Browsing Posts published in July, 2008

මම පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය එකේ කීව වගේ තායිලන්තෙ ගියහම එහෙ අය නවත්ව ගත්තෙ බැංකොක් වල සුකුම්වි‍නට් රොඩ් එකේ IPST කියක් අපේ NIA වගේ තාක්ෂණ හා අධ්යාිපන දියුන් කරන තැනක හොස්ට ල් එකක. මෙවට හොස්ටල් කියන්න බෑ. 3 ස්ටාN වගේ හොටෙල්. සර්විස් එකේ ඉදන් ඔක්කොම හොදා. එහෙ හැම තට්ටුවකම වයිෆයි රවු‍ටරයක් තියනව. ඒ ඉන්ටර්නෙ‍ට් යන්න. ඒව නොමි‍ලේ. අපි එහෙ කොම්පි‍ටිෂන් එකේ ප්රවෂන්ටේෂන් හදද්දි තේරැනේ එහෙ ලමයි‍ට නෙට් එකත් එක්ක මාර සම්බන්දයක් තියෙන්නෙ. ඕනෙ දේ ටක් ගාල ඕනෙ විදිහටම නෙට් එකෙන් හොයාගන්නව. හි‍ටිය හැමෝටම හොදට පුලුවන්. සමහරැ අවු 10 විතර පොඩි එවුන්.
ඒතිබ්බ හෝටලේත් වයිෆයි තියනව. ඉතින් ඒ අය අපිට දුන්න හැම ලැප් එකම වයිෆයි වල්න් නෙ‍ට් දාල දුන්නෙ.
ඒ හොටලේ ඉන්න ඕනෙ කෙනෙක්ට නොමිලේම මෙවගේන් නෙ‍්ට් යන්න පුලුවන්. මම හිතන්නෙ ‍අපේ මිනිස්ට්රි් එකකවත් මෙහෙම නැතුව ඇති. ගුවන්තොටේ තිබ්බත් ඒවට සල්ලි ඕනෙ. මේවගේ තැනකට අපි කවද යයිද?

මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපි‍ට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ වචන ලගට මූසිකය ගෙනිච්චහම ඒවගෙ ‍තේරැම වැටෙන එකක්.

මට හිතෙන විදිහට මෙකෙ ගිනිනරිය 3 හි ලිපිනය මේක

https://addons.mozilla.org/en-US/firefox/addon/6422

ඒත් හුගක් අය බාගෙන තියෙන්නෙ මේ ලින්ක් එකෙන්. ඒකට හේතුවක් තමා ‍මේක ගිනිනරිය 2 ‍ට ආව එක.

https://addons.mozilla.org/en-US/firefox/addon/7846

හැම ‍වි‍ටම ජංගම දුරකථන තාක්ෂනය අලුත් වෙනව ‍ව‍ගේ රජය විටින් විට ජංගම දුරකථන වල‍ට විවිධ නීති ගෙනඑනව. දැන් අලුතින් ගෙනාපු එක තමා අයිතිකාරත්වය ගැන නීතිය. මේකෙ කියන හැටියට අයිතිකාරයට හැරෙන්න එම සිම් පත වෙන කා‍ටවත් තියාගන්න බෑ. ඒ වගේමයි වෙන කාගෙ හරි එකක් පාවිච්චි කරනවනම් ඒක තමුන්ගෙ නම‍ට හරව ගන්න ඕනෙ. දෙමාපියන්ගෙ ඒවනම් ලියුමක් තියාගන්න ඕනෙ. ඒව‍‍ගේම තමා CDMA දුරකථනත් තැනින් තැන ගෙනියන්න බෑ.

මේකෙ ප්‍රායෝගික ගැටලු රැසක් තියනව. මොකද ඔතන තියන ප්‍රධානම ගැටලුව තමා අයිතිකාරත්වය තහවුරැකර ගැනීම. මොකද අ‍පේ රටේ පොලිසියට හැම පරික්ෂාවකදීම අයිතිකාරත්වය පරික්ෂාවට පරිගණකයක් නෑ. ඉතින් ඇමතුමකින් තමා පරික්ෂාකරගන්න වෙන්නෙ. මේ දෙකේදීම සේවා සපය ආයතන මෙතෙක් කල් ආරක්ෂාකාරීව තියන් හිටිය පාරිභෝගික දත්තයන් එලිය‍ට දැමීමක් සිදුවෙනව. මොකද මෙච්චර කාලෙකට කාගෙ හරි නම්බරයක විස්තර ඉල්ලුවට දෙන්නෙ නෑ. නීතීඥයෙක් ඉල්ලුවත් උසාවි නියෝගයක් උඩ උසාවියෙදි විතරයි ඕව දෙන්නෙ. නමුත් මේ නීතිය ආවහම ඕනෙ කෙනෙක්ට ඇමතුමකින් අයිතිකාරත්වය නැත්නම් නම්බරේ ලිපිනය ගන්න පුලුවන්. එතකොට පෞද්ගලිකත්වයක් නෑ. ව්‍යාපාරිකයන්‍ට, විතරක් නෙවේ. පවුල් වලටත් අවුල. නම්බරේ හොයාගත්තහම ඕනෙ කෙනෙක්ගෙ විස්තර ගන්න පුලුවන්. ඇමතුමක් නැතිව ඕකට පද්ධතියක් හැදුවත් ඒක පොලිසියෙ හැමෝටම නැතත් නිළධාරීන්‍ට දෙන්න වෙනව. ඒ කියන්නෙ අන්තර්ජාලෙ දැම්ම වගේ තමා.

