මමත් මේ මාසෙ ආව GTA IV ගහන්න කියල දින්න ගත්ත. ඒත් කොහෙද…. ඒකෙ ඩීවිඩී දෙක විතරක් ආසන්ව වශයෙන් 14GB තියනව. ස්ථාපණයටත් ඒවගේම ඉඩක් යනව. ඒවගේම GeForce 7900 හරි ATI 1900 වැඩි VGA එකක් ඕනෙ. ඒ වගේම මේකට 2GB මතකයක් හා Intel Core2Duo ප්‍රොසෙසරයක් ඕනෙ. ඒත් මෙයාල ඉල්ලන්නෙ Intel Core2Quard එකක්.
ඒත් මේක ගහන එක කෙසේවෙතත් දාන එක තමා ලොකුම ගේම් එක. ඒකට විස්ටා සර්විස්පැක් 1 හරි වින්ඩෝස් සර්විස් පැක් 3 ඕනි. මම විස්ටා එක අප්ඩේට් කලා ඒත් ඒක සර්විස් පැක් 1 ට අප්ඩේට් වෙන්න හෙන දවසක් යයි වගේ. මොකද තුන් හතර පාරක් අප්ඩේට් ඩවුන්ලෝඩ් කලත් හරිගියෙ නෑ. අන්තිමට මයිකෝසොෆ්ට් අඩවියෙන් සර්විස්පැක් එක බෑව.
ඒක දාලත් ගේම් එක ගහන්න හදද්දි ඩොස් වින්ඩෝව ඇවිත් අයින් වෙනව. අන්තිමේට කොහොම හරි ගේම් ෆෝ වින්ඩෝස් ලයිවු කියන මෘදුකාංගය ස්ථාපනය කල. දැන් අවුලක් නැතිව වැඩ. මේක මහ විකාර හැදෙන ගේම් එකක්. හැමවෙලාවෙම ස්ක්‍රීන් එක කැරකෙනව.











Comments
Leave a comment Trackback