Browsing Posts published in August, 2008

මේක ටෙලිකොම් වෙතින් අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි වූවන්ට සුභ ආරංචියක්. ඩයලොග් සමාගමේ බෝඩ්බෑන්ඩ් සබදතාවය දැන් රැ 2250/- ක මාසික ගාස්තුවකට ලබාදෙනව.

සැප්තැම්බර් 15 වෙනිදගෙන් අවසන්වන මෙම ‍දීමනාව යටතේ 512 Kbps ඩවුන්ලෝඩ් හා 128kbps අප්ලෝඩ් වේගයක් ඇති පුලුල්පරාස අන්තර්ජාල සේවාවක් ලබාගතහැකි. මෙහි විශේෂත්වයනම් සබදතාගාස්තුව රැ 3000/- ක් වීමයි. වයිමැස්ක් තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම සේවාව‍ට දුරකථන හෝ මොඩම් අවශ්‍යය නැත. එහෙත් බොහෝවි‍ට සන්නිවේදන කුලුණ හා නිවසේ සවිකරණ රිසිවරය මුහුණට මුහුණලා, එනම් බාධා රහිතව තිබිය යුතුයි.

එහෙත් මෙහි මාසික ගාස්තුව රැ 2250/ක් කීවට ඒ සදහා බදු මුදලක් අයවේ. එය 30 %ක් නම් අමතර 675 ක්,28%ක් නම් 630 ක්ද අයවේ. එහෙත් ටෙලිකොම් සමාගමේනම් මේ සදහා අමතර ගෙවිය යුත්තේ 15% ක බදු පමණි. ඒ රැ 337.50 කි

රජයෙන් නිකුත් කල ජංගමදුරකථන සබදතාවල හිමිකාරත්වය පිලිබද නීති නිසා දැන් ජංගම දුරකථන සේවා සපයන ආයතන වල මාර පෝලිමක්. හැබැයි ඩයලොග්වල ඇර. මොකද ඩයලොග්ල නැවත ලියාපදිනිචිකිරීමක්වත් හැදුනුම්පත් නිකුත්කිරීමක්වත් සිදුකරන්නෙ නැති නිසා.

නමත් අනෙක් සේවාසපයන්නන්ගෙ විශේෂයෙන් ‍මොබිටෙල් හා ටිගෝලගෙ. මමත් ලගදි ගියා මගෙ සිම් ලියාපදින්චි කරන්න. මේන නිසා පොලිම් උනාට සේවාසපයන්නන‍ට හා පාරිභොගිකයන්ට පහසුයි, වාසියි. මොකද මීට පෙර භාවිතාකරන්නම තම සිම්පත් හරවාගැනීමට මෙතරම් උනන්දු උනේ නෑ. හම්බෙන කාගෙ හරි හැදුනුම්පතකට ලියාපදින්චිකරන අයත් බොහෝ හි‍ටිය. සමහර විට හැදුනුම්පතේ අයිතිකරැ මේ සම්බන්ධව දන්නෙත් නෑ. මොනව හරි උනහම තමා දැනගන්නෙ ඒකත් මගෙ නම‍ට කියල. නමුත් මේ නීතියෙන් එහෙම වෙන්නෙ නෑ. අනුන්ගෙ නම් වලින් තම සිම් ලියාපදින්චිකරන්නෙ නෑ. මොනදේ උනත් ඒක ආයතන වලටත් ලේසි. නමුත් මේක නිසා පාරිභෝගික සේවාව අමතල වැඩක් කරගන්න ගියහම දහදුක් විදින්න ඕ‍නෙ, ප්‍රශ්ණ පත්තරේක‍ට උත්තර ලියන්න ඕනෙ. මම ලගදි ‍මගේ නමට තියන ‍සිම් පතක වැඩක් කරගන්න ගියා. වෙනදනම් අහන්නෙ උපන්දිනේ, නම, හැදුනුම්පත් අංකය ඒත් දැන්…. බැදපු බිල්, බිල් අංක, සම්බන්ධතාවයෙ උපත විපත හැමදේම.

මොනව උනත් ටිගෝලගෙ සේවාවත් අන්තිමයි. දැන් මොබිටෙල්ල ජායාරෑප ඕනෙ උනහම එයාලගෙ කැමරාවෙන්ම ගහගන්නව, ෆොටෝකොපිත් එහෙමයි. ඒත් ‍ටිගෝලගෙ අඩුගානෙ ඉදගන්න තැනක්වත් නෑ. අපිම ආයෙ ෆොටෝකොපිත් ගහන් එන්න ඕනෙ. මම ටිගෝ එක පාවිච්චි කරන්නෙ නැති නිසා මම වෙන සිම් එකක් දාගෙන ගියෙ, එයාලට නම්බරේ පරික්ෂාකරන්න ( #132# ) අපේ ෆෝන එකටම දාල දෙන්න කීව. මෙයාල ගාව ෆෝන නැද්ද මෙච්චර, මාර විදිහට පාරිභෝගිකයව චාටර් කරන්නෙ. ඒ මොනව කලත් මෙයාලගෙත් කිසිම වගකීමක් නෑ. මොකද අපිට කාගෙ හරි සිම් එකක් හම්බුනොත් #132#  මගින් නම්බරේ බලන් ටිගෝ එකෙන් ලියාපදින්චි කරගන්න පුලුවන්. කාගෙ උනත් කම්ක් නෑ. ඒ ක‍ට්ටිය ඒ බකල් පරිගණක වලින් පද්ධතියෙ පරික්ෂා කරන්නෙ නෑ. #132#  මගින් නම්බරේ පරික්ෂා ක‍ලා, අරන් එන කෙනාට දුන්න, හැදුනුම්පතත් එක්කම. මේක නිසා තිබුන තත්වය තවත් අවුල් වෙනව. මොකද දැක් එකම නම්බරේට  හැදුන්ම්පත් කීප‍යක් ගන්න පුලුවන් ටිගෝල‍ගෙ.

අද බදාද මම අන්තර්ජාල ඇනහිටීමක් සිදුඋනා. දවල් 12ට විතර. මුලින් මුලින් එක එක සයිට් වලට යන්නෙ නැතුව ගායා. නිකමට හිතුන ඒ ඒ සර්වර් සමග ඇති සබදතාවය නැති වෙන්න ඇති කියල. අන්තිමට මෙ‍කටවත් යන්නෙ නැති පාර සම්බන්ධතාවය රීකනෙක්ට් කරන්න කියල . ඩිස්කනෙක්ට් කරල සම්බන්ධ කරද්දි සම්බන්ධ වෙන්නෙ නෑ. අන්තර්ජාලෙ නෙවේ ටෙලිකොම් සර්වර් සමගවත් සම්බන්ධ වෙන්නෙ නෑ. අපගේ මොඩමය දත්ත සදහා ‍සූදානම් වීමක් නෑ. නැතිනම් සම්බන්ධතාවය ඩයල් නොකලත් ටෙලිකොම් සර්වර් මගින් අපගේ අප්ලෝඩ් හා ඩවුන්ලෝඩ් වේගයන් තීරණය කරනු ලබනවා. නමුත් මෙහිදී එවැන්නක්වත් නෑ

අවසානෙ ගත්ත ටෙලිකොම් ‍එ‍කේ අන්තර්ජාල පාරිභෝගික සේවාවට. සුපුරැදු පරිදි දීර්ග කල් මැරීමෙන් පසු පාරිභෝගික සේවා නිළධාරිය කියන කෙ‍නා කථාකලා. එයාට මෙහෙමයි අන්තර්ජලෙ අවුල් කීවහම මට කීව සැකසුම් අවුලක් ඇති හදාගන්න කියල සෙටින්ග්ස් කියන්න ගත්ත. එයාල විස්ට වල සැකසුම් කියන්න ගත්ත, ඒත් ඒකියන විස්ටාවල විදිහ‍ට නෙවේ මගේ පරිගණකයෙ තියෙන්නෙ. ඉතින් දන්න එක්ස්පී නිසා මම කීව මම එක්ස්පී එකක් ගාවට ගිහින් ගන්නම් කියල. ඒපාර ගත්තහම කියනව ලංකාවෙම නෙට් නෑ. අපේ සර්වර් ඩවුන් කීව. පැයකින් හදන්නම්ලු. ඒත් දැන් පැය 3ක් ගියා තාම නෑ

දැන් අර විදුලිය වගේ ලෝඩ් එක වැඩිඋනහම අන්තර්ජලෙත් විසන්දි කරනවද දන්නෙ නෑ. මොකද මීට දින දෙකක විතර ඉදන් තමා නෙට්‍ ලෙඩ දීල තියෙන්නෙ. එක එක තැන් වල‍ට විටින් වි‍ට අන්තර්ජාලෙ අවුල් ගිහින්.

ජාතික දුරකථනජාලෙ වගේම අන්තර්ජාලය පිලිබද ලංකාවෙ වගකිවයුතු ආයතනයකත් මෙහෙම ක‍ටයුතු නිතර නිතර සිදුවෙනකො‍‍ට ඒ ආශ්‍රයෙන් ඉන්න අයට කොච්චර පාඩුද? ඒ මදිවට ව්‍යාපාර වලට. මේවට ලංකාවෙනම් වන්දි නෑ. ඒක නිසා පරණ වාහන වගේ පණ අදින පද්ධති තියන් ඉන්නව. ඒව වැඩ කලත් එකයි නැතත් එකයි. මේ හේතුවෙන් ලංකාවෙ ස්තීර සර්වර් පද්ධති තියාගන්න අයට විශාල බලපෑමක්. මොකද ඒ සර්වර් භාවිතාකරණ අය දන්නෙ නෑ මේක ටෙලිකොම්ලගෙ දක්ෂතාවය නිසා බිදවැ‍ටීමක් කියල. එයාල හිතන්නෙ අදාල සර්වර්වල දෝශයක් කියල

දැන් දිගට හරහට ජංගම දුරකථන ගාස්තු අඩුකරමින් පාරිභෝගිකයන්ට සහන සැලසුවත් ටෙලිකොම් රැහැන් දුරකථන සදහා දීමනා ලගදී හිමවුයේ නැත. එහෙත් මීට ටික දිනක පටන් රැහැන් සබදතාවල සබදතා ගාස්තුමිල පහත දමා ඇත ඒ SMT MEGALINE හරහායි. මෙය විශේෂයෙන් පුලුල්පරාස අන්තර්ජාල සේවාව ලබාගන්න‍ට විශේෂය.

පෙර රැ 20,000/=ට ත් වඩා වැඩිව තිබු රැහැන් සබදතා ගාස්තුව දැන් උපරිම රැ 14,000/= දක්වා පහත දමා ඇති අතර නව සබදතා පැකේජ 4 ක් හදුන්වාදී ඇත.

අඩුම සබදතා ගාස්තුව හිමි ප්ලැ‍ටිනම් පැකේජයේ මිල රැ 8000/= ක් වන අතර ඒ සදහා පුලුල්පරාස අන්තර්ජාල සබදතාවය නොමිලේ වේ. මෙම අන්තර්ජාල සබදතාවය නිසා රැ 8000ට හිමිවන මෙම සබදතාවයේ අමතන්නා හදුනාගැනීමේ පහසුකම (CLI) , SLT PLUS (පොරොත්තු ඇමතුම්, ඇමතුම් යොමුකිරීම වැනි ජාල විශේෂාන්ග ) හා කෙටිපණිවිඩ (SMS) නොමිලේ වන අතර ඒ සදහා මාසික ගාස්තුවක් අයනොකෙරේ. නමුත් තොරා ගන්නා පුලුල්පරාස සබදතාවය අනුව (රැ 1000, රැ 2250, රැ 6500) අදාල මාසික ගාස්තුව මාසික ගාස්තුව‍ට ඇතුලත් උවත් අනෙක් නොමිලේ සපයන සේවා නිසා මාසිකව රැ 200 ට වැඩි ලාබයක් හිමිවේ. එමෙන්ම මෙහි ඇමතුම් සදහා විශේෂ මාසික ගාස්තුවක් නැත. සාමාන්‍යය මාසික ගාස්තු පමණි. එහෙත් මෙම සබදතාවය ලබාගන්නන්ට අන්තර්ජාල පහසුකම මාස 12 ක් යන තුරැ ඉවත්කල නොහැක. ඒ සබදතාවය මාස 12 පවත්වාගෙන යාමයි මෙහි විශේෂත්වය. එමෙන්ම සබදතාවය ලබාගැනීමට පෙර තම ප්‍රාදේශීය කාර්යාලය හා සම්බන්ද වී තමා සිටින ප්‍රදේශය පුලුල්පරාස ආවරණ කළාපයේද යනවග පරික්ෂාකරගතයුතුවේ.එමෙන්ම අන්තර්ජාල සදහා අවශ්‍යය මොඩම ආදිය තමා මිලදීගතයුතු වේ.

අනෙක් පැකේජය ගෝල්ඩ් පැකේජයයි. එහි සබදතාගාස්තු රැ 10,000/= ක් වේ. ‍මේ සදහා අමතන්නා හදුනාගැනීමේ පහසුකම (CLI) සදහා පමණක් මාසික ගාස්තු රහිත වන අතර  SLT PLUS (පොරොත්තු ඇමතුම්  හා ඇමතුම් යොමුකිරීම වැනි ජාල විශේෂාන්ග )  හා SLTNET (ඩයල් අප්) සබදතාවය නොමිලේ හිමිවුවත් ඒ සදහා මාසික ගාස්තු අයකෙ‍රේ.  එමෙන්ම කෙටිපණිවිඩද නොමිලේ නැත.

තුන්වන පැකේජය සිල්වර් වේ. මේ සදහා  අමතන්නා හදුනාගැනීමේ පහසුකම (CLI) හා  SLT PLUS (පොරොත්තු ඇමතුම්  හා ඇමතුම් යොමුකිරීම වැනි ජාල විශේෂාන්ග )  නොමිලේ හිමිවුවත් ඒ සදහා මාසික ගාස්තු අයවේ.‍මෙහි ගාස්තුව රැ 12,000/=කි

අවසාන පැකේජය රැ 14,000/= ක් වන අතර ඒ සදහා සාමාන්‍යය සබදතාවය පමණක් හිමිවේ.

මේ සියලු සබදතා රැහැන් සබදතා වන අතර දුර අනුව අදාල සබදතාමුදල වැඩිවිය හැකිය. එමෙන්ම අදාල ප්‍රදේශයේ රැහැන් තිබීම අනිවාර්ය අතර මෙම දීමනාව මිල අඩුකිරීමට හා අන්තර්ජාල සබදතා පුලුල් කිරීම උදෙසා දුන් දීමනාවකි.

කෙසේවෙතත් මෙම සබදතා ‍‍ගෙවීමට සිදුවන මාසික ගාස්තුව නිසා සබදතා ගාස්තු හා අනෙකුත් විශේෂාන්ග වල මාසික ගාස්තු සදහා දීමනා හිමිවේ. එම නිසා වැඩි සේ‍වාවක් ලබාගන්නන්ට මෙම සබදතා විශෙෂය. එමෙන්ම අන්තර්ජාලයද ලබාගන්නෙනම් ඔවුන්ට බොහො සේවා නොමිලේ හිමිවනු ඇත

ශ්රී ලාංකික අතීත රජදරැවකු වූ පණ්ඩුකාභය කුමාරයා ව‍ටා ගෙතූ වීර කාව්යනයක් ලෙස නිමවු අබා නම් චිත්රැපටය 2008.08.08 වැනි සිකුරාදා දින ලංකාවේ ඊඒපී මණ්ඩලයේ සිනමාශාලාවල තිරගතවීමට නියමිතයි. නිල නොවන ලෙස දැනගන්න ලැබුන ලංකාවේ මංගල දර්ශණය‍ට සමගාමීව ලෝකයේ සමහර රටවලත් දර්ශණය වනබව. එය කෙසේ වෙතත් ‍ලංකාවේ අතීත පාලකයෙකු සම්බන්ධ නිශ්පාදනය වූ පලමු චිත්රයපටය මෙය වන අතර මී‍ට පෙර ඉන්දියාවේ අශෝක අධිරාජ්යාය ව‍ ටා ගෙතූ ‍අශෝක් චිතුපටයත් අක්බාර් අධිරාජ්යාත වටා ගෙතූ ජෝදා අක්බාර් චිත්රපපටයත් ඉමහත් ප්රේාක්ෂක ප්රපතිචාර දිනාගත් අතර මෙයත් එසේ වියහැකි බවට සාධක රාශියක් දැනටමත් දකින්න‍ට තිබේ.
ලෝක ප්රේදක්ෂකයන් එල්ල කර නිශ්පාධිත මෙම අබා හි නිශිපාදක වරැ දෙදෙනෙකි ජස්ටින් බෙල‍ගමගේ හා රජීන්ද්රාැ ජයසිංහ එම නිශ්පාදක වරැයි. එහි අධ්‍දෙයක්ෂණය ජැක්සන් ඇන්තනී වන අතර අබා චරිතය ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තර නිරෑපණය කරන අතර ඊ‍ට අමතරව ප්රෙවීන නලු නිලි රැසකගේ දායකත්වය මෙය‍ට ලැබී ඇත.
මෙය නිශ්පාදනයේ ප‍ටන් පුලුල් ප්රරචාරයක් ගෙනගිය අතර ඉන් aba.lk අඩවිය විශේෂය. මෙම චිත්ර ප‍ටය නිශ්පාදනයේදී අද්භුත සිදුවීම් රැසක් සිදුව ඇති අතර බොහෝ දර්ශණ සත්ය.ය දර්ශණ වේ. දක්ෂ ලෙස පැරණි ගම්මාණයේ සිට කැමරා කෝණය දක්වා නිමවා ඇති මෙම අබා චිත්ර පටය නවීන තාක්ෂණය හා එක්ව උසස් තත්වයෙන් පුලුල්තිරයේ සරවුන්ඩ් ශබ්ද සමග නිශ්පාදිතයි

දැන් දැන් රජය හැම එකටම බදු අයකරමින් සිටී. එහි අලුත්ම බද්ද තමා ජංගමදුරකථන සදහා පාරිසරික බද්ද. මීට මාස කීපයක‍ට පෙරත් රජය බදු වැඩි කල අතර 15% ‍වැ‍ට් බද්ද සමග අයකල 2.5% ක ජංගම දුරකථන සදහා වූ බද්ද 10% දක්වා වැඩිකර සී.ඩී.එම්.ඒ සදහාද පනවනු ලැබුවා. දැන් එම බදුවලට තවත් 2.5% ක බද්දක් පරිසර බද්ද නමින් ඇතුලත් කර ඇත. මේ නිසා දැන් මුලු බදු 30%ක් හෝ ඊට වැඩිවනු ඇත.

රජය පවසන පරිදි මේ බද්ද අයකරනුයේ අප භාවිතාකරන ජංගම දුරකථන ඉවතලූපසු ප්‍රතිචක්‍රීකරනයටය. එහෙත් ජංගම දුරකථනයක් භාවිතාකර ඉවතලනවිට එයින් තවත් ජංගම දුරකථනයක් ගන්නා තරමට රජය‍ට මෙම ක්‍රමයෙන් බදු එකතුකල හැක. එහෙත් මෙවැනි ක්‍රමයක් වැඩක් නැත. මන්ද ඩයලොග් ආවතනය දැන‍ටමත් ‍මෙම ක්‍රමය හදුන්වා දී ඇති අතර ඒ පාරිභෝගිකයාගෙන් මුදල් එකතු කර නෙ‍වේ, පාරිභෝගිකයාට මුදල් ගෙවාය. ඩයලොග් ආයතනයට ගෙනවිත් දෙන ඕ‍නෑම දුරකථනයක් හා බැ‍ටරි සදහා ඔවුන් ගෙවීමක් සිදුකරයි. ඉතින් මෙහෙම එකේ ඇයි පාරිභෝගිකයා‍‍ගෙන් මුදල් අයකරන්නෙ. අනික ඔය ක්‍රමය මගින් බදු අය කරනවා පමණි. එම දුරකථන නිසි ලෙස එකතුකරන්නේද නැත. ඉතින් කුනුභාජනය‍ට දමන දුරකථන රජය කෙසේද ප්‍රතිචක්‍රීය කරන්නෙ. ‍පොලිත්න්වත් හරිහැ‍ටි ප්‍රතිචක්‍රිය කරගත නොහැකි රජයක් ජංගම දුරකථන කෙසේ ප්‍රතිචක්‍රිය කරයිද?

අනෙක ඊට පෙර ප්‍රතිචක්‍රියකරනයට වෙනත් දේවල් නැද්ද? වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇත. ඒවාද ප්‍රතිචක්‍රිය කලයුතුය. එහෙත් ඒ සදහා බදු අයකිරීමට රජයට ක්‍රමයක් නැත. ‍රේගුවෙන් අයනරන බද්ද සෑම උපාංගයටම අයකරයි. එයිනුත් පැරනි උපාංග වල‍ට බදු අඩුය. ඉතින් බොහෝදෙනා පැරණි උපාංගම ගෙන ඒ. ඉය දියුනු වන රටකට හොන්දද? එමගින් ඇතිවන කුණු‍ගොඩත් ඉවත්කල යුත්තේ රජයම නොවේද? සාමාන්‍යයෙන් බොහෝ රටවල සන්නිවේදන සේවා සදහා බදු නැත. උදාහරනයක් තායිලන්තය. එහි ඇමතුමක් බාත් 1යි කීවොත් බාත් 1ම තමා. නමුත් අපේ 1.30යි. එමෙන්ම එහි බොහෝ දේවලට බදු අඩුය, බොහෝ ඒවාට නැත. එම නිසා අලුත් අලුත් දේ ‍වලින් ඒ රටවල් දියුනු වන විට අපේ රටවල් කුණුගොඩවල් වලින් ස්වයංපෝෂිත වේ.

රජය ඉතින් හැමදාම අලුත් නීති ගේනවනෙ. මේක අලුත් නීතියක් ගැනයි. මේ නීතියෙන් කාට‍ත් යහපතක්. මේ නීතිය ය‍ටතේ ලංකාව තුල අසබ්‍යය අඩවි වලට යාම තහනම් වනවා. මේ නීතිය මගින් දැනටමත් අන්තර්ජාල සපයන ආයතන වල‍ට නියෝග කර ඇති පරිදි තම සේවාව පෙරනය කිරිමට නියමිතයි. මේක නිසා අයාලේ යන හුගක් අය ආරක්ෂා වේවි.

මොකද දැනට නෙට් කැෆේ වල ළමයි හුගක් කරන්නේ කොල්ලො කෙල්ලො පොදිය පිටින් ඇවිත් අසබ්ය අඩවි බලන එක. ඒ අය අන්තර්ජාලෙ වෙන වැඩක‍ට ඇති වැඩක් නොදන්න තරම්. මේ නීතිය අනිත් අය‍‍ට කෙසේ වෙතත් ඒ පිරිසට හා නෙට්කැෆේ පවත්වන්  යන අයට විශාල බලපෑමක් ඇති කරයි. මොකද ඒ අය‍ට මේ අසබි දේවල් නැතිනම් අන්තර්ජාලයෙන් වැඩක් නැතිතරම්.

හැබැයි මේ නීතියෙ සාර්ථකත්වය රදාපවතින‍්නේ ඒ නීතියට සේවා සපයන්නන් දක්වන ප්‍රතිචාර හා යොදාගන්නා  තාක්ෂණය මතයි. මොකද ටැමිල්නෙට් එක මීට වසර කීපයකට පෙර ලාංකිකයන්ට තහනම් උනත් ලාංකිකයි කියන එකම සන්නිවේදන සමාගමේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට මේක බලපෑවෙ නෑ. මොකද සාමාන්‍යය පරිදිම ඔවුන්‍ට මේ අඩවියට පිවිසිය හැකි අද‍ටත්.

එමෙන්ම අනෙකුත් සේවාසපයන්නන්ගෙන් සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්‍ට වෙනත් ක්‍රම මගින් පහසුවෙන් මෙවැනි අඩවි පිරික්සිය හැකිය. එමෙන්ම මෙසේ අඩවි අවහිර කල ප්‍රධාන ජාලය වන්නේ පාසල් ජාලයයි. මෙහිද අසබ්‍ය‍යයි කියනා අඩවි අවහිර කර ඇත. නමුත් ‍එයද සාර්ථක ක්‍රමයක් නොවේ. එම ‍පෙරහනද බිදගෙන යාම සිසුන්‍ට සාමාන්‍යය දෙයකි. එහෙත් එය අදාල ගුරැවරයාට එය බැරිය. නමුත් මෙසේ අඩවි අවහිර කිරීමේදී ප්‍රයෝජනවත් අඩවිද අවහිර කරයි. සමහර ගූගල් හා යාහූ අඩවි ( නමුත් වීඩියේ සෙවුම හා පින්තූර සෙවුම අවහිර නැත) ද අවහිර කරයි.

මේ නිසා මෙයට යම් සාර්ථක පිලියම්ක් යෙදීම කාගේත් යහපතට හොදය. හරියට අසබි අඩවි නාමාවලියක් වැනි. එසේ නැතුව දැන‍ට ඇති අසැබි සියල්ල අවහිර නොකරන ප්‍රයෝජනවත් අඩවිත් අවහිර කරන ක්‍රම යෙදීම අපගේ අනාගත තොරතුරැ තාක්ෂණ දියුනුවට විශාල බාධාවකි. එය හරියට අපේ රටේ මෘදුකාංග වලට කලා වැනිය. නීතිය ‍හොන්ද උනත් එහි ගැලපීම, යොදාගැනීම හා ක්‍රියාකරවන ක්‍රමය මත එහි සාර්ථකත්වය රදාපවති.

කෙසේවෙතත් මෙවැනි නීති අපේ රටට අනාගතයේත් අවශ්‍යයය. නැතිනම් ප්‍රතමික අංශයෙන් පටන් හැමෝම මෙම ජරාවට ඇබ්බැහි වනු ඇත.


මේක ඩය‍ලොග් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්. පස්ගිය දිනවල රෑපවාහිනියේ උණුසුම් පුවත් යනුවෙන් නිතරම ඩයලොග් සමාගම අලුත් වාසියක් ගැන ඉදිරිපත් කලා. පසුගෙවුම් හා පෙරගෙවුම් වෙනසක් නැතිව සියලුදෙනා‍ට ලබාගත හැකි මෙම වාසිය හදුන්වන්නෙ ලයිෆ්ටයිම් බෝනස් නමින්. මේ පහසුකම ලබාගැනීමට මුලින්ම ලියාපදින්චිවිය යුතුයි. ඒ සදහා රැ 477/= ‍ගෙවිය යුතු වෙනවා. ඉන් පසු මෙම වාසිය අතිවිදිය හැකි.

මෙහිදී ල බාගන්නා ඇමතුම් සදහා දෙවන විනාඩියේදී 25% ක මිල අඩුකිරීමක් හා 3න් වන විනාඩයත් ඉන් පසු ගන්නා සියලු මිනිත්තු සදහා 50%ක දීමනාවකුත් හිමිවෙනව. ඒ කියන්නෙ රැ5 ට ගන්න ඇමතුමට තුන්වන විනාඩියේ සි‍ට රැ2.50යි. ඊට අනුව බදු මුදලුත් අඩුවන නිසා ‍මේක ලොකු වාසියක්.

හැබැයි මේ වාසිය වලංගු වන්නෙ ලංකාව තුල ඇමතුම් සදහා පමණි. එමෙන්ම මෙම පහසුකම සදහා කි‍ට් ඩබල් ය‍ටතේ ලබාගන්නා ඇමතුම්, විශේෂ කණ්ඩායම් හා පැකේජ අතරේ ගන්නා ඇමතුම් හා ප්‍රාතමික හා අතිරේක සබදතා අතරේ (‍ෆැමිලි පැකේජය වැනි, හමුදා හා විශේෂ කණ්ඩායම් වල‍ට ලබාදුන් මිල අඩුකල විශේෂ සබදතා අතරේ) ගන්නා ඇමතුම් සදහා මෙම පහසුකම වලංගුනොවේ.

එමෙන්ම මේ කිසිම දීමනාවක් කෙටිපණිවිඩ හා අන්තර්ජාල සදහා හි‍මිනොවේ

අනිත් හැමෝම සේවාසපයන්නන් බොනස් ලබාදෙද්දි ඩයලොග් අමුතුම බෝනස් එකක් දුන්න එකනම් හොන්දා. ඒත් මේක ලබාගන්න මුලින් රැ477 ක් ගෙවන්න ඕනෙ එකයි අවුල.


මේක සිංහල ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්, ඊට වඩා ඩනිෂ්ක අයිය‍ට. ඒ වගේම මෙ‍ච්ච‍ර කල් ගෙන ගිය නිවැරදිකිරීම් වල ප්‍රතිපලයක්. ඩයලොග් සමාගම නිකුත්කරන Zero77 සගරාවේ අගෝස්තු නිකුවේ, එනම් අගෝස්තු 3 දින නිකුත් වීමට නියමිත නිකුතුවේ සිංහල ෆයර්ෆොක්ස් ගැන් විස්තරයක් ඇතුලත්. මට හිතෙනිනෙ ඒකෙනම් හරි. පින්තූරය‍ට යටින් ඒක සිංහලට සංර්ධනය කලේ ධනිෂ්ක අයිය කියලත් තියනව. වැඩිවිස්තර සගරාවෙන්ම බලාගන්න. මම හිතනව මේකෙ විස්තර හරි කියල