Browsing Posts published in January, 2009


ටෙලිකොම් සමාගම මුලදි DialUp සබඳතා ලබාදුන් අතර ඒ සබදතාවල උපරිම වේගය 56kbps ට සීමා උනු අතර එම සබදතාවලින් එම වේගයවත් බොහෝවිට නොලැබුනු අතර බොහෝවිට දහවල්කාලයට වඩා රාත්‍රිය වේගවත් විය. නමුත් මේවායේ භාවිතාවන කාලය සදහා අයවුනි. ඒ සමගම ISDN සබදතා ලබාදුන්නත් ඒවා දැන් භාවිතයට වඩා භාවිතා කිරීම අඩු වුනු අතර එයට ප්‍රධානම‍ හේතුවක් ලෙස වේගයට සාපේක්ෂව සබ ඳතා මිල ඉතා ඉහල විය. ඒත් මීට වසර කීපයකට පෙර ටෙලිකොම් සමාගම ADSL තාක්ෂණය ඔස්සේ පුලුල් පරාස සබදතා ලබාදුන් අතර ඒවා ‍මිලෙන් බොහෝදෙනාට දැරිය හැකි මට්‍ටමක පැවති අතර ඒ හා සමගම ඒවායේ වෙගයද ඉහල විය. එම නිසා මේවන විට එම සබදතා බොහෝ නිවාස හා කාර්යාල වලට ලබාගෙන ඇති අතර ඒ අතරින් බොහෝ දෙනා නිවස වලට ලබාගත්තේ මාසිකව රු 1000/- ක් අයකරන සබදතාවයයි. එ‍හි වේගය ට වඩා මාසිකව ලබාදෙන දත්ත සීමාවක් විය. එය මාසිකව ගිගාබයිට් 1කි . එම සීමාව ඉක්මවුන් පසු මෙගාබයිටයක‍ට රු 1/- බැ‍ගින් ‍මෙගාබයිට් 250 කොටස් වශයෙන් අයකරයි. මේ මිලගනන් දැනටමත් මේසේමය. එහෙත් ටෙලිකොම් සමාගම පුලුල්පරාස සබදතා දෙන කාලයේම මොබිටෙල් සමාගම 3G තාක්ෂණය මුල්කරගෙන විවධ පුලුල්පරාස සබදතා ලබාදුන් අතර එවායේ එම කාලයේ මෙගාබයිටයක් රු 1/- වු අතර මෙගාබයිට් 10 කොටස් වශයෙන් අයකරන ලදී. එහෙත් මීට මාසයකට දෙකකට පෙර මොබාටෙල් සමාගම තම පුලුල්පරාස සබදතා මිලගණන් 50% කින් අඩුකල අතර ඒ අනුව මෙගාබයිටයක් ශත 50 ක් විය. නමුත් ටෙලිකොම් සමාගමේ මිලගනන් හා වේගයන් එසේම මිය. එමෙන්ම මොබිටෙල් සමාගම HSDPA ආවරන කලාප තුල සිටින අයට 1mbps හා සබදතාවය අනුව ඊට වැඩි වේගයන් ලබාදේ.

මොබිටෙල් HSDPA

SLT ADSL

මාසික වාරිකය

රු 750/-

රු 1000/-

නොමිලේ ලබාදෙන දත්ත ප්‍රමාණය

2GB

1GB

අමතර භාවිතයන්ට අයකිරීම (1MB)

ශත 50

රු 1/-

උපරිම බාගත වේගය

1Mbps

512Kbps

උපරිම උඩුගත වේගය

1Mbps

128Kbps

රැගෙනයාහැකි බව

ආවරණය ඇති ප්‍රදේශයන්ගේ භාවිතා කල හැකි නමුත් හොන්ද වේගයග් ලබාගැනීමට ආවරණය ඇති ප්‍රදේශයන්ගේ භාවිතා කල හැකි නමුත් හොන්ද වේගයග් ලබාගැනීමට 3G හෝ HSDPA ආවරන කලාපයක සිටිය යුතුයි

ස්ථාන මාරුකල නොහැක. සබදතාවය ලබාදී ඇති ස්ථානයේ පමණි. ලිපින වෙනස්කිරීමට වෙනමම ගෙවිය යුතුවේ

අමතර භාවිතයන්ට අයකිරීම

රු 5/- කො‍ටස් එනම් 10MB කොටස් බැගින්

රු 250/- එනම් 250MB කොටස් බැගින්

සබදතා ගාස්තු

රු 500/- හා රු 1500/- ක තැන්පතුවක්

රු 1000/- (ටෙලිකොම් සබදතාවයක් නැතිනම් රු 8000/- සිට)

උපකරණ ගාස්තු

රු 10000/- ආසන්න වශයෙන්

රු 4000/- ආසන්න වශයෙන්

ඇමතුම් ලබාගතහැකි බව

නොහැක

ලබාගත හැකිය

සුදුසුකම්

මොබිටෙල් ආවරණය තිබිය යුතුයි. නමුත් හොන්ද වේගයක් ලැබීමටනම් 3G හෝ HSDPA ආවරන කලාපයක සිටිය යුතුයි

ටෙලිකොම් ADSL ආවරණ කලාපයක සිටිය යුතුයි.

විසන්ධිකිරීමේදී නැවත ගෙවීම්

තැන්පත්කල රු 1500/- නැවත හිමිවේ.

-

මේ අනුව ටෙලි‍කොම් සමාගමේ රු 1000/- පැකේජය ලබාගැනීමට වඩා මොබිටෙල් සමාගමේ සභදතා ලබාගැනීම වාසිදායකය. එහෙත් ටෙලි‍කොම් සමාගමේ රු 2250/- ක පැකේජයෙන් මොබිටෙල් තරම් වේගයක් නොලැබුනත් අසීමිත භාවිතයක් හිමිවේ. එම නි‍සා මාසිකව අසීමිතව බාගත කරගන්න එම පැකේජයය හොන්ද උවත් සාමාන්‍යය භාවිතය සදහා ලබාගන්නා රු 1000/- සබදතාවය‍‍ට වඩා මොබිටෙල් සබදතාවය ලාබය හා වාසිය.

දැන් මොබිටෙල්ලත් ඩයලොග් වගේ අපිටම අපේ සේවා වෙනස්කරගැනීමේ පහසුව දීල තියනව‍. *888‍‍#මගින් මෙම සේවාව ලබාගත හැකි අතර එමගින් දැන් මොබිටෙල් පෙරගෙවුම් පාරි‍භෝගිකයන්ටත්මිස්කෝල් ඇලර්ට් සක්‍රිය කරගත හැකිය. ඉන්පසු කාර්ය බහුල හෝ ක්‍රියා විරහිත අවස්‍තා වල‍දි තම ඇමතුම් 0710111000 ට යොමු කිරිමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර අනෙක් සක්‍රියකිරී‍ම් මෙන්ම මෙතෙක් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ලබානොදුන් මගහැරැනු ඇමතුම් දැනගැනීමේසේවාවත් දැන් ලබාගත හැකිය‍.

