මේක මොබිටෙල් හා එයාටෙල් ගැනයි. මම භාවිතා කරන්නෙ මොබිටෙල් අන්තර්ජාල සබදතාවයක්නෙ. අලුතෙන් ලැප්ටෙප් එකත් හම්බුන නිසා මාම කීව කිරිඅම්මත් එකක් Skype එකෙන් වීඩියෝ ඇමතුමක් ගන්න ඕනෙ කියල. ගමට ඉතින් මොන අන්තර්ජාලෙද. ඒක නිසා මම ලැප්ටොප් එකයි, මොඩම් එකයි ඔක්කොම අරන් ගියා ගමේ. ගම කීවට පුංචිලගෙ ගෙදර. තියෙන්නෙ කොටදෙනියාවෙ. ගිරිඋල්ල ආසන්නයෙ. එහෙ ගිහින් ගහල බලපු පාර බලාපොරොත්තු උන විදිහටම 3G තිබ්බ. හැබැයි අන්තර්ජාලය හා සම්බන්ධ උනහමයි දැක්කෙ එහාට HSDPA ත් තියනව. මට මාර සතුටුයි.
ඒත් අන්තර්ජාලය මාර ස්ලෝ. බලද්දි සිග්නල් ලාවට. ඒත් ඒ ගනම් තියෙද්දි වෙනදට ගෙදරදි හොද වේගයක් ඒ කියන්නෙ 1Mbps ම ඇවිත් තියනව. ඒත් එහෙ නෑ. අනිතිමට ගෙදරවගේම USB වරය දෙකක් ගහල දැම්ම එලියට. ඒපාර මෙන්න සිගනල් 1-2 අතර දෝලනව වෙනව. වැඩේ ගොඩ තමා කියල ආයෙත් සම්බන්ධ කලා. කෝ නැනේ වේගය. උපරිම Download වේගය 10 Kbit/s වගේ යන්නෙ. ඒකෙන් මොනව කරන්නද. දෙතුන් පාරක් ට්‍රයි කලා. නෑ… දැන් මටත් වහ නෝන්ඩිය. එතකොට තමා මතක් උනේ යාලුවෙක් Airtel අන්තර්ජාල සබදතාවයක් අරන් මේ දවස්වප භාවිතා කරන්නෙ නැති නිසාත්, අපේ ගෙදරට සිග්නල් බලන්නත් එකක් දුන්න. ඒක තාම පර්ස් එකේ.
ඒකට අපේ ගෙදරට සිග්නල් තිබ්බෙ නෑ හරියට. ඒත් යාලුවෙක්ගෙ ගෙදර ගහපුවහම හොද වේගයක්. ඒ කියන්නෙ මෙහාට 3G නැති නිසා Edge වලින් 236 ට ආසන්න වෙන්නම ආව.
මම කලේ මොබිටෙල් එක අයින් කරල දැම්ම ඒ සිම් එක. ෂ….. ඒක නියමෙට වැඩ. වීඩියෝ ඇමතුම්ත් ලොකු අවුලක් තිබ්බෙ නෑ. බාගත කිරීමට වඩා උඩුගත කිරීමේ වේගය හුගක් ආව.මට මතක විදිහට 150kbps (හරියටම නෙවේ) වගේ ආව. හැබැයි ඇමතුමේදි බාගත කිරීමේ වේගය ආවෙ 100kbps ට වඩා අඩුවෙන්. එහාටත් 3G නෑනෙ. ඒත් ඇමතුමට බාධාවක් නෑ. අපිට පෙනෙන රූප වල ගුණාත්මක භාවයනම් අඩුයි. ඒත් නරකම නෑ. එයාලටනම් හොදට ආවලු. මේ ඇමතුම යන අතරෙ ගත්ත මොබිටෙල් එකට. මගෙ සම්බන්ධතාවය මොබිටෙල්නෙ. අනික මොබිටෙල් වල උඩුගත කිරීමේ වේගය වැඩි නිසා වීඩියෝ ඇමතුම් හොද ගුණාත්මක භාවයක් තියනව. මොබිටෙල් එකට ගත්තහම අපරාදෙ කියන්න බෑ ටක් ගාල ගත්ත. අවුල කීවහම අදාල අන්ශයට දාන්නම් කීව. ලයින් එකේ හිටිය. අදාල අංශයෙන් එක්කෙනෙක් සම්බන්ධ උනහම ගැටලුව කීව. එතකොටම මෙන්න ඇමතුම විසන්ධි උනා.
මට ආව තරහ… ඊට පස්සෙ ගත්ත ආයෙත්. අරන් විස්තරෙයි කලින් උන එකයි කීවහම, එයා මාව කොහාටවත් දැම්මෙ නෑ. කලේ වෙනද වගේ පැමිණිල්ලක් දැමීම විතරයි. මොනව කරන්නද. පැමිණීල්ල දාල එයාටෙල් එකෙන්ම ගිය. කලිනුත් මෙහෙම පැමිණිලි දැම්මට, එයාල අපිට කථාකරනව කීවට, තාමනම් කථාකරල නෑ. මේකටවත් ගනීද දන්නෙ නෑ. කොහොම හරි මොබිටෙල් HSDPA වෙනුවට Airtel EDGE වලින් අග බේරගත්ත.
මම මොබිටෙල් එකෙන් ස්පීඩ් ටෙස්ට් කරන්න හැදුවට සයිට් එකටවත් යන්ට වේගයක් නෑ. එයාටෙල් එකේ වේගවල් මෙන්න. මීට වඩා උඩුගත කිරීමේ වේගයක් ආව ඇමතුමේදී.












Comments
Leave a comment Trackback