Browsing Posts published in July, 2008


මී‍ට වසර කීපයක‍ට පෙර, එනම් ලංකාබෙල් සීඩීඑම්ඒ තාක්ෂණය‍ට එක්වූ දිනවල මාගේ ලංකාබෙල් දුරකථනය ලබාගත් අතර සති දෙකක පමණ කාලයක් බලන් ඉදල බොහොම අමාරැවෙන් අන්තර්ජාල සබදතාවය ලබාගත්ත. හැබැයි කියන්න සතුටුයි හොන්ද ස්පීඩ් එකක් තිබ්බ. එක පාර ටැබ් දහයක් ගත්තත් අවුලක් නෑ. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 15kbps – 20kbps (120KBps – 160KBps) අතරෙම තමා. ඊට පස්සෙ එහෙම පාව්චි කරල අවුරැද්දු දෙකකට වැඩි කාලයක් එක භාවිතා නොකර හිටිය. ඊ‍ට පස්සෙ ගිය අවුරැද්දෙ මම මේ ලංකාබෙල් එකෙන් ඉන්ටර්නෙට් යන්න ගත්ත. ෂඃ….. මරැ. ස්පීඩ් එක 400- 800 අතර ආව. හැබැයි බිට්ස් (kilobytes per second). හරිය‍ට සයි‍ට් එකකට යන්න බෑ. මගදි නතර වෙනව. 100kb ඩවුන්ලෝඩ් වෙන්න දැම්මත් මගදි නතර වෙනව. මෙහෙම සතියක් විතර බලල, මම ලංකාබෙල් එකට කීව. ඒකට්ටිය මුලින්ම කීවෙ සිග්නල් අවුලක් කියල. මම කිවුව මේකේ සිග්නල් හොදට තියනව. මේ හරියෙන්ම අපේ ගෙදරට සිග්නල් අවුල් නිසා ඇන්ටනාවග් ගැහුව. ඊට පස්සෙ සිග්නල් වැඩී කියල මොකක්ද කලා කීව. ඊට පස්සෙ මම ඉස්සරත් මෙහෙම්මම තියෙද්දි හොන්ද ස්පීඩ් එකකින් නෙට් ගියා කීව. ඊ‍ට පස්සෙ කීව සර්… අපේ සිස්ටම් එක අප්ඩේට් කරන්ව. ලබන ජනවාරි (මාස දෙකක‍ට පසු) හරියයි කීව‍. මම ඒ බලද්දිත් එහෙමයි. අද බලද්දිත් එහෙම්මම තමා.

අද කථා කලා. ස්ලෝ කීවහම මගේන් ඇහුව සර් එකපාර වින්‍ඩෝ කීපයක් ඕපන් කරනවද කියල. මම කීව නෑ. එකකින්වත් බෑ. මොසිල්ල, ඔපෙරා, ඉන්‍ටර්නෙට් එකස්‍ප්ලෝරා එකකින්වත් බෑ කීව. ඊ‍ට පස්සෙ මගෙන් ඇහුව කුකීස් ඩිලී‍ට් කලාද කියල. මම කීව ‍‍අනේ ඔවු, මම මොසිල්ලා දාපු ගමනුත් එහෙම තමා කීව. ඊට පස්සෙ මෑන් කියපි, සර් අපිට‍ සීඩීඑම්ඒ එකකින් දෙන්න පුල්වන් හොදම ස්පීඩ් එක ඕක තමා, සර්ට මාසෙකට නොමිලේ පැය 100ක්, මෙගාබයිට් පහක මේල් බොක්ස් එකක් දීල, රෑ‍ට විනාඩියක‍ට ශත 10 ගානෙ යන්න දීල ස්පීඩ් එකත් දෙන්න බෑ. සර්ට ඕනෙනම් අ‍පේ ‍බ්‍රෝඩ්බෑන්ඩ් එකක් ගන්න. මම ගත් ක‍ටටම කීව එතකොට ඉස්සර තිබ්බෙ, ඒ වෙන එකක්ද, ඔයාල එන්න එන්න අඩුවෙනවද ඇහුව. මෑන් කියනව සර්…… පාරක උනත් වාහන ගොඩක් යද්දි ස්ලෝ වෙනව, ඒවගේ තමා නෙ‍ට් එකත්. මට තවත් කථාකරල වැඩක් නෑ කියල හිතුන. මම තිබ්බ.

මෙයාල ඉස්සර ඔහොම දීල දැන් මෙහෙමන්ම් ‍‍බ්‍රෝඩ්බෑන්ඩ් එකත් කොහොම වෙයිද හිතා ගන්න පුලුවන්. එතකොට කියයි සර්…. වයිමැක්ස් වලින් දෙන්න පුලුවන් ඔච්චර තමා… ඕක අහගන්නෙ මොක‍ටද, අනික ඩයලොග් සීඩීඑම්ඒ වල තවම හොන්ද ස්පීඩ් එකක් තියනව. එහෙම එකේ මෙයාලගේ සර්වර් ‍ස්ලෝ නොකිය සීඩීඑම්ඒ එකට වැරැද්ද දානව. ඇත්තමයි සල්ලි දීලත් අරන් මේව‍ට කථාකරල හදාගන්න බැයිද? කස්ටමර් සර්විස් කියන්නේ ලිස්සායාමේ සර්විස් එකක්ද?.

අනික ලංකාවෙ මේ දවස් වල ඉන්තරනෙට් දියුනු කරන හැ‍ටිය‍ට මෙයාල මෙහෙම පසුස‍ට යද්දි ඒ ‍කොම්පැනි ගැන සුවර් තියන්නෙ කොහොමද?. අනික ඔය මෙගාබයි‍ට් පහේ මේල්බොක්ස් එක පාවි‍ච්චි කරන අයත් ඉන්නවනෙ.


ඇත්තේන්ම දැන් පි‍ටත‍ට ගන්නා ඇමතුම් නොමිලේ වන් සබදතා ඇතිතරම් ඇත. ඉන් සමහරෙක මාසික ගාස්තුව රැ200 කි වන අතර ඇමතුම් අවාලට පමණක් නොමි‍ලේය. තව එකෙක සබදතා දෙකට රැ2300කට ආසන්න මුදලක් මාසිකව ගෙවීමෙන් පැය 24 පුරා ඇමතුම් නොමිලේ ලබාගත හැක. එහෙත් මේ සියල්ල‍ගේ කෙටිපණිවිඩ සත 50 කි. ඇයි අපට කෙටි පණි‍විඩ නොමිලේ ලබා නොදෙන්නේ. සමහරැ‍ට කථාකර නොහැක. තව සමහරැට කථා කිරීමට සංඥා නැත.‍ මෙවැනි අය කෙටි පණි‍විඩ භාවිතා කරයි. එහෙත් අ‍ප‍‍ගේ කිසිම සේවාසපයන්නෙක් කෙ‍ටිපණි‍විඩ නොමිලේ ලබා නොදේ.
එහෙත් අනෙක් බොහෝ රට වල මාසිකව කීයක් හෝ ‍‍ගෙවා හෝ කෙ‍ටිපණි‍විඩ නොමිලේ ලබා ගත හැක. උදාහරණයක් ලෙස ජපානයේ සොෆ්ට්බෑන්ක් සමාගම ගම්මු. මේ අයගේ ඇමතුම් ගාස්තු අප රටට වඩා බොහෝ වැඩිය. එහෙත් මාසිකව යෙන් 300ක් ගෙවා නොමිලේ කෙ‍ටිපණි‍විඩ ලබාගත හැක. එ‍මෙන්ම සෑම දිනකම සමහර පැය වල එම ජාලය තුල ඇමතුම් නොමිලේ වේ. ලංකාවේ මෙතරම් අඩුව‍ට ඇමතුම් දුන්නත් ඇයි කෙටිපණිවිඩ වලට අවදානය නැත්තෙ.

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක අඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් ඔබන්න.

එතකොට උඩ ටෑබ් බර් එකට යටින් මෙහෙම එකක් එයි එකෙ “add aplication” ඔබන්න.

ඊට පස්සෙ මේ Test ලින්ක් එක ක්ලික් කරල “Remember my choice for mailto links” තෝරල හරිය දාල, ok කරන්න.

වඩි විස්තර

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක අඩ්ඩ්‍රස් බාර් එකට පේස්ට් කරල එන්ටර් ඔබන්න.

එතකොට උඩ ටෑබ් බර් එකට යටින් මෙහෙම එකක් එයි එකෙ “add aplication” ඔබන්න.

ඊට පස්සෙ මේ Test ලින්ක් එක ක්ලික් කරල තෝරල හරිය දාල, කරන්න

ඔබ සර්ච් එකක් දැම්මොත්, නැත්තම් ලින්ක් ගොඩක් තියන පිටුවක් හම්බුනොත් ඒ ලින්ක් වල තියන ඒව බලාගන්නෙ කොහොමද? නැත්තම් ඒව ‍පරීක්ෂාකරගන්නෙ කොහොමද? ලේසි ක්‍රමයක් තියනව. පහත ඇති ලින්ක් එකේ තියන් උපාංගය ( add-ones ) එක දාගන්න පුලුවන්. ලින්ක් එකක් ලගට යද්දි පොප්අප් එකකින් ලින්ක් එකේ ස්නැප්ස්ලොට් එකක් බලාගන්ට පුලුවන්. ඊට අමතරව ඒව තැන්පත් කරන්‍ට, ඊමේල් කරන්ටත් පහසුකම මේ පොප්අප් එකේ තියනව. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වලට විතරක් නෙවේ අනිත්ව‍ටත් දාන්ට පුළුවන්.
‍මොසිල්ලා ෆයර්‍ෆොක්ස් වල උපාංගය – https://addons.mozilla.org/en-US/firefox/addon/4999
වැඩිවිස්තර – http://interclue.com/

ලංකාවෙ අන්තර්ජාල භාවිතාකරන ඩයලොග් පාරිභෝගිකයින්‍ට නොමිලේ ලබාදෙන සේවාවකි මයි ‍ඩයලොග්. මෙහි මයි ඩයලොග් කො‍ටස් දෙකකි. එකක් හයි ෆයි වගේ හදපු මිතුරැ සමාජ, බ්ලොග් හා එස්.එම්.එස් ලබාදෙන අඩවියයි. ඒක http://www.mydialog.lk/ අඩවියේ ඇත. එහි ‍ලියපදිංචියට ඩයලොග් සබදතාවයක් අවශ්‍යයි. නම හා රහස් අංකය ලබා දී ලියා පදිංචියෙන් පස් ඔබගේ ඩයලොග් සබදතා අංකය හා ගිණුම් අංකය ඉල්ලනව. ගිණුම් අංකය acct කියල කෙටිපණිවිඩයක් 7777 ‍ට යවා ලබාගත හැක. ඉන්පසු ඒවා නිවැරදිනම් ඔබගේ ජංගම දුරකථන‍යට අංකය සහතික කිරීම‍ට රහස් අංකයක් සහිත කෙටි පණිවිඩයක් එයි. එය ලබා දීමෙන් ලියා පදිංචිය සම්පුර්ණ කල හැක. මේ ආකාරයට ඩයලොග් හි එක අඩවියක ලියාපදින්චි වීම සියල්ලටම බලපායි. ‍ඉන්පසු මෙම අඩවියෙන් මිතුරන් සේවීම, චැ‍ට් කිරීම, මොබයිල් එකෙන් බ්ලොග් කිරීමට මෙන්ම mms හා SMS යැවීම‍ට හැක. මෙහිදී sms යැවීම‍ට ‍ලකුණු අවශ්‍යය අතර ඒවා පින්තූර වැනි ෆයිල් අප්ලෝඩ් කිරීමෙන් හෝ තම ගිණුමෙන් මුදල් ගෙවා ලබාගත හැක.
අනෙක් ප්‍රධාක අ‍ඩවිව තමා mydialog.dialog.lk/my අඩවිය. මෙයට ඉහත අඩවියේ ආකාරයටම ලියාපදිංචි විය හැකි අතර නැතිනම් ඉහත අඩවියේ ලියාපදිංචි වූ යූසර්නේම් යොදාගත හැක‍. මෙහි වැඩි පහසුකම් ලබාදෙන්නේ පසුගෙවුම් සබදතා වලටය. කිට් සබදතා වලට සුලුපහසුකම් ප්‍රමාණයක් ලබාදේ. පසුගෙවුම් සබ‍දතාවල සවිස්තරාත්මකව මේ මොහොතේ බිල බලාගැනීමට, බිල් ගෙවීම‍ට, ගෙවුම් බලාගැනීම‍ට, සේවා ක්‍රියාත්මක හා ක්‍රයා විරහිත කිරීමට, කණ්ඩායම් sms වල කණ්ඩායම් සැකසීමට, ඇමතුම් ගණන් දැනගැනීම වැනි රාශියක් වැඩ කරගත හැක. තවද මෙම අඩවිය හරහා ගොස් රින්ග්ඉන්ටෝන්, sms ඩයිවර්‍ට් කිරීම‍ට, මිස් කෝල් ඩයිවර්ට් වැනි ඒවා සැකසීම වැනි දේද කල හැක.
තම යූසර්නේම් එකට ඩයලොග් අංක කීපයක් දාගත හැක. නමුත් රින්ග්ඉන්ටෝන්, sms ඩයිවර්‍ට් කිරීම‍ට, මිස් කෝල් ඩයිවර්ට් වැන් ‍ඩවි වලට ලොග් වුනු විට ගන්නේ ඩීෆෝල්‍ට් අංකය පමණි. එම නිසා mydialog.dialog.lk/my වලින් ඩීෆෝල්‍ට් අංකය වෙනස් කර අදාල අ‍ඩවියට ලොග් වී අවශ්‍යය සැකසුම් කළ හැක. තවද එක අංකයක් එක ගිණුමක‍‍ට පමණක් වලංගුවේ.