මේක මොබිටෙල් අයට සුභ ආරංචියක්. මොබිටෙල් සමාගම තමන්ගෙ අන්තර්ජාල පැකේජ සමග නොමිලේ දෙන දත්ත ධාරිතාව වැඩි කරල. මගෙ එකේ නොමිලේ දෙන දත්ත ප්‍රමාණය 3959 MB කියල තිබ්බ 2009-09-11 to 2009-10-09 වෙනකම්. මම වැඩිය ගනම් ගත්තෙ නෑ. මොකක් හරි අවුලක් කියල හිතුවෙ. ඒ අන්තිම ලපිය ” Mobitel HSDPA එකේ අවුලට Airtel EDGE වලින් ඇගබේරගත් හැටි” එකට දෙන්නෙක්  අදහස් දාල තිබ්බ. ඒ පාර මොබිටෙල් එකේ පාරිභෝගික සේවයෙන් ඇහුවහම එමෙ නෑ කීව. ඒ පාර මේක මට විතරක් නෙවේ නිසි ඇහුව දන්න කියන පුද්ගලයෙකුගෙන්. ඒයි තහවුරු කල. අලුත් පකේජනම් නෑ. හැබැයි ගනමම් හා නොමිලේදෙන දත්ත ප්‍රමාණයයි වෙනස් කරලතියෙන්නෙ

490 එක්නම් දන්න විදිහට වෙනසක් නෑ

890 පැකේජයේ නොමිලේ ලැබෙන දත්ත ප්‍රමාණය ගිගාබයිට් 2 ඉදන් ගිගාබයිට් 4 දක්වා වැඩි කරල. වෙගයනම් එකමයිලු. ඒත් සීමාව ඉක්මවා භාවිතා කිරීමේදී මෙගාබයිට් 10 ‍ට රු 2/- යිලු‍

2490ට තිබ්බ පැකේජයේ ගාන රු 1290ට අඩු කරල. ඒකෙ නොමිලේ දෙන දත්ත ප්‍රමාණයත් ගිගාබයි‍ට් 8 දක්වා වැඩි කරල. සීමාව ඉක්මවා භාවිතා කිරීමේදී මෙගාබයිට් 10ට රු 1.50යි.

ඔන්න ඉතින් මෙහෙම අඩු කලා කියන්නෙ අනිත්වගෙත් විශේෂයෙන් ටෙලිකොම් වලත් ආයෙ අඩුකලොත් හොදා. ගිය පාරත් එහෙමනෙ උනේ. මුලින් මොබිටෙල් අඩුකලා. ඊට පස්සෙ ටෙලිකොම්. මේපාරනම් අඩු කරයිද දන්නෙ නෑ. ඒත්  බලන් ඉන්නයි තියෙන්නෙ.

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl