Browsing Posts published in May, 2009

අපි හුගග් දෙනෙක් ගූගල් මැප් ‍එකෙන් කරන්නෙබොහෝ දුරට සැටලයිට් රෑප ගන්න එ‍කනෙ. නැතිනම් සිතියමක් බලාගන්න එක. මොකද දැන් ලංකාවෙත් බොහෝ ප්‍රධාන නගර වල සිතියම් ඇදලනෙ තියෙන්නෙ. ඒත් මේකෙ සේවාව ඊට වඩා පුලුල්. ලංකාවෙ නැතත් වෙන රටවල අපිට ගමනක් යන මාර්ගය, ඒ ගමනට අවශ්‍යය පොදු සේවාවන්ගේ වේලාවන් හා අනෙකුත් විස්තර බලාගන්නත් පුලුවන්නෙ. මම කියන්නෙ ඒගැන නෙවේ. අපි මෙහෙම සිතියමින් හරි සැටලයිට් එකෙන් හරි බලන තැන් වලට අපි ගිහින් බලනව වගේ ඇවිද ඇවිද කැරකි කැරකි බලන්න තියනවනම් කොහොමද? ගූලල් වල මේ සේවාව හුගක් කාලෙක ඉදන් දීපු එකක්. ඒකියන්නෙ අපි මැප් බලද්දි පැත්තෙන් තියන විශාලනය කරන එකට උඩින් මිනිහෙක්ගෙ ලාංජනයක් තියනව දැකල තියනවද? ඒ කියන්නෙ street view කියන සේවාවෙ බටනය7
බො‍හෝ විට මේ බටනය තියෙන්නෙ අක්‍රියව. ඒ කියන්නෙ මේ විදිහට අදුරු වෙලා8

ඒත් ප්‍රධාන නගර වල ඒ සැරිසරද්දි ඒ ලාංජනය සක්‍රිය වෙනව. ඒ කියන්නෙ ඒ ප්‍රදේශය street view සදහා සහය දක්වනවා කියලයි. මේ සේවාවෙන් කරන්නෙ අපි පාරෙ බැහැල බලනව වගේ වට පිට බලන්න හැකිවීම. ඒත් මේ සේවාව තියෙන්නෙ සමහර නගර වල විතරයි. ලංකාවෙනම් නෑ. ඒ සේවාව තියන තැන් බලාගන්න ලේසියි මැප් එක පොඩ්ඩක් පොඩි කලාම ඒ මුලු ප්‍රදේශයේ කොහෙ ‍හරි මේ සේවාව තියනවනම් බටනය සක්‍රිය වෙයි. එතකොට බටනය ඇදන් ආවහම මෙම සේවාව තියන ප්‍රදේශ නිල්පා‍ට වෙනව. 6

එතකොඑ ‍ඒ කොහෙන් හරි තියන්න පුලුවන්. නැතිනම් ඒ නගරයක් ලොකු කරල අවශ්‍යය තැනින් ඒ බටනය ඇදන් ඇවිත් ස්ථාන ගත කලාම අපිට ඒ ස්ථානයේ ඉදන් බලනව වගේ බලන් පුලුවන්.5

අපි කොහෙ හෝ නගරයක ඇවිදල බලන්න ඕනිනම් මේකෙන් බලන්න පුලුවන්. නැතිනම් අපි කොහාට හරි යන මාර්ගයක් හොයාගත්තනම් ඒ කියන්නෙ Direction ගත්තොත් ඒ පාර දිගේ ඇවිදල බලන්නපුලුවන්.

4

මේ ආකිරයට පාර දිගේ යද්දි අපි‍ට උඩ ය‍ට බලන්න, වටේ බලන්න පුලුවන්ත ඒ වගේමයි පාර දිගේ යන්න, හන්දි වලින් හැරෙන්නත් පුලුවන්.

ඒ වගේම ඒ ස්ථාන වල ෆොටෝ ගන්නත් පුලුවන්. ඒ ෆොටෝත් ගුණාත්මක භාවයෙන් නරකම නෑ. කරල බන්න.

මම යද්ද‍ රෙකෝඩ් කරපු එකක් පහත තියනව. බලන්න

‍වීඩියෝව HD බලන්න ආවෙ නැත්තම් වීඩියෝ එක උඩ ක්ලික් කරල  එන කවුලුවෙ HD ඇති

පින්තූර ලොකු මදිනම් ඒව ක්ලික් කරල ලොකු කරලගන්න පුලුවන්.
මෙම සේවය http://maps.google.com/ වලින් ගන්න පුලුවන්

Google Buzz

මම මීට පෙර ගූගල් කැලැන්ඩර් එකේ කෙටිපණීවිඩ සේවය ගැන සදහන් කලා. ඒ කියන්නෙ අ‍පගේ වැඩකටයුතු, සිහිකැදවීම් වගේ ඒව මේ කැලැන්ඩර් එකට දාල තිබ්බහම එයා ස්වංක්‍රියව අපිට කෙටිපණිවිඩයක් මගින් ඇලර්ට් එකක් එවනව.නැතිනම් ඊමේල් මගින්. ඒත් මේ සේවා‍වෙ කෙටිපණිවිඩ සදහා මෙතෙක් සහය දැක්වුවෙ ලංකාවෙ ඩයලොග් විතරයි. (මෙන්න මගෙ පැරණි ලිපිය) .

ඒත් දැන් මේකෙන් ටිගෝ හා මොබිටෙල් ජාල සදහාත් කෙටිපණිවිඩ සේවාව ලබාගත හැකියි. ඒ සදහා මුලින්ම අපගේ දුරකථනය බව සනාත කරගත් පසු (verify) අප ඇතුලත් කරන නව කැලැන්ඩර් අංග සදහා අපට සිහිකැදවිය යුත්තේ කැලැන්ඩර් ලෙස බද සදහන් කල හැකි. එමෙන්නම නියමිත වෙලාවට කොපමණ වෙලාවකට පෙර දැනුම්දිය යුතුද යන්නත් මෙහා සදහන් කල හැකි. එවිට නියමිත වේලාවට අප‍ගේ දුරකථනයට‍ කෙටිපණිවිඩයක් ඒවි. අවශ්‍යයනම් එක් අංගයකට කෙටිපණිවිඩ දෙක තුනක් වුවත් වරින් වර සිහිකැදවන ලෙස දමාගත හැකි.

එමෙන්ම මෙම සේවාව දැනටනම් නොමිලේ තමා සපයන්නෙ. දුරකථනය ලියාපදින්චි කල පසු එම වින්ඩෝවෙන්ම පෙරනිමිසැකසුම ලෙස කෙටිපණිවිඩ හා වේලාව තෝරාගතහොත් වැඩේ ලේසි

කැලැන්ඩරයට - http://www.google.com/calendar

සිහිකැදවීම් සැකසුම් – Settings > Calendars> Notifications (අවශ්‍යය කැලැන්ඩරයේ)

දුරකථනය ලියාපදින්චියට – Settings >Mobile Setup

අවශ්‍යයනම් මෙම සේවාව Offline ව ද භාවිතා කල හැකි අතර අපගේ පරිගණකයේ ඇති Outlook වැනි ‍ඒවාගේ ඇති කැලැන්ඩර් හා මෙය එකට භාවිතා කල හැකිය

Google Buzz

දැන් මීට අවුරුද්දකට පෙර අපේ දුරකථන සබදතා හරියාකාරව ලියාපදින්චි කරන්න ඕනි කියල නීතියක් ආවෙනෙ. රටේ තිබුන් ආරක්ෂක තත්වය උඩ. ඒක නිසා මොබිටෙල් ටිගෝ හා හච් තම පාරිභෝගිකයන්ව නැවත ලියාපදින්චි ක‍ලා. ඩයලොග් කලින් හරියට ලියාපදින්චි කල නිසා වෙනස් අය විතරක් ආයෙ ලියාපදින්චි කලා. මේ ලියාපදින්චියෙදි මොබිටෙල් හා ටිගෝ තාවකාලික හැදුනුම්පතක් නිකුත් කලේ. ඒ හරි එක මාස 3ක් ඇතුලත දෙනව කියලනෙ. ඒත් ටිගෝ එකෙන් සමහරැන්ට නව ප්ලාස්‍ටික් කාඩ් එවල තිබ්බනෙ. ඒත් මොබිටෙල් එහෙම නෑ. ටිගෝ එවපු නැති අයයි, මොබිටෙල් අයයි තාම මාස තුනේ තාවකාලික හැදුනුම පතින්.

ඒත් මොබිටෙල් එකේ තිබ්බෙ අමුතුම් ලියාපදින්චි කිරිමක්. සමහර් තාවකාලික හැදුනුම් පත අතේ තියන් ආයේ ආයෙ ලියාපදින්චි කරනව. අයිති කරු කවුරු උනත් කමක් නෑ. තමාගෙ නමට ලියාපදින්චි කරගන්න පුලුවන්. ඒව එහෙමයි කියමුකො.

මම යාලුවෙක් එකක් සිම්පතක් ගන්න ගියහම මීට අවුරුද්දකට විතර කලින් යාලුවට වයස 18 නෑ කියල මගෙ නමට ගත්ත. ඒත් 18 පිරෙන්නත් කලින් ලියාපදින්චි කරන්න පුලුවන් නිසා මමත් එකක්ම ගිහින් මොබිටෙල් එකෙන් ලියාපද්න්චිකලා. එතකොට #132# න් පෙන්නුවෙ එයාලෙ විස්තරේ. ඒත් දැන් මාසෙක විතර ඉද්න් බලද්දි ඒකෙ තියෙන්නෙ ආයෙත් ම‍ගෙ විස්තරේ. හැබැයි එයාගෙ හැදුනුමපත් අංකය. අමුතුම ලියාපදින්චියක්.

ඒ වගේමයි මොබිටෙල් අප්‍රේල් 31ට කලින් ලියාපදින්චි කරන්නකීවනෙ. ඒ වෙනකම් හුගක් උපහාර පැකේජ වල #132# න් පෙන්‍නුවෙ ලියාපදින්චි කරල නෑ කිවලනෙ. ඒත් කාඩ් පතක් හිටන් දීල තිබ්බනෙ. ඒවගෙ දැන් නියම හිමිකාරයගෙ විස්තරේ වැටෙනව. ඒ අය ඒව නිකම්මලියාපදින්චි කරගෙන.

හැබැයි එයාටෙල් වල මේ කිසි දෙයක්  නෑ. දැන් නිකම් සිම් දෙනව රු 51ක රීලෝඩ් එකක්. එහෙම දෙද්දි අපේ අත්සනයි හැදුනුම්පත් පිටපතයි විතරයි ග්නනෙ. අඩු‍ගානෙ ඒ අයදුම් පත පුරුවන්නෙවත් නෑ. හිමිකාරත්වය පිලිබද තහවුරු කරගන්න විදිහකුත් නෑ. පරණ ඒවගෙවත්

Google Buzz

දැන් HSDPA භාවිතා කරන හුගක් අය ගන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතානෙ. ඒ හොද වේගය නිසානෙ. ඒක නිසා අපි බලමු මේ සබදතාවල මිල ගණන් හා වාසි අවාසි. ඒ කියන්නෙ පෙරගෙවුම් අන්තර්ජාල සබදතාවයද වාසි, පසුගෙවුම් සබදතාවයද කියල

මෙහි පෙරගෙවුම් සබදතාවය ලෙස රු 50 තේරීමද

පසුගෙවුම් සබදතාවය ලෙස Zoom890 තොරාගන්නා ලදී

පෙර ගෙවුම් පසු ගෙවුම්
තැන්පතු නැත රු 1500/-
සබදතා ගාස්තුව රු 500 /- රු 500/-
මාසික ගාසුතුව * රු 1500/- (දිනකට රු 50/- ලෙස) රු 890/-
එම මුදලට නොමිලේ ලැබෙන
දත්ත 3GB (දිනකට 100MB ලෙස) 2GB
කෙටිපණිවිඩ 3000  M2M (දිනකට 100 බැගින්) -
වීඩියෝ ඇමතුම් 3000  M2M (දිනකට 100 බැගින්) -
අමතර  දත්ත භාවිතය (1MB) රු 10/- ශත 50
නොමිලේ ලැබෙන සේවාවන්ගේ වටිනාකම ** 1500 + 2250 + 6000

රු 9750/-

රු 1000/-
වේගය 1mbps 1mbps
වෙනත් පැකේජ වෙත මාරුවීමට අයකිරීම නැත රු 100/-

*මාසික ගාස්තුව ගණනයේදී පෙරගෙවුම් සබදතාවයේ දිනපතා රු 50 ක් දැමිය යුතු නිසා මාසික ගාස්තුව රු 1500 ලෙස ගැණුනි.

**වටිනාකම සෙවීමේදී, දත්ත සදහා මෙගාබයිටය ශත 50 ලෙස ගන්නා ලදී , ඇමතුම් විනාඩිය රු 2/- වශයෙන් හා කෙටිපණිවිඩ ශත 75 ලෙස ගැනුනි


පෙර ගෙවුම් පසු ගෙවුම්
ඇමතුම් ලබාගැනීමේ හා ලැබීමේ හැකියාව ඇත නැත
කෙටිපණිවිඩ යැවීමේ හැකියාව ඇත නැත
කෙටිපණීවිඩ ගෙන්වාගැනීමේ හැකියාව ඇත ඇත
දෛනික සීමාවක් ඇත නැත
දෛනිකව සක්‍රිය කිරීමක් ඇත නැත
අවශ්‍යය විට පමණක් ලබාගැනීමට හැකිවීම ඇත නැත
  • පෙරගෙවුම් සිම්පතක් ඇත්නම් එය භාවිතා කල හැකිය. මොබිටෙල් ශාඛාවල මිලට වඩා බොහෝ අඩුවෙන් පිටතින් සිම්පත මිලදීගත හැකිය
  • පෙරගෙවුම් සබදතවයේ අනවශ්‍යය දින වල මුදල් නොදමා සිටීමෙන් මාසික ගාස්තුව හා අනෙකුත් නොමිලේ ලැබෙන දීමනා එදිනට නවතාගත හැකිය
  • පෙරගෙවුම් සබදතාවයේ  දෛනිකව හිමිවන දත්ත ප්‍රමාණය මදියැයි හැගේනම් තවත් දත්ත ප්‍රමාණයක් මෙගාබයිටය ශත 50 ක් වන පරිදි ලබාගත හැකිය (ලබාගත් දත්තයන් අවසන්වන තුරු සිටිය යුතු නැත). රු 25 තේරීම උවද ලබාගත හැකිය.
  • පෙරගෙවුම් සබදතාවයේ දිනට හිමිවන දත්ත ප්‍රමාණය එම දිනයේම ඉවර කල යුතුය. ඉදිරියට ගෙනයා නොහැකිය.
  • පසුගෙවුම් සබදතාවයේ දෛනිකව නියමිත දත්ත ප්‍රමාණයක් නැත. එක් දිනක කුඩා ප්‍රමාණයකුත් අනෙක් දිනක විශාල ප්‍රමාණයකුත් වශයෙන් විවිධාකාරයෙන් භාවිතා කල හැකිය. නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය මාසයටම වලංගුය
  • පෙරගෙවුම් සබදතා‍වයේ අතේ ඇති මුදල අනුව වියදම පාලනය කල හැකිය. නමුත් පසුගෙවුම් සබදතාවයේ අනිවාර්ය ගාස්තුවක් මාසිකව භාවිතා කලත් නොකලත් ගෙවිය යුතුය.
  • පෙරගෙවුම් සබදතාවයේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ඉක්මවා යෑමට පෙර නැවත දත්ත ලබා නොගතහොත් මෙගාබයිටයකට රු 10/- බැගින් අය වේ. එහෙත් පසුගෙවුම් සබදතාවයේ සීමාව ඉක්මවා ගියත් මෙගාබයිටය ශත 50කි

