දැන් My 10, Any 8, Family And Friend, My Best Friend කිය කියා සේවා වලින් විශේෂ මිල අඩු කල ඇමතුම් තෝරාගත් අංක වලට ගන්න පුලුවන්නෙ. ඒත් මේ වගේ සේවාවක් මෙතෙක් කල් ටෙලිකොම් වල තිබ්බෙ නෑනෙ. දැන් ඒ සේවාවත් හදුන්වා දීල. ඒකෙ නම SLT 4 Friends. එම සේවාවෙන් තමන් කැමති අංක හතරකට විශේස ගාස්තු යටතේ ඇමතුම් ගන්න පුලුවන්. මෙම අංක සදහා ටෙලිකොම් අංක දෙකක් හා අනෙක ජාල වල අංක දෙකක් ඇතුලුව අංක 4 ක් දාගන්න පුලුවන්.
එම ටෙලිකොම් අංක වලට උදේ 5 සිට රාත්‍රි 9 දක්වා මිනිත්තුවට රුපියලයි හා රාත්‍රී 9 සිට උදේ 5 වන තුරු ශත 50 යි
අනෙක් ජාල අංක සදහා උදේ 5 සිට රාත්‍රි 9 දක්වා මිනිත්තුවට රුපියල් 2යි හා රාත්‍රී 9 සිට උදේ 5 වන තුරු ශත 50 යි
ඒත් මේ සේවාව ලබාගන්නවනම් මාසිකව රු 50/- ක් ගෙවන්න වෙනව. සක්‍රිය කිරීමේ ගාස්තුව රු 100/- යි. මෙම පහසුකම සියලුම ටෙලිකොම් දුරකථන සඳහා වලංගුයි. හැබැයි සක්‍රිය කිරීමට ටෙලිකොම් කාර්යාලයකට යන්න වෙනව.











Comments
Leave a comment Trackback