Browsing Posts published in April, 2009

මම සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ඇමතුම් ගන්නෙ මොබිටෙල් දුරකථනයෙන්. ඒ IDD Buddy වලින්. මුල‍ට 1 දාල. ඒත් අද ඩයලොග් එකේ වැඩිපුර සල්ලි තිබ්බ නිසා ඒකෙන් ගත්ත. අයියෝ ඇමකුම විසන්ධි උනට පස්සෙ මතක් උනේ රු 8/- කින් මොබිටෙල් එකෙන්න ඇමතුමට මේ අය රු 22/- ක් අයකරනව කියල. මොනව කරන්නද. මොබිටෙල්ල අඩු ගානට ඇමතුම් දුන්ට ඒවගෙ ගුණාත්මක භාවයෙ කියන්න තරම් අවුලක් නෑ.  ඒ වගේමයි අනිත් හැමජාලයෙන්ම වගේ දෙන ජාත්‍යන්තර ඇමතුම් වලට වඩා දෙගුණයකටත් වැඩියෙන් ඩයලොග් සමාගම අයකරනව. ඒක නිසා ජාත්‍යන්තර ඇමතුම් ගද්දි  ඩයටලොග් භාවිතා කරනව කියන්නෙ…. ඇත්‍තටම මෙහෙම වැඩිපුර අයකරන්නෙ නමටද දන්නෙ නෑ… ඒත් ඒකෙන් පාඩුව ඇමතුම ගන්න කෙනාටයි.

ඒත් මේ අය My10 සේවාව යටතේ ඇමතුම් අඩුගානට ලබාදුන්ට ඒකෙන් ගන්න පුලුවන් අංක 2කට විතරයි

අන්තර්ජාල සදහා ඇල්මක් හා එහි ගුණ අගුණ ගැන හොයන, දැනගන්න කැමති හැමට අලුත් දෙයක් සොයාගැනීමට, දැනගැනීමට කදිමි අවස්ථාවක්.

ලර්න් ඒෂියා ආයතනය මගින් සංවිධානය කරනු ලබන වැඩමුලුවක් මෙම අප්‍රේල් 29 වැනි දින සවස 5.30 සිට 8 දක්ව ශ්‍රි ලංකා ඉන්ජිනේරු ආයතනයේදී පැවැත්වේ.

වැඩි විස්තර සදහා පහත ඇමිණුම බලන්න

lirnasia1

දැන් ගූගල් සමාගම අලුත් සේවාවක් අරබල ජංගම දුරකථන සදහා. ඒ අපි ඩයලොග් වලට මුදල් ගෙවන් ලබාගත්ත Phone Backup හෝ O-Syncවැනි අඩවි වලින් ලබාගත් අපගේ දුරකථනයේ ඇතිදත්තයන් බැකප් කිරීමේ සේවාවන් වැනි සේවාවක්. හැබැයි තාම O-Sync හා Dialog Backup තරම් වැඩ නැති උනත් මේක වැදගත් වේවි. මේ හරහා අපගේ දුරකථනයේ ඇති Contact හා Calander හි දත්තයන් Gmail Contact හා Google Calander සමග Syncronization වීමයි. ‍නමුත් මේ සදහා SyncML ඇති අලුත් දුරකථනයන් තිබිය යුතුයි. සමහර පැරණි දුරකථන සහයදක්වන්නෙ නෑ හරියට
මේ සදහා කලයුත්තේ m.google.com වෙත දුරකථනයෙන් පිවිස එමගින් Sync තේරීමයි. තවද දුරකථනයේ සැකසුම් කීපයක් සකසාගැනීමටත් තියනව. ඒ Synchronization සැකසුම් වල

  • සර්වර් ලිපිනය: https://m.google.com/syncml
  • පරිශිලක නාමය: xxxxx@gmail.com
  • අන්තර්ජාල සැකසුම
  • යෙදුම:  ‘Contacts’ පමණි
  • යෙදුම් සැකසුම්: දත්ත ගබඩාවේ නම ‘contacts’ලෙස පමණක් දෙන්න

සකසන්න.

වැඩි විස්තර m.google.com/sync

avuruduඔබ සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!

pragathi

ප්‍රගති මහීලාල්

ද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ – ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

Pragathi

ප්‍රගති මහීලාල්

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

pariganaka-mag-first-issue2මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,'සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.

මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.
ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.
මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.
වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.
විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.
පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.
ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ X හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

අවසන් ගසන් ගිය රථය

අවසන් ගසන් ගිය රථය

“ප්‍රීතිමත් කුමාරයානෙනි – ඔබට සුභ රාත්‍රියක්” මේ ඩේවිඩ් වෙනුවෙන් අප මින් වසර දහයකට කලින් ලියූ ලිපියක මාතෘකාවය. ප්‍රගති වෙනුවෙන්ද එය භාවිතය නුසුදුසු යැයි මට නොසිතෙයි.
චානුක වත්තේගම
ආරම්භක සංස්කාරක (1997-2004)
‘විජය පරිගණක’

අනේක් ජාලයන් දෙනවට වඩා වෙනස්‍ විදිහට දැන් එයාටෙල් සමාගම අවුරුදු දීමනා දෙන්න පටන් අරන්  මේ අනුව අවුරුදු දිනය එනම් 14 දිනය පුරා එම පාරිභෝගිකයන්ට නොමිලේ කෙටිපණිවිඩ හා ඇමතුම් ලබාගත හැකි. නමුත් ඒ එයාටෙල් ජාලය තුල පමණී. මේ සදහා කරන්න තියෙන්නෙ අප්‍රේල් 13 හෝ ඊට පෙර රු 100 ක රීලෝඩ් එක්ක දැමීම පමණයි. ඒත් අර ශත 49 වගේ මේකත් අතුරුදහන් වෙනවද කියලනම් දන්නෙ නෑ. නමුත් මොබිටෙල් ජාලය නිතරම කාර්ය බහුල නිසා අවුරුදු ලං වෙද්දි ලංකාබෙල් වලට ගන්නව වගේ වෙයිද දන්නෙ නෑ. ඒක නිසා කට්ටියම කථාවෙලා අවුරුදු දවසට විතරක්වත් සිම්පල් ප්ලෑන් එකකට මාරු උනානම් නරකද?

අවුරුදු දීමනා ව‍ලට අමතරව දැන් ඩයලොග් සමාගම ජාතිය ආරක්ෂා කරන රණවිරුවන් හා ආරක්ෂක අංශයේ සාමාජිකයින් වෙනුවෙන් තම සේවාවන්  විශේෂ මිලකට ලබාදෙනු ලබනව. ඒක හොද ආරන්චියක්. මේ අනුව

ඩයලොග් HSPA සබදතාවය මාසික ගාස්තුව රු 1990/- කට ලබාදෙනු ලබන අතර එම මොඩමය රු 5000/- කට ඒ සමග ලබාගත හැකි. නමුත් මෙම සබදතාවයත් FUP යට යටත්වයි ලබාදෙන්නෙ. මේ සදහා රු 2000/- ක තැන්පතුවක්ද තැබිය යුතුයි.

ඩයලොග් TV සබදතාවය රු 11250/- කට ලබාදෙන අතර රු 2999/- ක් වුනු Vodafone දුරකථනය මෙම දීමනාව යටතේ රු 2500/- කටත් දෙකක් ලබාගන්නවානම් රු 4000/- කටත් ලබාගත හැකි.

ඒ වහේම Per Second Blaster සබදතාවය මේ සමග නොමිලේ ලබාදෙන අතර එහි මාසික ඇමතුම් තැන්පතුව පණක් තබා සබදතාවය ලබාගත හැකි. එමෙන්ම මෙම සබදතාවයේ විශේෂත්වය වන්නේ එමගින් ලැබෙන මිනිත්තු 1000ට අමතරව එම කණ්ඩායම අතරේ ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ වීමයි.

එමෙන්ම ඩයලොග් CDMA පෙරගෙවුම් සබදතාවය රු 5999/- කට ලබාදෙන අතර ඒ සමග මාස 3 කට බොනස් රු 5800/- ක කථාකාලයක් හිමිවේ. ‍

වැඩි විස්තර

http://www.dialog.lk/en/specialoffers/ranaviru_offers.html

මම අද හුග දවස් කීපයකින් නිදහසේ අන්තර්ජාලෙ  සැරිසැරැව. ඒ පාර මේ ඩයලොග් හා මොබිටෙල් අයගෙ අඩවි වල දාල තියන Facebook එක ගැන කියෙව්ව. ඒකෙ හැටියට facebook වැඩ අපේ දුරකථනයෙන් කරගන්න පුලුවන්. SMS හා MMS මගින්. මමත් ලියාපදින්චි උනා මගේ මොබි‍ටෙල් එකෙන්. සුපුන් මලයට කියල මැසේජ් එකක් දාගෙන පරික්ෂා කලා. වැඩ කරනව. ඒ වගේමයි අපිට එන පණිවිඩ වල‍ට දුරකථනයෙන්ම පිලිතුරැ යවන්නත් පුලුවන්. මොබිටෙල් වලනම් යවන කෙටිපණිවිඩයක‍ට රු 2/- හා අදාල බදු මුදලත් අයවෙනව. ලැබෙන ඒව නොමිලේ.

