මේ දවස්වල විභාගෙ වැඩ නිසා ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරැවුනා. මේ ලගද මගෙ යාලුවෙක් ඩයලොග් මොබයිල් අන්තර්ජාල සබදතාවයක් ලබාගත්ත. Dialog unlimited Mobile Broadband කියන සබදතාවයයි ලබාගත්තෙ. මේකෙ වේගය 7.2 Mbps එනව කීවට එයාල දෙන මොඩම් එකටවත් ඒතරම් වේගයක් එන්නෙ නෑ. හැබැයි 512Kbps වලට වඩානම් එනව. ආරන්චියෙ හැටියටනම් කොලඹට වේගෙ මීට ටිකක් වැඩියිලු. මොනව කීවත් මේකෙ ප්‍රශ්ණ ගොඩයි.
විශේෂයෙන්මෙ මේ සබදතා හිමියන්ට rapidshare.com අඩවියෙන් බාගතකිරීම් කිරීමේදී ගැටලු ගොඩක් එනව. මේ අඩවියෙන් මොනව හරි බාගත කිරීමේදී අපේ පරිගණකයෙත් නොවන IP ලිපිණයක්න් දැනට මා බාගත කිරීම් කරන බවත් එම නිසා එය ඉවරවන තුරැ ඉන්නා ලෙසත් පවසනව. නැතිනම් දිනයේ සීමාව ඉක්මවා ඇති බව පවසනවා. ඒවගේම් elakiri වගේ අඩවියකින් සින්දුවක් වගේ බාද්දිත් හෙන වෙලා බලන් ඉන්න වෙනව. ඒකෙත් කියන්නෙ ඉස්සෙල්ලා කථාවමයි. අපි සිදුකරන බාගතකිරීම අවසන් වනතුරැ රැදීසිටින්න කියනව. ඒක මහ කැත වැඩක්නෙ. මොකද ටෙලිකොම්ලගෙ සබදතාවයන් නෙට්වර්ක් කරල ඩවුන්ලෝඩ් කලත් මේවගේ ගැටලුවක්නම් ඇවිත් නෑ. ඒත් මේක මල ඇනයක්. මුකුත් බාගන්න බෑ
සාමාන්‍යයෙන් වේගය විචල්‍යය උවත් EDGE ඇති කුලුණකදී 300Kbps කට ආසන්න වේගයක් ලබාගන්න පුලුවන්. අපි කුරැණෑගල නගරය ආසන්නයේ ඉන්දලත් වැඩිපුරම සිග්නල් එන්නෙ වෙන කුලුණකින්. ඒකෙ 3G නෑ. ඒක නිසා EDGE වලින් එනෙ වේගය එන්නෙ. ඒක නිසා මොඩම් එකෙන් ගියත් එකයි අපේ ෆෝන් එකේ මොඩම් එකෙන් ගියත් එකයි.
ඒත් එකම වේගෙ එකම දිගට එන්නෙ නෑ. හිටිගම්න් අඩ්වෙනව. සමහර වෙලාවට GPRS වලට වැටෙනව. එතකොට වේගෙ ගැනනම් කියන්න දෙයක් නෑ. හැබැයි වෙබ් බ්‍රව්සරේන් අන්තර්ජාලය සැරිසැරීමේදීත් හොන්ද වේගයක් එනව. අඩවිය හා රැදීමට සුලුවේලාවක් (ගනන් ගත නොහැකි තරම්) ගත්තත් පිටුව ඩවුන්ලෝඩ් වෙන්න ගත්තහම ටක් ගාල බාගත වෙනව. හැබැයි GPRS හරි සිග්නල් අඩු ප්‍රදේශයක ඉදන් මේක පාවිච්චි කරද්දි වහක්. කෙසේවෙතත් ගෙදරක භාවිතයටනම් මේක ඇති. සිගනල් තියනවනම්. පවසන වේගයම ආවෙ නැතත්.
තව දෙයක් අමතක උනා. මේක මම මුලින් හිතන් හිටියෙ කොපි ගහල මාත් යාලුවත් එක්කම භාවිතා කරන්න. ඒත් ඒ වැඩේ හරියන්නෙ නෑ. මෙයාල දෙන්නෙ 3G සිම් එකක්. ඒක සුපර් සිම් එකට කොපිකරන්න බෑ. කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.











Comments
Leave a comment Trackback