කොමියුනිකේෂන් එකකට, නැතිනම් වෙලද ආයතනයක විකිණීම සදහා කාඩ්පත් මිලදීගණු ලබන්නෙ එම ප්‍රදේශයට පැමිනෙන වෙලද නියෝජිතයාගෙනි. එසේ කාඩ්පත් දැමීමට සියලු සන්නිවේදන සමාගම්වල නියෝජිතයන් පැමිනීම සාමාන්‍යය දෙයක් උනත් දැන් ටිගෝ අලෙවි නියෝජිතයාගේ බෑගයට අලුත් උපාංගයක් එක්වී තිබේ.
මීට පෙර සාර්ථකව ඔවුන් මෙය භාවිතා නොකලත් දැන් එම බෑගයේ පාම්ටොප් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයත් ඇතුලත්ය. කාඩ් මිලදීගැනීමේදී හා රීලෝඩ් මිලදීගැනීමේදී ඔවුන් සියලු විස්තර සපිරි මුද්‍රිත බිල්පතක් නිකුත් කරයි.
වෙලද ආයතන සදහා තම නිශ්පාදන දැමීමට විවිධ නිලධාරීන් පැමිණියත් ඒ අතරින් මා දුටු මෙවැනි තාක්ෂණයක් භාවිතා කරන පළමු නිලධාරියා මෙම ටිගෝ ආයතනයේ නිලධාරියා වේ.
දැනට දැනුවත්ව සීමිත බැංකු නිලධාරීන් පිරිසක් පමණක් භාවිතා කරන පාම් ටොප් තාක්ෂණය මේ ආකාරයෙන් ප්‍රචලිතව යාම සතුටට කරුණකි. එහෙත් තවම අනෙක් හැකියාව ඇති සමාගම් හට මෙවැනි තාක්ෂණයක් භාවිතාකිරීමට පෙලභීනැත.
මෙවැනි තාක්ෂණයක් නිසා මෙම කාඩ්පත් මගින් සිදුවන අපහසුතා බොහොමයක් පහසුවෙන් නිරාකරණයට හැකියාව ඇත.
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback