දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැන් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව Network Conjunction එකක් නිසාලු. සමහර වෙලාවට යූසර්ල වැඩී උනහමලු. ඒත් මේ අවුල දිගටම තියනව. හිටපු ගමන් සමහර සයිට් ලෝඩ් වෙන්නෙම නෑ. සමහර ඒව නියමෙට වැඩ. සමහර වෙලාවට එක අඩවියකටවතත් යන්න බෑ. ෆේස්බුක් එකේ ගේම් එකක් ගැහැවත් හැම වෙලාවෙම රීලෝඩ් කරන්න කියනව. මම මොඩම් මාරු කරල බැලුව. කුරුණෑගල නගර මධ්‍යයේ ත් බැලුව. ඒත් එකම අවුල. පාරිභෝගික සේවයට කියද්දි E1550 ඩයලොග් එකෙන් ගත්ත කීවොත් ඒ මොඩම් එකේ අවුලක්. අපි ඒවට වගකියන්නෙ නෑ කියනව. මාර කථා. ආයෙත් අරන් E220 කීවහම වැඩ. මොනව උනත් මේ මොඩම් දෙකෙන් එකකටවත් අන්තර්ජාලය හරියට නෑ. ඉස්සරනම් ඩවුන්ලෝඩ් එකක් දැම්මොත් 1mbps ම එනව. දැන් එනෙ නෑ. හිටපු ගමන් 100kbps වත් නෑ. එක දිගට ඩවුන්ලෝඩ් එකක් දැම්මොත් දැන් ඉස්සර වගේ එක දිගටම වේගය ස්ථාවරව නෑ. අඩු වැඩි වෙනව. දැන් ඉතින් මොබිටෙල්ත් එපාවෙනව. මෙහෙම බලන් යද්දි ගන්න ඒව නෑනෙ. හැම එකම අවලු.
ඇත්තටම මේ ලංකාවෙ ගන්න හොද අන්තර්ජාල සේවාවක් ඇත්තෙම නැද්ද. වෙන රට වලනම් මේ අවුල් නෑ. එයාල පැන පැන නිකන් දෙනව. ඒ දෙන්නෙත් පලවෙන් අවුරුද්ද, මාස 6 නොමිලේ. ඒවගෙ වේග ගැනත් කියන්න දෙයක් නෑ. ස්ලෝනම් ස්ලෝ සර්වර් තමා.

.
ඒත් මෙහෙම වේගවල් තියා දෙන එකවත් හරියට දෙන අන්තර්ජාල සම්බන්ධතාවක් නෑනෙ. හැමෝටම ගන්න පුලුවන්.
අපිට ඉතින් ඉවසීමෙන් සැනසීම තමා











Comments
Leave a comment Trackback