දැන් ජංගමදුරකථන සේවා සපයන්නන් දිනෙන් දින අලුත් අලුත් දීමනා හදුන්‍වාදීම් අතරේ අලුත්ම හදුන්වාදීම තමා මොබිටෙල් සමාගම රාජ්‍යය සේවකයන්ට හදුන්වාදුන් රාජ්‍යයසේවය පිණිසයි පැකේජය.
මේ පැකේජය ලබාගැනීමට හිමිවිය යුතු එකම සුදුසුකම වනුයේ රාජ්‍යයසේවකයෙක් වීම පමණි. පසුගෙවුම් පැකේජයක් වන මෙම පැකේජයේ මාසික ගාස්තුව රැ 240/- කි. එනම් දිනකට රැ 8/- කි. මෙහි විශේෂත්වය ස්ථාවර අංක හෝ මොබිටෙල් වෙත ගන්නා ඇමතුම් නොමිලේ වීමයි. නොමිලේ කීවට මාසෙකට මිනිත්තු 1000කි පමණි නොමිලේ වන්නෙ.එනම් ආසන්න වශයෙන් දිනකට පැය භාගයකි.
නමුතු මෙම මිනිත්තු 1000ට අයත් වන්නෙ (ලබාගන්නා ඇමතුම් නොමිලේ වන්නෙ) රාත්‍රි 12 සිට සවස 6 වනතුරැ පමණි. සවස 6 සිට රාත්‍රි 12 වනතුරැ ස්ථාවර අංක හෝ මොබිටෙල් ගන්නා ඇමතුම් සදහා මිනිත්තුවකට සත 50කි. එමෙන්ම මෙම මිනිත්තු 1000 ඉක්මවූවිටත් ස්ථාවර අංක හෝ මොබිටෙල් අංකවෙත මිනිත්තුවක් සත 50 කි.
තවද අනෙක් ජාලයන් ( ජංගමදුරකථන) වෙත ගන්නා ඇමතුම් මිනිත්තුව රැ 3/- කි. ලැබෙන ඇමතුම් සියල්ල නොමිලේ වන අතර සබදතා ගාස්තුව රැ 1000/- කි.මොබිටෙල් වෙත කෙටිපණිවිඩයක් සත 25කි











Comments
Leave a comment Trackback