Browsing Posts published in November, 2009

දැන් My 10, Any 8, Family And Friend, My Best Friend කිය කියා සේවා වලින් විශේෂ මිල අඩු කල ඇමතුම් ‍තෝරාගත් අංක වලට ගන්න පුලුවන්නෙ. ඒත් මේ වගේ සේවාවක් මෙතෙක් කල් ටෙලිකොම් වල තිබ්බෙ නෑනෙ. දැන් ඒ සේවාවත් හදුන්වා දීල. ඒකෙ නම SLT 4 Friends. එම සේවාවෙන් තමන් කැමති අංක හතරකට විශේස ගාස්තු යටතේ ඇමතුම් ගන්න පුලුවන්. මෙම අංක සදහා ටෙලිකොම් අංක දෙකක් හා අනෙක ජාල වල අංක දෙකක් ඇතුලුව අංක 4 ක් දාගන්න පුලුවන්.
එම ටෙලිකොම් අංක වලට උදේ 5 සිට රාත්‍රි 9 දක්වා මිනිත්තුවට රුපියලයි හා රාත්‍රී 9 සිට උදේ 5 වන තුරු ශත 50 යි
අනෙක් ජාල අංක සදහා උදේ 5 සිට රාත්‍රි 9 දක්වා මිනිත්තුවට රුපියල් 2යි හා රාත්‍රී 9 සිට උදේ 5 වන තුරු ශත 50 යි
ඒත් මේ සේවාව ලබාගන්නවනම් මාසිකව රු 50/- ක් ගෙවන්න වෙනව. සක්‍රිය කිරීමේ ගාස්තුව රු 100/- යි. මෙම පහසුකම සියලුම ටෙලිකොම් දුරකථන සඳහා වලංගුයි. හැබැයි සක්‍රිය කිරීමට ටෙලිකොම් කාර්යාලයකට යන්න වෙනව. ‍

Google Buzz

12414040159QAJ1l

දැන් හැමෝම දුරකථන භාවිතා කරනව. ඒ කියන්නෙ ජංගම දුරකථන. මේවා භාවිතා කරද්දි තමන් ගැනත් හිතුවාද. සමහරු කියනව ඉස්සර දුරකථන වගේ දැන් ඒවගෙන් ඇගට අවුලක් නෑ කියල. ඒක යම්තාක් දුරට ඇත්ත සම්මත තත්ව යටතේ. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොහෙමද අපේ ඇගට මේක බලපාන්නෙ. සාමාන්‍යයෙන් SAR කියන තත්ව සහතිකය හැම දුරකථනයත් සමගම (නියම සමාගම් වලින් හදන) එනවනෙ. ඒත් මේක භාවිතයේදී වෙනස් වෙනව කියල දන්නවද. මේ ගැන කීර්ති සර් අපිව දැනුවත් කලාළ මට හිතුන අනිත් අයටත් ඒ ගැන කියන්න. හරි මුල ඉදන් පටන් ගම්මුකො

ඉස්සර දුරකථන ඒ කියන්නෙ GSM තාක්ෂණය එන්න පෙර අපේ රටේ භාවිතා කලේ ඇනලොග් දුරකථන. ඒ කියන්නෙ ඒව භාවිතා වෙන්නෙ UHF හා VHF කියන තරංග. මේවාගෙන් ඇගට කියන්න තරම් හානියක් නෑ. ඒත් මේ දුරකථනයකින් ඇමතුමක් ගැනීමේදී එය ඉතා ප්‍රබල සංඥාවක් නිකුත් කරනව. ඒ කුලුණක් අල්ලා ගැනීමට. ඒ ඇනලොග් දරකථන වල ලගම සංඥා එන කුලුණ හදුනාගැනීමේ පහසුකම (අපේ දුකථන වල සංඥා එන කුලුනේ නම වැටෙන්නෙ) නැති නිසා බොහෝ දුරයන සංඥා නිකුත් කරලයි කුල්ණක් අල්ල ගන්නෙ. දැන් වගේ ඉස්සර එක කුලණකට බොහෝ ග්‍රාහකයින් සංඛ්‍යාවක් දැරීමට නොහැකිවීමත් එක හේතුවක්.

