ටෙලිකොම් සමාගම මුලදි DialUp සබඳතා ලබාදුන් අතර ඒ සබදතාවල උපරිම වේගය 56kbps ට සීමා උනු අතර එම සබදතාවලින් එම වේගයවත් බොහෝවිට නොලැබුනු අතර බොහෝවිට දහවල්කාලයට වඩා රාත්‍රිය වේගවත් විය. නමුත් මේවායේ භාවිතාවන කාලය සදහා අයවුනි. ඒ සමගම ISDN සබදතා ලබාදුන්නත් ඒවා දැන් භාවිතයට වඩා භාවිතා කිරීම අඩු වුනු අතර එයට ප්‍රධානම‍ හේතුවක් ලෙස වේගයට සාපේක්ෂව සබ ඳතා මිල ඉතා ඉහල විය. ඒත් මීට වසර කීපයකට පෙර ටෙලිකොම් සමාගම ADSL තාක්ෂණය ඔස්සේ පුලුල් පරාස සබදතා ලබාදුන් අතර ඒවා ‍මිලෙන් බොහෝදෙනාට දැරිය හැකි මට්‍ටමක පැවති අතර ඒ හා සමගම ඒවායේ වෙගයද ඉහල විය. එම නිසා මේවන විට එම සබදතා බොහෝ නිවාස හා කාර්යාල වලට ලබාගෙන ඇති අතර ඒ අතරින් බොහෝ දෙනා නිවස වලට ලබාගත්තේ මාසිකව රු 1000/- ක් අයකරන සබදතාවයයි. එ‍හි වේගය ට වඩා මාසිකව ලබාදෙන දත්ත සීමාවක් විය. එය මාසිකව ගිගාබයිට් 1කි . එම සීමාව ඉක්මවුන් පසු මෙගාබයිටයක‍ට රු 1/- බැ‍ගින් ‍මෙගාබයිට් 250 කොටස් වශයෙන් අයකරයි. මේ මිලගනන් දැනටමත් මේසේමය. එහෙත් ටෙලිකොම් සමාගම පුලුල්පරාස සබදතා දෙන කාලයේම මොබිටෙල් සමාගම 3G තාක්ෂණය මුල්කරගෙන විවධ පුලුල්පරාස සබදතා ලබාදුන් අතර එවායේ එම කාලයේ මෙගාබයිටයක් රු 1/- වු අතර මෙගාබයිට් 10 කොටස් වශයෙන් අයකරන ලදී. එහෙත් මීට මාසයකට දෙකකට පෙර මොබාටෙල් සමාගම තම පුලුල්පරාස සබදතා මිලගණන් 50% කින් අඩුකල අතර ඒ අනුව මෙගාබයිටයක් ශත 50 ක් විය. නමුත් ටෙලිකොම් සමාගමේ මිලගනන් හා වේගයන් එසේම මිය. එමෙන්ම මොබිටෙල් සමාගම HSDPA ආවරන කලාප තුල සිටින අයට 1mbps හා සබදතාවය අනුව ඊට වැඩි වේගයන් ලබාදේ.

මොබිටෙල් HSDPA

SLT ADSL

මාසික වාරිකය

රු 750/-

රු 1000/-

නොමිලේ ලබාදෙන දත්ත ප්‍රමාණය

2GB

1GB

අමතර භාවිතයන්ට අයකිරීම (1MB)

ශත 50

රු 1/-

උපරිම බාගත වේගය

1Mbps

512Kbps

උපරිම උඩුගත වේගය

1Mbps

128Kbps

රැගෙනයාහැකි බව

ආවරණය ඇති ප්‍රදේශයන්ගේ භාවිතා කල හැකි නමුත් හොන්ද වේගයග් ලබාගැනීමට ආවරණය ඇති ප්‍රදේශයන්ගේ භාවිතා කල හැකි නමුත් හොන්ද වේගයග් ලබාගැනීමට 3G හෝ HSDPA ආවරන කලාපයක සිටිය යුතුයි

ස්ථාන මාරුකල නොහැක. සබදතාවය ලබාදී ඇති ස්ථානයේ පමණි. ලිපින වෙනස්කිරීමට වෙනමම ගෙවිය යුතුවේ

අමතර භාවිතයන්ට අයකිරීම

රු 5/- කො‍ටස් එනම් 10MB කොටස් බැගින්

රු 250/- එනම් 250MB කොටස් බැගින්

සබදතා ගාස්තු

රු 500/- හා රු 1500/- ක තැන්පතුවක්

රු 1000/- (ටෙලිකොම් සබදතාවයක් නැතිනම් රු 8000/- සිට)

උපකරණ ගාස්තු

රු 10000/- ආසන්න වශයෙන්

රු 4000/- ආසන්න වශයෙන්

ඇමතුම් ලබාගතහැකි බව

නොහැක

ලබාගත හැකිය

සුදුසුකම්

මොබිටෙල් ආවරණය තිබිය යුතුයි. නමුත් හොන්ද වේගයක් ලැබීමටනම් 3G හෝ HSDPA ආවරන කලාපයක සිටිය යුතුයි

ටෙලිකොම් ADSL ආවරණ කලාපයක සිටිය යුතුයි.

විසන්ධිකිරීමේදී නැවත ගෙවීම්

තැන්පත්කල රු 1500/- නැවත හිමිවේ.

-

මේ අනුව ටෙලි‍කොම් සමාගමේ රු 1000/- පැකේජය ලබාගැනීමට වඩා මොබිටෙල් සමාගමේ සභදතා ලබාගැනීම වාසිදායකය. එහෙත් ටෙලි‍කොම් සමාගමේ රු 2250/- ක පැකේජයෙන් මොබිටෙල් තරම් වේගයක් නොලැබුනත් අසීමිත භාවිතයක් හිමිවේ. එම නි‍සා මාසිකව අසීමිතව බාගත කරගන්න එම පැකේජයය හොන්ද උවත් සාමාන්‍යය භාවිතය සදහා ලබාගන්නා රු 1000/- සබදතාවය‍‍ට වඩා මොබිටෙල් සබදතාවය ලාබය හා වාසිය.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl