සිටිලින්ක් දුරකථන සදහා මෙතෙක් කල් යොදා ගත්තෙ 060 කියන කේත ක්‍රමයයි. ඒක දුරකථනය කුමන ප්‍රදේශයේ තිබුනත් එකම කේතය. නමුත් දැන් ඒක වෙනස් කරල. අනෙක් ස්ථාවර දුරකථන වගේ දැන් සිටිලින්ක් දුරකථන සදහා යොදාගන්නෙත් එම ප්‍රදේශයේ ප්‍රාදේශිය අංකය. සිටිලින්ක් යැයි හදුනාගැනීමට ප්‍රාදේශීය අංකයට පසුව අංක 3 යොදාගන්නව. එනම් ටෙලිකොම් වල 2, ලංකාබෙල් වල 5 වගේ සිටිලිංක් වල අංක3. ඒ අනුව දැනට භාවිතා වන අංකත් මෙම නව ක්‍රමයට වෙනස් වෙනවලු. ඒ වෙනස් වෙන්නෙ මේ විදිහට
කලින් අංකය 060 2 xxxxxx නම්, නව අංකය (කොළඹ ප්‍රදේශයේ අයට) 011 3 xxxxxx ලෙස වෙනස් වෙනව. වෙන ප්‍රදේශයකනම් ඒ ප්‍රදේශයේ කේත අංකය අදාල අංකය සදහා යොදාගන්නව
No one has commented yet.







Like



Comments
Leave a comment Trackback