රජය ඉතින් හැමදාම අලුත් නීති ගේනවනෙ. මේක අලුත් නීතියක් ගැනයි. මේ නීතියෙන් කාට‍ත් යහපතක්. මේ නීතිය ය‍ටතේ ලංකාව තුල අසබ්‍යය අඩවි වලට යාම තහනම් වනවා. මේ නීතිය මගින් දැනටමත් අන්තර්ජාල සපයන ආයතන වල‍ට නියෝග කර ඇති පරිදි තම සේවාව පෙරනය කිරිමට නියමිතයි. මේක නිසා අයාලේ යන හුගක් අය ආරක්ෂා වේවි.

මොකද දැනට නෙට් කැෆේ වල ළමයි හුගක් කරන්නේ කොල්ලො කෙල්ලො පොදිය පිටින් ඇවිත් අසබ්ය අඩවි බලන එක. ඒ අය අන්තර්ජාලෙ වෙන වැඩක‍ට ඇති වැඩක් නොදන්න තරම්. මේ නීතිය අනිත් අය‍‍ට කෙසේ වෙතත් ඒ පිරිසට හා නෙට්කැෆේ පවත්වන්  යන අයට විශාල බලපෑමක් ඇති කරයි. මොකද ඒ අය‍ට මේ අසබි දේවල් නැතිනම් අන්තර්ජාලයෙන් වැඩක් නැතිතරම්.

හැබැයි මේ නීතියෙ සාර්ථකත්වය රදාපවතින‍්නේ ඒ නීතියට සේවා සපයන්නන් දක්වන ප්‍රතිචාර හා යොදාගන්නා  තාක්ෂණය මතයි. මොකද ටැමිල්නෙට් එක මීට වසර කීපයකට පෙර ලාංකිකයන්ට තහනම් උනත් ලාංකිකයි කියන එකම සන්නිවේදන සමාගමේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට මේක බලපෑවෙ නෑ. මොකද සාමාන්‍යය පරිදිම ඔවුන්‍ට මේ අඩවියට පිවිසිය හැකි අද‍ටත්.

එමෙන්ම අනෙකුත් සේවාසපයන්නන්ගෙන් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්‍ට වෙනත් ක්‍රම මගින් පහසුවෙන් මෙවැනි අඩවි පිරික්සිය හැකිය. එමෙන්ම මෙසේ අඩවි අවහිර කල ප්‍රධාන ජාලය වන්නේ පාසල් ජාලයයි. මෙහිද අසබ්‍ය‍යයි කියනා අඩවි අවහිර කර ඇත. නමුත් ‍එයද සාර්ථක ක්‍රමයක් නොවේ. එම ‍පෙරහනද බිදගෙන යාම සිසුන්‍ට සාමාන්‍යය දෙයකි. එහෙත් එය අදාල ගුරැවරයාට එය බැරිය. නමුත් මෙසේ අඩවි අවහිර කිරීමේදී ප්‍රයෝජනවත් අඩවිද අවහිර කරයි. සමහර ගූගල් හා යාහූ අඩවි ( නමුත් වීඩියේ සෙවුම හා පින්තූර සෙවුම අවහිර නැත) ද අවහිර කරයි.

මේ නිසා මෙයට යම් සාර්ථක පිලියම්ක් යෙදීම කාගේත් යහපතට හොදය. හරියට අසබි අඩවි නාමාවලියක් වැනි. එසේ නැතුව දැන‍ට ඇති අසැබි සියල්ල අවහිර නොකරන ප්‍රයෝජනවත් අඩවිත් අවහිර කරන ක්‍රම යෙදීම අපගේ අනාගත තොරතුරැ තාක්ෂණ දියුනුවට විශාල බාධාවකි. එය හරියට අපේ රටේ මෘදුකාංග වලට කලා වැනිය. නීතිය ‍හොන්ද උනත් එහි ගැලපීම, යොදාගැනීම හා ක්‍රියාකරවන ක්‍රමය මත එහි සාර්ථකත්වය රදාපවති.

කෙසේවෙතත් මෙවැනි නීති අපේ රටට අනාගතයේත් අවශ්‍යයය. නැතිනම් ප්‍රතමික අංශයෙන් පටන් හැමෝම මෙම ජරාවට ඇබ්බැහි වනු ඇත.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl