Browsing Posts published in August, 2008

දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා නට්‍යය වේ. මේ නාට්‍යය මාලාවට රන් දෙපැය මෙන් නම් නැත. එහෙත් එහිත් රන්දෙපැයෙත් වැඩි වෙනසක් නැත.
එකම ආකාරයේ බොලද රසාස්වාදයක් උදෙසා නිර්මිත මෙම නාට්‍යය මාලාවෙන් අපේ බොහෝ දෙනා හොදට ගොනාට ඇදගෙන තිබේ. නමුත් රන්දෙපැයෙන් ගොන් රැල බේරාගැනීමට තැත් කලත් මෙම නාලිකාවේ නාට්‍යය ගැන කථාකිරීමක් නැත.
එකම දේ දිග් කර දිග් කර පෙන්වන මෙම නාට්‍ය වලට අපේ ජනතාව කොතරම් ‍ගොනාට ඇදත කියතොත් බොහෝවිට එම නාලිකාවේ වැඩිම මිල වෙලද දැන්වීම ප්‍රචාරය වන්නේ එම කාලය තුලය. ඇත්තෙන්ම මෙම කාලය තුල වෙලද දැන්වීම් මිස නාට්‍යය පෙන්වීමක් නැත. එක නාට්‍යයක් විනාඩි 40 ක් ලෙස ගතහොත් ඇත්තෙන්ම නාට්‍යය විකාශය වන්නේ විනාඩි 16.5 කට ආසන්න කාලයකි. එයිනුත් විනාඩි එක හමාරක් පසුගිය සතිය වෙනුවෙනි. ඉතින් එමනිසා නාට්‍ය විකාශය වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. ඉතිරි විනාඩි 20 කටත් වැඩි කාලයක් වෙලදදැන්වීම් වලින් ආයතන ගිණුම් පුරවා ගනී.
‍එමෙන්ම මෙම ඇබ්බැහි වීම තුල අපි අපේම කාලයට, ජීවිතයට අමතරව මුදල් නාස්තියකි. මන්ද යත් මෙම නාට්‍යය මාලාවේ තප්පර 15ක වෙලද දැන්වීමකට දලවශයෙන් රැපියල් ලක්ෂයක් අයකරයි. තප්පර 30 ට රැපියල් ලක්ෂ දෙක හමාරකි. මේ ආකාරයට රැපවාහිනි ආයතන මුදල් ගරන අතරේ එසේ වෙලද දැන්වීම් ලබාදෙන වෙලද ආයතනත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයකරයි. දැනගත් ආකාරයට හෝර්ලික්ස් ආයතනය වෙලද දැන්වීම් වෙනුවෙන් දිනකට වැය කරන මුදල දල වශයෙන් රැපියල් මිලියන 15 කට වැඩිය.
නමුත් මේ ආයතන මෙසේ වැය කරන මුදලින් එම කිරිපිටි පැකට් එක රැ 10 කින් හෝ අඩුකර වෙලද පොලට නිකුත් කලේනම් එය වෙලද දැන්වීමට වඩා කොතරම් හිතකරද. නමුත් අපේ අය ඇදගෙන ඇති ආකාරයට එසේ නොකරයි. එමෙන්ම මෙම වෙලද දැන්වීම් මිල ඉහල දැමූ විට කිරිපිටි මිලත් ඉහල නගී.
මේවා අපි අපිම දාගන්නා තොප්පි ‍නොවේද?

- ගැරැවරයෙකුගේ දේශණයක් ඇසුරෙනි

Google Buzz

රජයෙන් අලුතෙන් ජංගම දුරකථන සදහා හදුන්වා දුන් නීතිය නිසා දැන් හැම ජංගම දුරකථන සේවා සපයන්නෙක්ම තම ග්‍රාහකයන් නැවත ලිපාපදින්චිය පටන් අරන්. හැබැයි ඩයලොග් හැර. මොකද එයාල ඉස්සර ඉදන්ම තම ග්‍රාහක විස්තර විදිමත්ව තියාගෙන. දැන් අනිත් තුන්ගොල්ලන් දාගෙන ලියාපදින්චිය පටන් අරන්. කාර්යාල වල මාර සෙනගක්. හැබැයි ටිගෝ වගේ නෙවේ මොබිටෙල්ල‍ගෙ සේවාව හොන්දා.
ඒත් මේ තුන්කට්ටියගෙ හොන්ද නම්බර තියන අයට තමා ගැ‍ටලුව. මොකද සිම් එක ටික වෙලාවකට හරි කා‍ට හරි දුන්නොත් එයාට පුලුවන් කිසිම ගැ‍ටලුවක් නැතිව තම නම‍ට හරව ගන්න. සිම් එකයි තමන්ගෙ ජාතික හැදුනුම්පතයි අරන් යන එක විතරයි. අඩු‍ගානෙ කෝල් ගත්ත නම්බරවත් අහන්නෙ නෑ. ගිය ගමන් ලියාපදින්චි කරනව.
හැබැයි ඩයලොග්ල ටිකක් වගකීමෙන් කටයුතු කරන්නෙ. මොකද එයාල වෙන කෙනෙක්ගෙ නමට නියම හිමිකරැගේ ලිපියක් නැතුව තුන්වන පාර්ශවීය පැවරීමක් කරද්දි නියම හිමිකරැට ලිඛිතව දන්වනව. ඔහු අනුමත නොකලොත් පැවරීම සිදුකරන්නෙ නෑ.
ඒක නිසා ‍‍ මොබිටෙල්, ටිගෝ, හච් තියන අය බලාගෙන

Google Buzz

කොමියුනිකේෂන් එකකට, නැතිනම් වෙලද ආයතනයක විකිණීම සදහා කාඩ්පත් මිලදීගණු ලබන්නෙ එම ප්‍රදේශයට පැමිනෙන වෙලද නියෝජිතයාගෙනි.‍ ‍එසේ කාඩ්පත් දැමීමට සියලු සන්නිවේදන සමාගම්වල නියෝජිතයන් පැමිනීම සාමාන්‍යය දෙයක් උනත් දැන් ‍ටිගෝ අලෙවි නියෝජිතයාගේ බෑගය‍ට අලුත් උපාංගයක් එක්වී තිබේ.

මීට පෙර සාර්ථකව ඔවුන් මෙය භාවිතා නොකලත් දැන් එම බෑගයේ පාම්ටොප් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයත් ඇතුලත්ය. කාඩ් මිලදීගැනීමේදී හා රීලෝඩ් මිලදීගැනීමේදී ඔවුන් සියලු විස්තර සපිරි මුද්‍රිත බිල්පතක් නිකුත් කරයි.

වෙලද ආයතන සදහා තම නිශ්පාදන දැමීමට විවිධ නිලධාරීන් පැමිණියත් ඒ අතරින් මා දුටු මෙවැනි තාක්ෂණයක් භාවිතා කරන පළමු නිලධාරියා මෙම ‍ටිගෝ ආයතනයේ නිලධාරියා වේ.

දැනට දැනුවත්ව සීමිත බැංකු නිලධාරීන් පිරිසක් පමණක් භාවිතා කරන පාම්‍ ටොප් තාක්ෂණය‍ මේ ආකාරයෙන් ප්‍රචලිතව යාම සතුටට කරුණකි. එහෙත් තවම අනෙක් හැකියාව ඇති සමාගම් හට මෙවැනි තාක්ෂණයක් භාවිතාකිරීමට පෙලභීනැත.

මෙවැනි තාක්ෂණයක් නිසා මෙම කාඩ්පත් මගින් සිදුවන අපහසුතා බොහොමයක් පහසුවෙන් නිරාකරණයට හැකියාව ඇත.