දැන් හිතෙනවද මොකක්ද වාසි කියල? මටනම් හිතෙන්නෙ පෙරගෙවුම් එක වාසිදායකයි.

වෙනත් පැකේජ

පෙරගෙවුම්

  • රු 25/- තේරීම මාසිකව

රු 750/- (දෛනිකව රු 25 බැගින්)

මෙගාබයිට් 50 ක දත්ත පමණි.

මොඩමයක් භාවිතා කරයිනම් වෙනත් දුරකථනයකින් සක්‍රිය කිරීම කල හැකිය.

වේගය 1mbps

පසුගෙවුම්

  • Zoom490

මාසික ගාස්තුව රු 490/-

නොමිලේ දත්ත 750MB

වේගය 1mbps

  • Zoom2490

මාසික ගාස්තුව රු 2490/-

නොමිලේ දත්ත 7GB

වේගය 3.6mbps/1.98mbps

Google Buzz

මුලින්ම අපේ හමුදාවට උත්තමාචාරය. මේ ලියන්නෙ නිදහස් රට ඉදන් දැන්. දැන් කාටද ආඩම්බර….

මේක ටිකක් පරණ වෙන්න පුලුවන් ඒත් ලගදි (ඒ කීවෙ මාස දෙක තුනක‍ට කලින්වත්) දැක්කද ගූගල් මැප් ගියෙ නැත්තම් දැන් යන්න. මේච්චර කල් ගූගල් මැප්ස් හා එර්ත් කියන සේවා වල ලංකා‍ව ගැන දුන්නෙ ජන්ද්‍රිකා රූප විතරයි. ඒකෙ ලංකාවෙ පාරවල් දෙක තුනක් දාල තිබ්බත් ඒව හරියට නොවේ තිබ්බෙ.

මම මීට මාස කීපයකට කලින් වෙන රටක සිතියමක් හොයන්න යද්දි ලංකාවෙ විස්තරේ දැක්කෙ. ඒ පාර අද හිතුන දුරකථනයෙත් දැන් යාවත්කාලීන වෙන්න ඕනි. ඒක නිසා දාල බලන්න. මොකද ඉස්සර මේක දුරකථනයට දාල බැලුවෙ ජන්ද්‍රිකා රූප විතරනෙ.
ඒත් දැන් ඒව හදල. හුගක් ප්‍රදේශ වල සිතියම් නියමෙටම හදල. පාරවල් ඇදල, පොඩි පාරවල් පවා. ඒ අතර මං සලකුණු, ඒ කියන්නෙ පාසැල්, හෝටල්, රෝහල්, දුම්රිය මගවල් වගේ බොහෝ දේවල් නිවැරදිව ලකුණු කරල තියනව. මේක දැන් පරිගණකයට අමතරව තම දුරකථනයෙන් බලාගන්න පුලුවන් වීම නිසා දැන් සිතියම් අරන් යන් ඕනි නෑ.  මේක Iphone එකට  හොදට බලාගන්න පුවන්.හැබැයි GPS තියන දුරකථනයක්නම් නියමෙට වැඩ. Nokia N95 එක‍ටත් සහය දක්වනව GPS සහිතව. අතරමං උනොත් මරු. ඒත් තාම N95 එකකට මම දාල බැලුවෙ නෑ.

ඒ වගේම හැබැයි හැම ස්ථානයක්ම මේකෙ තාම සලකුණුවෙලා නෑ. පාරවල් වල නම් ‍එහෙම. තාම දියුනු කරමින් යන නිසා ‍හොදා. තව දෙයක් තාම මේක දිශා ඒ කියන්නෙ පාර කියන සහය (Direction) ලංකාවෙ නෑ. තවද පාරෙ රෑප ඒ කියන්නෙ street view, traffic සේවා ලංකාවෙ නෑ. ඒක නිසා අපිමයි පාර හොයාගන් වෙන්නෙ.මොනව උනත් පරිගණකයට වඩා දුරකථනයේ තිබීම පහසුවක්.

ජාව සහය දක්වන දුරකථනවලිහා නවීන බොහෝ මාදිලි වලින් මේක වැඩ කරන්න පුලුවන්. ඒ සදහා කරන්න තියෙන්නෙ maps.google.com වෙත දුරකථනයෙන් පිවිසීමයි.

මෙන්න මම ගත්තු රූප වගයක්

goole maps KurunegalaGoogle Maps Google MapsGoogle Maps3

ඒ වගේම චන්ද්‍රිකා රෑප සහිතව ගත් සිතියම්

google maps 4Google Maps4

වැඩි විස්තර http://www.google.com/mobile/default/maps.html වෙතින්

හැබැයි මේකට අන්තර්ජාලය අවශ්‍යයි. ඒවට අයවෙනව.

Google Buzz

අපේ තියන මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග වල පිටපත් හුගක් ඒව හොර පිටවත්. ඒ කියන්නෙ වින්ඩෝස් හා ඔෆිස් වැනි බොහෝ වැදගත් මෘදුකාංගත්. එම නිසා ඒව හරියාකාරව ක්රැක් කිරීමට ලක් නොකර අන්තර්ජාලය ඔස්සේ යාවත්කාලීන කිරීමට බැහැ. ඒ වගේමයි හොද අන්තර්ජාල සබදතායක් නැතිවත් නිත්‍යානු කූල පිටපතක් තිබ්බත් අමාරු වැඩක්. අනික අන්තර්ජාලය නිවසේ නැති ඇය, HSDPA වැනි සබදතා භාවිතා කරන අයට තම පරිගණකය යාවත්කාලීන කැගැනීමට අපහසුයි. අපි වයිරස් ආරක්ෂක මෘදුකාංග වල නම් යාවත්කාලී කිරීම් වෙනමම බාගත කර ගෙවිත් දමාගන්නව. ඒ වගේ වින්ඩෝස් හා ඹෆිස් සංස්කරන වල යාවත්කාලීන කිරීම් අන්තර්ජාලය ඇති පරිගණකයකින් බාගත කර දමාගත හැකි. එසේම තම කාර්යාලයක වගේනම් මෙය පහසු වේවි. මන්ද, පරිගණක 10 ක් ඇතිනම් යාවත්කාලීන කිරීම් 10 වරක් නොබා එක වරක් පමණක් බාගත කර දමාගත හැකි.
තවද මෙහිදී WGA බාගත නොවෙන නිසා නීත්‍යානු කූල නොවන පිටපතක් උවත් යාවත්කාලීන වීම ගැටලුවක් නොවේ.
මුලුන්ම මේ සදහා අවශ්‍යය කුඩා ටූලය බාගත කරගන්න. (මෙම සබැදුමෙන්). ඉන්පසු තමාට අවශ්‍යය සංස්කරන තොරන්න. ඒ කියන්නෙ වින්ඩෝස් (විස්ට, XP හෝ වෙනත්) සංස්කරනය හා ඔෆිස් සංස්කරනයයි. මෙහිදී ඔෆිස් සංස්කරන කීපයක් හා වින්ඩෝස් සංස්කරන කීපයක් තෝරාගත හැකියි. එමෙන්ම එම සංස්කරන වල තෝරා ගැනීමට භාෂා කීපයකුත් තිබේ. කැමති මෘදුකාංග, සංස්කරන, භාෂා එකක් හෝ කීපයක් තෝරා අවශ්‍යය සැකසුම් දෙන්න. එනම් තමාට Dotnet Frame work බාගත කිරීමට අවශ්‍යයද, Service Pack භාගත කරගත යුතුද යන්න. මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයක් බාගත විය යුතුයි. ඉන්පස් තමාට මෙම සංස්කරන වෙන වෙනම තැටි ගත කරගැනීම‍ට ISO ගොනු ලෙස සැකසිය යුතුද යන වගත් ලබාදෙන්න. ඉන් පසු ආරම්භ කරන්න.

ct-updater

එවිට ඩොස් කවුලුවක් පැමිණ බාගත වේවි. විස්‍ටා වල සමහර වේලාවට දෝස මතුවී නැවත, නැවත උත්සහ කලොත් ප්‍රති පණ ගන්වන්න. මගදි ඇන හිටියහොත් නැවත ඇබන්න. එතැනිස්ට මතු සම්බන්ධ වේවි.

බාගත වී අවසන් ඌ වි‍ට ISO ගොනු ලෙස ලබාදුන්නානම් ISO ෆෝල්‍ඩරයේත් එසේ නොමැතිනම් Client යන ෆෝල්ඩරයේත් යාවත්කාලීන න ගොනු තිබේ. එහි හෝ ISO ගොනුවේ ඇති install Updates යන අයිකනය ධාවනය කිරීමේන් යාවත්කාලීන කරගත හැකි. කරල බලන්න.

බාගත කිරීමට

Google Buzz

හුගක් රටින් එවන පරිගණක, විශේෂයෙන් ලැප්ටොප් වගේ ඒවගෙ තියෙනන්නෙ ඒ රටේ භාෂාව. මේක හුගක්ම තියෙන්නෙ ජපානෙන් එන පරිගණක වල. ඒවගෙ තියෙන්නෙ ජපන්. අපිට නිකන් පුරුද්දෙන් ව‍ගේ කරනව ඇරෙන්න අනිත්ව තේරෙන්නෙ නෑ. ඒ ත් මේක අයින් කරල අපේ තියන ඉංග්‍රීසි එකක් දාන්න පුලුවන්. ඒත් වින්ඩෝස් වගේ භාවිතා කරනවනම් අපි දාන්නෙ හොර ඒව. ඒව හරියට ක්රුක් නොකර අප්ඩේට් කරන් බෑනෙ. අනික පිට රටකට වගේ යද්දි මෙහෙම ක්රුක් කරපු හරි හොර පිටපතක් තියන වින්ඩෝස් අරන් ගිහින් අහුවුනොත් අවුලක්නෙ. අනික ඒ රට වල IP එකෙන් අල්ලනවනේ.
ඉතින් ඇගට ගුණ අර තියන ජපන් හරි වෙන භාෂාවක පිටපත අපිට තේරෙන භාෂාවකට හරව ගන්න එකයි. ඒ කියන්නෙ ඉංග්‍රිසි. වෙන භාෂාවක් තියනවනම් ඊට වඩා තේරෙන, ඒකට උනත් හරව ගන්න බැරිකමක් නෑ. මෙකද මෙහෙම එන ලැප්ටොප් හා පරිගණක සමග නීත්‍යානු කූල පිටපතක් හා තැටි යතුරක් (CD Key) එන නිසා ඒක භාවිතා කිරීම ඇගට ගුණයි. ඒත් අපේ බොහෝ අය කරන්නෙ මේ ජපන් වගේ එකක් හමුඋනහම ඒක කෙලින්ම ෆෝමැට් කරල ‍අපේ හොර කොපියක් දාන එකයි. මොකද ඒකෙ තියන යතුරට සරිලන තැටියක් හොයාගන්න එකත් අමාරු නිසයි.
මෙහෙම හොර කොපි දාන්නෙ නැතිව කරගන්න හරටි බලමු. මෙය විස්ටා හා XP යන පද්ධති දෙකේම කල හැකියි.
මුලින්ම විස්‍ටා. විස්‍ටා Ultimete හෝ Entreprises Primium යන සංස්කරන වලට අපිට අවශ්‍යය භාෂාවේ MUI ය‍ටතේ එන භාෂා පැකේජය ස්ථාපනය කිරීමෙන් හරවා ගත හැකියි.(සබැදුම් පහත දක්වා ඇත). එම ගොනුව ස්ථාපනය කර, Control Panel හි

මගින් භාෂාව වෙනස් කරගත හැකිය. නමුත් විස්ටා අනෙක් සංස්කරන වල මෙම පහසුකම නෑ.එසේ භාෂාව වෙනස් කරගත නොහැකියි. නමුත් නොමිලේ හමුවන බොහෝ තැටි වල තියෙන්නෙ අනෙක් සංස්කරන. ඒකට කරන්න තියෙන්නෙ මෙම Vistalizator කියන කුඩා ටූලය භාවිතා කර එම භාෂා ගොනුව ස්ථාපනය කිරීමයි. පියවර පහත දක්වා ඇත. ඉන්පසු යාවත්කාල ගොනුවක් ඉල්ලයි. එය හැකිනම් සොයා ලබාදෙන්න. නැතිනම් එසේ තිබියදී ප්‍රතිපන ගන්වන්න. දැන් භාෂාව වෙනස් වී ඇත.
දැන් බය නැතිව යාවත්කාලීන කරන්න. වින්ඩෝස් දාන්න අවශ්‍යයනම් එම පරිගණකය හා හමුවන තැටියෙන් දමන්න. පරිගණකයේ ඇති යතුර භාවිතයෙන්. දැල මේ වැඩේ කරන්න.
Xp වෙන දවසක බලමු.

Tool

MUI English Pack

Vista 32 Bit RTM

Vists 32 Bit SP1

සවිස්තරව බලන්න
වෙනත් භාෂා හා සංස්කරන

Google Buzz

FaceBook එකේ ඇලර්ට් කෙටිපණිවිඩ මගින් ලබාදෙන සේවාව බැලූ බැල්මට නොමිලේ දෙන සේවාවක් වගේ පෙනුනට මුලින් කෙටිපණීවිඩ එවල සක්‍රිය උනා කියමුකො. ඒත් යවන ඒවට කැපෙනවනෙ. ඒකත් ගැටලුවක් නෑ කියමුකො. යුවුවොත් විතරනෙ කැපෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සැමදාම මෙසේ නිකන් ඇලර්ට් ලබාගත නොහැකි වීමයි. ඒ කියන්නෙ මාසෙකට සැරයක්වත් අපි ඒ එන ඇලර්ට් එකකට අතින් කාගෙන උත්තර නොබැන්දොත්, ඒ කියන්නෙ කීයක්වත් වැය නොකලොත් ස්වයංක්‍රියව එම සේවාව විසන්ධි වෙනව. ඒබව පැය 48කට කලින් ඒ අය දුනුම් දෙනව. ඒකට පිලිතුරු නොබැන්දොත් ආයෙ සක්‍රිය කරගන්න වෙනව.

Google Buzz

ම‍ට විශ්ව විද්‍යාල හැදුනුම් පතක් නැති නිසා (හැදුනුම් පතක් තියෙන්න විශ්ව විද්‍යාල යන්ට එපෑ)  මම අදුනන අක්ක කෙනෙක්ට කියල ගත්ත Dialog HSDPA සබදතාවයක්.ඒත් 3G නැති නිසා මේකෙන් වැඩක් නෑ. මම විසන්ධි කරන්න ඕනි කියල පාරිභෝගික සේවයෙන් ඇහුවහම කියපි, ගිවිසුම නිසා මාස 6ක් යනතුරු විසන්ධි කරන්න බෑ කියල. මම කීව මම ගත්ත මොඩම් එකක් නෑ, ඒක නිසා ගිවිසුම් නෑ. විසන්ධි කරන්න ඕනි කියල. එතකොට කිව්ව මට මට ලගම තියන ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයට එන්න කියල.( මම හිමිකරු කියල හිතන්). මම කීව එන්නෙ නැතුව ක්‍රමයක් නැද්ද ඇහුවහම කිව්ව ‍Fax කරන්න කියල. Fax නැත් නිසා ඇහුව E-Mail බැයිද කියල. පොඩ්ඩක් ඉන්න කියල…. හරි මේල් එකක් දාන්න කීව. ඒත් ඊට කලින් බිල සම්පූර්නයෙන්ම ගෙවන් ඕනි කීව. මම තැන්පතු ගාස්තුවෙ ගාන තියල අනිත්ව ගෙවල තිබ්බෙ. ඒත් බෑ. ඔක්කොම ගෙවන්න කීව. ඒත් මම කලින් මගෙ සබදතාවයක් එහෙම තැන්පතු ගාස්තුව ඇරල ගෙවල ඉතිරිව ඒ ගානින් කපාගන්න කියල විසන්ධි කලා. මේ පාර බැයිලු. මම බිල ගෙවල මේල් එකක් දැම්ම. දාපු දවසෙම ඒ අයගෙ නිලධාරියෙක් මට පිලිතුරක් එවල තිබ්බ. මගෙ ඉතුරු 1.38 ක මුදලක් මම දීපු බැංකු ගිණුමට යවනව කියල.ඒ එක්කම විසන්ධි වෙලා තිබ්බ. ඒත් මම සම්පූර්ණයෙන්ම බිල ගෙවලත් මේ අය මට සමුපූර්ණ තැන්පතුවම දෙන්නෙ නෑ.
මම පහුවෙනිද ගත්ත පාරිභෝගික සේවයට. දුක කියන්නෙ පෙර‍ ගෙවුම් සබදතාවයකින් අරන් HSDPA සබදතා ගැන ඇහුවවහම ඉස්සර විස්තර ලබා දුන්න අය දැන් කියනව පසුගෙවුම් පාරිභෝගික සේවයට ගන්න කියල. එයාලට එතනින් දෙන්න බැයිලු. ඒ අංශයට ඇමතුම් දාන්නම් කියල කට් කරනව. ඉතින් ගත්ත අර ‍පාරිභෝගික සේවයටම. එයාල කියන ඒ ගානම තමා දෙන්න වෙන්නෙ. ඒ ගැන විසන්ධි කරපු නිලධාරිය නෑ. එයා ආවහම ඇමතුමක් දෙන්න කියන්නම් කියල ‍මගෙ අංකය ඉල්ල ගත්ත.ඒත් සතියක් විතර ගියා. ඇමතුමක් ආවෙ නෑ. මම ගත්ත ආයෙ. ඒත් එ මෑන් නෑ. ඒත් ගත්ත ගෑනු කෙනා කියපි ඒ දවසෙ මම ගෙවපු ගාන අපුඩේට් වෙලා නෑ. දැන් හරි. නියමිත ගාන ගෙවන්නම්ලු. ඒත් මේ අය විසන්ධි කලේ මගෙ ගෙවීම ලැබුන නිසයි. අහපුවහම ඒ ගෙවීම ඇවිත් කීව. ඒත් අප්ඩේට් වෙලා නෑ….

