Browsing Posts published in January, 2009

වර්ඩ්ප්‍රෙස් සදහා භාවිතා Guzel Pro වන පෙන්‍ම මම සිංහලට හැරෙවුව. මෙහි කරන්න තියෙන්නෙ පහත පුරැක බාගෙන එහි පිටපත්ක් පිටපත් කරගෙන GuzelPro ෆෝල්ඩරයේ languages ෆෝල්ඩරයට පිටපත් කර WordPress සැකසුම් වල Theme Languages වලින් සිංහල තේරීමෙන් මෙම පෙනුම දාගත හැකිය. වැරදි ඇති. තියන ඒව කියන්න. මම හදන්නම්.


මෙතනින් බාගන්න
http://malindahome.googlepages.com/sinhala.txt

දැනට බොහෝ අන්තර්ජාල සේවා අප අතර තිබුනත් අලුතින් HSDPA අන්තර්ජාල සබදතා දීම ආරම්භ කල ඩයලොග් සමාගමෙන් සීමා රහිත 7.2 Mbps ක වේගයක් ඇති අන්තර්ජාල සබදතාවයක් ලබාගැනීමට හැකියාවක් තිබේ.
මේ සදහා මාසිකව උපරිම බදු රහිතව රු 6000 /- මුදලක් ගෙවීමට සිදුවේ. එනම් (http://sinhala.kalingasblog.com/2008/09/16/dialog-unlimited-mobile-broadband-hsdpa-vs-mobitel-m3-borodband/) දරන කාලිංගගේ බ්ලොග් සටහනට අනුව ඩයලොග් මගින් ලබාදෙන HSDPA සබදතාවයක් සදහා 7.2 Mbps ක වේගයක් හි‍මිවෙන බව සමාගම පවසනවා. එමෙන්ම මෙම සබදතාවය සීමා රහිත උවත් සාධාරන භාවිත කොන්දේසි නිසා මාසික (යම් මසක 15 දින සිට ඊලග මස 14 දක්වා) භාවිතය 5GB දී හා 6GB ඉක්මවීමේදිදී වේගයන් 64Kbps දක්වා අඩුකිරීමක් සිදුකරනව. මේ ආකාරයෙන් සාමාන්‍යය භාවිතයට මාසිකව රු 2990/- ගෙවිය යුතු අතර මෙම සබදතාවය විශ්වවිද්‍යාල හැදුනුම්පත් හිමියෙකු ලබාගතහොත් මාසික ගාස්තුවට 50 % ක වට්ටමක් හිමිවෙනව. ඒ අනුව ඔන්ගේ මාසික ගාස්තුව රු 1490/- කි
එසේම තමා මෙම සභදතාවය භාවිතයේදී නියමිත පරිභෝජන සීමාව ඉක්මවුවිට එම මාසයේ (යම් මසක 15 දින සිට ඊලග මස 14 දක්වා) තමාට හිමිවන වේගය සමාගම විසින් අඩුකරනු ලබනවා. නමුත් මෙම අහිමිවූ වේගය දිනකට රු 100/- බැගින් ගෙවීමෙන් නැවත ලබාගත හැකිවනවා.
එම නිසා අප මෙම සබදතාවයක් ගත්විට පරිබෝජනයේදී වේගය අඩුවුවහොත් නැවත ලබාගත හැකි නිසා මේ සබදතාවය දීර්ග වශයෙන්ම 7.2Mbps ක වේගයක් සහිත සීමා රහිත සබදතාවයක් බවට පත්කරගත හැකිය. ඒ අනුව උපරිම මාසිකව අමතර රු 3000/- (දිනක‍ට රු 100/- බැගින් දින 30ක් ) ක් ගෙවීමට සිදුවෙනව. ඒ අනුව මාසික ගාස්තුව රු 2990/- ට මෙම රු 3000/- එක්වු විට මාසිකව රු 6000/-කට 7.2Mbps සබදතාවයක් ලබාගතහැකි වනව. එමෙන්ම මෙම සබදතාව‍ය සදහා විශ්වවිද්‍යාල හැදුනුම්පත් හිමියෙකුට (රු 1490/- + රු 3000/-) රු 4490/- කට ලබාගත හැකි.
එහෙත් මෙම සබදතාවය ලබාගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් හා ගැටලු රැසක් තිබෙනව. (http://malindaprasad.blogspot.com/2008/12/dialog-mobile-broadband.html) යන මාගේ පැරණි සටහන අනුව මෙම සබදතාවයෙන් 7.2 ක වේගයක් ලබාගැනීමට HSDPA ආවරණ කලාපයක සිටිය යුතු‍ වනව. නමුත් ඩයලොග් සමාගමේ බොහෝ HSDPA ආවරන කලාප තුලත් මොබිටෙල් සමාගම තරම් හොන්දටවත් එනම් 7.2 ක වේගයක් ලබාගැනීම අසීරැයි. නමුත් මෙම ගැටලුව මොවුන්ගේ කුලුණු අතර ගොඩනගන ප්‍රකාශතන්තු මගින් සම්බන්ධ වන නව ජාලව නිමවීමත් සමග හරියාමටද ඉඩ ඇත. ඒත් එය හරියාකාරව කිව නොහැකිය. එමෙන්ම මෙහි ඇති තවත් ගැටලුවක් නම් මෙම සබදතාවය මගින් සම්බන්ධ වීමේදී අනෙක් මොබිටෙල් හා ටෙලිකොම් සබදතා වලට‍ සාපේක්ෂව වෙබ් පිටු සමග සම්බන්ධ වීමට සැලකිය යුතු කාලයක් ගතවේ(ping එක ටෙලිකොම් හා මොබිටෙල් සමාගම් වලට වඩා වැඩිවේ) . එමෙන්ම මොවුන්‍ගේ සේවාවේ ගුණාත්මත භා‍වයේත් ගැටලු නැතිවාම නොවේ. මොවුන් අපට ‍අනේක් සබදතාවල මෙන් වෙනස් වන හෝ වෙනමම අන්තර්ජාල IP ලිපිනයක් ලබානොදෙන අතර ඔවුන්ගේ ජාලයේ IP ලිපිනයක් පමණක් ලබාදේ. එම නිසා සමහර අඩවි මගින් බාගත කිරිමේදී ගැටලු මතුවේ.
නමුත් අනෙක් සාමාන්‍යය කටයුතු වලට සෑහෙන තරම් වේගයක් ලබාදෙන මෙම සබදතාවය රු 6000/- කට අඩුවෙන් ලබාගත හැකිය. එය වාසියකි. නමුත් මෙම සබදතාවය ගැනීමට පෙර තම ප්‍රදේශයේ ආවරනයන් හා වේගයන් ගැන සලකා බැලිය යුතුය.

මම නිකමට වගේ ස්පීඩ් ටෙස්ට් කීපයක් කලා. ඒවගෙන් අමුතුම ජාතියෙ ප්‍රතිපල වගයක් තමා ආවෙ.
මම අරන් තියෙන්නෙ 3G Daily Delight කියන එකේ 25 පැකේජය. ඒ අනුව මට ගත හැකි උපරිම වේගය 1Mbps. නමුත් මට පහත ආකාරයේ අමුතුම වේගවල් කීපයක් ආව. අනික මට HSDPA තිබ්බ‍ට සිගනල් තියෙන්නෙත් එකක්. ඒකවත් හරි නෑ. හැබැයි මේකෙ සේවා සපයනඒනට මොබිටෙල් කියලනම් වැටෙන්නෙ නෑ. ඒත් කලින් ගත්ත ඒවගෙ වැ‍ටුන

මෙන්න කලින් ගත්ත

මෙතන්න පල්ලෙහා ඒව අද ගත්ත ඒව. ඒවගෙ සේවා සපයන්න නෑ

මාගේ බ්ලොග් අඩවිය කියවන ඔබට එහි නව ලිපි ඊමේල් මගින් නොමිලේ ලබාගැනීමේ පහසුකම දැන් සලසා ඇත. ඒ අනුව දිනය අවසානයේ එදින නව ලිපි ඔබට ඊමේල් ලිපියක් ලෙස ලැපෙනු ඇත. මේ සදහා කල යුත්තේ මාගේ ‍බ්ලොග් සටහනේ දකුණු පැති තීරැවේ ඇති Email Subscription හි ටෙක්ට් බොක්ස් එකට ඔබගේ ඊමේල් ලිපිණය ඇතුලත් කිරීමයි. ඉන්පසුව වෙනමම වින්ඩෝවක එය සක්‍රිය කිරීමේ පිටුවක් දිස්වේවි. එහි ඔබගේ ඊමේල් ලිපිණයට පහතින් ඇති අකුරැ කීපය එහි ටෙක්ස් බොක්ස් එකට ඇතුලත් කිරීමෙන් පසු පලමු පියවර සාර්ථක වන අතර ඒ මොහොතේම ඔබට ඔබගේ ඊමේල් ලිපිණය සහතික කිරීමට ඊමේල් ලිපිණයක් ලැබෙනු ඇත. එහි ඇති ලින්ක් එක ක්‍ලික් කිරීමෙන් පසු ඔබ සාර්ථකව ලියාපදින්චි වන අතර ඉන්පසුව එදින සිට‍ ඔබට ඊමේලි මගිනුත් ‍මාගේ සටහන කියවිය හැකිය


මට හිතුන අලුත් අවුරැද්දෙ පලමු සටහන මගෙ අලුත් අන්තර්ජාල සබදතාවය ගැන ලියන්න. ම‍ට HSDPA මොඩම් එකක් හම්බුනා. ඉතින් අපේ ගෙදරට ඩයලොග් HSPA හරියන්නෙ නැති නිසා මොබිටෙල් දාගත්ත. අපේ ගෙදරට මොබිටෙල් හා ඩයලොග් දෙ‍කෙන්ම සිග්නල් එන්නෙ කුරැණෑගලින්. ඒත් මොබිටෙල් සිග්නල් හොන්දා. මුලින් මේ හරියෙ ටවර් එකකින් 3G සිග්නල් ආවට අන්තර්ජාලෙට සම්බන්ධ උන ගමන් HSDPA වලට මාරැවෙනව.

මමත් ඉතින් මොබිටෙල් එකේ වලට මාරැවෙනව.

මමත් ඉතින් මොබිටෙල් එකේ 3G Daily Delight දා ගත්ත. ඒකෙ වේගය හොන්දා. මම ස්පීඩ් ටෙස්ට් එකකුත් කලා. (ඒක මෙතනින් බලන්න) . වේගය මෙගාබයිට් එකක් දෙනව කීවට ටෙස්ට් එකේදිනම් ඊට වඩා වේගයක් ආව. සාමාන්‍යය සැරිසැරීම් වලව වගේම ඩවුන්ලෝඩ් කරන්නත් නියමයි. හොන්ද වේගයක් එනව. මේකෙ 90% ක් පාවිචිචි කලාම කෙටි පණිවිඩයක් එනව. දෙවෙනි පණිවිඩේ ආව ගමන් සම්බන්ධතාවය විසන්ධි වෙන්නෙ නෑ. ඒ එන්නෙ මගේ නොමිලේ ලැබෙන සීමාව ඉවරයි. මෙතන ඉදන් සාමාන්‍ය විදියට අය වෙනව කියලයි. ඉතින් ඒක ආව ගමන් විසන්ධි කරනව. මම කොතටත් DU Meter දාගෙන ඉන්නෙ. ඒකෙන් බලාගන්න පුලුවන් තරම