Google Buzz

අලුතෙක් ආ පාරිභෝගික නීතිය නිසා සියලු ජංගම දුරකථන හිමියන්‍ට එම සබදතාවයේ හිමිකරැගේ නම, ජාතික හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය ආදී මූලික තොරතුරැ බලාගත හැක. එහෙත් මෙතෙක් කල් පාරිභෝගික සේවාවෙන් ග්‍රාහකයෙකු සේවාවක් ඉල්ලූවි‍ට එම නිලධාරීන් අමතන්නාගෙන් අසන්නේත් ඉහත තොරතුරැමය. එමගින් එම සබදතාවේ හිමිකාරත්ය තහවුරැ කර අදාල සේවාව ඉ‍ටුකර දේ. නමුත් මෙම තොරතුරැ ඕ‍නෑම කෙනෙක්ට දැකගත හැකි ආකාරයට ලබාදීම නිසා පාරිභෝගික සේවාවන් දැන් අමුතු තාලයේ ප්‍රශ්ණ රාශියක් අසයි. අමතන්නන්ට නිසි සේවාවක් ඉටුනොවේ

ඇත්තෙන්ම ඒවාට පිලිතුරැ සෙවීමත් ඉතා අපහසුය. එමෙන්ම වෙනදා එකම නමින් ලියාපදින්චි දුරකථනයක එකකින් කථා කර අනෙක් දුරකථනයේ සේවාවන් ලබාගතහැකිය. එහෙත් දැන් බැරිය. එම දුරකථනයෙන්ම කථාකිරීම බොහෝවි‍ට අනිවාරියය.

අප මෙසේ සිතමු. බොහෝවිට දෙමාපියන්, විශේෂයෙන් මව්වරැ පාරිභෝගික සේවාව හා කථාකරනවා අඩුය. කරන්නෙ තම පුතාට ‍හෝ හිත‍වතෙකුට දුරකථනයේ ගැ‍ටලුව කීමය. එසේ මෑනියන් නිවසින් බැහැර වි‍ට එම දුරකථනයේ ගැටලුවක් මා හට පැවසූ වි‍ට මම එම ගැටලුව පාරිභෝගික සේවාවට දැන්වත් කලා. එහෙත් ඔවුන් පවසනුයේ එම දුරකථන අංකයේ  ගැටලුවක් ඇති බවත්, ජාලයෙන් එය විසදිය යුතු බවත්, ඒ සදහා අදාල දුරකථනයෙන්ම කථාකලයුත්යි කියාය. එහෙත් මව නිවසින් බැහැරනම් නිවසට එන තුරැ එම දුරකථනයෙන් කථාකල නොහැක. හදිස්ස් තත්වයකදීත් තත්වය එ‍සේමය. ඉතින් හදිස්සියකට උදව් නැති පාරිභෝගික සේවාව ඇති ඵලය කුමක්ද? අවසානේ මම අන්තරජාලයෙන් චැට්කිරීම‍ට ගියා. එහෙත් නියෝජිතයින් කාරියබහුලය. අවසානේ මා කෙටිපණිවිඩයකින් පාරිභෝගික සොවාවට පැවසීය. ඉන්පසු එම සබදතාවයේ ජාතකයම ඇසුව. වෙලාවට මිලදීගත් ෆෝමරය හා මයි ඩයලොග් ගිනුමක් තිබුනෙ. එතනින් අවසන් බිල් පියවීම් වල රිසි‍ට් අංක හා ෆෝමරයෙන් පැකේජ තොරතුරැ සපයා අවශ්‍යය වැඩේ කරගත්ත. එහෙත් එම කෙ‍ටිපණිවිඩ සේ‍වාවෙ ඔවුන් අසන ගැ‍ටලුවකට අපට කෙලින්ම පිලිතුරැ සැපයිය නොහැක. මුල සිට ගැසු කෙ‍ටිපණිවිඩ වල‍ට එම පිලිතුරැත් ඇතුලත් කර නැවත නැවත යැවිය යුතුයි. කෙලින්ම ඇසූ දෙයට පිලිතුරැ සැපයු විට ඔවුන්ට එය  තේරැම් ගත නොහැකි බවත් පැහැදිලිව තොරතුරැ සපයන බවත් පවසයි.

එහෙත් වෙන කෙනෙක්ට මෙම ගැ‍ටලුව උනානම් මෑනියන් පැමිනෙන තුරැ සිටිය යුතුයි. කුමණ විස්තර සැපයුවත් කරගත නොහැකියි අමතු නිලධාරිය පැවසුවත් කෙ‍ටිපණිවිඩ සේවාවෙන් බොහොම අමාරැවෙන් කරගත්තෙ එම තොරතුරැ හා අන්තර්ජාලය තිබූ නිසාය. එම නිසා මේ පාරිභෝගික සේවාව මීටවඩා සැලකිලිමත්විය යුතුයි. අප ජංගම දුරකථන භාවිතා කරන්නේ ගෙදර පැමිණ ඇමතුම් ගැනීමටවත්, අලංකාරයට ගෙනයාමටවත් නොවේ. හදිසි අවස්ථාවකදී භාවිතාකිරීමටය. එහෙත් එවැනි අවස්ථා වලදීත් අදාල සමාගම (හොදම පාරිභෝගික සේවා යැයි සම්මාන ලැබූ) කර අරීනම් එම සේවාවෙන් ඇති පලය කුමක්ද? අනෙක පාරිභෝගික නිලධාරීන් සිටිනුයේ අපට ගෑස් දාන්නවත්, විකාර කථා කරන්නවත් නෙවේනෙ. ග්‍රාහකයෙකුට ගැටලුවක් වුනුවිට උදවු කිරීමටය. එහෙත් එවැනි වි‍ට  එම උදව් කිරීම ‍ප්‍රතික්ෂේප කරයිනම් එයට පාරිභෝගික සේවාවක් යැයි පවසන්නෙ කෙසේද‍?

Google Buzz

මම ලගදි ආයෙත් මොබ්ටෙල් දැම්ම. ඒකෙ අනෙක්වට වඩා ගාන අඩු උනා‍ට ප්‍රධාන ගැටලු දෙදක් තියනව, අනෙක් හැම සේවා සපයන්නම දෙන මිස්කෝල් ඇලර්‍ට් පහසුකම මොබිටෙල්ලගෙ පෙරගෙවුම් හිමියන්ට අහිමි. මෙයාල පසුගෙවුම් හිමියන්ට මේ පහසුකම දීල අවුරැද්දකටත් වැඩී. ඒත් තාම පෙරගෙවුම් හිමියන්ට නෑ. ඒ වගේමයි ඩයලොග් පාවිච්චි කරපු නිසා මේකේ පාරිභෝගික සේවාවට ගත්තහම එපාම උනා. පැයක් විතර ඉන්න වෙනව. ඒ මදිවට අහන ඒවට පැහැදිලි උත්තර දෙන්න දැන්නෙත් නෑ.

Google Buzz

දැන් ලංගදිම ලංකාබෙල්ලත් මිස්කොල් ඇලර්ට් සේවාව ලබාදෙයි. ‍මොකද අනෙක් හැම සමාගමකටම වඩා මේක ඕනෙ ලංකාබෙල්ල‍ට, ඒ දුරකථන වලට කෝල් ගන්වට වඩා ලේසියි එලියට බැහැල කෑ ගහන එක. අපේ ගෙදරට ගද්දිත් එමමයි. රින්ග්ඉන් ටෝනයක් දාල තියෙද්දි ඒක තප්පර 10ක් විතර ගිහින් “ඔබ ඇමතූ ග්‍රාහකයා සම්බන්ධකල නොහැක කියනව”. අපේ ගෙදර නගරය ආසන්නයේ සිග්නල් උපරිම තිබිලත් මේ ලෙඩේ තිබ්බ. එහෙට්ට කීවහම ඇවි‍ට් ඇන්ටනාවක් කියල එකක් හයි කලා. එතකොට කිව්ව සිග්නල් වැඩී. ඇනටනාව‍ට කියල කුලුණට පිටුපස හරවා හංගල වගේ ඇන්ටනාව හයි කරල ගියා. ‍ඒත් වැඩි වෙනසක් නෑ. අපේ එක විතරක, අපේ ගෙදරට විතරක් තියන ලෙඩක් නෙවේ. මම දන්න හුගක් ලංකාබෙල් ඒවට ගද්දි එමමයි. ඒක නිසා ලංගදි මෙයාලත් මිස්කෝල් ඇලර් ‍ට් දුන්නොත් නරකද?