ඒක මාර අප්ඩේට් විල්ලක්. දාපු ගාන ඇවිත්. ඉතින් තව මොන අප්ඩේට්ද… අන්තිමේට තැන්පතුවට අඩු ගානක් ගිණුමට දාන්නම් කීව. අවුලක් තිබ්බොත් කොල් කරන්නම් කීව. මම භාවිතා කරපු කාලයට වඩා එයාල කියපු විධිහට මසයක‍ට වඩා බිල ගෙවලත් හම්බෙන්නෙ තැන්පතුවට අඩු ගානක්. හරිනම් වැඩිපුර ගෙවපුවත් හම්බෙන්න ඕනි.කොහොම හරි ඔය අතරෙ ඒ ඩයලොග් එකට දීපු බැංකු ගිණුමෙ පොත නැති වෙලා. බැංකුවෙන් කිව්ව ගැණුම වහල වෙන ගිණුමක් දෙන්න ඕනි. ඒක නිසා ලැබෙන්න තියන ඒව අරන් ඉවර කරන්න කීව. මොනව කරන්නද ආයෙ ඩයලොග් එකට කථාරන්නෙ නැතිව ගියා චැට් එකට. ඒක පාරක් චැට් කරද්දි නැතිව ගියා. ආයෙ ගත්ත. ඒ පාර අහු උනේ විසන්ධි කරපු මෑන්. මෑන් විකාර කියවනව.  ‍ශේප් වෙන්න හදනනෙ. මමත් අත ඇරියෙ නෑ. අන්තිමේට කීව එයා බලල දින දෙකක් ඇතුලත පිලිතුරක් මගෙ දුරකථන‍යට හරි ඊමේල් ගිණුමට හරි එවන්නම් කියල. ඒත් පිලිත්රු නෑ. මුලින් 1.38ක්.දෙන්නම් කීව. දැන් ගාන හරිය‍ට හරි. එවන්නම් කීව. ඒත් නෑ පිලිතුරක්. මේ වද්දි මෙක විසන්ධි කරල මාස 2කට වැඩී.තාම නෑ. අන්තිමේට ආව ලියුමක්, මගෙ තැන්පත් රිසිට් එක ඕනි කියල. ඒක කියන්නෙ දැන්. ඒක නැතිව එවන්න බැයිලු. ඉතින් ඒක නැත්තම් කියන්න තිබ්බෙ විසන්ධි කරපු වෙලේ. මම මාස දෙකක් කොල් කරනකම් හිටිය. අනික සල්ලි එවන්නම් කියලත් දැන් කියන කථාව.

ඒක මේල් කරල බෑ. නියම එක ඕනිලු. තැපෑලෙන් යැව්ව ඒක. යවල කොල් කලාම දින 10ක් ඇතුලත හරියයි කීව. තාම නෑ හැබැයි. ඒත් මේ අය සම්බන්ධතාවය ලබා ගද්දි ඕව නෑ. මුල් මාසෙ අයකරන්නෙත් දින ගාන බලල.  ඒත් විසන්ධි කරද්දි අය කරන්නෙ ලබන මාසෙටත් එක්ක. මොකද මෙයාල වැඩිපුර මාසෙකට අයකරන නිසාඅනික මම කලින් කීව දුරකථන සබදතාවය විසන්ධි කරද්දි එයාල ලියුම් අඩුයි කියල කොල් කලා. දැන්…. අපිම හොය හොයා…. බල්න්න ඕනි. ඒකත් 10 දෙනෙක්ගෙන් විතර අහල වැඩිපුරම කියපු එක තමා කරන්න ඕනි. මොකද 10 දෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ 10ක්.

මුලින් හොදයි ,අපේ සත්කාරය කිය කියා කෑ ගැහුවට දැන්…. මීට වඩා ලේසිය් අන්ඩුවෙ කන්තෝරුවකින් වැඩක් කරව ගන්නව. මීට අමතරව කී පාරක් කථාකළාද දන්නෙ නෑ. ඉතින් ඉස්සර නම් මෙයාලගෙ  පාරිභෝගික සේවය හොදා. කියපු ගමන් කරනව. හොදට තේරෙන අය ඉන්නෙ. ඒත් දැන්…. ඒත් තාම කියන්නෙ නොම්බර එක කියල.

Google Buzz

මෙච්චර කාලයක් අපෙන් ජංගම දුරකථන ජාල අය කලේ බදු වශයෙන් 28% කට ආසන්න මුදලක්. ඒත් අද දින සි‍ට මෙම බදු මුදල 31.3% වශයෙන් 3%කට ආසන්න ප්‍රමාණයකින් ඉහල දමා තිබෙනව. මෙය සියලුම ජංගම දුරකථන සදහා වලංගුවෙන විදිහටයි ඉහල දමා ඇත්තෙ. නමුත් CDMA, Wireline හා WiMax සබදතා සදහා මෙම බදුමුදල් වලංගුද යන වගග්නම් දන්නෙ නෑ. ඒ‍ත් මෙහෙම ඉහල දාල තියෙන්නෙ ජාතිය ගෙඩනැගීමේ බදු මදල ඉහල ගිය නිසයි.

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions