සාමාන්‍යයෙන් ඇමතුමක් ගන්නෙ අංක වලින්. ඒ කියන්නෙ 0 සිට 9 දක්වා අංක ඇමතීමෙන් තමා ඇමතුමක් ගන්නෙ. නැතිනම් * හා # භාවිතා වෙනව විශේෂ සේවා වලට, ඊට අමතරව + භාවිතා කරනව කෙටිපණිවිඩ හා ජාත්‍යන්තර ඇමතුම් වලට. ඒත් මේ දුරකථනයේ යතුරු පුවරුවෙ සමහර යතුරු දෙතුන් පාර එබීමෙන් හෝ ඔබා සිටීමෙන් වෙනත් අකුරුද ලබාගත හැකි. ඒ කියන්නෙ කෙටිපණිවිඩයක් ගහන තැන නෙවේ. ඇමතුමක් ගන්න ඩයල් කරන අවස්ථාවෙ. එම අවස්ථානෙ නොකියා සමහර දුරකථන වල * ලකුණ දෙපාර, තුන්පාර එබීමෙන් P හා W යන අකුරු අපගේ ඇමතුම ගන්න අංකය තුලට එක්කරගත හැකිය.මෙම අකුරු ගන්නා යතුරු දුරකථනයෙන් දුරකථනයට වෙනස් උවත් බොහෝ දුරට ඒවා යටම යතුරු පේලියේ එනම් *0# ඇති පේලියේ තිබේ.
මෙම අකුරු දෙකෙන් බොහෝ දුරට සේවා සපයන්නා අතර සම්බන්ධයක් නොමැති අතර එය දුරකථනයේ අංගයකි. මේවා යොදා ඇමතුම් ගැනීම මගින් IVR හඩට සවන්දී ඒ අනුගමනය කරීම වෙනුවට ස්වයංක්‍රියව එම විධානයන් දීමට භාවිතා කල හැකිය. උදාහරනයක් ලෙස මොබිටෙල් පෙරගෙවුම් සබදතාවල ගිණුම IVR හරහා පරික්ෂා කරගැනීමට අවශ්‍යයැයි සිතමු. එවිට අපි කරන්නේ 141 ට ඇමතුමක් ගෙන එහි වෙලද දැන්වීම් හා හඬට සවන්දී අංක 1 එබීමය. එහෙත් මෙම අකුරු ක්‍රමයෙන් එසේ නොව එකවරම ගිණුමේ ශේෂයට සවන්දිය හැකිය. විටින් විට අංක එබීම අවශ්‍යය නොවේ. ඒ සදහා කලයුතු වන්නෙ ඔබ ඇමතුම ලබාගන්නා අංකය ඇතුලත් කර p ඇතුලත් කර ඉන්පසු ඔබ එබූ අංකය ඇතුලත් කිරීමයි. (141P1). එවිට දුරකථනයෙන් 141 ට ඇමතුමක් ගෙන සුලුමොහොතක් රුදී සිට අංක 1 ඔබයි. එසේ අංක 1 ඔබා තව වරක් අංකයක් එබීමට ඇත්නම් නැවත p යොදා එම අංකය ඇතුලත් කල හැකිය (1p1). බොහෝ වෙලා රැදී සිටීමට අවශ්‍යයනම් p දෙවතාවක් ඇතුලත් කල හැකිය(1pp1).
w මගින් කරනුයේ එම විධානයන් ස්වයංක්‍රියව නොයවා අපගේ තීරණය පැමිනෙන තුරු රුදී සිටීමයි. එනම් අපි 141w1 ඇතුලත් කරලොත් දුරකථනය 141 ට ඇමතුමක් ගෙන අප OK ඔබන තුරු 1 යන විධානය නොයවා රුදී සිටී. එහෙත් අප 141w1p3 ඇතුලත් කලොත් 141 අමතා අපගේ විධානයෙන් පසු 1 යවා නැවත 3 ස්වයංක්‍රියව සුලුමොහොතකින් යවයි. නමුතු 141w1w3 ඇතුලත් කලොත් පලමුව 1 අපගේ විධානයෙන් යවා දෙවනුව 3 යැවීමටත් අප නැවත OK කරන තුරු රුදී සිටී.
මේ ආකාරයට රහස්පද ඇතුලත් කිරීම කරදරයක් වුනුවිට, Freedom වැනි සේවාවන් IVR හරහා සක්‍රිය කිරීමේදි වැනි විවිධ කටයුතු වලදී යොදාගත හැකිය. නමුත් පලමු පාර ඇමතුමක් ගෙන විධානයන්ගේ අනුපිලිවෙල මතක තබාගත යුතුය. එමෙන්ම බොහෝවිට ඔවුගේ පටිගත කිරීම අවසන්වීමට පෙර විධානයන් ලබාදුන්නද ඒවා බොහෝවිට පිලිගනී.
*මෙහි 141 යොදා ඇත්තේ උදාහරණයක් සදහා පමණී. එහි මුලින් 1 යෙදූ පසු නැවත යොදනා අංක වලට බොහෝ දුරට අවධානය යොමු නොකරයි
Like









Comments
Leave a comment Trackback