හුග දවසකින් බ්ලොග් ලියන්න හම්බුනේ නෑ.මේ දවස්වල ටෙලිකොම් එකේ අන්තර්ජාලය මාර අප්සට්. හැම වෙලාවෙම පිස්සු කෙලිනව. ping එකක් දිගටම යවද්දි 5-6 කට සැරයක් Timeout. ආයෙ අපි පිටුවක් ලෝඩ් කරද්දිත් ඒකමයි. වෙනද මෙහෙම නෑ. කාලය වැඩි උවත් Timeout නෑ. මේක ඇනයක්. මේක නිසා අන්තර්ජාලය අවුල් ජාලාවක්. වෙබ් පිටුවක් ලෝඩ් ලොත් අතර මගදි ලෝඩ් උනාට එන්නෙ නෑ. ආයෙ Refresh කරන්න වෙනව. සතියක් විතර එක දිගට තියෙද්දි ටෙලිකොම් එකට කීව. දින දෙක තුනක් ගියත් ආවෙ නෑ. කථාකලාම කියනව අදම එයි. දිනයක් ඇතුලත එයි. ඒත් ආවෙ නෑ. අඩු ගානෙ ඇමතුමක් වත්. වෙනදනම් කීව ගමන් ඇවිත් බලනව. උපරිම දිනයයි. දැන් මේකට සතියක් විතර තාම නෑ. ඒ පාර රවුටරේ මාරු කලා. ස්විච් එක මාරුකලා. ස්පුලිටර් මාරුකලා. ඒත එමමයි. එසේමයි. අපේ විතරද අවුල බලන්න ඇහුව යාලුවො දෙතුන් දෙනෙක්ගෙන්. ඒ අයටත් ඒ විදිහටම අවුල්. එයාල ගනන් අරන් නෑ. දැන් දිගටම අවුල. චැට් එකක මොනව හරි ගැහුවොත් ඒක යන්න දවසක් යනව. ඒ අය හිතල තියෙන්නෙ ඒ අයගෙ අවුලක් කියල. ඒ පාර හුගක් අය ටෙලිකොම් කථාකලේ නෑ. වැඩක් නෑ කියල. මොකද මේ පාර විභාගෙ ඉවර උනාම අපේ හුගක් අය අන්තර්ජාලයට ඉල්ලුව. ඒ අයගෙ ප්‍රොමේෂන් වලදි කියන දවස් 3න් දෙනව කියල. අර අයට සතියක් ගියත් නෙට් නෑ. අහපුවහම කුරුණෑගල පෝට් ඉවරයි, ගෙනාව ගමන් දෙව කියනව. ඒව ගෙනාපුවට පස්සෙ ඉල්ලුම් කල අයටත් ඒ තැටියම දානව. ඒක නිසා හුගක් අය ගනම් ගත්තෙ නෑ. ලෙඩේ එක දිගට නෙවේ. එනව. යනව.
ස්පීඩ් පරීක්ෂා කලාට අවුගත් නෑ. හිටපු ගමන් සර්වරය හා සම්බන්ධ විය නොහැකිය කියනව. Ping Test එකේදිත් ඒක. ඒත් Speed test ඒකේදි ටෙස්ට් වෙන්න පටන් ගත්තොත් අවලුක් නෑ. හොද වේගයත් යනව. මම හිතන්නෙ එහෙම වෙනනෙ Timeout වෙන නිසා වෙන්න ඇති. වේගයේ අවුලක් නෑ
[/caption]












Comments
Leave a comment Trackback