මේ දවස්වල මට මොබිටෙල් එපා වෙලා ඩන්නෙ. ඒත් පාසැල් වැඩ හා වැස්සට තෙමිල අම්බානට උණ හැදුන නිසා අන්තර්ජාලෙ පැත්තෙ ගියෙ නෑ.එක පාරක් තෙමිලනම් කමක් නෑ…
දැන් මොබිටෙල් එකත් ලංකාබෙල් වලටත් වඩා අන්ත විදිහට පිරිහිරා. මේ දවස්වල මේ හරියෙනම් එන ඇමතුමක් ගන්න තියා ඇමතුමක රුදී ඉන්නවත් බෑ එක දිගට. දැන් එක දවසක දෙකක ඉදන් නෙවේ, මාසයක දෙකක විතර ඉදන් මේ ලෙඩේ. දැන් එන්නෙ ඇමතුම් නෙවේ ඇලර්ට්. මම යාලුවෙ දෙතුන්දෙනෙකුගෙත් බැලුව. මේ තත්වයමයි. අපි ඇමතුමක් ගත්තහම කියන්නෙ ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කියලයි. ඒත් ඒ දුරකථනය හොදින් සංග්නල් ඇතුව සක්‍රියවයි ඒ මොහොතෙ තියෙන්නෙ. දෙතුන් පාරත් උත්සහ කරන්න ඕනි ඇමතුමක් ගන්න. ඒ වගේමයි මගෙ මොබිටෙල් එකටත් ඇමතුම් වලට වඩා එන්නෙ ඇලර්ට්. මෙහෙම කොහොම කොහොම හරි ගන්න ඇමතුමත් සමහර වෙලාවට රින්ග් දෙක තුනකින් විසන්ධි වෙනව. යාලුවෙ කායනව ඇයි කට් කරන්නෙ අහනව. අමුතුම ජාලයක්. අපිට නෙඑන ඇමතුම් වල ඇලර්ට් එක එදාම එනවනම් කමක් නෑ. බොහෝ ඒව එන්නෙ සමහර වෙලාවට දිනය දෙක ගිහින්. මම මෙහෙම සැක හිතුන වෙලාවට කරන්නෙ කාර්ය බහුල වෙලාවටත් මිස්කෝල් ඇලර්ට් අංකයට ඇමතුම් යොමු කරල මගෙ අංකයටම ඇමතුමක් ගන්න එක. එතකොට දවස දෙක මග හැරැන ඇලර්ට් එනව එකදිගට.
අන්තර්ජලයෙත් වෙනසක් නෑ. සමහර වෙලාවට අන්තර්ජාලය හා සම්බන්ධ කරන්න හෙන ගේමක් දෙන්න වෙනව. විනාඩි හතර පහ නැවත නැවත ඩයල් කරන්න සිදුවෙනව. හැබැයි මේ නැවත නැවත ඩයල් කිරීම දුරකථන වලනම් අඩුයි. දෙතුන් පාරක් උත්සහ කලාම සම්බන්ධ වෙනව. ඒත් මොඩමයෙන් යද්දි හෙන ගේමක් දෙන්න ඕනි.
ඒ අයට කීවහම කියනව අපි ඒක අදාල අංශයට යොමු කලා. හොයල බලන්නම් කියල. අනේ…. මෙහෙමත් ඇමතුම්. දැන් උපහාර එකෙන් ගන්න හා එන ඇමතුම් හුගක්ම උපහාර වලින් එන ඇමතුම් අතර මගදි විසන්ධි වෙනව. එක දිගට කථාකරන්න බෑ. කෙටිපණිවිඩත් එහෙමයි. ඒව සමහර වෙලාවට යන්නෙ නෑ. යවන ඒවා අදාල දුරකථනයට හරියට යන්නෙ නෑ. ගිය ඒවට රිපෝට් එක හරියට එන්නෙ නෑ. අනික යවන කෙටිපණිවිඩත් හෙන වෙලාවක් යනව යන්න. ඒත් ටිගෝවල එහෙමනම් යවපු ගමන් ගියා ගියල වැටෙනව. මේක මහ විකාරයකි. මිල අඩුවට දුන්නට සේවාව හොද වෙන්න ඕනි. ඒ මදිවට උපහාරෙන් ලංකාබෙල් එකකට ගන්නව කියන්නෙ….. අප්පා…. ඒකට වෙනමම පන්තියකට යන්න ඕනි. මොකද කවදාවත් දෙතුන් පාර උත්සහ කරන්නෙ නැතිව ලංකාබෙල් එකකටනම් ගන්න බෑ. ජාලය කාර්යබහුලයි කියනව. සමහර වෙලාවට විනාඩි 10, 15 උත්සහ කලත් ගන්න බෑ. මමනම් හිතන්නෙ මේවා ලංකාබෙල්ලගෙ අවුලක් කියල. මොකද ලංකා බෙල් එකෙන් එයාලගෙ පාරිභෝගික සේවයට ගන්නත් හෙන ගේමක් දෙන්න එපෑ.
ඇතුතට මෙහෙම එක පැත්තකින් හෝ ගාල මිල අඩු කර කර… නොමිලේ දිදි… යනකොට අනිත් පැත්තෙන් සේවාවෙ ගුනාත්මක භාවය නැතිවෙනවනම් වැඩක් නෑනෙ.











මාලින්ද ප්රසාද් Reply:
April 19th, 2009 at 3:05 pm
මෙහෙම තිබ්බට භාවිතා කරද්දිනෙ අවුල……
[Reply]