CPlus සඟරාවේ ජනවාරි කළාපය සඳහා සැකසු පලකල ලිපියකි

ලංකාවෙ පුලුල්පරාස අන්තර්ජාල සපයන මූලික ක්‍රම කීපයක් තියනව. ADSL, WiMax හා HSDPA ඉන් මූලිකයි. මෙහි ADSL හා WiMax ලබා ගත හැක්කේ සීමිත ප්‍රදේශ වලට පමණයි. ඒ වගේම එම සබඳතා ස්ථාවර සබඳතා නිසා ලැප්ටොප් එකක් එකක් වගේ එහෙ මෙහෙ ගෙනියන්න අමාරුයි. WiMax යනු රුහැන් රහිත සබඳතාවයක් උවත් ස්ථාවර සබඳතාවයක් නිසා අදාල සමාගම් වලින්ම අවශ්‍යය විදිහට ස්ථාවරව සවිකර දෙනු ලබනව. ADSL වයර් මගින් නිසා සංඥා ගැටලුවක් නෑ. ඒත් ADSL හා WiMax ලබාගත නොහැකි අය මෙන්ම ලැප්ටොප් එකත් එකක් ඉන්න අය බොහෝ දුරට ගන්නෙ HSDPA සම්බන්ධතා. ඒත් මේවයේ සංඥා හැමතැනටම හොදට නෑ. සමහරුන්ට 3G තිබ්නත් HSDPA නෑ. ඒ වගේම සංඥා දුර්වල උනහම අන්තර්ජාලයෙ විවිධ දෝෂ ඇතිවෙනව. සම්බන්ධ කරගන්නත් අමාරුයි. වේගයත් අඩුයි. මේ සම්බන්ධතාවය අදාල ආයතනයෙන් සවිකරන්නෙ නැ. මොකද පෙන් එක වගේ මොඩම් එක ගැහුව, ගියා. කොහොමත් ADSL හෝ WiMax තරම් HSDPA ස්ථායී නෑ. ඒත් අර සම්බන්ධතා ගන්න බැරි අයත්, හැම තැනම යන අයත් මේ HSDPA ගන්නව. සිග්නල් අඩු උනහම අදාල සමාගම් වලට දෝෂ නගනව. පැමිණිලි කරනව. ඒත් මේ සිග්නල් වැඩි කරගන්න ක්‍රමයක් හිතල බලමු.

සමහර මොඩම් වල භාහිරින් HSDPA ඇන්ටනාවක් සවිකරන්න පුලුවන්. ඒවට කරන්න තියෙන්නෙ ලේසියෙන්ම ඇන්ටනාවක් හදාගන්න හරි, මිලදීගන්න. භාහිර ඇන්ටනාවක් හදන හැටි ඉදිරි කලාපයකදී සාකච්චා කරමු. හුගක් මොඩම් වල භාහිර ඇන්ටනා නැති නිසා අද ඒ සම්බන්ධව සාකචචා කරමු.

භාහිරින් ඇන්ටනා නැති මොඩම් වලට කරන්න තියෙන්නෙ ඇන්ටනාවට මොඩමය සවි කිරීමයි. මේ සඳහා බොහෝ දුරට යොදාගන්නේ ඩිෂ් ඇන්ටනා. ඒව අපට සාදාගැනීමට හො මිලදීගැනීමට හැකි. මිලදී ගන්නා ඇන්ටනා වල නිවැරදි ලෙසම සකසා ඇති නිසා සංඥා ප්‍රබලත්වය ඉතා වැඩී. මේ සඳහා විශාල තැටි අවශ්‍යය නොවේ. සාමාන්‍යයෙන් ඩයලොග් ටීවී සදහා සවිකරන තැටිය ප්‍රමාණවත්. මේවගේ තැටි රු 3500/- ට ආසන්න මුදලක සිට මිලදීගැනීමට හැකි. මෙම තැටිය පමණක් ගෙන එහෙ LMB සවිකරන ස්ථානයට මොඩමය සවිකිරීම ප්‍රමාණවත්. එනම් LMB පිහිටන පරිදිම මොඩමය පිහිටන පරිදි සවිකල යුතුවේ. මෙම තැටිවල සිදුවන්නේ සංඥා නාභාගත කිරීමක් නිසා නිවැරදි නාභිගත වන ස්ථානයේ මොඩමය සවිකල යුතුවේ. එසේ සවිකර කාමරයේ තැබුවත් සංඥා 2-3කින් වත් වැඩිවේ. එමෙන්ම මෙහි තැටිය ඉදිරිපස බාධක අඩුයිනම් තවත් සාර්ථකවේ. එනම් බිත්තියට පුටුපස සිටින සේ තැබීමෙන්. තවත් සංඥා මදිනම් මෙම තැටිය ගෙදරින් එලියය, එනම් සංඥා ලැබෙයි යැයි සිතන කුලුණට මුහුණලා සිටින සේ සවි කිරීමෙන් වඩාත් හොද සංඥා ග්‍රහණය කරගත හැකිවේ. කුලුණ ඇති දිශාව සොයාගත නොහැකිනම් ටික ටික හරව හරවා බලන්න.

මෙම තැටි ගැනීමට අපහසු අයට තැටියක් වගේ එකක් සකසාගැනීමට සිදුවේ. මේ සඳහා විකල්ප ක්‍රම කීපයක් තිබේ. ඉන් එකක් නම් රවුමක කොටසක් ආකාරයට නවාගත් තහඩුවක් හෝ ඊයම් වැනි කොල ඇලවූ කාඩ්බෝඩයක්. මේ සඳහා යකට තහඩුවක් යොදාගන්නේනම් දිලිසෙන මතුපිටක් තිබීම හොද සංඥා ප්‍රබලත්වයකට හේතුවක් වේ. එමෙන්ම යකඩ හෝ ඇලුමේනියම් තහඩු නැතිනම් කාඩ්බෝඩ් වැනි සවිමත් පතුරකට ඊයම් කොලයක් සවිකරගත හැකි.

එයට වඩා හොද ග්‍රාහකත්වයක් ලබාගැනීමටනම් අප‍ට තැටියක් සකසාගත යුතුවේ. ඒ සඳහා රවුම් ප්ලාස්ටික් මැටිකෝප්යක්, දිලිසෙන රවුම් ඩිෂ් වැනි එකක් හෝ යකට දැලෙන් සෑදූ තෙල් පෙරනයක් යොදාගත හැකි. ප්ලාස්ටික් මැටි කෝප්පයකනම් එය ඇතුලට ඊයම් කොල අලවා ගනීම වැදගත්. ඉන්පසු මේ ආකාරය සැකසූ තැටිය හෝ නවාගත් තහඩුවේ මැදින් මොඩමය තබා එහා මෙ‍හා කර හොදින් සංඥා ලැබෙන තැනක් සොයාගතයුතුයි. මෙම මොඩමය සවිකල යුත්තේ නාභියේමත් නොවේ. එ‍සේ සවිකිරීමේදී තැටිය වැසෙන පරිදි විශාල දේ නොයොදා ගත යුතු අතර ඒ සඳහා කම්බියක් වැනි දෙයක් යොදාගැනීම වඩා හොඳය. මෙහිදීත් ඉහත මිලදීගත් තැටිය ස්ථානගත කරන පරිදි කාමරයේ සංඥා මදිනම් එලියේ හෝ ස්ථානගත කරගත හැකි.

එමෙන්ම මෙහි තැටියේ විශාලත්වය වැඩිවන තරමට සංඥා ප්‍රබලත්වය වැඩිවේ. අප සාදාගත් තැටියේ සංඥා නාභාගත වන තැන පිටනුයේ තැටියේ හෝ නැවූ තහඩුවේ මැද සිට ලම්භකව ඇති රේඛාවේය.

තවද මෙම ඇන්‍ටනාව එලිමහනේ සවිකරන්නේනම් දිග USB වයරයක් අවශ්‍යය වේ. එහෙත් මොඩම සඳහා දිග වයර යොදාගැනීම ප්‍රායෝගික නැත. එහිදී හොද ගුණාත්මක භාවයෙන් යුතු වයරක් යොදා ගත යුතුය. වැඩිපුර දිගට යොදාගන්නේන් USB කවුලු දෙකකට ගසා එක් කරන වයරයක්වත් යොදාගතයුතුය.

එම සැකසුම් වල රෑප සටහන්

මෙම ක්‍රමය මගින් Mobitel, Dialog, Airtel වල HSDPA Broadband පාරිභෝගිකයන්ට තම සංඥා ප්‍රබලත්ව වැඩිකරගත හැකි

Google Buzz
delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl