මීට දින කීපයක සිට මාගේ සේවාදායකය මාරුකිරිම නිසා ඇතිවු දෝෂ නිසාත් DNS දත්ත යාවත්කාලීන වීමේ ගැටලු නිසාත් මාගේ අඩවිය බොහෝ දෙනාට පරිශීලනයට නොහැකිවිය. මේ නිසා සිදුවු දෝෂ ගැන මාගේ කණගාටුව. මෙය සමහර රට වල මෙන්ම සමහර සේවා දායකයන්ගේ පමණක් දෝෂ සහගත වුනු අතර මෙම දෝෂ දැන් නිරාකරනයවී ඇතැයි මා සිතමි.
මෙම දෝෂ හටගත් මොහොතේ සිට මා හට උදවුකල හර්ෂණ අයිය, චානුක වත්තේගම මහතා, සමන් මහතා ඇතුලු නන් අයුරින් උදව්කල සියලු දෙනාට මා ස්තුතිවන අතර එම දෝෂ ගැන බ්ලොග් කියවන්නන් දැනුවත් කල චරිත අයියටත් මගේ ස්තුතිය (මෙතනින් බලන්න)
මේච්චර කල් විවිධ දීමනා හා මිල අඩුකිරීම් එක දිගට දීගෙන ගියේ ජංගම දුරකථන සඳහායි. දැන් ඩයලොග් සමාගම තම ස්ථාවර දුරකථන සදහා මාසිකව නොමිලේ ඇමතුම් කාලයක් ලබාදෙනව. ඒ මාසිකව රු 300/- කට. Blaster නමින් හැදින්වෙන මෙම පැකේජයේ ආරම්භක ගාස්තු නොමැති අතර අය කිරීම තප්පරයට. නමුත් ටෙලිකොම් දුරකථන සදහා මාසිකව රු 400/- ක ඇමතුම් කාලයක්නොමිලේ දුන්නත් මේ දීමනාව එයිට වඩා වාසිදායක අතර නමුත් මෙයි බදු 24.44%කි. එය ටෙලිකොම් හි බදු මුදල මෙන් දෙගුණයකට ආසන්න අයකිරීමකි.
මේ සබදතාවය ලබාදෙන්නෙ ETA 2029 හා 2051 කියන දුරකථන සදහායි. අලුතෙන් ගන්නවනම් රු 5599/- ක් හා භාවිතා කල දුරකථනයේ පැකේජය මාරුකරනවනම් රු 1000/- ක් අයකරනව.
මේකෙ මාසික ගාස්තුව රු 300/- ට මිනිත්තු 1800ක් නොමිලේ වන අතර ටෙලිකොම් මෙන් ආරම්භක ගාස්තු නෑ. ඒවගේමයි මේකෙ මිනිත්තු 1800 වලංගු වන්නෙ Dialog CDMA ජාලය අතර පමණි. නොහමිලේ ලැබෙන සීමාව ඉක්මවුවිට එම ජාලය තුල ඇමතුමක් මිනිත්තුවකට රු 1/- කි. එමෙන්ම අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් මිනිතුවක් රු 2/- කි
මට මේ ආරන්චිය කීවෙ චානුක වත්තතේගම, ඒත් පෙරේදා සවස සිට මගේ අඩවිය ස්ථාපනය කර ඇති සර්වරයේ දෝෂයක් නිසා අද තමයි දාන්න වෙන්නෙ. දැන් ඩයලොග් සමාගමත් තම පාරිභෝගිකයන්ට මොබිටෙල් 3G Daily Delight වගේ පහසුකමක් දැන් හදුන්වා දෙනව. ඒක තමා Prepaid Broad Band කියන්නෙ. මෙක හැබැයි මේක වෙනස තියෙන්නෙ මේ සබදතාවයේ මිනුම් සිදුකරනුයේ අනෙක් ජංගම දුරකථන අන්තර්ජාල සේව මෙන් භාවිතා කරන ධාරිථාවට නොව කාලයටයි.
මේකෙ මුල්ම තේරීම රු 20/- න් පටන් ගන්නෙ. රු 20/- මිනිතුතු 30 ක සැරිසැරීම් කාලයක් ලබාදෙන අතර එය දිනය ඇතුලත ඕනෑම ලෙස පැය භාවිතා කල හැකිය.
නෙක් පැකේජය රු 50/- ක් වන අතර මෙමගින් පැය 2ක සැරිසැරීම් කාලයක් ලබාදෙන අතර එම පැය දෙක දින තුනක් තුල ඕනෑම වේලාවක භාවිතා කල හැකිය
අනෙක් පැකේජය රු 400/- ක් වන පැය 24 ක සැරිසැරීමක් ලබාදෙන පැකේජයයි. එය සතියක කාලයක් වලංගුයි.
මෙහි ඇති විශේෂත්ය නම් මෙම සබදතාවය 3G Daily Delight මෙන් නොව භාවිතයට දිනකට වඩා කාලයක් ලබාදීමයි.
එමෙන්ම මෙය පසුගෙවුම් වල සක්රිiය කිරීමට “KBB ලෙස 678ට කෙටිපණිවයක් යොමුකිරීමෙන් මෙය සක්රිුය කරගත හැකිය. උදා “KBB 20”
පෙරගෙවුම් වල සක්රිකය කිරීමට “KBB“ පමණක් යොදා 678 වෙත කෙටිපණිවිඩයක් යොමුකල යුතුයි. මගේ හැගීම අනුව ඒසේ යොමුකල විට රු 20/- තේරීම වෙන්න ඕනි සක්රි7ය වෙන්නෙ
එමෙන්ම මෙම සබදතාවය සක්රිටය කරගත් පසු අන්තර්ජාල සම්බන්ධවන APN (Access Point Name) ගොනුව kitbb ලෙසයි යෙදිය යුත්තෙ
හැබැයි ඩයලොග් සමාගම පවසන විදිහට මේකට වෙනමම සිම් පතක් ලබාගතයුතුයි කියලයි පාරිභෝගික සේවාව කියන්නෙ. දත්ත සිම් පතක්. නැතිනම් තිබෙන සබදතාවය මාරුකල යුතුයිලු. ඒත් එහෙම කලාම මේකට ඇමතුම් ලැබීමක් නෑ. ඒ අතින් මොබිටෙල් නම් පහසුයි. මේකෙ විකාර කියවනව . ඒත් ඩයලොග් වෙබ් අඩවියෙ FUP තිබෙන බව පැවසුවත් මෙයාලගෙ පාරිභෝගික සේවාවනම් කියන්නෙ මේකට FUP නෑ කියලයි. ඒ අතින් විතරයි වාසිය. අ… තව වාසියක් නෙවේ පහසුකම්ක් දෙනව. මෙයාලගෙ වෙබ් අඩවියෙන් අපේ භාවිතය පරික්ෂාකල හැකියි. වාසිනම් එච්චරයි වෙන්න ඕනි. ඔය කීවට අපේ පෙරගෙවුම් සිම් වලටත් වැඩඩ දන්නෙ නෑ. මම තාම දාල බැලුවෙ නෑ.
මේකෙ වේගය 1.2Mbps කියලයි කියන්නෙ. ඒ වගේම තමා මෙයාලගෙ මොබිටෙල් වගේ ක්ෂණිකව සක්රිෙය වෙන්නෙ නෑ. ඒකට එයාල උපරිම පැය 4 ක් ඉල්ලනව. පැය 4න් සක්රිවය නොවුනොත් පාරිභෝගික සේවාව අමතන්නලු. මම මගේ ඩයලොග් පෙරගෙවුම් සබදතාවයක් රු 10/- තිබියදීත් මෙය සක්රිණය කිරීමට කෙටිපණිවිඩයක් යැවුව. හැබැයි මෙයාලගෙ පාරිභෝගික සේවාවෙන කීව වගේ මගෙ සබතාවෙ කිසිම මාරැකිරීමක් කලේ නෑ. ඒත් මෙයාලගෙන් කෙටිපණිවිඩයක් ආව තව පැය 4ක් ඇතුලත සක්රිාය වෙයි කියල. මාර පහසුකම.
මට මගෙ බ්ලොග් එකට තීම් හොයද්දි Encrypt කරපු තීම් එකක් හම්බුනා. ඒකෙ පාදය එයාල encrypt කරල, අපි වෙනස් කරයි කියල. ඒත් ඒක අපිට ඕනි විදිහට වෙනස් කරගන්න පුලුවන් අපිට
මොහමයි කරන්නෙ
මිල්නම ඒ Encrypt කරපු අකුරු ටික Footer.ini එකෙන් හරි කොහෙන් හරි වෙනත් වෙනස් කලයුතු තැනකින් කොපි කරගන්න
හැබැයි eval(base64_decode(“ යන කොටසත් “)); කොටසත් අතර අකුරු ටික කොපි කරන් එම
http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx
ඇති පලම් කොටුවට ඇතුලත් කර Decode කර යටින් එන කේත පිටපත් කරගෙන ඒවා ඉහත eval(base64_decode(“ encoded String “)); කොටස මකා ඒ වෙනුවට අර පිටපත් කරගත් කේතයන් දමා Save කර බලන්න. දැන් අවශ්‍යය ආකාරයට වෙනස් කල හැකිය
මේ ආකාරයට base64 හැර අන් ක්‍රම වලට ආරක්ෂා කර ඇත්නම් එම ක්‍රමය යටතේ ඇති decorder සොයාගතයුතවේ.
/
/
You can edit encrypted(encoded) theme some time they call as Protected file. but you can edit protected PHP wordpress themes easily.
first you need find encrypted string.
eval(base64_decode(“ encrypted String “)); like this. then copy encrypted String, then goto
http://www.opinionatedgeek.com/dotnet/tools/Base64Decode/Default.aspx
link and past you copied string. then click “Decode”. then you can replace encoded string from new decoded sting.
When you replacing, you need delete
eval(base64_decode(” encrypted String “));full phrase. Then you can edit as you wish
මේ සුභ ආරන්චිය SLT ADSL පාරිභෝගිකයන්ටයි. දැන් එයාලගෙ අලුත් පැකේජ 4ක් හදුන්වල දීල. මිලත් අඩු කරල. හැබැයි තාම සමහර ප්‍රදේෂ වලට විතරයි මේ හදුන්වාදීම කරන්නෙ. මේ අනුව පරන අයටත් නොමිලේ මාරුවෙන්න පුලුවන්
පැකේජ 1 -Entree
මාසික ගාස්තුව රු 500/-
නොමිලේ 1GB
අමතර මෙගාබයිටයට ශත 50යි
නොමිලේ ඊමේල් ගිනුම් 1යි
නමුත් 1GB සීමාව පන්නා රු 3500/- ට වඩා භාවිතා කල විට නැවත අය නොවේ
වේගය – 128/512 kbps (Up/Down)
Dynamic IP
පැකේජ 2 – Home
මාසික ගාස්තුව රු 1600/-
භාවිතය අසීමිතයි
නොමිලේ ඊමේල් 1යි
වේගය 128/512 kbps (Up/Down)
Dynamic IP
පැකේජ 3 – Xcite
මාසික ගාස්තුව රු 2900/-
භාවිතය අසීමිතයි
නොමිලේ ඊමේල් 1යි
වේගය 256/1024 kbps (Up/Down)
Dynamic IP
පැකේජ 4 – Office
මාසික ගාස්තුව රු 5500/-
භාවිතය අසීමිතයි
නොමිලේ ඊමේල් 2යි
වේගය 512/2048 kbps (Up/Down)
Dynamic IP
පැකේජ 5 – Office 1IP
මාසික ගාස්තුව රු 8500/-
භාවිතය අසීමිතයි
නොමිලේ ඊමේල් 2යි
වේගය 512/2048 kbps (Up/Down)
Static IP
Free DNS Hosting
2MB WebSpace
Virtual Mail Service
පැකේජ 6 – Xcel
මාසික ගාස්තුව රු 9950/-
භාවිතය අසීමිතයි
නොමිලේ ඊමේල් 5යි
වේගය 1024/4096 kbps (Up/Down)
Dynamic IP
Free DNS Hosting
5MB WebSpace
Virtual Mail Service
පැකේජ 7 – Xcel 1IP
මාසික ගාස්තුව රු 12950/-
භාවිතය අසීමිතයි
නොමිලේ ඊමේල් 5යි
වේගය 1024/4096 kbps (Up/Down)
Dynamic IP
Free DNS Hosting
5MB WebSpace
Virtual Mail Service

මේ සමග නොමිලේ IPTV සබදතාවයත් දෙනවලු. හැබැයි ඒකෙ ගාස්තුව මාසිකව රු 1000/-
SLT Give there old and new customers to new reduced rates for ADSL
Rats as below
Package1 -Entree
Rental – Rs 500/-
Free Usage 1GB
over usager 50cents per MB
Free Email 1
Maximum Usage – Rs 3500/-
Speed – 128/512 kbps (Up/Down)
Dynamic IP
Package2 – Home
Rental Rs 1600/-
Unimited Usage
Free Email 1
Speed 128/512 kbps (Up/Down)
Dynamic IP
Package 3 – Xcite
Rental Rs 2900/-
Unlimited usage
Free Email 1
Speed 256/1024 kbps (Up/Down)
Dynamic IP
Package 4 – Office
Rental රු 5500/-
Unlimited usage
Free Email 1
Speed 512/2048 kbps (Up/Down)
Dynamic IP
Pckage 5 – Office 1IP
Rental Rs 8500/-
Unlimited Usage
Free Emails 2
Speed 512/2048 kbps (Up/Down)
Static IP
Free DNS Hosting
2MB WebSpace
Virtual Mail Service
Packages 6 – Xcel
Rental රු 9950/-
Unlimited Usage
Free Emails 5
Speed 1024/4096 kbps (Up/Down)
Dynamic IP
Free DNS Hosting
5MB WebSpace
Virtual Mail Service
Packages 7 – Xcel 1IP
Rental රු 12950/-
Unlimited Usage
Free Emails 5
වේගය 1024/4096 kbps (Up/Down)
Dynamic IP
Free DNS Hosting
5MB WebSpace
Virtual Mail Service
මේ සුභ ආරන්චිය මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ටයි. මට මේ කථාව මුලින්ම කීයෙ හර්ෂණ අයිය. දැන් මොබිටෙල් ආයෙ මිලගනන් අඩුකරල. පසුගිය දෙසැම්බර් මාසෙත් එයාල මිල අඩුකලා. දැන් ආයෙ අඩුකරල. ඒ ඇමතුම් ගාස්ත වගේම කෙටිපණිවිඩ ගාස්තු සමගින්
මේ අනුව මෙයාලගෙ ලැබෙන ඇමතුම් සියල්ල නොමිලේ වෙනව. ඊට අමතරව ලබාගන්නා ඇමතුම් පහත පරිදි තමා හදුන්වල දීල තියෙන්නෙ
මොබිටෙල් වෙත ලබාගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් රු 2/-යි
අනෙක් ජාලයන්ට ලබාගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් රු 2.50/-
මොබිටෙල් වෙත කෙටිපණිවිඩ ශත 75යි
අනෙක් ජාලයන්ට කෙටිපණිවිඩ රු 1යි.
MMS මොබිටෙල් වෙත රු 2/-යි
MMS අනෙක් ජාලයන්ට රු 5/-යි
මේ අනුව තමා අඩුකරල තියෙන්නෙ. මීට අමතරව පැරණි පාරිභෝගිකයන්ට පෙර ලබාදුන 10% හා 20% යට්ටම් ඉහත ඇමතුම් වල ලබාදෙනව. ඒ කියන්නෙ පලමු අවුරුද්දෙන් පසු 10% හා දෙවන අවුරුද්දෙන් පසු 20% ක් වශයෙන්.
ඒ කියන්නෙ රු 2.50 අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම පලමු වසරින් පසු 2.25ක් ලෙසත් දෙවන අවුරුද්දින් පසු රු2/- ලෙසත් රු 2/- වන මොබිටෙල් වෙත ගන්නා ඇමතුම් ඇමතුම පලමු වසරින් පසු 1.80 ක් ලෙසත් දෙවන අවුරුද්දින් පසු රු1.60 ලෙසත් වෙනස් වෙනව. මොබිටෙල් වෙත කෙටිපණිවිඩ ත් මොබිටෙල් වෙත ශත 68 හා ශත 60 ලෙසත් අනෙක් ජාලයන්ට කෙටිපණිවිඩ ශත 90 හා ශත 80 ලෙසත් පලමු හා දෙවන අවුරුදු වලින් පසු මිලගණන් අඩුවෙනව.
හැබැයි විදේශිය කෙටිපණිවිඩ, MMS, හා මැන්ගෝ ෆ්‍රෙන්ඩ් හා මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් සදහා මිලගනන් අඩුකරල නෑ. GPRS ත් පැරණි මිලගණන්මයි ඒවාට වසරින් වසර වට්ටම් හිමිවන්නෙත් නෑ.
මැන්ගෝ ෆ්‍රෙන්ඩ් හා මයි බෙස්ට් සදහා ඇමකුමක් රු1/- ක් හා කෙටිපණිවිඩ ශත 50 කි
මෙය සක්‍රිය කිරීමට #111# මගින් සිදුකල හැකිය.
වැඩි විස්තර http://www.mobitel.lk/prepaid/tariff.html
Mobitel reduced there rates again within 4 month. New Rates are Below
Outgoing – M2M – Rs1/-
Outgoing – M2O – Rs 2.50
SMS – M2M – 75cents
SMS – M2O – Rs 1/-
*SMS – International – Rs 5/-
MMS – M2M – Rs 2/-
MMS - M2O - Rs 5/-
*MMS International – Rs 10/-
Mango Friend and My Best Friend
*SMS - 50 cents
*Call – Rs 1/-
All Calls and SMS with out * marks have discount for year basis. after First Year you can get 10% discount and after 2nd year you can get 20% Discout
Mobitel reduced there rates again within 4 month. New Rates are Below
Outgoing – M2M – Rs1/-
Outgoing – M2O – Rs 2.50
SMS – M2M – 75cents
SMS – M2O – Rs 1/-
*SMS – International – Rs 5/-
MMS – M2M – Rs 2/-
MMS – M2O – Rs 5/-
*MMS International – Rs 10/-
Mango Friend and My Best Friend
*SMS – 50 cents
*Call – Rs 1/-
All Calls and SMS with out * marks have discount for year basis. after First Year you can get 10% discount and after 2nd year you can get 20% Discount
For More Vistit – http://www.mobitel.lk/prepaid/tariff.html
you can change new package by dialing #111#
දැන් මොබිටෙල්ගෙ අන්තරජාල ඉල්ලුම වැඩිවෙලා. රු 5490/- ට ඩයලොග්ල මොඩම් දුන්න කාලෙ හුගක් අය මොඩම් අරන් ඒක අන්ලොක් කරල. කුරුණෑගල ඩයලොග් අන්තර්ජාල වේගය හොන්දනැති නිසා ඒ අය දැන් මොබිටෙල් වලට මාරැ වෙලා. ඒකෙන් හරි මොකෙන් හරි මොබිටෙල් අයගෙ පාරිභෝගිකයන් වැඩිවීම නිසා විශේෂයෙන් කුරුණැගල හෙන ටවර් තද බදයක් ඇතිවෙනව. මොකත කුරුණෑගල HSDPA කුලුණු තියෙන්නේ නගරෙ විතරයි. ඒක නිසා කුරුණෑගල නගරාසන්නෙ හා කුරුණෑගලින් සිග්නල් යන අය හරමෝම සම්බන්ධ කෙරෙන්නෙ කුරුණෑගල හරහා.
දැන් ඩයලොග්ලගෙ කුරුණෑගල 3G ආවරණය වැඩි ඈතකට නෑ. ඒත් මොබිටෙල්ලගෙ තියනව. එයාලගෙ හුගක් ටවර් 3G. ඒ වගේමයි අපි මොන ටවර් එකෙන් සම්බන්ධ උනත් අපිට HSDPA සිග්නල් පොඩ්ඩක් හරි එනවනම් මෙයාල ඒ ටවර් එකට සම්බන්ධ කරවනව. දැන් මම කුරුණෑගල ඉදන් 4-5km දුරින් ඉන්න නිසා මට සිග්නල් එන්නෙ මේ අවටින්. හැබැයි කුරුණෑගලිනුත් ඉදල හිටල එනව. නමුත් මම අන්තර්ජාලෙ හා සම්බන්ධ උනහම මෙයාල මාව කුරුණෑගල හරහා තමයි සම්බන්ධ කරන්නෙ. මොකද මේ හරියෙ HSDPA තියෙන්නෙ කුරුණෑගල විතරනෙ.
ඉතින් මේවගේ හේතුනිසා මෙහෙ හෙන තදබදේ. සමහර වෙලාවට WCDMA/HSDPA මගින් සම්බන්ධ වේන්න බෑ. එතකොට EDGE තෝරල තමා යන්න වෙන්නෙ. මම හිතන්නෙ ඒ තදබදේ වැඩි උනහම.
නමුත් අපිට දැනි මොබිටෙල්ල සාර්ථක පිලිතුරක් දෙන්නයි යන්නෙ. මෙයාල කුරුණෑගල අන්තර්ජාල සේවාව වර්ධනය කරනවලු. දැන් නගරින් බාහිරවත් HSDPA කුලුණු ඉදිවෙමින් පවතිනව. ඒවගේමයි මෙයාල කුරුණෑගල වෙනමම අන්තර්ජාල සම්බන්ධ අංශයක් පිහිටුවන්නයි යන්නෙ. ඉතින් මේව නිසා හොන්ද සේවාවක් ලැබෙයි කියල හිතනව. දැනටත් අනිත් HSDPA සේවාවන්ට වඩා හොන්ද සේවාවක් මෙයාල සපයනව. ඉතින් මේක වර්ධනව වෙන එක ගැන හරිම සතුටුයි.
Now Mobitel ready for improve their HSDPA service around the Kurunegala. At this days Mobitel HSDPA network are very busy. so their network traffics jam occur most times.
As answer for this problem, they build new HSDPA towers and Departments in Kurunegala for serve good service to customers. After they complete this project. we can get good service for our internet
මා මෙතෙක් කල් බ්ලොග් ලීවෙ Blogger මගින් ලබාගත් අඩවියක. ඒ malindaprasad.blogspot.com නමින් ඒ වගේම මගේ මුල් අඩවිය තිබ්බෙ malindaprasad.co.cc නමින්. නමුත් දැන් මම අලුත් අඩවියකට මාරු උනා. ඒ මගේම ඩොමේනයකට. ඒ ඩොමේනය තමා malindaprasad.com අඩවියට.
ඒ අනුව මාගේ බ්ලොග් ලිපිනය වනුයේ blog.malindaprasad.com ය. ඒ වගේම මුල් අඩවිය වනුයේ malindaprasad.com ය
හැබියි තාම හදාගෙන යනව. තව දෙයක්, යුනිකේත පරිවර්ථකයත් නව අඩවියට මාරුකලා. ඒ අනුව unicode.malindaprasad.com තමා එහි ලිපිනය වන්නේ.