රජයෙන් නිකුත් කල ජංගමදුරකථන සබදතාවල හිමිකාරත්වය පිලිබද නීති නිසා දැන් ජංගම දුරකථන සේවා සපයන ආයතන වල මාර පෝලිමක්. හැබැයි ඩයලොග්වල ඇර. මොකද ඩයලොග්ල නැවත ලියාපදිනිචිකිරීමක්වත් හැදුනුම්පත් නිකුත්කිරීමක්වත් සිදුකරන්නෙ නැති නිසා.

නමත් අනෙක් සේවාසපයන්නන්ගෙ විශේෂයෙන් ‍මොබිටෙල් හා ටිගෝලගෙ. මමත් ලගදි ගියා මගෙ සිම් ලියාපදින්චි කරන්න. මේන නිසා පොලිම් උනාට සේවාසපයන්නන‍ට හා පාරිභොගිකයන්ට පහසුයි, වාසියි. මොකද මීට පෙර භාවිතාකරන්නම තම සිම්පත් හරවාගැනීමට මෙතරම් උනන්දු උනේ නෑ. හම්බෙන කාගෙ හරි හැදුනුම්පතකට ලියාපදින්චිකරන අයත් බොහෝ හි‍ටිය. සමහර විට හැදුනුම්පතේ අයිතිකරැ මේ සම්බන්ධව දන්නෙත් නෑ. මොනව හරි උනහම තමා දැනගන්නෙ ඒකත් මගෙ නම‍ට කියල. නමුත් මේ නීතියෙන් එහෙම වෙන්නෙ නෑ. අනුන්ගෙ නම් වලින් තම සිම් ලියාපදින්චිකරන්නෙ නෑ. මොනදේ උනත් ඒක ආයතන වලටත් ලේසි. නමුත් මේක නිසා පාරිභෝගික සේවාව අමතල වැඩක් කරගන්න ගියහම දහදුක් විදින්න ඕ‍නෙ, ප්‍රශ්ණ පත්තරේක‍ට උත්තර ලියන්න ඕනෙ. මම ලගදි ‍මගේ නමට තියන ‍සිම් පතක වැඩක් කරගන්න ගියා. වෙනදනම් අහන්නෙ උපන්දිනේ, නම, හැදුනුම්පත් අංකය ඒත් දැන්…. බැදපු බිල්, බිල් අංක, සම්බන්ධතාවයෙ උපත විපත හැමදේම.

මොනව උනත් ටිගෝලගෙ සේවාවත් අන්තිමයි. දැන් මොබිටෙල්ල ජායාරෑප ඕනෙ උනහම එයාලගෙ කැමරාවෙන්ම ගහගන්නව, ෆොටෝකොපිත් එහෙමයි. ඒත් ‍ටිගෝලගෙ අඩුගානෙ ඉදගන්න තැනක්වත් නෑ. අපිම ආයෙ ෆොටෝකොපිත් ගහන් එන්න ඕනෙ. මම ටිගෝ එක පාවිච්චි කරන්නෙ නැති නිසා මම වෙන සිම් එකක් දාගෙන ගියෙ, එයාලට නම්බරේ පරික්ෂාකරන්න ( #132# ) අපේ ෆෝන එකටම දාල දෙන්න කීව. මෙයාල ගාව ෆෝන නැද්ද මෙච්චර, මාර විදිහට පාරිභෝගිකයව චාටර් කරන්නෙ. ඒ මොනව කලත් මෙයාලගෙත් කිසිම වගකීමක් නෑ. මොකද අපිට කාගෙ හරි සිම් එකක් හම්බුනොත් #132#  මගින් නම්බරේ බලන් ටිගෝ එකෙන් ලියාපදින්චි කරගන්න පුලුවන්. කාගෙ උනත් කම්ක් නෑ. ඒ ක‍ට්ටිය ඒ බකල් පරිගණක වලින් පද්ධතියෙ පරික්ෂා කරන්නෙ නෑ. #132#  මගින් නම්බරේ පරික්ෂා ක‍ලා, අරන් එන කෙනාට දුන්න, හැදුනුම්පතත් එක්කම. මේක නිසා තිබුන තත්වය තවත් අවුල් වෙනව. මොකද දැක් එකම නම්බරේට  හැදුන්ම්පත් කීප‍යක් ගන්න පුලුවන් ටිගෝල‍ගෙ.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl