දැනට බොහෝ අන්තර්ජාල සපයන්නන් මිල අඩු කලත් ටෙලිකොම් සමාගම මිල අඩු කලේ නෑ. ඒත් දැන් දැයට කිරැල ප්‍රදර්ශනය නිසා මේ අය මිල අඩු කරලයි තියෙන්නෙ. හැබැයි මේ වාසිය අලුතෙන් ලියාපදින්චි වෙන පාරිභෝගිකයින්ට විතරයි. ‍ඒ ලියාපදින්චි වෙන්න ඕනෙත් දැයට කිරැල ප්‍රදර්ශන භූමියෙ තියන කුටියෙන්. ඒ අයට මාසික ගාස්තු මිල අඩුකිරීමක් සිදුකරනව. ඒ අනුව මාසික ගාස්තුව රු 1000/- දුන් පැකේජයේ නව මාසික ගාස්තුව රු 500/-ක්. රු 2250/- දුන් පැකේජයේ නව මිල රු 1600/- ක්. රු 6750/- දුන් පැකේජයේ නව මිල රු 5500/- කි.
හැබැයි දැනට ලියාපදින්චි වෙලා ඉන්න අයටනම් කරන්න දෙයක් නෑලු. ඒත් මේක ටෙලිකොම් පුලුල්පරාස පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මොකද බොහෝදුරට එයාලගෙ අන්තර්ජාල සබදතාමිල ගන්න අඩුකිරීමේ පෙරනිමිත්තක් වෙන්න පුලුවන් මේක.

හැබැයි තාම අනිත් අයගෙ මිල ගනන් අඩුකරල නෑ