මේක කුඩ මෘදුකාංගයක්. හැබැයි වැඩ ගොඩයි. සාමන්‍යයෙන් තම ජංගම දුරකථනය සමග ලැබෙන මෘදුකාංගයට වඩා වැඩි යමක් කරගැනීමට නමි හොන්දම මෘදුකාංගය මයි ෆෝන් එක්ප්ලෝරා. එහි විශේෂාංග රැසකි. තම සෝනි එරික්සන් දුරකථනය USB හරහා Phone Mode හෝ Bluetooth නැතිනම් IR හරහා තම පරිගණකයට සම්බන්ධකර මෘදුකාංගයේ ඇති Search Device ක්ලික් කල පසු තම දුරකථනය පහසුවෙන් හදුනාගන්නා අතර ඉන්පසු එහි ඇති සිටලු දේ මෘදුකාංගය මගින් බාගත කරගනු ලබයි.
ඒ අතර දුරකථන නාමාවලිය, කෙටිපණිවිඩ, කැලැන්ඩරය වේ. මෙසේ බාගතකරගනු ලබන තොරතුරැ පහසුවෙන් සොයාගත හැකි පරිදි වර්ග කරනු ලබන අතර, ඒවා වෙනස් කිරීමට මෙන්ම නව ඒවා එක් කිරීමටද මෙමගින් හැකියාව ඇත.
එලාම් තිබීමට, ෆයිල් කොපි කිරීමට මෙන්ම දුරකථනයේ මතකයන් වෙන වෙනම දැනගැනීමට, සිග්නල් තත්වය බැලීම මෙන්ම කෙටිපණිවිඩ යැවීමටද හැකියාව ඇත. මෘදුකාංගය Tray එකට හෝ Minimize කර ඇති විටද ලැබෙන කෙටිපණිවිඩ පවා බැලුනයක ආකාරයට පෙන්නුමු කරයි. එමෙන්ම ඇමතුම් ගැනීමට, එන ඇමතුම් වලට ප්‍රතිචාර දීමට, මෙන්ම දුරකථකනයේ යතුරැපුවරැව පරිගණකයෙන් පාලනයට මෙමගින් මනාව අවස්තාව සලසා දෙයි.
දුරකථනය කලමනාකරනයට පමනක් නොව පරිගණකය හරහා දුරකථනය පරිහරනයටද මෙය හොන්ද මෙවලමකි.
බාගැනීමට – http://www.fjsoft.at/en/downloads.php







Like


Comments
Leave a comment Trackback