දැන් දැන් රජය හැම එකටම බදු අයකරමින් සිටී. එහි අලුත්ම බද්ද තමා ජංගමදුරකථන සදහා පාරිසරික බද්ද. මීට මාස කීපයකට පෙරත් රජය බදු වැඩි කල අතර 15% වැට් බද්ද සමග අයකල 2.5% ක ජංගම දුරකථන සදහා වූ බද්ද 10% දක්වා වැඩිකර සී.ඩී.එම්.ඒ සදහාද පනවනු ලැබුවා. දැන් එම බදුවලට තවත් 2.5% ක බද්දක් පරිසර බද්ද නමින් ඇතුලත් කර ඇත. මේ නිසා දැන් මුලු බදු 30%ක් හෝ ඊට වැඩිවනු ඇත.
රජය පවසන පරිදි මේ බද්ද අයකරනුයේ අප භාවිතාකරන ජංගම දුරකථන ඉවතලූපසු ප්‍රතිචක්‍රීකරනයටය. එහෙත් ජංගම දුරකථනයක් භාවිතාකර ඉවතලනවිට එයින් තවත් ජංගම දුරකථනයක් ගන්නා තරමට රජයට මෙම ක්‍රමයෙන් බදු එකතුකල හැක. එහෙත් මෙවැනි ක්‍රමයක් වැඩක් නැත. මන්ද ඩයලොග් ආවතනය දැනටමත් මෙම ක්‍රමය හදුන්වා දී ඇති අතර ඒ පාරිභෝගිකයාගෙන් මුදල් එකතු කර නෙවේ, පාරිභෝගිකයාට මුදල් ගෙවාය. ඩයලොග් ආයතනයට ගෙනවිත් දෙන ඕනෑම දුරකථනයක් හා බැටරි සදහා ඔවුන් ගෙවීමක් සිදුකරයි. ඉතින් මෙහෙම එකේ ඇයි පාරිභෝගිකයාගෙන් මුදල් අයකරන්නෙ. අනික ඔය ක්‍රමය මගින් බදු අය කරනවා පමණි. එම දුරකථන නිසි ලෙස එකතුකරන්නේද නැත. ඉතින් කුනුභාජනයට දමන දුරකථන රජය කෙසේද ප්‍රතිචක්‍රීය කරන්නෙ. පොලිත්න්වත් හරිහැටි ප්‍රතිචක්‍රිය කරගත නොහැකි රජයක් ජංගම දුරකථන කෙසේ ප්‍රතිචක්‍රිය කරයිද?
අනෙක ඊට පෙර ප්‍රතිචක්‍රියකරනයට වෙනත් දේවල් නැද්ද? වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇත. ඒවාද ප්‍රතිචක්‍රිය කලයුතුය. එහෙත් ඒ සදහා බදු අයකිරීමට රජයට ක්‍රමයක් නැත. රේගුවෙන් අයනරන බද්ද සෑම උපාංගයටම අයකරයි. එයිනුත් පැරනි උපාංග වලට බදු අඩුය. ඉතින් බොහෝදෙනා පැරණි උපාංගම ගෙන ඒ. ඉය දියුනු වන රටකට හොන්දද? එමගින් ඇතිවන කුණුගොඩත් ඉවත්කල යුත්තේ රජයම නොවේද? සාමාන්‍යයෙන් බොහෝ රටවල සන්නිවේදන සේවා සදහා බදු නැත. උදාහරනයක් තායිලන්තය. එහි ඇමතුමක් බාත් 1යි කීවොත් බාත් 1ම තමා. නමුත් අපේ 1.30යි. එමෙන්ම එහි බොහෝ දේවලට බදු අඩුය, බොහෝ ඒවාට නැත. එම නිසා අලුත් අලුත් දේ වලින් ඒ රටවල් දියුනු වන විට අපේ රටවල් කුණුගොඩවල් වලින් ස්වයංපෝෂිත වේ.











Comments
Leave a comment Trackback