මමත් දැම්ම windows 7, හැබැයි ම‍ගෙ රැම් එක 384,ප්‍රොසෙසරය සාමාන්‍යයෙ පෙන්‍ටියම් 4 එකක්. ඒත් ස්ථාපනය උනා. හැබැයි Aero නම් නෑ. මොකද මගෙ රේ‍ටින්ග්ස් වල අඩුම තියෙන්න 2.0. ඒ රැම් එකට. එතින් එයිරෝ වැඩ නෑ. ඒත් වැඩකල හැකි වේගයක තියනව. බැලූ බැල්මටම මේක මැක් වල කොපියක්. මොකද ටාස්ක් බාර්එක තනිකරම මැක් වල වගේමයි. විවෘත කරන මෘදුකාංග වල අයිකන මෙහි පෙන්නනව. ඒ වගේමයි ඒ අයිකන් ලගින් මවුසය ගෙන යන විට ඒවගේ කුඩා දර්ශන දැකගත හැකි.
පේනට් එක, කැල්කියුලේටරය, වර්ඩ් පෑඩ් අලුත් කරල. ඔෆිස් 2007 වල මුහුනුවර දීල තිබ්බ. ඒ වගේමයි මෙම වර්ඩ්පෑඩ් වල ඔෆිස් 2007 ගොනුත් විවෘත කිරීමේ හැකියාව ඇති අතර මම හිතන්නනෙ ඒ අර ඔෆිස් ෆයිල් ෆෝමැට් එක ප්‍රමිතිකරනය කල නිසා වෙන්න ඇති. හැබැයි ඒක ලොකු දෙයක්. පේන්ට් වලත් වැඩ වැඩි කරල. මුලික වැඩකටයුතු ගොඩක් කරගැනීමේ හැකියාව හෙහි තියනව.
ඒවගේම තමා මේක විස්ටා වලට වඩා හොන්දින් වැඩ කරන්න පුලුවන්. වේගවත්. ඒ වගේමයි ස්‍ටාර්ටප් ලෝගෝ එකෙන් අමුතු ගතියක් දීල තියෙනව. මේක තාම බීටා සංස්කරනයක් උනත් හොන්දින් වැඩකරන්න පුලුවන්. ඒ කියන්නෙ අවසන් සංස්කරනයේ හොන්ද ගතිගුන තියේවි. මේකෙන් පද්ධතිය රේටින්ග් කිරීමෙදිත් විස්ටා වලට ව‍ඩා වැඩි අගයන් පෙන්වනව.
ඒ වගේම තමා අපි භාවිතා කරන හැම මෘදුකාංගයටම වගේ වෙන වෙනමම අතීත මතකයන් තියාගන්නව. සමහර වි‍ට ඒක ටිකක් භයානක වෙන්නත් පුලුවන්. ඒත් ඒක ලේසි
හැබැයි හෙල්ප් හා සපෝට් ගෙනුනම් තාම විස්ටා ඒව. ඒත් තීම් වලට අලුත් මුහුනුවරක් දීල තියනව. හැමවෙලාවෙම මුල්පින්තූරය (වෝල් පේපරය) මාරැවෙනව. කැල්කියුලේටරයටත් අලුත් ගුනාංග එකතුකරල. යුතු මැක්ස් එකේ අයිය ලියාපදින්චියෙන් තොරව දින් 30ට වඩා භාවිතා කරනවලු. ඒත් නිත්‍යානුකූල නොවන පිටපතක් කියනව හැ‍රෙන්ට වෙන ප්‍රතිචාරයක් නැතිලු. ඒක නිසා ක්රැක් එක හමුඋවත් එය දැම්මෙ නෑ. හැබැයි බොහෝ මෘදුකාංග වල බොහෝ සංස්කරන වලට සහය දැක්වීම අඩුයි. විස්‍ටාවල හොන්දින් ධාවනය වන මෘදුකාංගත් හරියට සෙටින්ග්ස් නැතුව ධාවනය වෙන්නෙ නෑ.
හැබැයි සයිඩ්බාර් නැතත්, විස්ටාවල ගැජට් මේකෙ භාවිතා කරන්න පුලුවන්. මේකෙ ඩිරෙක්ට් එක්ස් 11 තියෙන්නෙ. ඒ වගේම ලිනක්ස් වල වගේ ‍මෙමරි ඩයග්නොස්ටික් ටූලයක් මේකෙ දියුනුකරල තියනව. ඒ වගේම තමා විස්ටා වල නැතත් මෙහි ‍පරිගණකය රේටින්ග් කිරීමේදී HD විඩියෝවලට සහයදැක්වීම ගැනත් සොයාබලනව.
සිංහල විස්ටාවලට එන ක්වික් ‍ෆික්ස් දැම්මහම ඇති. හොන්දට වැඩ.
ඒ වගේම වින්ඩෝස් පවර් ෂෙල් කියල අලුත් කමාන්ඩ් ප්‍රොම්ට් එකක් හදල තියනව. පද්ධති පාලකයන්ට. Tablet PC Input Panel යත් විස්ටාවලට වඩා හොන්දින් හදුනාගන්නව.

දැන් එයාටෙල්ල අසීමිත භාවිතයක් සදහා දැන් අන්තර්ජාල පහසුකම් ලබාදී තිබෙනව. මේ අන්තර්ජාල පහසුකම සදහා මාසිකව ගෙවිය යුතුවන්නේ රු 1499/- කි. ඒ මුදලට මෙයාට අපිට අසීමිත සැරැසැරීමක් ලබාදෙනව. ඒ වගේමයි මෙයාලගෙ පාරිභෝගික නිලධාරීන් කියන විදිහට මේ පැකේජයේ ඩයලොග් අන්තර්ජාල පහසුකම් වල වගේ වේගය අඩාලකිරීමක් සිදුකර්‍න්නෙත් නෑලු. ගන්න යන්නෙ රු 500/-යි. ඒකට 3.6mbps වේගයක් ලබාගත හැකි.
මේක අරගන්න අපේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරෑපක් හා අපේ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සමග ලිපිණය තහවුරැ කිරීමේ ලියකියවිල්ක් අරගෙන යන්න වෙනව. මෙයාලගෙ පාරිභෝගික සේවාව විකාර කියවනව. තුන්දෙනෙක්ගෙන් ඇහුවොත් තුන්විදිහක් කියන්නෙ. මේකෙ තියන ඒව දෙන්නෙක්ගෙන් අහල තමා දැම්මෙ.
හැබැයි මේ සබදතාවය ගන්න වෙන් මේ 25 වෙනිදගෙන් පස්සෙලු. මෙයාල කියන විදිහට බොහෝ ප්‍ර‍දේශ HSDPA ආවරණය කරල තියෙන්නෙලු. ඒත් වේගයන් ගැන කියන්න තාම දන්නෙ නෑ. හැබැයි මෙයාල මේ කියපු විස්තර‍‍රේනම් සුවර් නෑ. බොහෝදුරට හරි ඇති. මොනව උනත් මෙබයිල් පුලුල් පරාස සබදතාවලින් මේක ලාබයි. අසීමිත භාවිතය හා 3.2 ක වේගය නිසා. හැබැයි ඒ වේගය එනවනම් හොන්දා

දැන් හුගක් දෙනා එයාටෙල් ගැන ලොකු බලාපොරොත්තුවකින් හි‍ටියෙ. ඒක සාධාරනයි. මොකද මාත් ලොකුවට එයටෙල් ගැන හිතන් හිටිය. බලන් යද්දි මෙයාල කරල තියෙන්නෙ අපිව ගොනාට ඇන්දවීමක් වගේ. හැබැයි ඒකෙන් වාසි නැතිවම නොවේ. මුලින්ම මෙයාල අපේ කට්ටිය ලවා කෙටිපණිවිඩ නොම්ලේ, ජාලය තුල ඇමතුම් ගාස්තු අවමයි, හෝ නොමිලේ යන වශයෙන් විවිධ බොරු රාශියක් පැතිරෙව්ව. ඒ වගේම තවත් බොහෝ පැකේජ ගැන විස්තර එක එක විදියෙන් දැනගන්න ලැබුන. ඒක නිසා මෙයාල එන්න අවුරැදු කීපයක ඉන්දන් ලොකු කථාවක් ගිය. මේ ගැන හුගක්ම සතුටු උනේ හැම වෙලාවෙම දුරකථන එල්ලිලා ඉන්න අයයි.
අන්තිමේට ලංකාවෙ සේවය දෙන්න ලංවෙද්දි විවධ විවිධ ප්‍රචාර ගෙන ගියා. හැබැයි නිල වශයෙන් මෙයාල ප්‍රචාරය කලේ හලෝ ශ්‍රීලංකා වෙලද දැන්වීම පමණයි. ඒ දැන්වීම ප්‍රචාරය වීම ආරම්භ වන දින වලම මෙයාල මෙයාලගෙ වහල තිබ්බ කාර්යාල ඇරල තිබ්බ. ඒ ගිය සදුද. ඒ කාර්යාල වල මාර සෙනගක් හිටියෙ. ඒ සියලු දෙනාම ඇවිත් හිටියෙ නිකම් සිම් ගන්න. අපේ අයත් නිකම් දෙන පොරෝ පාරක් උනත් පොරකාල ගන්න අයනෙ. ඒක නිසා කාර්යාල වල වන්දනා කාලෙට සිරීපාදෙ වගේ. ඒකෙන් ලාබෙ ඒ අ‍වට තියන කොමියුනිකේෂන් වලට. මොකද ඒවගෙන් තමා පුරවපු අයදුම්පත ‍පිටපත් කරගන්නෙ. ඒ වගේමයි බෙදන අයදුම්පත් ඉවර උනාම ඒව ගන්නෙත‍් අවට කොමියුනිකේෂන් වලින්.
ඒත් මේ අය කිසිම කෙනෙක් නිල ප්‍රචාරයකට නෙවේ ඇවිත් තියෙන්නෙ. ක‍ටින් කට ගිහින් තමා ඇවිත් තියෙන්නෙ. ඒත් ‍මේ කිසිම කෙනෙක් මේ සිම් නිකන් දෙනවද? කියලයත් හරිය‍ට දන්නෙ නෑ. සමහරැ අයදුම්පත් ‍මිටිපිටින් භාරදුන්නෙ. අනික කිසිම කෙනෙක් මෙයාලගෙ ගාස්තු ගැනවත් දන්නෙ නෑ. අඩුගානෙ ඒ කාර්යාල වල කාර්යමණ්ඩලයවත්. මේ වගේ තත්වයක් උඩයි අපේ අය පොර කකා සිම් වලට අයදුම් කලේ. හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ නම්බර් ඉල්ලුය අයගෙන් සීමිත පිරිසකට විතරක් මෙයාල කථාකරල තමා ඉල්ලුය අංකය ගන්න පුලුවන් කියල.
ඒත් ගානම් ගැන හරි හැටි නොදැන මෙහෙම යන එක කොච්චර හොන්දද… ඒක මෙයාල මෙච්ර කල් නිල නොවන මට්ටමින් ගෙන ‍ගිය ප්‍රචාර වල සාර්ථකත්වය තමා. ඒ ‍අයදුම් පත් ගන් ආව හැමෝම වගේ කියන්න අවු‍ට්ගොයින් ‍ෆී කියල… අපිට වෙලාවකට හිනත් යනව.
මෙයාල මේ විදිහට හෙන ගොඩකගෙ අයදුම්පත් අරගෙන නිල වශයෙන් ආරම්භ වන දිනයෙවත් මෙයාලගෙ ගාස්තු ගැන මුකුත් සදහ‍නක් මෙයාලගෙ අඩවියෙවත් දාල තිබ්බෙ නැ. ඒ මදිවට කුරැණැගලින් එන සංඥා සමහර වෙලාවට විතරයි එන්නෙ. හවසට නෑ. මම හිතන්න 12 වෙනිද මෙයාල කරල තියෙන්නෙ නිල වෙබ් අඩවිය නිකුත් කිරීම පමණයි වෙන්න ඕනි. මොකද 12 උදේ අනෙක් ජාල වලින් මෙයාලගෙ ජාලෙට ගන්න බෑ. සම්බන්ධ කරන්නෙ නෑ. අංකය වැරදි කියන්නෙ. ‍අඩුම ගානෙ මෙයාලගෙ පාරිභෝගික සේවාවටවත්. හැබැයි හවස් වෙද්දි වැඩ. ඒත් පාරිභෝගික සේවාවෙ පටිගත කරපු පිලිගැනීමේ කථාව විතරයි. අනිත් මුකුත් නෑ. ඔබන්න කිවන අංක එබුවට ඒවට ප්‍රතිචාර දක්වන්නෙවත් නෑ.
මේ අතරෙ සමහර අය ප්‍රවර්ධන වැඩසටහනක් කියල එක එක ගනම් දාල මේල් යැවුව. අපිටත් ආව.
හැබැයි මේකෙන් අපිට වාසිත් තියනව. මොකද බොහෝදෙනා කියන විදිහට ‍ලංකාවෙ ‍ජංගම දුරකථන ඇමතුම් ගාස්තු මෙච්චර අඩු උනේ මෙයාල එනව කියල ආව ආරන්චිය නිසාලු. ඒකෙන් වාසිය අපිට තමා. මොකෙන් හරි අපේ ඇමතුම් ගාස්තු අඩුවෙලා විශේෂ සේවාවන් රාශියක් තියනව කැමති එකක් තෝරගන්න.
ඒත් මෙයාලගේ පෙරගෙවුම් හා පසුගෙවුම් ‍සියලු පැකේජ වල ඇමතුම් ගාස්තු සමානයි. විශේෂ අංක සදහා විශේෂ සේවා ගැන සදහනක් තාම නෑ. අනික මෙයාලගෙ පෙරගෙවුම් සබදතාවල අනිවාරිය ගාස්තුවකුත් තියනව. ඒ සීමාව පන්නල නියමිත අංක නැතිව හැම අංකෙටම ඇමතුම් ගන්න පෙරගෙව්ම් පාරිභෝගිකයට මේක වාසි. ඒත් කිට් ඩබල්, මැන්ගෝ ෆ්‍රෙන්ඩ්, මයි 10, වගේ සේවාවන් භාවිතා කරල ගන්න වාසිය මේකෙන් ගන්න බෑ. ෆීඩම්, උපහාර, ඩයලොග් 1000 මිනිත්තු නොමිලේ වගේ දීමනාවක්වත් තාම නෑ. අනික ‍ටිගෝලගෙත් ඇමතුම් ගාස්තු මීට අඩුයි.
මෙවැනි තත්වයක් තුලයි අපේ අය ‍මේකට සෙච්චරම පොරකන්නෙ. අනික මෙයාලගේ සේවාවෙ ගුනාත්මක භාවය, අන්තර්ජාල වේගය ගැනත් කිසිම දෙයක් තාම කිසිකෙනෙක් දන්නෙ නෑනෙ.

එයාටෙල් ලංකා සමාගම නිල වශයෙන් නිකුත් කරන ලද ඔවුන්ගේ ඇමතුම් ගාස්තු පහත පරිදි වේ
මෙහි සාරාංශයක් අනුව ඇමතුම් ගාස්තු සියලුම ජාලයන් වෙත රු 2/- වේ. දේශිය කෙටිපණිවිඩ රු1/-කි


පෙරගෙවුම්

පැකේජය – Celebration හා Hello SL
මාසික ගාස්තුව – රු 50/- *
උපරිම මිල – රු 249/-(Celebration), රු 199/- (Hello SL)

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 1

අය කිරීම මිනිත්තුවට
පළමු මස සදහා රු 100/- ක ඇමතුම් කාලයක් නොමිලේ


පසු ගෙවුම්

පැකේජය – Hello SL Postpaid 300
සක්‍රිය කිරීමේ ගාස්තු – රු 750/-
මාසික අවම අයකිරීම – රු 300/-
මාසික භාවිත වට්ටම – රු 300/-

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 10

පැකේජය – Hello SL Postpaid 600
සක්‍රිය කිරීමේ ගාස්තු – රු 750/-
මාසික අවම අයකිරීම – රු600/-
මාසික භාවිත වට්ටම – රු 1200/-

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 10

පැකේජය – Anual Plan 1800

සක්‍රිය කිරීමේ ගාස්තු – රු 1800/-
මාසික භාවිත වට්ටම – රු 150/-

ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ

ලබාගන්නා ඇමතුම්
එයාටෙල් වෙත – රු 2/-
අනෙක් ජාලයන්ට – රු 2/-

කෙටි පණිවිඩ
එයාටෙල් වෙත – රු 1/-
අනෙක් දේශිය ජාලයන් වෙත – රු 1/-
විදේශීය ජාලයන් වෙත – රු 5/-

අන්තර්ජාල පහසුකම්
GPRS/HSDPA ‍උපරිම වේගය – 3.2 mbps
කිලෝබයිටයක් ශත 10

අනෙකුත් දත්ත පැකේජයන් හා විස්තර මෙම සබැදුමෙන් බාගත කරගත හැකිය
http://lirneasia.net/wp-content/uploads/2009/01/airtelsl_rates-12jan091.pdf

විශේෂ ස්තුතිය – http://lirneasia.net/

ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පුවත්පත් හරහා පල කර තිබු ලංකාවේ කෙටි දුරකතන අංක පිලිබද විස්තරය.

110
හදිසි ගිනිනිවීම හා හදිසි අනතුරැ ගිලන්රථ සේවා සදහා

ගිනි නිවීම් සේවා – කොළඹ සහ මහනුවර
ගිලන්රථ සේවා – කොළඹ කුරැණෑගල හා ගාල්ල මහනගර සභා බල ප්‍රදේශ

114
යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය

කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් පිලිබද තොරතුරැ ලබාදීම

115
කොළඹ නගර සභා මෙහෙයුම් ඒකකය

කොළඹ මහනගර සභා ප්‍රදේශයේ කැලිකසල සහ ඒ හා සම්බන්ධ තොරතුරැ ගැනීම

116
ගුවන් හමුදා ඇමතුම් ඒකකය

සැක සහිත ගුවන් යානා පිලිබදව තොරතුරැ ලබාදීම

118
ජාතික ආරක්ෂාව පිලිබද මෙහෙයුම් මධ්‍යස්ථානය

ජාතික ආරක්ෂාව පිලිබද තොරතුරැ

119
පොලිස් හදිසි සේවා

හසිදි මහජන පැමිණිලි

*ඉහත අංක සදහා ඇමතුම් ගාස්තු නිදහස් වේ

1900
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව

විදුලි සංදේශන සේවාවන් පිලිබද පැමිණිලි

1912
සංචාරක කටයුතු අමාත්‍යංශය

සංචාරක පැමිණිලි

1919
රාජ්‍යය තොරතුරැ කේන්ද්‍රය

රාජ්‍යය ආයතන පිලිබද තොරතුරැ

1920
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය

කෘෂිකර්මාන්තය ආශ්‍රිත තොරතුරැ විමසීම

1929
ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය

ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම

1939
ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය

ජල සම්පාදනයට අදාල ගැ‍ටලු විසදීම

1954
අල්ලස් හෝ දූෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව

අල්ලස් හා දූෂණ පිළිබද පැමිණිලි

1973
ශ්‍රී ලංකා ගුවන් සේවය

ගුවන් සේවාවන් පිළිබද තොරතුරැ ලබාගැනීම

1991
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය

පරිසර හා ස්වාභාවික සම්පත් ආශ්‍රිත පැමිණිලි

*1929 අංකය සදහා ඇමතුම් ගාස්තු නිදහස්වේ

අද එයාටෙල් නිලවශයෙන් සේවාව අරබනව කීවනෙ. ඒත් මේ වෙනකොටත් අනෙක් සේවා සපයන්නන්ගෙන් එයාටෙල් පා‍රිභෝගික සේවාවටවත් ගන්න බෑ. හැබැයි දැන් නිවල තිබ්බ කුලුනු හුගක් ආරම්භ කරල. ඒ වගේමයි වෙබ් අඩවිය. ඒත් කිසිම පැකේජ හෝ ගනම් හිලව් ගැන විස්තරයක් මෙයාලගෙ වෙබ්අඩවියේ නෑ. සමහර ඒව ඉන්දියන් කෑලි.
හැබැයි මේතරම් අදින එකනම් හොන්ද නෑ. මොකද අද එනව කීවනම් අදම එන්න ඕනි. අඩුගානෙ විස්තරේවත් වෙබ් අඩවියෙ තියෙන්න ඕනි. ඒව තාම දාල නෑ.

අපේ රටෙ සපයන සෑම අන්තර්ජාල සබදතාවයක් පාහේම වාගේ අප රටේ සර්වර් සමග සම්බන්ධ වීම‍ට ගතවන කාලයට වඩා වැඩි කාලයක් අන්තර්ජාතික සර්වර් සමග සම්බන්ධවීමට ගතවේ. එනම් විදේශීය සර්වර් සමග සම්බන්ධවීමට වඩා අපේ රටේ සර්වර් සමග සම්බන්ධ වීමට වැඩිවේගයක් හිමිවේ. සර්වර් හා සම්බන්ධ වීම සම්බන්ධව ලර්න් ආසියා අඩවිය කල සමීක්ෂණ ප්‍රතිථල මෙම පුරුක මගින් ලබාගත හැකිය.
තවද අපරටේ මුලු පරිගණක ජාලයම ගතහොත් එම මුලු ජාලයටම විදේශීය ජාල හා සම්බන්ධ වීමේ වේගයේ සීමාවක් තිබේ. අප නිවස‍ට 512 Kbps , 2Mbps හෝ HSDPA සබදතා ලබාදුන්නත් මෙම සියලු සබදතා වන් එක්ව ගත්විට විශාල වේගයක් සැපයීමට සේවා සපයන්නාට සිදුවේ.
එමෙන්ම මෙම සියලු දේශීය පාරිභෝගිකයන්‍ ගෙන් වැඩි පිරිසක් දේශීය සර්වර් වලට වඩා විදේශීය සර්වර් සමග සම්බන්ධ වීම නිසාවෙන් මුල් ජාලයම පාහේ විදේශිය ජාලයන් වෙත සම්බන්ධ කිරීමට සේවාසපයන්නාට සිදුවේ. තවද මින් සැලකිය යුතු පිරිසක් දේශීය වෙබ් අඩවි හා සම්බන්ධ උවත් එම දේශීය අඩවි වලින් වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ වි‍දේශයන්ගේය. එම නිසා අප සියලුදෙනා වැඩියෙන්ම සම්බන්ධවන්නේ විදේශීය ජාලයන් සමගවේ.
එහෙත් මෙම දේශීය අඩවි සදහා විදේශයන් හා සම්බන්ධවීම වෙනුවට දේශීය සර්වර් හා සම්බන්ධ වීමට බැරිකමක් නැත. එහෙත් එයට අවශ්‍යය පසුබිම අපරටේ නැති තරම්ය. අප රටේ සිටින බොහෝ බෙබ්හෝස්ටින්ස් සේවා සපයන්නන්ගේ සර්වර් මෙන්ම අපරටේ සිට මෙහෙයවන බොහෝ ජනප්‍රිය අඩවිවල සර්වර්ද ඔවුන් පවත්වාගෙන යන්නේ විදේශයන්ගේය. එයට ප්‍රධානම හේතුව එමරට වල අඩු මිලට හොන්ද වේගයක් සහිත අන්තර්ජාල සබදතා සැපයිමයි. එවන් සබදතාවයක් ලංකාවෙන් ලබාගැනීමට ඉතා අධික මුදලක් ගෙවීමට සිදුවේ. එමෙන්ම එම සබදතාවල බිදවැටීම්ද අවමය. එමෙන්ම අපරටේ සේවා සපයන්නන් සතුවද දේශීය ‍වෙබ් හෝස්ටින්ග් සර්වර් තිබුවත් එම සර්වර් වලින් සපයන සේවාවන්ගේ මිල ඉතා අධිකය. එම නිසාවෙන් විදේශිය සර්වර් භාවිතයට අ‍පරටේ වේබ් අඩවි හිමිකරිවන් පෙලබේ. ‍මෙම ‍නිසා අපරටේ මුලු ජාලයම පාහේ කෙලින්ම විදේශිය ‍සර්වර් හා සම්බන්ධ වීමක් සිදුවේ. නමුත් මෙම අඩවි අප රටේ පිහිටුවහොත් අපේ රටේ ජාලයෙන් වැඩි පිරිසක් අපරටේ ජාලය තුලම රැදී සිටී. එය වැඩි වේගයක් ලැබීමටද හේතුවක්. එමෙන්ම එම නිසා විදේශිය ‍සර්වර් හා සම්බන්ධ වීමේදී වැඩි වේගයක් ලබාගත හැකිවා මෙන්ම වැඩි පිරිසකට ගුණාත්මක සේවාවක් ලබාගැනීමටද හේතුවක් වේ.
නමුත් මේ සදහා මුල පිරිය යුත්තේ අපරටේ සේවා සපයන්නන්ය. ඔවුන්ගේ වේග සීමාවන් රැක ගැනීම‍ටද එය හේතුවකි.

අද දින පුවත්පත් දැන්වීම් පලකිරීමත් සමග එයාටෙල්සමාගම නිලවශයෙන් තම සිම් පත් නිකුත්කිරීම අරබා ඇති අතර ඔවුන්ගේ කාරියාලද විවෘතකර ඇත. ඒ අනුව අපට කැමති අංකයක් නොමිලේ ලබාගතහැකි වන අතර ඒ සදහා කල යුත්තේ අපි කැමති අංක 5 ක් සමග අපගේ විස්තර ඇතුලත් ෆෝමරය පුරවා දීම පමණි. ඒ අනුව ඔවුන් ටික දිනකින් අප හට නොමිලේම එම අංක වලින් භාවිතයේ නොමිති එක් අංකයකට සිම් පතක් ලබාදෙනු ලැබේ.