Browsing Posts published in March, 2009

දැන් එයාටෙල් සමාගම තමන්ගේ විශේෂ සේවා හදුන්වාදීමට පටන්ගෙන තිබේ. එනම් විශේෂ ගාස්තු ක්‍රම. මේ අනුව හදුන්වාදුන් ශත 49 ට ඇමතුම් ගතහැකි සේවාව මගින් අප මසකට රු 49/-ක සක්‍රිය කිරීමකින් පසුව එයාටෙල් ජාලය ඇතුලත ශත 49 ට ඇමතුම්ගැනීමට හැකි අතර මෙම සේවාව සක්‍රිය කිරීමක් නොව රීලෝඩ් දමන විට රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් ලබාගත යුතු සේවාවකි. එනම් පාරිභෝගික සේවාව පවසන පරිදි අප රීලෝඩ් දමන විට‌ රු 49/- ක රීලෝඩයක් දැමීමෙන් එම මුදල අපටත් නොකියාම අතුරුදහන් වේ. ඉන්පසු අපගේ මෙම සේවාව දින 30 ක් සක්‍රිය වේ. මෙම රු 49/- යනු සියලු බදු ඇතුලත්වලු.
එම සක්‍රිය කිරීමෙන් පසු එම දින 30 ඇතුලත ශත 49ට ජාලය තුල ඇමතුම් ලපාගත හැකිවේ. මෙම සේවාව ඩයලොග් KIT Double, Any8, My best Friend, My10 වැනි සේවා වලට ආදේශයක් උවත් මොබිටෙල් ජාලයේ ඇත් නිදහස තරම් ලාබදායක නොවේ. එම නිදහස පහසුකමේ සමහර තේරීම් වල ඇමතුම් ශත 49වත් වඩා අඩුවන අතර එම සක්‍රිය කිරීමට කෙටිපණිවිඩද හිමිවේ. එසේ සක්‍රිය කිරීමෙන් එම මුදලට සරිලන ඇමතුම් ලබාගත හැකි උනත් මෙම එයටෙල් සේවාවෙ එම දීමනා නැත. සක්‍රිය මුදලෙන් අපට ඇමතුමු හෝ ඒ වෙනුවෙන් ඇමතුම් ලබාග නොහැකිය. එමෙන්ම මොවුන්ගේ අනෙක් ජාලයන්ගේ තරම් විශේෂ සේවා නැති නමුත් මොවුන් මුලින්ම මෙවැනි පහසුකම් දීම හොද ආරම්භයකි. මන්ද දිනකට නියමිත ඇමතුම් ප්‍රමාණයක් නිශ්චිතව ලබානොගන්නා අයට මෙම සේවාව ඉතාම වටිනා සේාවාවකි

සාමාන්‍යයෙන් ඇමතුමක් ගන්නෙ අංක වලින්. ඒ කියන්නෙ 0 සිට 9 දක්වා අංක ඇමතීමෙන් තමා ඇමතුමක් ගන්නෙ. නැතිනම් * හා # භාවිතා වෙනව විශේෂ සේවා වලට, ඊට අමතරව + භාවිතා කරනව කෙටිපණිවිඩ හා ජාත්‍යන්තර ඇමතුම් වලට. ඒත් මේ දුරකථනයේ යතුරු පුවරුවෙ සමහර යතුරු දෙතුන් පාර එබීමෙන් හෝ ඔබා සිටීමෙන් වෙනත් අකුරුද ලබාගත හැකි. ඒ කියන්නෙ කෙටිපණිවිඩයක් ගහන තැන නෙවේ. ඇමතුමක් ගන්න ඩයල් කරන අවස්ථාවෙ. එම අවස්ථානෙ නො‍කියා සමහර දුරකථන වල * ලකුණ දෙපාර, තුන්පාර එබීමෙන් P හා  W යන අකුරු අපගේ ඇමතුම ගන්න අංකය තුලට එක්කරගත හැකිය.මෙම අකුරු ගන්නා යතුරු දුරකථනයෙන් දුරකථනයට වෙනස් උවත් බොහෝ දුරට ඒවා යටම යතුරු පේලියේ එනම් *0# ඇති පේලියේ තිබේ.
මෙම අකුරු දෙකෙන් බොහෝ දුරට සේවා සපයන්නා අතර සම්බන්ධයක් නොමැති අතර එය දුරකථනයේ අංගයකි. මේවා යොදා ඇමතුම් ගැනීම මගින් IVR හඩට සවන්දී ඒ අනුගමනය කරීම වෙනුවට ස්වයංක්‍රියව එම විධානයන් දීමට භාවිතා කල හැකිය. උදාහරනයක් ලෙස මොබිටෙල් පෙරගෙවුම් සබදතාවල ගිණුම IVR හරහා පරික්ෂා කරගැනීමට අවශ්‍යයැයි සිතමු. එවිට අපි කරන්නේ 141 ට ඇමතුමක් ගෙන එහි වෙලද දැන්වීම් හා හඬට සවන්දී අංක 1 එබීම‍ය. එහෙත් මෙම අකුරු ක්‍රමයෙන් එසේ නොව එකවරම ගිණුමේ ශේෂයට සවන්දිය හැකිය. වි‍ටින් විට අංක එබීම අවශ්‍යය නොවේ. ඒ සදහා කලයුතු වන්නෙ ඔබ ඇමතුම ලබාගන්නා අංකය ඇතුලත් කර p ඇතුලත් කර ඉන්පසු ඔබ එබූ අංකය ඇතුලත් කිරීමයි. (141P1). එවිට දුරකථනයෙන් 141 ට ඇමතුමක් ගෙන සුලුමොහොතක් රුදී සිට අංක 1 ඔබයි. එසේ අංක 1 ඔබා තව වරක් අංකයක් එබීමට ඇත්නම් නැවත p යොදා එම අංකය ඇතුලත් කල හැකිය (1p1). බොහෝ වෙලා රැදී සිටීමට අවශ්‍යයනම් p දෙවතාවක් ඇතුලත් කල හැකිය(1pp1).

w මගින් කරනුයේ එම විධානයන් ස්වයංක්‍රියව නොයවා අපගේ තීරණය පැමිනෙන තුරු රුදී සිටීමයි. එනම් අපි 141w1 ඇතුලත් කරලොත් දුරකථනය 141 ට ඇමතුමක් ගෙන අප OK ඔබන තුරු 1 යන විධානය නොයවා රුදී සිටී. එහෙත් අප 141w1p3 ඇතුලත් කලොත් 141 අමතා අපගේ විධානයෙන් පසු 1 යවා නැවත 3 ස්වයංක්‍රියව සුලුමොහොතකින් යවයි. නමුතු 141w1w3 ඇතුලත් කලොත් පලමුව 1 අපගේ විධානයෙන් යවා දෙවනුව 3 යැවීමටත් අප නැවත OK කරන තුරු රුදී සිටී.

මේ ආකාරයට රහස්පද ඇතුලත් කිරීම කරදරයක් වුනුවිට, Freedom වැනි සේවාවන් IVR හරහා සක්‍රිය කිරීමේදි වැනි විවිධ කටයුතු වලදී යොදාගත හැකිය. නමුත් පලමු පාර ඇමතුමක් ගෙන විධානයන්ගේ අනුපිලිවෙල මතක තබාගත යුතුය. එමෙන්ම බොහෝවිට ඔවුගේ පටිගත කිරීම අවසන්වීමට පෙර විධානයන් ලබාදුන්නද ඒවා බොහෝවිට පිලිගනී.

*මෙහි 141 යොදා ඇත්තේ උදාහරණයක් සදහා පමණී. එහි මුලින් 1 යෙදූ පසු නැවත යොදනා අංක වලට බොහෝ දුරට අවධානය යොමු නොකරයි

ඔන්න දැන් ඩයලොග් වල සියලුම පැකේජයන්ගේ ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ කර ඇත. ‍මෙය වැදගත් වන්නෙ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට වගේම Lite 103 හා Super 103 පැකේජ භාවිතා කරන්නන්ට. මී‍ට පෙර කිට් පෙරගෙවුම් සබදතාවල  5 for 50 යනුවවෙන් රු 10 කට දිනක් ලැබෙන ඇමතුම් නොමිලේ වන සේවාවක් තිබුනත් එම සේවාව හදුන්වා දී මා 6 කට ආසන්න කාලයකදී එම සේවාව වැඩක් නැති කර ඇති අතර නව ක්‍රමය යටතේ සියලුම ඩයලොග් සබදතාවල ලැබෙන ඇමතුම් නොමිලේ වේ. හැබැයි මේ ‍පහසුකම වලංගු වන්නේ මාර්තු 15 දින සිටයි

මම හිතන්නෙ අනෙක් හැම සේවා සපයන්නෙකුගෙම (හච් හැර) ලැබෙන ඇමතුම් නොමිලේ නැසා මෙයාලත් දෙනන ඇති. මේ ලගදි කෙටිපණිවිඩ මිලත් අඩු කලානෙ. හැබැයි මොබිටෙල් තරම් අඩු නෑ. අනික මොබිටෙල් වල භාවිතා කරන අවුරුදු කාලය අනුවත් වට්ටම් හිමිවන නිසා ඒක වාසිදායකයි. අනික ඩයලොග් ලැබෙන ඇමතුම් නොමිලේ කලාට අනෙක් ලබාගන්නා ඇමතුම් අඩු කරල නෑ. ඒ ගාස්තු වෙනද විදිහමයි.  ඒ කියන්නෙ මොබිටෙල් වගේ එකට එකක් වැඩී (පැරණි මොබිටෙල් සිම් වලට වඩා එකට එකටත් වැඩී)

මුලින්ම ලැබෙන ඇමතුම් නොමිලේ කලානෙ. ඒ වගේ ලබාගන්නා ඇමතුම්ත් අඩු කලොත් හොදා ලගදිම. මොකද බොහෝ සේවා සපයන්නන් මිල අඩුකිරීම් හා දීමනා දුන්නත් ඒව  කෙටි කාලයයි වලංගු වන්නෙ. මොකද තව  ටික දවසකින් ඊට වඩා ලාබදායක එකක් ඒ අයම හදුන්වා දෙනව. ඒත් ඉතින් ඉන්කමින් නොමිලේ කලාම තව මොනව අඩු කරන්නද?

බ්ලොග් සංසදයේ කට්ටිය තම බ්ලොග් ලිපි වලින් ඩය‍ලොග් සබදතාවල බොහෝ වැරදි පෙන්නා දුන්නා. මොබිටෙල් වලත් එහෙමයි. ඒත් හුගක් උනේ හැමෝටම වගේ ‍හොද වේගයක් මොබිටෙල් මගින් ලැ‍බුනු නිසා එය‍ට ‍හොද කියා ඩයලොග් ‍HSDPA සබදතාවලට දෝසෙ නැගීමයි. ‍

එසේ  කිරිමේ ප්‍රථීපල දැන් උදාවෙමින් තිබෙනව. ඒ අනුව ඩයලොග්හි තාක්ෂනික අංශය මෙම වැරදි හා අඩුපාඩු සොයාබලා ඒවාට නිසි පිලියම් යෙදීමට සැරසෙනව. ඒක සතුටට කරුණක්. ‍ඒ අනුව මෙයාල හදුනාගත් සේවාව දුර්වල තැන් වල‍  සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුනු කිරීමටත් සැරසෙන බවයි ආරන්චිය. ඒ අනුව දැනට මේ අය විශ්වවිද්‍යාල අව‍ට සේවාව දියුනුකිරීමට කටයුතු කරමින් යන අතර අනෙකත් සේවාව දුර්වලප්‍රදේශ සොයාබලමින් සිටිනව ඒවාට නිසි පිලියම් යෙදීමට.

මොබිටෙල් පසුගෙවුම් අන්තර්ජාල‍ තියන අයට තම දත්ත භාවිතය ගැන පරික්ෂා කරගන්න mobitel.lk හි ගිණුමක් මගින් හැකියාව තිබෙනව. ඒත් හදිසි අවස්ථාවලටත් අන්තර්ජාල‍ය නොමැතිව අපගේ පරිභෝජනය ගැන දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ.

මීට මාස කීපයකට පෙර හදුන්වා දුන් මොබිටෙල් ස්වයං සේවා මෙනුවෙන් මේ පරික්ෂාව කරගන්න පුලුවන්. ඒ ‍මෙනුව තම සිම් පතෙන් සිම් පතට වෙනස් වෙනව. ඒ කියන්නෙ අපේ දත්ත සිම්පත දමා #888# ඇමතීමෙන් මෙම සේවාව ලබාගත හැකි. අනෙක් සාමාන්‍යය සබදතාවල ගිණුම, බිල්පත්, අවසාන ගෙවීම්, හා සේවා සක්‍රිය කිරී‍ම් වගේ බොහෝදේ මෙමගින් සිදුකරගත හැකියි.

අපගේ භාවිතය දැනගැනීම‍ට එම මෙනුවේ 1. My Package > 1. Billing Information > 1. This Month Usage මගින් අප‍ගේ ඉතිරිව ඇති දත්ත හා වැඩි භාවිතය දැනගත හැකිය.

දැන් හුගක් අය ඩයලොග් මොබයිල් අන්තරජාලෙ හොද නෑ කියල දොස්කියනව. ඒ වගේමයි මොබිටෙල් එකට ගුණ කියනව. ඒත් ලර්න්ඒශියා අඩවියෙ කට්ටිය කරපු වේග හා අනෙකුත් ගුණාංග පරික්ෂාවේදී එයාට මීට වෙනස් දෙයක් දැකගන්න ලැ‍බිල ති‍යනව. ඒ හැමෝම කියන එකට ව‍ඩා වෙනස් දෙයක් දැකගන්න හම්බෙලා තියනව. හැබැයි මෙයාල මේ පරික්ෂන කලේ කොලඹ. ඒ වගේමයි දෝසෙ දාන අය හුගක් ඉන්නෙ කොලඹ. ඒ කියන ඩයලොග් සබදතාවල අනෙක්වට වඩා වැඩි විශේෂත්වයක් තිබිල තියනව.

ඒවගේමයි පරික්ෂා කරල තියෙන්නෙ මොබිටෙල් Zoom 890 හා ඩයලොග් රු 2990/- ට ලබාදෙන අසීමිත සබදතාවයේ හා ඩයලොග් මගින් මාසික රු 1000/- ට ලබාදෙන සීමිත පරිභෝජනය තියන (මොබිටෙල් වගේ ) පැකේජයකයි.

එහිදී ඩයලොග් සබදතා අනෙක් සබදතාවලට වඩා වේගයෙන් ඉදිරියෙන් ඉදල ති‍යනව. ඒ වගේම තමා ඩයලොග් එකෙත් අසීමිත භාවිතය තියන පැකේජයට වඩා සීමිත පරිභෝජනය තියන පැකේජය වැඩි වේගයක් පෙන්නුම් කලා.මොබිටෙල් හිටියෙ මේ දෙකටම පහලින්. හැබැයි මේ හැම සබදතාවයකම ප්‍රකාශිත වේගය 1mbps වෙනව.

Sri Lanka ISP Download speed test
මේ ඉහලික් තියෙන්නෙ එම සේවා සපයන්නාගේ සර්වරයේ සි‍ට හා යාහූ වෙතින් බාගත කිරීමේදී ලැබෙන වේගයයි.

එහිදී සේවාදායක‍යාගේ සර්වරයකින් ගොනුවක් බාගත කිරී‍මේදී හොන්ද වේගයක් ඩයලොග් හි සබදතා දෙකටම ලැබෙනව. මොබිටෙල් දෙකටම වඩා පහලින්. ඒ වගේමයි අන්තර්ජාතික සර්වරයකින් ඒ කියන්නෙ යාහූවගේ සේවාදායකයකින් බාගත කිරීමේදී ඩයලොග් හි සීමිත භාවිත පැකේජය පමණයි ඉදිරියෙන් ඉන්නෙ. සීමිත භාවිත පැකේජය මොබිටෙල්ට වඩා පහලින්.මොබිටෙල් ඩයලොග් හි සබදතා දෙක මැද. මම හිතන්නෙ බනින හුගක් අය බයින්නෙ අසීමිත භාවිතයෙ මේ කියන ගැටලුව නිසා වෙන්න ඹ්නි. ඒත් මොබිටෙල් සීමිත භාවිත පැකේජයක් මේ වගේ ඩයලොග් හි සීමිත භාවිත පැකේජයක‍‍ට සංසන්දනව කලානම් මොකද?මොබිටෙල් සමාගම අසීමිත භාවිත පැකේජ නොදෙන්නෙ මේ හේතුව නිසා වෙන්න ඇති. මොකද එයාලගෙත් මේ වගේ එකක්කො වේගය බැස්මක් සිදුවෙයි කියල වෙන්න ඇති. ‍දැන් ටෙලිකොම් සමාගම උනත් 1600/- ට දෙන්නෙ 512 වේගයක් තියන එකක්නෙ.

හැබැයි පින්ග යැවීමේදීත් මොබිටෙල් ඩයලොග්ට වඩා වැඩි. ‍

Broadband test in Sri Lanka, Ping

නමුත් Packet Loss හා Jitter when Ping යන ගුනාංග වලින් මොබිටෙල් ඉදිරියෙන් ඉන්නව.

මේ පරික්ෂණ කරල තියෙන්නෙ කොලඹ ආසන්නයෙ. AT-Tester (www.broadbandasia.info) කියන ටූලය භාවිතයෙන්. ඒ වගේමයි පිට පලාත්වල ‍මේ සමාන අගයන් නොඑන්න පුලුවන්.

සම්පූර්ණ විස්තරය

මුලින් ජංගම දුරකථන ජාල නොමි‍ලේ ඇමතුම් කාලයක් දෙන්න ගත්ත. ඉන්පසු ඩයලොග් CDMA මුලින්ම ස්ථාවර දුරකථන සදහා නොමිලේ ඇමතුම් කාලයක් දුන්න. දැන් ලංකාබෙල් සමාගමත් නොමිලේ ඇමතුම් කාලයක් දෙනව. හැබැයි ඩයලොග් CDMA තරම් විශාල ඇමතුම් කාලයක් නොවුනත් මේකෙන් අනෙක් ජාලයන්ටත් නොමිලේ ඇමතුම් ගත හැකියි.

ඒ අනුව මෙයාල පැකේජ 2ක් හදුන්වා දෙන අතර මුල් පැකේජයේ මිනිත්තු 500 ක් නොමිලේ වන අතර එය ලංකාබෙල් ජාලය තුල මිනිත්තු 400 හා අනෙක් ජාලයන්ට මිනිත්තු 100 වශයෙන් බෙදීයයි. මෙහි මාසික ගාස්තුව රු 399/-කි

සීමාව ඉක්මවුවිට ලංකාබෙල් වෙත මින්ත්තුවකට රු 1/- ද ප්‍රාදේශිය ස්තාවර ජාල වෙත මිනිත්තුවකට රු 3/- ද ජාතික ස්ථාවර ජාල වෙත මිනිත්තුවකට රු 4/-ද ජංගම ජාල වෙත මිනිත්තුවකට රු  3/- බැගින්ද අයවේ. එමෙන්ම මෙම පැකේජයේ නොමිලේ ඇමතුම් කාලය අයත් වන්නේ රාත්‍රි 11 සිට දහවලු 5 දක්වා පමණි.

අනෙක් පැකේජයේ මාසික ගාස්තුව රු 999/- කි. එයට මිනිතුතු 1000/- ක් නොමිලේ ලැබෙන අතර එම කාලය මිනිත්තු 700 ක් ලංකාබෙල් වෙත හා මිනිත්තු 300 ක් අනෙක් ජාල‍යන් වෙත ලෙස භාවිතා කල හැකිය. සීමාව ඉක්ම වු විට  ලංකාබෙල් වෙත මින්ත්තුවකට රු 2/- ද ප්‍රාදේශිය ස්තාවර ජාල වෙත මිනිත්තුවකට රු 2/- ද ජාතික ස්ථාවර ජාල වෙත මිනිත්තුවකට රු 3/-ද ජංගම ජාල වෙත මිනිත්තුවකට රු  3/- බැගින්ද අයවේ.
මෙහි අනෙක් පැකේජයේ මෙන් නොම පැය 24 පුරා මෙම කාලය වලංගු වේ. සියලු පැකේජයන්ගේ අයකිරීම තප්පරයට වේ.