හැම වෙලාවෙම ෆේස්බුක් ඉන්න අයට මරු

මේ දවස්වල මට ‍මොබිටෙල් එපා වෙලා ඩන්නෙ. ඒත් පාසැල් වැඩ හා වැස්ස‍ට තෙමිල අම්බාන‍ට උණ හැදුන නිසා අන්තර්ජාලෙ පැත්තෙ ගියෙ නෑ.එක පාරක් තෙමිලනම් කමක් නෑ…
දැන් මොබිටෙල් එකත් ලංකාබෙල් වලටත් වඩා අන්ත විදිහට පිරිහිරා. මේ දවස්වල මේ හරියෙනම් එන ‍ඇමතුමක් ගන්න තියා ඇමතුමක රුදී ඉන්නවත් බෑ එක දිගට. දැන් එක දවසක දෙකක ඉදන් නෙවේ, මාසයක දෙකක විතර ඉදන් මේ ලෙඩේ. දැන් එන්නෙ ඇමතුම්‍ නෙවේ ඇලර්ට්. මම යාලුවෙ දෙතුන්දෙනෙකු‍‍ගෙත් බැලුව. මේ තත්වයමයි. අපි ඇමතුමක් ගත්තහම කියන්නෙ ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කියලයි. ඒත් ඒ දුරකථනය හොදින් සංග්නල් ඇතුව සක්‍රියවයි ඒ මොහොතෙ තියෙන්නෙ. දෙතුන් පාරත් උත්සහ කරන්න ඕනි ඇමතුමක් ගන්න. ඒ වගේමයි ම‍ගෙ මොබිටෙල් එකටත් ඇමතුම් වලට වඩා එන්නෙ ඇලර්ට්. මෙහෙම කොහොම කොහොම හරි ගන්න ඇමතුමත් සමහර වෙලාවට රින්ග් දෙක තුනකින් විසන්ධි වෙනව. යාලුවෙ කායනව ඇයි ක‍ට් කරන්නෙ අහනව. අමුතුම ජාලයක්. අපිට නෙඑන ඇමතුම් වල ඇලර්ට් එක එදාම එනවනම් කමක් නෑ. බොහෝ ඒව එන්නෙ සමහර වෙලාවට දිනය දෙක ගිහින්. මම මෙහෙම සැක හිතුන වෙලාවට කරන්නෙ කාර්ය බහුල වෙලාවටත් මිස්කෝල් ඇලර්ට් අංකයට ඇමතුම් යොමු කරල මගෙ අංකයටම ඇමතුමක් ගන්න එක. එතකොට දවස දෙක මග හැරැන ඇලර්ට් එනව එකදිගට.
අන්තර්ජලයෙත් වෙනසක් නෑ. සමහර වෙලාවට අන්තර්ජාලය හා සම්බන්ධ කරන්න හෙන ගේමක් දෙන්න වෙනව. විනාඩි හතර පහ නැවත නැවත ඩයල් කරන්න සිදුවෙනව. හැබැයි මේ නැවත නැවත ඩයල් කිරීම දුරකථන වලනම් අඩුයි. දෙතුන් පාරක් උත්සහ කලාම සම්බන්ධ වෙනව. ඒත් මොඩමයෙන් යද්දි හෙන ගේමක් දෙන්න ඕනි.
ඒ අයට කීවහම කියනව අපි ඒක අදාල අංශයට යොමු කලා. හොයල බලන්නම් කියල. අනේ…. මෙහෙමත් ඇමතුම්. දැන් උපහාර එකෙන් ගන්න හා එන ඇමතුම් හුගක්ම උපහාර වලින් එන ඇමතුම් අතර මගදි විසන්ධි වෙනව. එක දිගට කථාකරන්න බෑ. කෙටිපණිවිඩත් එහෙමයි. ඒව සමහර වෙලාවට යන්නෙ නෑ. යවන ඒවා අදාල දුරකථනයට හරියට යන්නෙ නෑ. ගිය ඒවට රි‍පෝට් එක හරියට එන්නෙ නෑ. අනික යවන කෙටිපණිවිඩත් හෙන වෙලාවක් යනව යන්න. ඒත් ටිගෝවල එහෙමනම් යවපු ගමන් ගියා ගියල වැටෙනව. මේක මහ විකාරයකි. මිල අඩුවට දුන්නට ‍සේවාව හොද වෙන්න ඕනි. ඒ මදිවට උපහාරෙන් ලංකාබෙල් එකකට ගන්නව කියන්නෙ….. අප්පා…. ඒකට වෙනමම පන්තියකට යන්න ඕනි. මොකද කවදාවත් දෙතුන් පාර උත්සහ කරන්නෙ නැතිව ලංකා‍බෙල් එකකටනම් ගන්න බෑ. ජාලය කාර්යබහුලයි කියනව. සමහර වෙලාවට විනාඩි 10, 15 උත්සහ කලත් ගන්න බෑ. මමනම් හිතන්නෙ මේවා ලංකාබෙල්ලගෙ අවුලක් කියල. මොකද ලංකා බෙල් එකෙන් එයාලගෙ පාරිභෝගික සේවයට ගන්නත් හෙන ගේමක් දෙන්න එපෑ.

ඇතුතට මෙහෙම එක පැත්තකින් හෝ ගාල මිල අඩු කර කර… නොමිලේ දිදි… යනකොට අනිත් පැත්තෙන් සේවාවෙ ‍ගුනාත්මක භාවය නැතිවෙනවනම් වැඩක් නෑනෙ.