ඒත් දැන් තියන් GSM හා ඉන් පසු ආපු දුරකථන වල මේ අවුල නෑ. එයා නිතරම කුඩා සංඥා නිකුත් කරල ලගම ඇති කුලුණ හදුනගන්නවනෙ. හැබැයි එහෙම නිකුත් කලානම් මෙලහකට අපි නෑ. ඒත් මෙම සේවාව තිබ්යි කියල අපි ආරක්ෂිත නෑ. ඉස්සර ඒවා VHF නිසා අවුලක් නෑ. ඒත් දැන් ඒවා භාවිතා කරන්නෙ මයික්‍රෝ වේවි දන්නව ඇතිනෙ මයික්‍රෝ වේව් අවන් ගැන. ඒ ආසන්න සංඛ්‍යාතයක් තමා ජංගම දුරකථන වල භාවිතා වෙන්නෙ. ඒත් මේවගෙ ප්‍රබලත්වය ඉතා අඩුයි. ඒක නිසා මිනිස් සිරුරට ලොකු හානියක් නැ.

ඒත් සාමාන්‍යයෙන් තියෙද්දි හානිය අවමයි. හැබැයි මේව යම් යම් අවස්ථාවලදි ප්‍රබලත්වය යම්තාක් දුරට වැඩි කරනව. වැඩි පුරම එහෙම වෙන්නෙ ඇමතුමක් ගනිද්දි. ඒ කියන්නෙ ගන්න හැම වෙලේම නෙවේ. Calling කියන වෙලාවෙ. දැන් දුරකථන වල මේක හදුනගන්න පුලුවන් ලේසියෙන්. ඇමතුමක් ගද්දි Calling කියල වැටිල සම්බන්ධ උනහම වෙනස් වෙනව. ඒ කියන්නෙ අපි ඇමතුමක් ගන්න හදද්දි දුරකථනය ජාලය සමග සම්බන්ධ වෙන වෙලාව. රින්ග් යන්න කලින්. ‍‍මේ වෙලාවට මෙයාට පුලුවන් උපරිම ශක්තිය යොදනව ජාලයේ කොනක එල්ලෙන්න. බොහෝ අපේ අය කරන්නෙ Dial කී එක ඔබපු ගමන් කනේ තියා ගන්නව. ඒක අති භයානකයි. මොකද උපරිම ප්‍රබලත්වයෙන් සංඥා නිකුත් වෙද්දි කනේ තිබ්බහම. හරියට මොලේ ගලවල මයික්‍රෝ වේව් අවන් එකකට දුම්ම වගේ තමා. ඒකට හොදම පිලිම අදාල පාර්ෂවය උස්සනකම් කනේ දුරින් තියාගන්න එක. අතේ වගේ. හැකිනම් හලෝ කියනකම් ලවුඩ්ස්පීකර් යොදාගෙන තියාගන්න. ඉස්සුවහම කනේ තියාගන්න. ඒක තමා හොදම ක්‍රමය. නැතිනම් හෙඩ්සෙට්.

මේ විදිහට සංඥා ප්‍රබලත්වය වැඩි කරන අවස්ථාවක් තමා තමා ඉන්න තැන සංඥා අඩුයි නම් දුරකථනය උපරිම ප්‍රබලත්වය භාවිතා කරනව හොද ඇමතුමක් ලබාදීමට. හරියට දුර ඉද්දි ඇහෙන්නෙ නැති උනහම අපි කෑ ගහන්නෙ. ඒ ව‍ගේ. අනිත් ප්‍රධාන අවස්ථාව තමා බැටරිය බැහැපු අවස්ථාවල.

ප්‍රධාන වශයෙන් මේවාගේ අවස්ථාවල උපරිම සංඥා භාවිතා කරනව. හැබැයි SAR තත්වය යටතේ නිපදවන භාණ්ඩවල උපරිම සංඥා ප්‍රබලත්වය 2watt විතර. ඒ සාමාන්‍යයෙන් භාවිතා වෙන්නෙ 0.002watt විතර. ඒත් අරවගේ අවස්ථාවල මේක වැඩි වෙනව. ඒ වොට් 2 ඇති ඒක දිගට හානියක් කරන්න. Microwave Oven වල මේකෙ ප්‍රබලත්වය 2000watt ට ආසන්නයි. ඒත් මේකෙන් දිගටම මෙහෙම වෙදිදි එකපාර අවන් කලා වගේ නෙවේ හරියට ටික ටික අවන් එකෙන් මොලේ පුච්චනව වගේ තමා. මොකද මුලදි අපිට තේරෙන්නෙ නෑ මේ‍ක. අපි අව්ව දිහා බලන්න හොද නෑ කීවට බැලුවට අවුක් නෑනෙ. ඒ මුල් අවස්ථාවලදී. එහෙම එක දිගට බලද්දි ටික ටික ඇහේ ස්නායු පිච්චිලා පස්සෙ හුගක් කල් ගියහමයි තේරෙන්නෙ. මේ විදිහට සංඥා බලපාද ඒකෙදිත් දකුණු පැත්තෙ කනෙන් තියන් භාවිතා කිරීම ‍හොදනෑ. මොකද දකුණු මොලේ වම් මොලේට වඩා සංවේදී.හ ඒක නිසා සිදුවෙන හානිය වැඩී සාමාන්‍යය වෙලාට ඇමතුමේ ඉද්දිත් හැකි තරම් වම් කන භාවිතා කරනවම් හොදා.

ඒ වගේම තමා ඔය ව්‍යාපාර කරන අය විශේෂයෙන් මල් කඩන අය පැය ගන්න දුරකථනයේ එල්ලිලා ඉන්නව. අලෙවි ප්‍රවර්ධක වරු හෙල්මට් එක ඇතුලේ දුරකථනය දාගෙන යනව. හිතාගන්නකො බලපෑම. මේවට තමා ලූප්සෙට්, හෙඩ්සෙට් තියෙන්නෙ. ඒකෙන් දුරකථනය මොලයෙන් ඇත් කරල තියාගන්න පුලුවන්නෙ. ‍

සාමාන්‍යයෙන් Microwave අවන් වල 2450Mhz ට ආසන්න සංඛ්‍යාතයක් භාවිතා වෙනව. ඒ වගේම තමා අපේ දුරකථන වලත් 900Mhz සිට 2100Mhz දක්වා භාවිතා වෙනව. ඒත් 900 ත් 2450 ත් හානියෙ ලොකු වෙනසක් නෑ. දුරකථන හදන සමාගම් එක එක ඒව කියන. ඒත් අපි ගැන හිතන්න ඕනෙ අපිනෙ. SAR කියන තත්ව සහතිකයෙන් යම්තාක් දුරට ප්‍රබලත්වය සීමාකලත් ඒක යම්තාක් දුරට හෝ තියනවනෙ. විශේෂයෙන් එකපාර සිම් දෙකක් භාවිතා කරද්දි… හිතාගන්‍නකො. මොකද ඉක්මනට මොලේ පුච්චගන්න හදන්නෙ. දැන් ඔය ප්‍රමිතියක් නැතිව එන චීන දුරකථන නියමිත සමාගම් වලින් නෙවේනෙ හදන්නෙ. ඉතින් මේවගෙ මේ තත්ව සහතිකය තියනවද? සමහරු සිග්නල් වැඩි දුරකථන, ඩුවල් සිම් හොයන්ව… හිතල බලන්න කොහොමද කියල.

ඒක නිසා හැකිතරම් ස්ථාවර දුරකථන භාවිතා කරන්න. නැතිනම් හෙඩ්සෙට් වගේ ඒව භාවිතා කරන්න. දුරකථනයක් ඇගේ රදවාගැනීමේදිත් යට සාක්කුව හොද නෑ. මගෙ මතය හැටිය‍ටනම් උඩ සාක්කුවක් හෝ පිටුපස් සාක්කුවයි හොදම.

Google Buzz

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි

දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි එක්කෙනෙක් කීවෙ එයා හුගක් බාන්නෙ ෆිල්ම්ලු. ඒවට හොද වේගයක් එනවලු. ඒත් හවස 6 විතර ඉදන් රෑ9 වෙනකම් වගේ හුගක් ස්ලෝ වෙනවලු. මම එහෙ යද්දි යන්තම් වැස්ස. එයා කීව එවෙලෙ අන්තර්ජාලය වැඩ නෑ. එයාල වැස්සට ඕෆ් කරනවලු. එයාල කීවෙ ලංකාබෙල්ල. මම එහෙම අන්තර්ජාලයක් ගැන ඇහුවමයි. වැස්සට ඹ්ෆ් කරන. පොඩි වැස්සක් ආවත් එයාලට අන්තර්ජාලය නෑලු. ලංකාබෙල් එකට කීවම කිව්වලු අකුණු ගහද්දි ටවර් එකට හානි වෙයි කියල ස්වයංක්‍රියවම විසන්ධිකරනවලු. ‍මොකද කුරුණෑගල ලංකාබෙල් කුලුණු තියෙන්නෙ ඇතාගල උඩ නිසා. ඒත් අනිත් කුලුණුත් ඇතාගල උඩ තියනව. ඒව කිසිම එකක් විසන්ධිකරන්නෙ නෑනෙ.

නමුත් වේගය අතින්නම් එයා සෑහීමකට පත්වෙනවලු. මටනම් බලාගන්න බැරිඋනා. අනිත් යාලුවත් ෆිල්ම බාන කෙනෙක්. එයාගෙන්නම් ස්පීඩ් ටෙස්ට් ගත්ත



එයානම් කීවෙ වැස්සට ස්ලෝ වෙනව විතරයි කියල. මොකද සාමාන්‍යයෙන් වේගය 68kbps විතර එනවලු. එයාගෙ තියෙනව කීවෙ 512 සම්බන්ධතාවයක් ඒත් ආව වේගවල් දැක්කහමනම් 512වලට හොදටම ඇති. ස්පීඩ් ටෙස්ට් වල ලංකාවේ සර්වර් එක්ක හොද වේගයක් එනව. ඒත් පිටරට ඒවට එන්නෙ සාමාන්‍යය වේගවල්. නමුත් IDM ව‍ගේ එකකින් බාගත කරද්දි හොද වේගවල් එනව. ඒත් අර වැස්සෙ කථාවනම් හිතාගන්න අමාරුයි. ලංකාබෙල් විතරක් වැස්ස‍ට විසන්ධි වෙන්නෙ මොකද දන්නෙ නෑ. කලින් කුරුණෑගල ඇතාගල උඩ පිලිමයට අකුණු ගැහුව. ඒත් ඔය ‍ටවර් වලට අකුණූගහල ලොකු අලාභයක් උනා කියල අහලනම් නෑ. ඒත් මෙයාල මොන හේතුවකට විසන්ධි කරනවද දන්නෙ නෑ. අකුණු සන්නායක සවිකරල තියෙද්දි. අනික ඇතාගල උඩ තියෙන්නෙ මෙයාලගෙ කුලුණු විතරක් නෙවේනෙ. අනිත් හුගක් ඒවගෙ ප්‍රදාන කුලුණු තියනව.

Google Buzz

දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැ‍න් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව Network Conjunction එකක් නිසාලු. සමහර වෙලාවට යූසර්ල වැඩී උනහමලු. ඒත් මේ අවුල දිගටම තියනව. හිටපු ගමන් සමහර සයිට් ලෝඩ් වෙන්නෙම නෑ. සමහර ඒව නියමෙට වැඩ. සමහර වෙලාවට එක අඩවියකටවතත් යන්න බෑ. ෆේස්බුක් එකේ ‍ගේම් එකක් ගැහැවත් හැම වෙලාවෙම රීලෝඩ් කරන්න කියනව. මම මොඩම් මාරු කරල බැලුව. කුරුණෑගල නගර මධ්‍යයේ ත් බැලුව. ඒත් එකම අවුල. පාරිභෝගික සේවයට කියද්දි E1550 ඩයලොග් එකෙන් ගත්ත කීවොත් ඒ මොඩම් එකේ අවුලක්. අපි ඒවට වගකියන්නෙ නෑ කියනව. මාර කථා. ආයෙත් අරන් E220 කීවහම වැඩ. මොනව උනත් මේ මොඩම් දෙකෙන් එකකටවත් අන්තර්ජාලය හරියට නෑ. ඉස්සරනම් ඩවුන්ලෝඩ් එකක් දැම්මොත් 1mbps ම එනව. දැන් එනෙ නෑ. හිටපු ගමන් 100kbps වත් නෑ. එක දිගට ඩවුන්ලෝඩ් එකක් දැම්මොත් දැන් ඉස්සර වගේ එක දිගටම වේගය ස්ථාවරව නෑ. අඩු වැඩි වෙනව. දැන් ඉතින් මොබිටෙල්ත් එපාවෙනව. මෙහෙම බලන් යද්දි ගන්න ඒව නෑනෙ. හැම එකම අවලු.
ඇත්තටම මේ ලංකාවෙ ගන්න හොද අන්තර්ජාල සේවාවක් ඇත්තෙම නැද්ද. වෙන රට වලනම් මේ අවුල් නෑ. එයාල පැන පැන නිකන් දෙනව. ඒ දෙන්නෙත් පලවෙන් අවුරුද්ද, මාස 6 නොමිලේ. ඒවගෙ ‍වේග ගැනත් කියන්න දෙයක් නෑ. ස්ලෝනම් ස්ලෝ සර්වර් තමා.

.

ඒත් මෙහෙම වේගවල් තියා දෙන එකවත් හරියට දෙන අන්තර්ජාල සම්බන්ධතාවක් නෑනෙ. හැමෝටම ගන්න පුලුවන්.
අපිට ඉතින් ඉවසීමෙන් සැනසීම තමා

Google Buzz

අකුරෙන්ම චැට් කරන්නෙ නැතිව එක එක හැගීම් කෙලින්ම මූනෙන්ම කියගන්න පුලුවන්නෙ. Skype එකේ ඒ මූනවල් හා හැගීම් ටික ක්ලික් එකකින් දාගන්න පුලුවන්. Google වලත් ඒවගෙන් ටිකක් තියනව. ඒත් Facebook Chat එකේදි Emoticon හරි smilies දාගන්න ගියහම ඒව හෙය හොයා ඉන්න ඕනෙ. මම හිතුව මට හමුවුනු ලැයිස්තුව හැමෝටම බලාගන්න දාගන්න. Facebook chat එකේදි ඕනෙ උනොත් භාවිතා කරන්න

මේ සමහරක් SMS වලදිත් වැඩ

smile!

03

: ) or :- )

 

big smile!

04

: D or :- D

 

wink!

05

; ) or ;- )

 

happy eyes!

13

Happy eyes: ^_^

 

laughing eyes!

15

Laughing eyes: >:o

 

cat smile!

23

Cat smile: :3

 

grumpy!

18

Grumpy: >:-(

 

sad face!

20

Sad: : ( or :- (

 

crying!

07

Crying :   :’ (

 

shocked!

08

Shocked :   : o or :- o

 

cool!

01

Glasses:   8 ) or 8- )

 

cool!

17

Cool shades: 8-|

 

tongue out!

21

Rude: :p or :-p

 

WOOT?!

14

Woot?!: O.o

 

 

02

Dork emote: -_-

 

not amused!

09

Duhhh emote: :/ or :\

 

Devil!

11

Devil emote: 3:)

 

angel!

12

Angel emote: O:)

 

a kiss!

10

Kiss emote: :-* or :*


a love heart!

06

Love emote: <3


Pacman!

22

Pacman: :v

 

robot!

24

Robot:  : |]

 

weird guy\'s face!

25

Weird guy’s face: :putnam:

 

shark emoticon

shark-emoticon

NEW Shark emoticon: (^^^)

 

penguin emoticon

penguin-emoticon

NEW Penguin emoticon: <(")

 

*සමහරක් Similies හා Emocticons වල අතර මැදිට හිඩසක් (Space) දැම්ම. නැතිනම් ඒව wordpress මගින් පින්තූර වලට හරවන නිසා

Google Buzz

මේ දවස්වල මොබිටෙල් කාඩ් හරි ‍රීලෝඩ් හරි දාගන්න ගියොත් බොහෝ කඩවල කියනව ඇති රීලෝඩ් ඉවරයි. කාඩ් නෑ කියල. මේක හැම කඩේම නෑ. මොබිටෙල් ශාඛාවල, ‍ෆුඩ් සිටි වල මේ අවුල නෑ. මේක තියෙන්නෙ බොහෝදුරට සාමාන්‍යය කඩවලයි. ඒකට හේතුව මොබිටෙල් සමාගම රීලෝඩ් හා කාඩ් සඳහා දෙන වට්‍ටම් අඩුකිරීමයි. ඒකට විරුද්ධව අදාල අය වර්ජනය. දැන් කීප දවසක ඉදන් බොහෝ තැන් වල රීලෝඩ් හෝ කාඩ් නෑ. සමහර අංක වලට මොබිටෙල් එකෙන් පණිවිඩත් එවල ෆුඩ්සිටි, එයාලගේ ශාඛාවලින් අදාල ගෙවීම් කරගන්න කියල. කෙසේවෙතත් මම යාලුවො දෙතුන් දෙනෙකුට මොබිටෙල් අඩවියෙන් රීලෝඩ් දැම්ම. අවුලක් නෑ

Google Buzz

හුග දවසකින් බ්ලොග් ලියන්න හම්බුනේ නෑ.මේ දවස්වල ටෙලිකොම් එකේ අන්තර්ජාලය මාර අප්සට්. හැම වෙලාවෙම පිස්සු කෙලිනව. ping එකක් දිගටම යවද්දි 5-6 කට සැරයක් Timeout. ආයෙ අපි පිටුවක් ලෝඩ් කරද්දිත් ඒකමයි. වෙනද මෙහෙම නෑ. කාලය වැඩි උවත් Timeout නෑ. මේක ඇනයක්. මේක නිසා අන්තර්ජාලය අවුල් ජාලාවක්. වෙබ් පිටුවක් ලෝඩ් ලොත් අතර මගදි ලෝඩ් උනාට එන්නෙ නෑ. ආයෙ Refresh කරන්න වෙනව. සතියක් විතර එක දිගට තියෙද්දි ටෙලිකොම් එකට කීව. දින දෙක තුනක් ගියත් ආවෙ නෑ. කථාකලාම කියනව අදම එයි. දිනයක් ඇතුලත එයි. ඒත් ආවෙ නෑ. අඩු ගානෙ ඇමතුමක් වත්. වෙනදනම් කීව ගමන් ඇවිත් බලනව. උපරිම දිනයයි. දැන් මේකට සතියක් විතර තාම නෑ. ඒ පාර රවුටරේ මාරු කලා. ස්විච් එක මාරුකලා. ස්පුලිටර් මාරුකලා. ඒත එමමයි. එසේමයි. අපේ විතරද අවුල බලන්න ඇහුව යාලුවො දෙතුන් දෙනෙක්ගෙන්. ඒ අයටත් ඒ විදිහටම අවුල්. එයාල ගනන් අරන් නෑ. දැන් දිගටම අවුල. චැට් එකක මොනව හරි ගැහුවොත් ඒක යන්න දවසක් යනව. ඒ අය හිතල තියෙන්නෙ ඒ අයගෙ අවුලක් කියල. ඒ පාර හුගක් අය ටෙලිකොම් කථාකලේ නෑ. වැඩක් නෑ කියල. මොකද මේ පාර විභාගෙ ඉවර උනාම අපේ හුගක් අය අන්තර්ජාලයට ඉල්ලුව. ඒ අයගෙ ප්‍රොමේෂන් වලදි කියන දවස් 3න් දෙනව කියල. අර අයට සතියක් ගියත් නෙට් නෑ. අහපුවහම කුරුණෑගල පෝට් ඉවරයි, ගෙනාව ගමන් දෙව කියනව. ඒව ගෙනාපුවට පස්සෙ ඉල්ලුම් කල අයටත් ඒ තැටියම දානව. ඒක නිසා හුගක් අය ගනම් ගත්තෙ නෑ. ලෙ‍ඩේ එක දිගට ‍නෙවේ. එනව‍‍. යනව.
ස්පීඩ් පරීක්ෂා කලාට අවුගත් නෑ. හිටපු ගමන් සර්වරය හා සම්බන්ධ විය නොහැකිය කියනව. Ping Test එකේදිත් ඒක. ඒත් Speed test ඒකේදි ටෙස්ට්‍ වෙන්න පටන් ගත්තොත් අවලුක් නෑ. හොද වේගයත් යනව. මම හිතන්නෙ එහෙම වෙනනෙ ‍Timeout වෙන නිසා වෙන්න ඇති. වේගයේ අවුලක් නෑ

Speedtest

Speedtest

[caption id="" align="alignnone" width="300" caption="SpeedTest"]SpeedTest[/caption]

Google Buzz
Powered by WordPress Web Design by SRS Solutions © 2010 Malinda’s Blog – මාලින්දගේ සටහන Powerd by Wordpress and Design by SRS Solutions