හුග කාලෙකින් තමා මේ බ්ලොග් එක ලියන්නෙ. විභාගෙත් ඉවර උනාට මෙලෝ දෙයක් කලේ නෑ. එහෙ මෙහෙ යනව. දැන් මාර නිදහසක්. මේ ලියපු නැති දවස් වල ලියන්නනම් දේවල් ගොඩයි. ඒත් ලියන්ට හම්බුනේ නෑනෙ. හරි ඒව පස්සෙ ලියමුකො.
දැන් ලියන්න හදන්නෙ ටිකක් වෙස් මෘදුකාංගයක් ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ වෙබ් කැමරා එකක් විවිදාකාරයේ මෘදුකාංග හමුවෙනව. ඒත් ඒවාට වඩා ටිකක් වෙනස් ඒ වගේ ස්ලෝ වෙන්නෙ නැති එකක් තමා මේ මෘදුකාංගය. මේකෙන් ආපේ කැමරාව ඇතුව හෝ නැතිව තමාට වර්චුවල් කැමරාවක් හදා ගන්න පුලුවන්.
සයිබර්ලින්ක් යූ කෑම් කියන එක එහෙම මාර විදිහටනෙ ස්ලෝ වෙන්නෙ. ඒත් මේකෙ එහෙම නෑ. ඒ වගේම ඊට වඩා හුගක් දේවල් මේකෙන් කරගන්න පුලුවන්. වැදගත්ම දේ තමා මේකෙන් හදන වර්චුවල් කැමරාව, එක පාර මෘදුකාංග කීපයක භාවිතා කරන්න පුලුවන්. ඒ කීවෙ සාමාන්‍යය කැමරාවකින් අපි ස්කයිප් ඇමතුමක් ගන්නවනම් ආයේ ඒ කැමරාව වෙන ඒවාග එප පාර භාවිතා කරන්න බෑනෙ. ඒත් මේකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්. අපේ කැමරාව මේ මෘදුකාංගය හරහා අරගෙන එක පාර කීප තැනක භාවිතා කරන්න පුලුවන්.
මේකෙන් කරගන්න වැඩ ගොඩක් කරගන්න පුලුන්. අපිට ඕනෙනම් අපේ කැමරාව නැතිව ඒ වෙනුවට පින්තූරයක්, අපේ තියන පොඩි වීඩියෝ ක්ලිප් එකක්, නැතිනම් ෆිල්ම් එකක් උනත් දාගන්න පුලුවන්. අපිට අපේ තියන ෆීල්ම් එකක් වෙනත් එකක්කෙනෙක්ට අන්තර්ජාලය හරහා තෝරගන්න දෙන්න එහෙම මේ ක්රමය මරු. මොකද සම්පූර්ණ ෆිල්ම් එකම බාගන්නවත් උඩුගත කරන්නවත් ඕනෙ නෑ. ඒ වගේම තමා මේකෙන් අපේ කැමරා පාන්තූරයට එකක එක රූප (Avatars) දාගන්න, Effect දනේන පුලුවන්. තව ඕනෙනම් අපේ ඩෙස්ක්ටොප් එකක් උනත් ඒ යට පෙන්වන්න පුලුවන්. මුලු ඩෙස්ක්ටොප් එක නැතුව කොටසක් හරි ඕනෙනම් පුලුවන්.
තව වැදගත් වැඩක් පුලුවන්. අපේ පසුබිම අයින් කරන්න පුලුවන් මේකෙන්. ඒ කියන්නෙ අපි පිටිපස්සෙන් වෙනමම කොල පාට වගේ තිරයක් දාන්න ඕනෙ නෑ. කරන්න තියෙන්නෙ අපි නැතිව අපේ පසුබිමේ පින්තූරයක් මෙයාට දෙන එකයි. එතකොට මේකෙන් අපි වෙන පසුබිමක තියාගන්න පුලුවන්. හැබැයි ආලෝකය හරියට තියෙන්න ඕනෙ. තව වැදගත් වැඩ ගොඩක් තියනව. ඒවගේම මේ ක නොමිලේ දෙන මෘදුකාංගයක්. දාල බලන්න.
මෘදුකාංගය – ManyCam- http://www.manycam.com/














Comments
Leave a comment Trackback