එකක්. මේකට දැනට vCard ඇතුලත් කරන්න දැනට බෑ. ඒකත් දැනට හදමින් ඉන්නෙ. දාල බලන්න. තාම ලෙඩ පොඩ්ඩක් ඇති. දාගෙනම බලන්න. මට වැරදි හා අදහස් එවන්න. මේකට පින්තූර දාගන්න පුලුවන්. අවුට්ලුක් වලට වඩා පහසුයි

www.mypb.co.cc

බ්ලොග් සගයන් වෙත දැනුම් දීමයි. මේ දවස්වල මගේ ADSL සබදතාවය නැති නිසා ඔබගේ බ්ලොග් කියවීමටවත් ඒවාට ප්‍රතිචාර දැකිවීමටවත් අවස්ථාවක් නෑ. මම මේ දවස් වල ලාංකික වැඩි කමට අපේ දෙයක් අරන් පසුතැවීමෙන් ඉන්නෙ. ලංකාබෙල් නිසා අඩුගානෙ ගූගල් එකවත් ගන්නෙ අමාරැවෙන්. ඊමේල් බලාගන්නත් මාර ගේමක් දෙන්න වෙනව. කොහොම හරි පැය දෙක තුනක් ඔ‍ට්ටු වෙලා මේල් ටික කියවන් එක ‍බ්ලොග් එකක් හරි ලියනව. ඒව ලිව්වට පලකරන්න බෑ. අප්ලෝඩ් වෙන්නෙ නෑ. මම කරන්නෙ පුලුවන් උන ගමන් පිටු සේව් කරගන්න එක. ඉතින් සමූහයේ අදහස් හෝ බ්ලොග් කියෙව්වට ඒවට ‍ප්‍රතිචාර දෙද්දි මට……..මේවත් ලංකාවෙනෙ. කරන්න දෙයක් නෑ… ඒත් කොහොම හරි බ්ලොග් දෙක තුනක්නම් කියවනව. මේ දවස්වල ඩනිෂ්ක අයියගෙ හා ගිනි නරියා ගැන කියවද්දිත් අපේ රට ගැන මොනව කියන්නද….. හැකි සෑම විටම ප්‍රතිචාර දක්වන්නම්. මම ලියපු බ්ලොග් ගෙඩකි තිබ්බට පලකිරීමට හැකියාවක් නෑ.

ඒත් සංගමයෙ හෝ මොකක් හරි වැදගත් වැඩක්නම් අපිටත් කියන්න.

මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව ඔය විදිහටම තිබ්බ. උසස් පෙල පන්ත් පටන් ගද්දි අපිට GIT කාලච්ඡේදෙකුත් තිබ්බ. අපි ඒකෙ GIT ගියත් ඒකෙ හිටිය ගුරැතුමා අන්තර් ජාලෙමයි. ගැලවෙන්නෙ නෑ. ළමයි හැමදාම ගේම් ගහන්ව. අනිත් ඒවට නෙ‍ට් දාල නෑ. වැඩිම 3-4 කට විතරයි. මෙහෙම ටික කාලයක් අපේ පන්තිය ගියත් අනිත් පන්ති  යන්නෙ නෑ. එක්කො ඒවගෙ අනිත්ව උගන්වනව. අන්තිමේට අපේ එකටත් ඔය ටිකම උනා. ඒත අපේ ළමයිගේ හා සර්ලගෙ වැඩ නිසා ආයෙත් GITආව. මෙහෙම අවුරැද්දක් විතර ගිය. ‍‍දෙවෙනි අවුරැද්දෙ අලුත් සර් කෙනෙක් ඇවිත්. ඒත් එයාට තියරි ‍පොඩ්ඩක් දැනගත්තට ප්‍රැක්ටිකල්නම් 0යි. ඒ දන්න තියරිත් කියාගන්න තේරෙන්නෙ නෑ. අපිට මෙයා මාසයක් විතර කලා. ඒත් වැඩේ සාර්ථක නෑ. ‍මෙයා මුකුත් දන්නෙ නැති නිසා ළමයි සර්ව අන්දනව. උගන්වන්නෙ ළමයිගෙන් අහන්. ළමයි ඉතින් සර්ගෙ හැටි දැනගෙන බොරැ කියනව. ඉත්න් මෙහෙම ළමයි ඉගන් ගන්න කැමති නෑනෙ. මේ සර් සිලබස් එක හොයාගන්නත් මාසයක් විතර ගියා. මගෙනම් මතය දැන් ඉන්න ළමයි සර්ලට වඩා දන්නවත හුගක් ප්‍රැක්ටිකල්. ඉතින් ඉපදුන දවසෙ ඉදන් පරිගනකෙ ඉන්න ඒ අයට උගන්වන්න අර වලේ විද්‍යාව වගේ කරපු සර් කෙනෙක්ට මාසෙක විතර පුහුණුවක් දීල දැම්මහම හරිද? මේක මීට වඩා ප්‍රායෝගික වෙන්න ඕනෙ. අනික සර්ල පරිගණකය‍ට හරි බයයි. හිතල කරන්න ‍දන්නෙම නෑ. ‍පොතෙන් පිට යන්නෙත් නෑත මෙහෙම අය කොහොමද ළමයෙක් අහන් ඒකට හැරි උත්තර දෙන්නෙ.

ඒ මොනව උන්ත අලුත් දෙයක් ඉගන ගන්න පුලුවන් වෙයි කියල අපේ ළමයි ගියා. සමහර අය පරිගණක දැකපු අය විතරයි. විශේෂයෙන් ඒ අය‍ට වගේම අපිටත් ලොකු ඕනෙ කමක් තිබ්බ මේක විෂයක් හැ‍ටිය‍ට කරන්ත. ඒක ‍නිසා පාසල් ප්‍රජාවෙන් කොච්චර බලපෑම් ආවත් අපි සර්ල දිරි ගන්නව ගන්නව ගියා. මම හිතන්නෙ එහෙම ගිය එකම උසස් පෙල පන්තිය අපේ පන්තිය. මොකද අනිත් පන්ති වල අය‍ට මුලදිම මේක එපා වෙලා, නිරස වෙලා.

අන්තිමේ‍ට අපි‍ට කරන්න (සර්ට උගන්නමින ඉගන ගන්න)  මාස 1-2 ක්වත් බැරි උනා. අපේ කාලසටහනෙන් GIT අයින් කළා. ඇතමයි රජය වියදම් කරන්නෙ මේකටද? ඇයි මේක හරිය‍ට කරන්න බැරි. අපේ වගෙත් දිවයිනෙ ප්‍රධාන පාසලක ඔහොමන්ම් අනිත්වගෙ කොහොම ඇත්ද? මේකට මොනව හරි කරන්න පුලුවන් අය නැද්ද? අපේ සර්ලට මේක දිය කරල පොවන්නවත් බැයිද?