මේකෙ තියන තව අවුලක් තමා රජයෙන් කියනව මේවගේ අයිතිය තම නමට හරවගන්න කියල. ඉතින් මේ වෙනකම් ඔය ආර්මි එකට දුන්න, පොලිසි වලට දුන්න පැකේජ් ‍එහෙම වෙන කාටවත් හරව ගන්න බෑ. නමුත් මේ නීතියට අනුව ඒක ඕනෙ කෙනෙක්‍ට හරව ගන්න පුලුවන්.

මේ හේතු නිසා මේකෙ ප්‍රයෝගික ගැටලු ගොඩයි. හරිය‍ට ක්‍රමයක් හදනකම් වෙන නම්බරයක්, නැත්තම් තමුන්ගෙ නමට ලියාපදින්චි කලේ කියල ශේප් වෙන්න පුලුවන්. අනික අපේ නිලධාරී ගොඩකට පරිගණක දැනුම තියා ජංගම දුරකථනයක කෙ‍ටි පණිවිඩයක් කියවගන්න බෑ. ඉතින් කොහොමද මෙහෙම වැඩක් කරන්නෙ. මේක නිකන් පාසල් වලට GIT දැම්ම වගේ වැඩක්. හරියන්න ගොඩක් කල් යයි. මේකෙන් හැබැයි පෞද්ගකත්වයට හා පෞද්ගල්ක ආරක්ෂාවට ගැ‍ටලුවක් එනව.

අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM  දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව  0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග‍ වෙලාව‍ට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න බැරිම තැන මම ඔපෙරා දැම්ම. ඒකත් එමමයි. අන්තිමේට ස‍ෆාරි දැම්ම. ඒකන්ම් අන්ත්ව‍ට වඩා ‍ටිකක් හොන්දා. මේක ‍ඩයලොග් CDMA වල‍ටත් එහෙමයි. මම හිතන්නෙ සෆාරි CDMA වලට ගහපු එකක්.

ez ඇත්තෙන්ම හදිස්සියක‍ට ඉන්‍ටර්නෙට් එකෙන් හරි රීලෝඩ් එක දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද?. බිලනම් ගෙවන්න පුලුවන්. ඒත් 75% ඉක්මවු පෙරගෙවුම් පාරිභෝගිකයන්‍ට හදිස්සිය‍ට රීලොඩ් දාන්න දැන‍ට දීල තිබ්බෙ  ‍මොබිටෙල් විතරයි. දැන් ඩයලොග්ත් පුලුවන්. මේක ‍ඩයලොග්ල සපයන පහසුකමක් නෙවේ. එයා‍ වෙන අඩවියක් හරහා සපයන පහසුකමක්. ඒකෙ ලියාපදින්චි වෙලා ‍කාර්ඩ් එකෙන් රීලෝඩ් දින්න පුල්වන්. ඒත් අමතර අයවීම් ගැනනම් දන්නනෙ නෑ. මේකෙ එකවුන්‍ට් එක හදන එක හෙන ඇනයක්. මගෙ ලංකාබෙල් එක්ක. ඉත්න් වැඩිවිස්තර කියන්න විදියකි නෑ.

www.ezetop.com

os2 මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ‍ෆෝන් බැනප් වෙනුව‍‍ට ගත හැකි නොමිලේ ආදේශනයක්phonebackup ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්‍ටර්නෙට් සෙටින්ග්ස් ගෙන්නව ගන්නව වගේ නොමිලේම කෙටිපණිවිඩ මාර්ගයෙන් ගෙන්නව ගන්න පුලුවන්. ඊ‍ට පස්සෙ ජංගම දුරකථනයෙ Contact,Calendar, Event, Note, SMS,Bookmark ‍මෙම සර්වරයට බැකප් කරන්න පුලුවන්. ඉන් පසු ඒවා ඉවත්වූ වි‍ට නැවත සර්වරයෙන් මෙම Synchronization හරහාම නැවත ප්‍රතිස්ථාලණය කල හැකි. ඒත් මේකෙ ලෙඩ ටිකක් තියනව. ඒත් ඩලොග් වගේ සල්ලි ගෙවන්න ඕනෙ නෑ. මම මේක කලේ මී‍ට අවුරැද්දකට විතර කලින්

සෝනීඑරික්සන් දුරකථනයකින්. සමහරවිට දැන් ඒව හරි ඇති. os

සෝනීඑරික්සන් සමහර මාදිලි එකක්ක කරනකො‍ට සමහර අංක සහය දක්වන්නෙ නෑ. මගේ කෙ‍ටිපණිවිඩ එහෙම. ඒවගේම කන්‍ටැක්ට් දුරකථනයේ තියෙද්දි Synchronization  කලොත් කන්‍ටැක්‍ට් ඩබල් වෙනව. නැති, අලුත් ඒව හදුනාගැනීමකින් තොරව සර්වරයේ සියලු දත්ත බාගත කිරීම එය‍ට හේතුවයි. මේව සමහර වි‍ට මගේ ජංගමදුරකථනයේ දෝෂ‍ වෙන්න පුලුවන්.

 

පිවිසිලා බලන්න – www.o-sync.com

 

Main Settings

Sync Profile Name – O-Sync

Host Address/Sync. Server – http://sync.o-sync.com

Port – 80

some devices do not have a port setting, you can put "http://sync.o-sync.com:80" at the Host Address/Sync. Server setting.

User Name – <your O-Sync ID>

Password - <your password>

Contacts Synchronization Settings

Remote database – ./contact

Synchronization type – Normal

Calendar Synchronization Settings (for devices with combine event and task database, e.g. Nokia Series 60 device)

Remote database – ./calendar

Synchronization type – Normal

Event Synchronization Settings

Remote database – ./event

Synchronization type – Normal

Task Synchronization Settings

Remote database – ./task

Synchronization type – Normal

Notes Synchronization Settings

Remote database – ./note

Synchronization type – Normal

SMS Synchronization Settings

Remote database – ./sms

Synchronization type – Normal

Bookmark Synchronization Settings

Remote database – ./bookmark

Synchronization type – Normal

Connection Settings

Server version – 1.1

Data bearer  – Internet

Access Point - <an Internet access point you use for web access>


තායිලන්තය වෙලද නගරයක් උනත් අපි පාසලේ ග්ලෝබ් වැඩස‍ටහන ය‍ටතේ තවත් මිතුරන් හතරදෙනෙක් සමග තායිලංත‍යට ගියා පසුගිය අවුරැද්දේ අවසාන හරියෙ. එහෙ මෙහෙට වඩ කොහොමත් දියුනුයි තමා. බැංකොක් වල ප්ර ධාන ප්රපවාහන මාධ්යසයක් තමා ස්කයි ‍ට්රේොන් එක. එකට කියන්නෙ BTS කියල. සම්පූර්න පරිගණක ගත ජාලයකින් මෙහෙයවන්නෙ. මම ඒ ගැන පස්සෙ කියන්නම්. මේ ට්රේේන් එකේ එහෙ අය අපිව එක්කන් ගියා පන්තිප් ප්ලාසා කියල ‍‍ශොපින්ග් කම්ප්ලෙක්ස් එකක‍ට. ඒකෙ ති‍යෙන්නෙ පරිගණක හා අශ්රි ත ඒවම විතරයි. ගානත් හුගක් අඩුයි. ඇතුලු උනහම බිම ඉදන් බඩු. බඩු වගේමයි මාර සෙනග. අපි යද්දි සේල්. ඒක නිසා එච්පී ලගේ ප්රාලමොෂන්. එක කඩේක හිතට ඇල්ලුවෙ නැත්තම් අනිකෙ. ඔක්කොම අලුත් ගැජ‍ට්. ලැප්ටොප් එහෙ හැම තැනම. ඕනෙ බඩුවක් හොයා ගන්න පුලුවන්. අනික මෙහා‍ට එන්න හිතලවත් නැති ඒව එහෙ නිශ්පාදක සමාගමම විකුනනව. මම හිතන්නෙ මේකෙ කඩ දාහක‍ට වඩා. අනික එහෙ අයත් එක්ක ටිකක් කථා කලාම එක‍ට එකක් අඩු කරල හොදම එකක් ගන්න පුලුවන්. ඒ පැත්තෙ ගියොත් ගිහින්ම බලන්න.

මොබිටෙල් වෙතින් ලබාදුන් ස්මාට් නිදහස ගැන සමහර වි‍ට කාටත් නොතේරැන දෙයක් ගැන කියන්නයි මේක ලියන්නෙ. මොබිටෙල් දුන්න ස්මා‍ට් නිදහසේ, නිදහසේ සීමා දමා තිබුනා. උදාහරනයක් හැ‍ටිය‍ට රැ 50/= දෛනික ගාස්තු ක්‍රමය ගතහොත් එයට දිනට මිනිත්තු 120 නොමිලේ හිමිවන ලෙස මොබිටෙල් සමාගම කටයුතුකිරීමට සිතුවත් එය එසේ නැත. මොකද දැනගන්න ලැබුන විදිහට මේකෙ විනා‍ඩි 120 න් පසුත් අයවීමක් නෑ. එක සමාගමේ පද්ධති දොෂයක්. නමුත් මේක ඉක්මනට හදයි. දැනගන්න ලැබුන විදිහ‍ට මේ මාසෙ ඉවර වෙන්න කලින් පද්ධතිය සකසනවලු. සමහර වි‍ට අළුත් දේවල් එලියට දැම්මට ඒව නිසි පරිදි ක්‍රයාකරවා නැතිව ඇති. මොනව උනත් ඒකෙන් වාසිය පාරිභෝගිකයන්‍ට. මේක දැනගත්තහම හැබැයි බේරෙන්න හම්බෙන එකක් නෑ. මොකද නිදහස උපරිමයිනෙ…….

මේක අලුත් සබදතාවයක්. ඩයලොග් තමා දෙන්නෙ. ඉස්සර ඩයලොග්ග දුන්න නම්බර 5 ක් පමණක් දැමිය හැකි සබදතාවයට සkidzමානයි.

මේක ගන්න ඕනෙ දෙමාපියෙක්. අරන් දරැව‍ට දුන්නහම තෝරාගත් අංක වලට ඇරෙන්න අන්ත්වට ඇමතුම් ගන්නවත් එන ඒවත් නෑ. කෙ‍ටිපණිවිඩ වල වචන ෆිල්‍ටර් කරල එවන්නෙ. ඒකෙ කොපියක් දෙමාපියන්ගෙ එකට යනව. මේ සබදතාවයෙ මොඩිෆිකේෂන් කරන්න පුලුවනුත් දෙමාපියන්ට විතරයි. අනික මේකෙ ඇමතුම් ගස්තුත් අඩුයි. MMS, GPRS එහෙමත් නෑ.

මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිව‍ට හැම වෙලාවෙම කොම්පුයු‍ටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි ඩිස්කනෙක්ටද කරල කනෙක්ට්ක කරනකන් කනෙක්ෂන් එකෙන් දත්ත යැවෙන්නෙවත් එන්නෙවත් නෑ. මේක මටනම් හිතෙන්නෙ ලංකාබෙල්ලගෙ හොර වැඩක්. මොකද රෑට ශත 10 යි කීවට මේ ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට්හවෙන හැම පාර‍ටම රැ 2.95 (3.50) ට ආසන්න ගානක් කැපෙනව. ඉතින් ශත දහයක් යද්දි 3.50 ඒව හෙන ගොඩක් කැපිල. මේව බිල‍ට එන්නෙත් නෑ. අනික මෙයාල ඇමතුම් ශත 10 හෝ 20 කීව‍ට ඊ‍ට අමතරව හැම ඇමතුමටම රැ 3.50 ක‍වට ආසන්න ගානක් ගන්නව. දවල්ටල සාමාන්ය0ය ඇමතුම් විනාඩියක‍ට රැ7.00 ක‍ටත් වඩා යනව. වැ‍ට් නැතිව. ඉතින් මීට වඩා ලාබයි මොබයිල් එකෙන් ගන්න එක. අයකිරීම තප්පරේට උනාට මුලින් හෙන ගානක් කපනව. ‍කෙටි ඇමතුම් එහෙම ගන්නම හොදනෑ. ඒ මදිවට ඉනතරනෙට් මාර ස්ලෝ. ඉක්මනටම ලෝඩ් වෙන ගූගල් ගද්දි හිතෙනව ඇමරිකාව‍ට බස්එකේ යන්න. මෙයාලගෙ කස්ටමර් කෙයා එකත් චාටර්. මම අවුරැදු 3 කට වඩ ලංකාබෙල් එක්ක ඉදලත් කිසිම‍ හොදක් නෑ. අනික මම එක පාරක් බෙල් ‍‍ටියුන් දාගන් ඒ ක‍ට්ටියට දිනකට තුන්පාර ගානෙ සති දෙක තුනක්ම කෝල් කරල තමා ඇක්ටි්වු කරගත්තෙ.
මම නම් කියන්නෙ ලංකාබෙල් ගන්න කවුරැහරි ඉන්නවනම් අපරාදෙ තමා කියන්න තියෙන්නෙ. මම මුලින් මේ බ්ලොග් එකෙන්ම ලංකාබෙල් ගැන ලීව‍ට දැන් මටම එපා උනා.