Google Buzz

තොරතුරැ තාක්ෂණය දියුනු‍වන යුගයක අප රටෙත් තොරතුරැ ‍තාක්ෂණය හොද තැනක ඇතැයි කියනා කාලෙක අපට අවශ්‍යය රට ‍ගැන තොරතුරක් අන්තර්ජාලයෙන් සොයාගැනීමේ හැකියාව කොතෙක්ද?

මුලින්ම මට හමු උන දේවල් කියල ඉන්නම්. අප රටේ නව නීති, කෙටුමුපත් නිතර නිතර අලුත් වෙනව. ඒත් මම ඒව කියවන්න කියල අන්තර්ජාලෙ සෙවුව. අදාල නීති හදන රජයේ ආයතන වල නිල අඩවි බැලුව. ඒ එකකවත් නෑ. ඒවගෙ තියෙන්නෙ ඒ අඩවි හදපු දවස්වල දාපු අප්ඩේට්. සමහර අඩවි හැදුවත් හරි පැත්ත පලාතෙ ගිහින් නෑ. ඉතික් පැරණි‍ තොරතුරැ වලින් වැඩක් වේද? අප ලංකා‍ව ගැන දන්න හින්ද හොන්දා. ඒත් වෙනත් රටක කෙනෙක් මේ ගැන සෙවුවත් මේ ටිකම තමා. නාමයට පමනක් අඩවි හැදුවාට වැඩක් නැත. ඒවා යාවත්කාලීන කලයුතු වේ. බොහෝ දෙපාර්ථමේන්තු, කොමිසම් වල අඩවි පුස්කාපු ඒවාය. ඒවාය. ඒ මදිවට අපේ රටේ ප්‍රධානයැයි කියන අන්තර්ජාල සපයන සමාගමක අඩවිත් එසේමය. සාමාන්‍යයෙන් අලුත් දේවල් මුලින්ම දැමිය යුත්තේ අන්තර්ජාලයටය. (අඩුගානෙ අන්තර්ජාල සපයන ආයතන වල) එහෙත් එම සමාගම් වල අලුත් දෙයක් ගැන දැනගැනීමට අඩවියට ගිය විට… අර පැරණි එකමයි. සේවු කරගත්ත එකක් බැලුවනම් ඔයිටවඩා හොන්දා.හැබැයි මේ තත්වය හැම ආයතනයකම නෑ. හොදම උදාහරණය ජනපතිතුමාගේ නිල අඩවිය. එම අඩවිය බොහෝ සෙයින් ඉක්මන්ව යාවත්කාලීන වේ. එමෙන්ම ඩිෆෙන්ස් අඩවිය.

එහෙත් ‍රජයේ බොහෝ ආයතන වල තත්වය වෙනස්. ඒ අඩවි හොන්දා අමතක උන පරණ දෙයක් මතක් කරගන්න.

ඒත් පුද්ගලික බො‍හෝ ආයතන තම නවතම යාවත්කාලීනයන් අඩවියේ ප්‍රචාරණය කරන ලබනව. හොදම උදාහරණය ඩයලොග් ටෙලිකොම් සමාගම. එහෙත් රජයේ දෙයක් සෙවීමක් කලහොත් බොහෝදුරට ප්‍රතිපල ලෙස ලැබෙන්නෙ ලංකාවෙ පුවත්පත් වල නිවුස් විතරයි. ‍

දියුන් වෙනව, තොරතුරැ තාක්ෂණය ඉදිරියට යනව අපි බලන් ඉන්නව කියල බෑ. ‍මේව මූලික දේවල්. මොකද අද බොහෝදෙනා තැපැල්කන්තෝරැවල, රජයේ ආයතන වල චාටර් විවී තොරතුරැ හොයන්නෙ නෑ. ඊට වඩා අන්තර්ජාලෙයෙන් සොයාගන්න එක කොච්චර පහසුද? ඒ කාර්යාල වල අය‍ටත් පහසුයි, අනවශ්‍යය තදබද නෑ.‍ පොත් පත් මිටිගනන් නෑ, වේගවත්, කාර්යක්ෂමයි, නිරවද්‍යයි. ඒත් ලංකාවට ඒව පුරැදු නෑ. වේගයෙන්, නිරවද්‍යය හා පහසු උනොත් සේවාව ලබාගන්න අයව චා‍ටර් කරන්න බෑ, ආයතන නිලධාරීන්‍ටත් පාඩුයි, එයාලගෙ ගෑස් පෙන්නන්න වෙන වෙලා එන්නෙ නෑ. ඒක නිසා කිසිම දෙයක් අන්තර්ජාල ගත කරන්න එයාල පෙරමුන ගන්නෙ නෑ

Google Buzz

LIREN ASIA අඩවියට චානක ‍වත්තේගම විසින් රචිත  SLT ADSL වෙනුවට Dialog BB HomeNet ට හා සබැදි ලිපියක්. මෙහි මාලින්ද සටහනට දැක්වීමත් ඒ හා සබැදි ලිපි තවත් කියවන්නන්‍ට ඉදිරිපත්කිරීම ගැන මාගේ ස්තූතිය.

එම ලිපිය

http://lirneasia.net/2008/08/sri-lanka-same-broadband-different-taxes 

මගින් කියවන්න

Google Buzz

මොබිටෙල්ලගෙ එයාලම ඡායාරෑප අරන් ලියාපදින්චි කරනවනෙ. ඩයලොග්ලගේ එහෙම එකක් නෑ. මොකද එයාල ලියාපදින්චිය හරිය‍ට කරන නිසා. සමහර සම්බන්ධතා තමාගේ නමට නැත්තම්

පෙරගෙවුම් සබදතා වල සිම් පත සමග ආකේඩ් එකකට ගියහම තමාගේ නමට හරවගන්න පුලුවන්. එතකොට එයාල අන්තිමට ලබාගත් ඇමතුම් 5 (රින්ග්කට් ප්‍රශ්ණයක් නෑ) ක අංක අසනව. හැබැයි මේ අංක මාස 3ක් ඇතුලත ගත් ඇමතුම් වල වෙන්න ඕනෙ. නැතිනම් අවසන් වරට දාපු කාඩ් 5ක සීරියල් දුන්හම තමාගේ නමට හරවා ගත හැකි. ඒත් ඒක තුන්වන පාර්ශවීය මාරැකිරීමක් වෙනව. ඒ කියන්නෙ අදාල මුල් හිමිකරැ මේ අංකය දන්නවනම් එයාට ඒ අංකයට සිම්පතක් ගැනීම හෝ මොනව හරි කරගන්න පුලුවන්. නමුත් එහෙම වෙන්නෙ නැති තරම්. එම නිසා ඇමතුම් 5ක අංක දීල තමාගේ නමට හරව ගත්තට අවුලක් නෑ. නමුත් සම්පූරැණ හැරවීමකටනම් වර්තමාන හිමිකරැගේ ලිපියක් හා හැදුනුම්පත් පිටපතක් අවශ්‍යයි.

පසුගෙවුම් සබදතා මාරැකිරීමට වර්තමාන හිමිකරැගේ ලිපියක් හා හැදුනුම්පත් පිටපතක් අවශ්‍යයි.

එයාල‍ගෙ Data Not Confirmed කියන්නෙ මේ අපේ තොරතුරැ පිලිබද ලියවිලි එයාල සතුව නෑ කියන එකයි. ඒත් පද්ධතියෙ තියනව. එහෙම වෙන්වෙ සිම් එක කොහෙන් හරි කොමියුනිකේෂන් හරි එයාලගෙ නියෝජිතයෙක්ගෙන් ගත්විට. ආකේඩ්එකෙන් ගත්ත ඒවට මේ අවුල නෑ. ඒත් ආකේඩ් එකක මෙ‍ට්රෝපොලිටන්, සොෆ්ට්ලොජාක් වගේ ඩයලොග් පා‍ට්නර් නියෝජිතයන් 9 දෙනාගෙ කවුන්‍ටරයකින් ගත්තත් ඒවත් ආකේඩ් ඒව ගනයට නෙවේ වැටෙන්නෙ

ඒ අයට Data Not Confirmed කියල වැ‍ටුන කියල අවුලක් නෑ. ඒක දාන්නෙ ඩයලොග් එකේ ගැලවුමට. ඒ අය කරන්න තියෙන්නෙ යන එන ගමන් ආකේඩ් එකකට ගිහින් තම හැදුනුම්පත පෙන්නල ඒක තමාගෙ කියල කියන එක විතරයි. එතකොට ඔය Data Not Confirmed අයින් වෙයි.

හැබැයි මගෙනම් තාම #132# හොන්දට වැඩ. එහෙම එන්නෙ සමහරවි‍ට ෆෝන් එකේ අවුලක් නැත්තම් නෙ‍ට්වර්ක් අවුලකට

Google Buzz

දැන් ඩයලොග් සමාගම අන්තර්ජාලයේ නොමිලේ දෙන සේවාවන් කොපිකර ඒව සිය පාරිභෝගිකයන්ට ලබා‍දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනව. හැබැයි මුදලට. අවසන් වරට ෆෝන් බැකප් මුදලට දුන්න. දැන් ඩයලොග් මැසෙන්ජර්කියල සේවාවක් පටන් අරන්. කියන්නෙ ලංකාවෙ ප්‍රථම වරට කියල. ඒත් මේ සේවාව මුදල් ගෙවාම ගන්න දෙයක් නෑනෙ. ඒකට ඕනෙ තරම් ක්‍රම හා මෘදුකාංග අන්තර්ජාලෙ තියනව නිකම්.

මෙයාල මේකට ගූගල්ත් ගාවන්. කථාවෙ හැටියට මෙහෙමයි, ලංකාවෙ ප්‍රථම වරට ඕනෙ තරම් මැසේජ් කරන්න දැන් මාසෙකටම රැ 50/= යි කියල කියන්නෙ. ඒකට දෙන්නෙ ෆෝන් එකට දාගන්න මෘදුකාංගයක්. ඒක අන්තර්ජාලෙ හා සම්බන්ධ වී මෙම් මැසෙන්ජර් සේවාව සපයනව. කොටින්ම කියතොත් මේක චැට් කරන මෘදුකාංගයක්. වෙනසකට තියෙන්නෙ ඩයලොග් මැසෙන්ජර් කියල අලුත් සේවාවක් හදුන්වා දෙන එක. හැබැයි 50ට අමතරව අන්තර්ජාල සදහා GPRS ගාස්තු අයකරනව.

ඒත් මේ වෙනුවට ඕනෙ තරම් මෘදුකාංග නොමිලේ තියන්ව. Buddy,bing වගේ ඒව. මේ ජාව මෘදුකාංගයක් බාගත්තහම අප‍ට ගූගල් විතරක් නෙවේ, යාහූ, ලයිව් මැසෙන්ජර්, අයිඑම් වගේ ලෝප්‍රක‍ට මැ‍සෙන්ජර් සේවාවන් හා නොමිලේ එකම ෆෝන් එකෙන් එකවර සම්බන්ධවිය හැකි. bing මෘදුකාංගය ඒ අතර විශේෂයි. මොකද ඒකෙන් චැ‍ට් කරද්දි පැයක් චැ‍ට් කලත් රැ 2 – 5 අතර ගානක් අයවෙන්නෙ. සමහර විට රැපියලක්වත් නෑ. ඒත් මේ දෙන එක කොහොම එකක්ද දන්නෙත් නෑ. දිගට හරහට GPRS භාවිතා කරොත්….. ඉතින් මෙහෙම මුදල් දිදී ගන්නවට වඩා නොමිලේ දෙන ඒවා කොතරම් ලාබදායකද?

ඒත් අපේ සමහරැ මේව දන්නෙ නැතුව දාගන්නවනෙ. හැබැයි ආසාවක් තියනවනම් දාල බලන්න. මොකද මේක සැප්තැම්බර් 15 වෙනකම් නිකම් දෙන්නෙ. ඒත් GPRS  අයවෙයි. මේකට එම මෘදුකාංගය දාගත හැකි දුරකථනයක් අවශ්‍යයි.

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions