අද බදාද මම අන්තර්ජාල ඇනහිටීමක් සිදුඋනා. දවල් 12ට විතර. මුලින් මුලින් එක එක සයිට් වලට යන්නෙ නැතුව ගායා. නිකමට හිතුන ඒ ඒ සර්වර් සමග ඇති සබදතාවය නැති වෙන්න ඇති කියල. අන්තිමට මෙකටවත් යන්නෙ නැති පාර සම්බන්ධතාවය රීකනෙක්ට් කරන්න කියල . ඩිස්කනෙක්ට් කරල සම්බන්ධ කරද්දි සම්බන්ධ වෙන්නෙ නෑ. අන්තර්ජාලෙ නෙවේ ටෙලිකොම් සර්වර් සමගවත් සම්බන්ධ වෙන්නෙ නෑ. අපගේ මොඩමය දත්ත සදහා සූදානම් වීමක් නෑ. නැතිනම් සම්බන්ධතාවය ඩයල් නොකලත් ටෙලිකොම් සර්වර් මගින් අපගේ අප්ලෝඩ් හා ඩවුන්ලෝඩ් වේගයන් තීරණය කරනු ලබනවා. නමුත් මෙහිදී එවැන්නක්වත් නෑ
අවසානෙ ගත්ත ටෙලිකොම් එකේ අන්තර්ජාල පාරිභෝගික සේවාවට. සුපුරැදු පරිදි දීර්ග කල් මැරීමෙන් පසු පාරිභෝගික සේවා නිළධාරිය කියන කෙනා කථාකලා. එයාට මෙහෙමයි අන්තර්ජලෙ අවුල් කීවහම මට කීව සැකසුම් අවුලක් ඇති හදාගන්න කියල සෙටින්ග්ස් කියන්න ගත්ත. එයාල විස්ට වල සැකසුම් කියන්න ගත්ත, ඒත් ඒකියන විස්ටාවල විදිහට නෙවේ මගේ පරිගණකයෙ තියෙන්නෙ. ඉතින් දන්න එක්ස්පී නිසා මම කීව මම එක්ස්පී එකක් ගාවට ගිහින් ගන්නම් කියල. ඒපාර ගත්තහම කියනව ලංකාවෙම නෙට් නෑ. අපේ සර්වර් ඩවුන් කීව. පැයකින් හදන්නම්ලු. ඒත් දැන් පැය 3ක් ගියා තාම නෑ
දැන් අර විදුලිය වගේ ලෝඩ් එක වැඩිඋනහම අන්තර්ජලෙත් විසන්දි කරනවද දන්නෙ නෑ. මොකද මීට දින දෙකක විතර ඉදන් තමා නෙට් ලෙඩ දීල තියෙන්නෙ. එක එක තැන් වලට විටින් විට අන්තර්ජාලෙ අවුල් ගිහින්.
ජාතික දුරකථනජාලෙ වගේම අන්තර්ජාලය පිලිබද ලංකාවෙ වගකිවයුතු ආයතනයකත් මෙහෙම කටයුතු නිතර නිතර සිදුවෙනකොට ඒ ආශ්‍රයෙන් ඉන්න අයට කොච්චර පාඩුද? ඒ මදිවට ව්‍යාපාර වලට. මේවට ලංකාවෙනම් වන්දි නෑ. ඒක නිසා පරණ වාහන වගේ පණ අදින පද්ධති තියන් ඉන්නව. ඒව වැඩ කලත් එකයි නැතත් එකයි. මේ හේතුවෙන් ලංකාවෙ ස්තීර සර්වර් පද්ධති තියාගන්න අයට විශාල බලපෑමක්. මොකද ඒ සර්වර් භාවිතාකරණ අය දන්නෙ නෑ මේක ටෙලිකොම්ලගෙ දක්ෂතාවය නිසා බිදවැටීමක් කියල. එයාල හිතන්නෙ අදාල සර්වර්වල දෝශයක් කියල
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback