ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අපගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.
මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති පිරිසක්ය.
නමුත් දැන් ……
මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ විට එම සිසු සිසුවියන් නවක වදයට ලක්වෙති. මේ නවක වදය ඈත අතීතයේ සිටම පැවතුනත් දැන් එය අතීතයේ දෙන ලද්දේ විනෝදෙනි. ඉන් එම නවක වදයට ලක්වන සිසුන්ටද මානසික හෝ කායික පීඩන නැත. එසේ කරනුයේ එම ප්‍රජාවට ගැලපෙන සේ නවක සිසුන් හැඩගස්සවා ගැනීමටය. එහෙත් දැන් හැඩගස්සවන්නේ සිරැරෙනි. ඒ බයිසිකල් චේන්, පොලු, මුගුරැ වැනි ආයුධ වල උදව්වෙන් මරණය හෝ බාගෙට මරණය අත්කර දෙමිනි.
ඉන්පසු අභ්‍යන්තර ගැටුම්ය. එහිදීත් සිසුන් දිවිදෙති, රෝහල් ගතවෙයි. ඒ අතර තුර පෙලපාලි හා උද්ගොෂණය. මෙම සිසුන්ට ඉගනීමට වඩා විසදීමට ඇත්තේ ලෝක ප්‍රශ්ණය.
මේ ආකාරයෙන් ඉගනීම සීමා වුනු විශ්වවිද්‍යාල ජීවිතය ඇත්‍තෙන්ම අමිහිරි කාලයකි. එම දෙමාපියන්ට දරැවන් යුද්ධයට ඇරියාටත් වඩා නිවසට එනතුරැ හිතේ සතුටක් නැත. එමෙන්ම පාසලෙන් ටිකක් හෝ හැදියාවක් ඇතිව විශ්වවිද්‍යාලයට ඇතුලත්වන සිසුවා ඉන් එලියට එන්නේ කාඩයෙකු ලෙසය. ඔහු මැරයෙකු මෙන් සමානය.
මේ නිසා අද බොහෝ සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කර විදේශ ගතවෙයි. නැතිනම් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙයි. එහෙත් නැතිබැරැ දෙමාපියන්ගේ දරැවන් එම දෙමාපියන්ට මෙම බිල්ලට දීමට අකමැත්තෙන් හෝ සිදුවනු ඇත.











Comments
Leave a comment Trackback